13. මහාවියූහසූත්‍රනිර්දේශ වර්ණනාව
දහතුන්වන මහා වියූහ සූත්‍ර නිද්දේසයේ යෙ කෙචිමෙ දිට්ඨි පරිබ්බඝනා යන මෙහි “කිම මේ දෘෂ්ඨිවාදයෙහි දැඩිව ගෙන සිටීමෙන් නුවණැත්තන් සමීපයේ දී නින්දා ලබත් ද? නැතහොත් ප්‍රසංශා ලබත්දැයි”යි උපන් සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම සදහා මුලින් කියූ පරිදි නිර්මිත බුදුරුව ලවා තමන්වහන්සේගෙන් විචාරවා ඊට පිළිතුරු දෙන ලදී. එහි අන්‍වෙන්ති නැවත නැවත ගෙනෙති. පුන පුනා එළවති.
නින්‍දමෙව අන්‍වෙන්ති ගැරහීමට පත්වෙති.
දැන් “මෙයම සත්‍යය” යි කියන දෘෂ්ටිගතිකයෝ ඇතැම් විටෙක නුවණැත්තන්ගේ පැසසුම් ලබති. මෙම වාද සදහා ලැබෙන යම් මේ ප්‍රශංසා සංඛ්‍යාත වාද ඵලය ඉතා අල්පය. රාගාදී ක්ලේශ ධර්ම සන්සිඳවීමට එම දෘෂ්ටිවාද සමත් නොවේ. දෙවන ඵලය වූ නින්දාවන් ලැබීමෙහි කරුණු කියනු කුමට ද? එනිසා මෙම අර්ථය දක්වමින් පළමුකොට ප්‍රශ්ණයට පිළිතුරු ගාථාව ලෙස. අප්පං හි එතං නාලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි ආදිය වදාළහ. එහි දුවෙ විවාදස්ස ඵලානි නින්දා ප්‍රශංසාවත් ජය පරාජය ආදියත් වාදය හා සම්බන්ධය. එතම්පි දිස්වා නින්දා ප්‍රශංසා දෙකම නිෂ්ඵල සේ දැක. නාලං සමායා මෙකී විවාදයෙන් ඇතිවන ඵලයන්හි ආදීනව දැක. ඛෙමාභිපස්සං අවිවාදභූමිං අවිවාද භූමිය වූ නිවන ක්‍ෂේම භූමියකින් දකිමින්.
අප්පකං මදය. අල්පය. පරිත්තකං ටිකකි. ඔමකං පහත්ය. ලාමකං පවිටු සහගතය. සමාය රාගාධි ක්ලේශ ධර්ම සන්සිඳවීමට. උපසමාය මතුමතුයෙහි සන්සිඳවීමට වූපසමාන සන්සිඳවීම පිණිස නිබ්බාපනාය අමෘත මහා නිවන අවබෝධ කර ගැනීම පිණිස. පටිනිස්සග්ගාය ආර්ය මාර්ගයෙන් කෙළෙසුන්ගේ ඉවත් කිරිම පිණිස. පටිප්පස්සද්ධියා ඵලයන් හරින ලද කෙලෙස් බර නූපදවීම පිණිස සමත් නොවේ. මෙසේ විවාද නො කරමින්.
යා කාචිමා යන ගාථාවේ සම්මුතියො දෘෂ්ටීහු පුථුජ්ජා පුහුදුන් අය කෙරෙහි පහළ වූ සො උපයං කිමෙය්‍ය ඔහු එළඹිය යුතු අර්ථයෙන් උපය නම් වූ රූපාදී ධර්මයන්ගෙන් කවරකට පැමිණෙන්නේ ද? කවර කරුණකින් පැමිණෙන්නේ ද? දිට්ඨෙ සුතෙ ඛන්ති මකුබ්බමානො ඇසූ දුටු වීද (දිට්ඨ, සුත, මුත) විශුද්ධින්හි ප්‍රේම (ආශා) නොකරනුයේ.
පුථුජ්ජනෙහි ජනිතා වා පුථුජ්ජනයන් අතර ඉපදුණු හෝ ත සම්මුතියො ඒ දෘෂ්ඨීහු. පුථුජ්ජා පුථුජ්ජනයන් අතර ජනිත වූ හෝ අනේකප්‍රකාරය දෘෂ්ටිගතිකයන් විසින් උපදවන ලද හෝ නෙති, න එයි, නොපැමිණේ. න උපගද්ජති නවතියි. නිභිනිවිසති පිවිස නො පිහිටයි.
ශිලයම උතුමැයි සිතන්නො මෙයින් බාහිරය යන සීලුත්තමා ගාථාවේ අර්ථය සීලයම උතුම් යැයි සිතන්නෝ සීලුත්තමා වේ. ඇතැම් මහණ බමුණෝ සීලය ප්‍රධාන කරගෙන සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියති. හස්තිව්‍රතා දී ව්‍රත සමාදන්ව එළඹසිටියා වූ මේ දෘෂ්ටියෙහි ම හික්මීමෙන් සත්ත්වයාගේ ශුද්ධිය වේයැයි පවසති. නමුත් ඔවුහු භවයට පැමිණ, භාවයේ බැසගෙන සිටිමින් මෙසේ කියත. එනමුත් ඔවුන් කුශලවාද ඇත්තාහු “අපි දක්‍ෂයෝය”යනාදී (කියුම්) විද ඇත්තෝ වෙති.