12. චූළවියූහසූත්‍රනිර්දේශ වර්ණනාව
දොළොස්වන චූල වියූහ සූත්‍ර නිද්දේසයේ සකං සකං දිට්ඨි පරිබ්බසානා යන මෙයද, ඒ මහා සමාගමයේදීම සියලු මේ දෘෂ්ටිගතිකයෝ “අපි එහි දක්‍ෂයෝ වෙමු”යි ගනිති. “කිම මේ යහපත් ස්වභාව ඇත්තේ විෂමව තමන්ගේ දෘෂ්ටියේම පිහිටත් ද? නැතහොත් වෙනත් දෘෂ්ටියක් ගනිත්ද? ‘යනුවෙන් උපන් සැක සහිත සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට එහි අර්ථ ප්‍රකාශකිරීමට පෙර පැවසූ පරිදි නිර්මිත බුදුවරු ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවා ඊට පිළිතුරු දුන් සේක.
මේ සූත්‍රයේ මුලින්ම එන ගාථා දෙකම ප්‍රශ්න කරන ගාථාවන් ය. ඒ දෙකින් සකං සකං දිට්ඨි පරිබ්බසානා තම තම දෘෂ්ටියේ වෙසෙමින් විග්ගය්හ නානා කුසලා වදන්ති ඒ දෘෂ්ටිය බලවත්ව ගෙන, ‘එහි දක්‍ෂයෝ වෙමු’යි ප්‍රතිඥා කරමින් වෙන වෙනම කියති. එකක් නොම දක්වති. යමක් මෙසේ දනී නම් ඔහු ධර්මය අවබෝධ කරගත්තේය. මෙය ගරහන්නා වූ යමෙක් වේ නම් හෙතෙම ළාමක වන්නේය. ඒ දෘෂ්ටිය නිසා යමෙක් මෙසේ දනියි නම් ඔහු දහම දනියි. මෙය ප්‍රතික්‍ෂේප කරන්නා, ගරහන්නා හීනයෙකි, ළාමකයෙකි කියති. බාලො යනු හීන වූ. අකුසලො විද්වත් නොවූ.
නානාවදන්ති නානා හේතු කියති. විවිධං වදන්ති නානාවිධ කරුණු දක්වති. අඤ්ඤො කුකුං වදන්ති එකක් නොකියා අනික් අනික් කරුණක් ගෙන කියති. අකෙවලී සො ඒ අදක්‍ෂයා. අසමත්තො පරිපූර්ණ නොවී. අපූණ්ණො සම්පූර්ණ නොවූ.
[missing trans]
ඉන් අනතරුව දැක්වෙන ගාථා තුන ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා දේශිතය. එහි මුල් දෙපදයෙන් කියන ලද කරුණු පදනම් කරගෙන, අවසන් දෙපදයෙන් එකරුණ තර්කානුකූලව බැහැර කර සිටියි. එසේ කරන විසුරුවා දැමීමෙන් මතු කියවෙන සූත්‍රයට වඩා අල්ප වූ බැවින් මේ සූත්‍රය චූලවියූහ නම් වේ. එහි පළමු ගාථාවෙහි පළමු පදය පරස්ස ච ධම්මං ඉදින් අනුන්ගේ දෘෂ්ටි සබ්බෙපි මෙ බාලා “මෙසේ ඇති කල්හි මේ සියලු වාදීහු මෝඩයෝ වෙති’ යන අදහසයි. කුමක් නිසාද? සියලු මහණ බමුණෝ තම තම දෘෂ්ටි පිළිගෙන වසන බැවිනි.
සන්‍දිට්ඨියා චෙව න විවදාතා සංසුද්ධ පඤ්ඤා කුසලා මූතීමා යනු ස්වකීය දෘෂ්ටියෙන් ම පිරිසිදු නොවූවාහු, පවිත්‍ර නොවූවාහු, කිළිටි වූවාහුම සංශුද්ධ ප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, නැතහොත් සන්‍දිට්ඨියා වෙවදානා යන පාඨයද යෙදේ. එහි අර්ථය ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසිදු ව, සංශුද්ධ ප්‍රඥාවෙන් යුතුව, දක්‍ෂව, බුද්ධිමත්ව සිටිත් නම්, න තෙසං කොචි මෙසේ ඇති කල්හි ඒ මහණ බමුණන්ගෙන් කිසිවකු විසින් නිහීන ප්‍රඥා ඇති. මෝඩයෝ නොවෙති. කුමක් නිසාද? ඒ දෘෂ්ටියෙහි ඔවුන් සමාදන්ව සිටින බැවිනි. “අන්‍යයන් යම් සේද තමන්ද එසේමය.” යන්න ගාථාවේ සංක්‍ෂිප්තාර්ථයයි.
