11. කලහවිවාදසූත්රනිර්දේශ වර්ණනාව
එකොළොස්වන කලහ විවාද සූත්‍ර නිර්දේශයේ කුතො පහූතා කලහ විවාදා කලහය ද එහි පූර්වභාගය වූ විවාදය ද යන මේවා කොතැනින් උපන්නේ ද? පරිදෙවසෝකා සහමච්ඡරා වා පරිදේව ශෝකයෝ ද මාත්සර්යයෝ ද කොතැනින් උපන්නාහු ද? මානාතිමානා සහ පෙසුනා ච මානයෝ ද අතිමානයෝ ද පිසුනාවාචයෝ ද (කේලාම්) කොතැනින් උපන්නාහු ද? තෙ ඒ සියලු අටවැදෑරුම් කෙලෙස් ධර්ම. තදිංස බ්‍රෑහි ඒ මවිසින් විමසූ ප්‍රශ්නයට පිළිතුරු වදාළ මැනවි. මම ඒ ඉල්ලීම කරමි. යාචනාර්ථයේ ‘ඉංස’ යන නිපාතය යෙදේ.
එකෙනාකාරෙන එක් අයුරකින්, අපරෙන ආකාරෙන අනික් කාරණයකින් අගාරිකා දණ්ඩපසූතා ගෘහපතියෝ ද ගෘහපතීන් විහෙසවති. පබ්බජිතා ආපත්තිං ආපජ්ජන්තා අනගාරිකයෝ, සත් ආපත්තිවලින් එකකට පැමිණෙන්නෝ.
කුතො පහූතා කොතැනින් වූවාහු ද? කුතො ජාතා කොතැනින් උපන්නාහු ද? කුතො සංජාතා කොතැනින් හටගත්තාහු ද? උපසර්ගයොදා පද වඩන ලදී. කුතො නිබ්බත්තා කොතැනින් නිපන් ලක්ෂණයට පැමිණියාහු ද? උපසර්ග යොදා පදය වැඩිකරන ලදුව කුතො අභිනිබ්බත්තා යි කියන ලදී. කුතො පාතුභූතා කොතැනින් ප්‍රකට වූවාහුද? කිං නිදානා ආදියෙහි තමාගේ ඵලය නිදන් කෙරේනුයි නිදානං. මෙයින් ඵලය හටගත්තේනුයි සමුදයො. මෙයින් ඵලය හටගනියි ජාති. මෙයින් ඵලය ප්රභවය වේනුයි පභවො. මූල පුච්ඡති යනු කලහයට හේතුව විමසයි. කාරණය, හේතුව වනාහි පිහිටීම් වශයෙන් ‘මූල’ නම් වේ. තමාගේ ඵල නිෂ්පාදනය සඳහා පිහිට වේ. පවත්තේනුයි හෙතු. ‘එසේනම් මෙය ගනිවු’ යයි දක්වන්නාක් මෙන් තමාගේ ඵලය තැන්පත් කරයිනුයි නිදානං. මෙයින් ඵලය හට ගනීනුයි සම්භවො. මෙයින් ඵලය ප්රභවය වේනුයි පභවො. මෙහි ඵලය හටගනියි හෝ මෙයින් ඵලය හටගනියි නුයි සමුට්ඨානං. තමාගේ ඵලය ගෙනඒනුයි ආහාරො. ප්‍රතික්ෂේප නොකළ යුතු යන අර්ථයෙන් තමාගේ ඵලය ඇලුම් කෙරේනුයි ආරම්මණං. මෙය නිසා, මේ හේතුවෙන් අත්නොහැර මේ ඵලය පැමිණේ පවතියිනුයි පච්චයො. මෙයින් ඵලය හටගනියිනුයි සමුදයො. මේ ආකාරයෙන් මෙම පදයන්ගේ වචනාථ දතයුතුයි. ඒ සඳහා ‘කලහයේ ද විවාදයේ ද මූලය, හේතුව විචාරයි’ ආදී වශයෙන් දේශනාව පවත්වන ලදී.
පියප්පහූතා ප්‍රිය වස්තුවෙන් හටගන්නා ලදී. මච්ඡරියයුත්තා කලහා විවාදා මේ කලහ විවාදාදිය ප්‍රියවස්තු හේතුවෙන් ම පමණක් නොව මසුරුකම නිසාත් ඇතිවේ යැයි දක්වයි. කලහ විවාද යන ශීර්ෂයෙන් ම සියලුම ඒ ක්ලේශ ධර්ම ඇතිවේයැයි මෙහිදී කියන ලද බව දතයුතුයි. මසුරුකම නිසා කලහවිවාද ඇතිවන්නාක් මෙන් විවාද ඇති වූ කල්හි කේක්ලාම් බස ද ඇති වේ. එනිසා විවාද ජාතෙසු ච පෙසුනානී යි කියන ලදී. මේ ගාථාවේ නිද්දේසය ඉතා ප්‍රකට වූ අර්ථ ඇත්තක් ම වේ.
පියාසු ලොකස්මිං කුතො නිදානා යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ ප්‍රියවස්තු නිසා කලහ ඇතිවේ යැයි මෙහිදී කියන ලදී. ලෝකයේ ඒ ප්රියවස්තූන්ට කුමක් නිදාන වේද? කුමකින් උපන්නේ ද? හුදෙක් ප්‍රිය වස්තු පමණක් නොවේ. යම් ඒ ක්ෂත්රියාදී රජවරු ලෝභයෙන් හැසිරෙත්ද ලෝභ හේතුවෙන්, ලෝභයෙන් මැඩී හැසිරෙත්ද ඔවුන්ගේ ඒ ලෝභය ද කොතැනින් උපන්නේ ද? යන අර්ථ දෙක ම මේ එකම ප්‍රශ්නයෙන් විමසයි. කුතො නිදානා යන මෙහි කුමක් නිදාන වේද? කුමක් හේතු වේද? යන අරුතින් කිං නිදානා, කිං හේතුකා යි ප්‍රථමා විභක්ති වචනයට ‘කුතො’ යන ආදේශ වූ බව දතයුතුයි. මෙහි සමාසයක් වන බැවින් ලෝපය සිදු නොවේ. නැතහොත් ‘නිදාන’ යනු උපන්, හටගත් යන අර්ථ දෙන්නකි. එහෙයින් කුතො නිදානා යන්නෙන් කොතැනින් උපන්නේ ද? කොතැනින් හටගත්තේ ද’යි කියන ලදී. ආසා ච නිට්ඨා ච ආශාව ද ඒ ආශාවේ සමෘද්ධිය ද. යෙ සම්පරායාය නරස්ස හොන්ති යම් මිනිසකුට පිහිටක් වේද, පරලොව සඳහා පිහිට වේනුයි කියන ලදී. මේ ප්රශ්නය එකක්මය.