15. අත්තදණ්ඩසූත්‍රනිර්දේශ වර්ණනාව
පසළොස්වන අත්ත දණ්ඩ සූත්‍ර නිර්දේසයේ අත්ත දණ්ඩා භයං ජාතං යන පළමු ගාථාවේ අර්ථය- “ලෝකයාට මෙලොව හෝ පරලොවදී යම් භයක් ඇති වේ නම් ඒ සියලු භය ආත්ම දණ්ඩ භය හේතුවෙන් ඇති වේ. තමාගේ කායාදී දුශ්චරිත හේතුවෙන්ම ඇති වේ. මෙසේ ඇති කල්හි මේ ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලමු. ඔවුනොවුන්ට විරුද්ධව සිටියා වූ මේ ශාක්‍යාදී ජනයා දෙස බලවු.” මෙසේ ඒ ප්‍රතිවිරුද්ධව සටන් අභිමුඛව එළඹි ජනයාට නින්දා කරමින් තමාගේ සම්‍යක් ප්‍රතිපත්තිය දැක්වීම් වශයෙන් ඔවුන්ට සංවේග දැනවීමට කියන ලදී. “සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා” පෙර මවිසින් දැනගත් ආකාරයෙන්, පෙර බෝසත්ත්ව සිටියදී දැනගත් අයුරින් සංවේගය ප්‍රකාශ කරන්නෙමි.
තයො යනු සංඛ්‍යාව දැක්වීමයි. දණ්ඩා යනු දුශ්චරිතයන්ය. කාය දණ්ඩො යනු කාය දුශ්චරිතයයි. වචී දණ්ඩාදියෙහිද මේ ක්‍රමයමයි. තිවිධං කායදුච්චරිතං පර පණ නැසීමේ ආදී කයින් පවත්වන දුෂ්ට චරිතය. කෙලෙස් වලින් කුණු වූ බැවින් හෝ “දුෂ්ට චරිත” යයි ලැබූ නම් ඇති ත්‍රිවිධ වූ කාය දුශ්චරිත චතුබ්බිධං මුසාවාදා දී වාග් දුශ්චරිත සතරකි. තිවිධං අභිධ්‍යාදී වශයෙන් සිතින් වන දුශ්චරිත තුනකි. දිට්ඨධම්මිකං මෙලොවදීම, මේ ආත්ම භාවයේදීම විඳිය යුතු වූ, සම්පරායිකං අනාගත ආත්ම භාවයේ විඳිය යුතු වූ ආගුචාරිං පව් කරණ අපරාධ කරන රාජා තං පරිභාසති පවු කරන්නාට රජු නින්දා කරයි. අපහාස කරයි. භයං උප්පා දෙති දුක්ඛදෝමනස්සං පටිසංවෙදෙති කායික දුක්, චෛතසික දොම්නස් විඳියි. එතං භයං දුක්ඛං දොමනස්සං මෙබඳු භයක් ද දුකක් ද දොම්නසක් ද කුතො තස්ස ඒ සොරාට කොයින් උපදී ද? අත්ත දණ්ඩතො ජාතං තමා කළ දුශ්චරිතයෙන් උපන්.
අන්තමසො යටත් පිරිසෙන් කිවයුත්තෙකු කරයි. න තෙ ලබ්භා ඉතො පක්කමිතුං මෙයින්, මෙතනින්, මේ ගමෙන් යෑමට නොලැබේ. න සක්කා බහි නික්කමිතුං පළිබෝධ සඳහා කරයි. ධනජානි පච්චයාපි ධන පරිහානියට හේතු වූ ද; රජු ඔහුට විවිධ කර්ම විවිධ දඬුවම් කරවයි. කසාහිපි තාළෙන්ති කසයෙන් තලති. වෙත්තෙහිපි තාළෙන්ති කටු සහිත වේවැල් වලින් ගසති තලති. අද්ධදණ්ඩකෙහි ආදිය ඉහත කිවූ පරිදිමය. සුණඛෙහිපි ඛාදාපෙන්ති කිහිප දිනක් ආහාර දුරාසදා. [missing trans]
[missing trans]
[missing trans]
[missing trans] දුටුමතින් හෝ ඇසූ පමණින් හෝ ලොමානි හංසෙන්ති ලොමුඩැහැ ගන්නා ස්වභාවය ඇති, බිහිසුණු වූ බැවින් භිස්මා (භෙස්මා) බිය උපදවන බැවින් පටිභයා. සැපයෙන් දුරු වූ බැවින් දුක්ඛා.