“නචාහමෙතං” යන ගාථාවේ සංක්‍ෂිප්තාර්ථය : යම්හෙයකින් කළහ කරුවෝ දෙදෙනෙක් ඔවුනොවුන්ට “බාලයෝ” යැයි කියත් ද එහෙයින් මම මේ දෘෂ්ටිය ගත යුත්තෙකි” යි නොකියමි. කුමක් නිසා ද? මේ දෘෂ්ටිවාදී සියල්ලෝම “මෙයම සත්‍යය. සෙස්ස බොරුය” යි ගෙන තම තම දෘෂ්ටියම සත්‍යයයි පවසති. එකරුණෙන් ම අනෙකා මෝඩයෙකැයි ගරහති. මෙපමණකින් පිළිතුරු ගාථා තුන නිම වේ. ඉන් පසු ගාථා දෙක ප්‍රශ්න කිරීමක් හා එහි විසඳයි.
තච්ඡං තුච්ච නොවූ, හිස් නොවූ. තථං විපරිත නොවූ. භූතං විද්‍යමාන වූ යථාවතං සංවිද්‍යමාන වූ අවිපරීතං අවිසංකේත වූ. සැක රහිත වූ.
යමාහු ප්‍රශ්න කරන ගාථා වේ. යම් දෘෂ්ටි සත්‍යයක් එය එසේමයැයි ඇතමෙක් කීහ.
එකංහි සච්චං යන විසඳන ගාථාවේ සත්‍ය එකක්මය. නිරෝධ සත්‍ය හෝ මාර්ග සත්‍යයයි. මස්මිං ජ්ජා නො විවාදෙ පජානං යම් සත්‍යයක් දක්නා වූ පුද්ගලයා විවාද නොකරන්නේ නම් සයං ථුනන්ති තමාම කියති.
කවර හෙයින්ද? යි ඇසූ ප්‍රශ්න ගාථාවට අනුව පිළිතුර තබන ලදී. පවාදියාසෙ කියන්නෝ තෙ තක්කමනුස්සරන්ති ඒ වාදීහු නැතිනම් තමාගේ තර්ක මාත්‍රය අනුව යති.
තක්ක පරියාහතං විතර්කයෙන් හාත්පසින්ම ගෙනෙන ලදී. විමංසානුචරිතං තමාගෙන් හැඟීමෙන් විමසන ලද සයං පටිභානං, තමාගේ ප්‍රතිභානය.
න හෙව යන විසඳුම ඉදිරිපත් කරන ගාථාවේ අඤ්ඤත සඤ්ඤය නිච්චානි සංඥා මාත්‍රයෙන් ලෝකය නිත්‍ය යැයි ගන්නා ලද ග්‍රහණයන්, තක්කඤ්ව දිට්ඨිසු පකප්පයිත්‍වා දෘෂ්ටි විෂයෙහි තමාගේ මිථ්‍යා සංකල්ප උපදවා,
යම් හෙයකින් දෘෂ්ටිය මනා වූ තර්ක ඇත්තක් කරන්නේ දෘෂ්ටියද ජනනය කරන්නේ ද එහෙයින් කියන ලද දෘෂ්ටිගතයන් ජනනය කරති, උපදවති ආදියයි. ජනෙන්ති මතු මතුයෙහි දෘෂ්ටි උපදවමින් ජනනය කරති. සඤ්ජානෙන්ති ආදියේ උපසර්ග යොදා පදය වැඩිකර කියන ලදී. මය්හං සච්චං යනු මගේ වචන සත්‍ය වේ.
දැන් මෙසේ නානාවිධ සත්‍යයන් නො පවත්නා කල්හි තර්ක මාත්‍රය සිහිකරන්නා වූ දෘෂ්ටිගතිකයන්ගේ වැරදි පිළිවෙත දැක්වීමට දිට්ඨෙ සුතෙ යන ගාථාව වදාලහ. එහි දිට්ඨෙ, දෘෂ්ටිය, රූපාලම්බනය, දෘෂ්ටි ශුද්ධිය යන අදහසයි. මේ ක්‍රමය සුතෙ ආදියෙහිද දතයුතුයි. එතෙච නිස්සය විමාන දස්සි මේ දෘෂ්ටි ධර්මයන් ආශ්‍රය කර, ඉතා පිරිසිදු දෘෂ්ටි ස්වභාව යැයි සම්මාන නොකරනුයේ. විනිච්ජයො ඨත්‍වා පහස්සමානො බාලො පරො අකුසලොති චාහ. මෙසේ දොස් උපදවනුයේ නමුත් ඒ දෘෂ්ටි විනිශ්චයෙහිම පිහිටා තුටු සිතැති ප්‍රීතිමත් අයෙකු වී “අනෙකා හීනයකි. මෝඩයෙකි” යයි මෙසේ කියන්නේමය.