ද්වාදසමගාථාවණ්ණනා
මෙසේ මෙම ගාථාවෙන් පුණ්යානුභාවයෙන් ලැබිය යුතු රාජ්ය සම්පත්තියෙන් මෙහා දෙව් මිනිස් සම්පත් දක්වා දැන් ඒ රාජ්ය සම්පත් දෙක දක්වන්නාහු “පදෙස රජ්ජං” යන මේ ගාථාව වදාළහ.
එහි “පදෙස රජ්ජං” යනු එක් දිවයිනක සම්පූර්ණ රාජ්යයට නොපැමිණ පොළොවෙහි එක් එක් ප්රදේශයක පවත්නා රාජ්යයි. ඉසුරුමත් බව “ඉස්සරිය” වේ. මෙයින් දීපචක්රවර්ති රාජ්යය දක්වයි. “චක්කවත්ති සුඛං පියං” යනු මනොඥ වූ ප්රිය වූ මනා වූ සක්විති සැපයයි. මෙයින් සතර දික් කෙළවර කොට ඇති චක්රවර්ති රාජ්යය දක්වයි. දෙවියන් අතර රාජ්ය: දෙවරජ්ජ වේ. මෙයින් මන්ධාතු ආදී මිනිසුන්ගේ ද දේව රාජ්යය දක්වන ලද්දේ වෙයි. “අපි දිබ්බෙසු” යන මෙයින් යමෙක් දිව්යභාවය නිසා “දිබ්බ” යයි කියත් ද ඒ දිව්යමය භවයන්හි උපන්නවුන්ගේ දේව රාජ්යය දක්වයි. “සබ්බ මෙතෙන ලබ්භති” යන්නෙන් යමක් “යං යදෙවාභිපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි කියන ලද්දේ ද එහි සීමා වශයෙන් ප්රදේශ රාජ්යා දී මේ දෙවෙනි සියල්ල මෙයින් ලැබේ යයි දත යුතු බව දක්වයි.
තෙරසමගාථාවණ්ණනා
මෙසේ මේ ගාථාවෙන් පුණ්යානුභාවයෙන් ලැබිය යුතු දෙව් මිනිස් රජ සම්පත් දක්වා දැන් ගාථා දෙකෙන් කියන ලද සම්පත් කෙටියෙන් පෙරටු කොට ගෙන නිර්වාණ සම්පත්තිය දක්වන්නාහු “මානුසිකාච සම්පත්ති” යන මේ ගාථාව වදාළහ.
මේ එහි පද වර්ණනාවයි. මිනිසුන්ට අයත් දේ = මානුසී වේ. එයම “මානුසිකා” වේ. සමෘද්ධ වීම : සම්පත්ති වේ. දෙවියන්ගේ ලෝකය = දෙව ලොක වේ. එහි “දෙව ලොකෙච යා රති” යනු ඉතිරියක් නොකොට ගැනීමයි. අධ්යාත්මයෙහි හටගත් දෙයින් හෝ බාහිර උපකරණ වූ යමකින් ප්රීතිමත් වෙත්නුයි = රති වේ. සැපයට සැප වස්තුවට මෙය නමකි. “යා” යනු අනියත වචනයකි. “ච” ශබ්දය මුලින් සඳහන් කළ සම්පත් සමඟ සම්පිණ්ඩනාර්ථ කොට ඇත්තේය. නිර්වාණයම = “නිබ්බාණසම්පත්ති” වේ.
මේ වනාහී අර්ථ වර්ණනාවයි. මේ “සුවණ්ණතා” ආදී පදයන්ගෙන් යම් මානුෂික සම්පත්තියක් හා දේව ලෝකයෙහි යම් රතියක් කියන ලද්දේ ද ඒ සියල්ල ද යම් මේ සද්ධානුසාරිභාව වශයෙන් පැමිණිය යුතු නිර්වාණ සම්පත්තියක් වේ ද එයද වශයෙන් මේ තුන්වෙනි පියවරට අයත් සම්පත් ද සීමා වශයෙන් “සබ්බමෙතෙන ලබ්භති” සියල්ල මේ පුණ්ය නිධානයෙන් ලබයි යනුයි.
නැතහොත් පෙර සුවණ්ණතාදියෙහි යමක් නොකියන ලද ද “සුසතීමන්තො පෙ - ඉධ බ්රහ්මචරිය වාසො” යන මේ ආදී ක්රමයෙන් දක්වන ලද පඤ්ඤාවෙය්යත්ති ආදී භේදයෝ ද මානුෂික සම්පත් ද අනෙක් දිව්ය ලෝකයෙහි යම් ධ්යානාදී රතියක් වේ ද එය ද යම් ඒ කියන ලද ආකාර ඇති නිර්වාණ සම්පත්තිය ද යන මේ සියල්ල ද තුන්වෙනුව සීමා වශයෙන් මෙයින් ලැබේ යයි මෙසේ ද මෙහි අර්ථ වර්ණනාව දත යුතුය.
චුද්දසමගාථාවණ්ණනා
මෙසේ මේ ගාථාවෙන් පුණ්යානුභාවයෙන් ලැබිය යුතු සද්ධානුසාරීභාව ආදී වශයෙන් පැමිණිය යුතු නිර්වාණ සම්පත්තිය ද දක්වා දැන් - ත්රිවිද්යා උභතො භාග විමුත්තභාව වශයෙන් ද පැමිණිය යුතු ඒ නිර්වාණයම එයට එළඹෙන උපාය ද දක්වමින් “මිත්තසම්පදමාගම්ම’’ යන මේ ගාථාව වදාළහ.
මේ එහි පද වර්ණනාවයි: මෙයින් සමෘද්ධ වේ. ගුණ සමූහයට පැමිණෙනුයි = සම්පදා වේ. මිත්රයාම සම්පදාව වූයේ = මිත්ත සම්පදා වේ. එය “මිත්තසම්පදං” වේ. “ආගම්ම” යනු හේතු කොට ගෙන; “යොනිසො” යනු උපායෙන්; “පයුඤ්ජතො” යනු යෝගයෙන් නොනැගීටීම කරන්නාහට; මෙයින් දැන ගනීනුයි = විජ්ජා වේ. මෙයින් මිදේ හෝ තෙමේ මිදුණේනුයි = විමුත්ති වේ. විජ්ජාව විමුත්තීච = විජ්ජා විමුත්තියො වේ. විද්යා විමුක්තීන්හි වශීභාවය = “විජ්ජා විමුත්තිවසීභාවො” වේ.
මේ වනාහී අර්ථ වර්ණනාවයි. යම් මේ මිත්ර සම්පත්තියකට පැමිණ ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගරු කටයුතු සබ්රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කොට උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ද ලැබ අනුශාසනා පරිදි ප්රතිපත්තියෙහි නුවණින් යෙදෙන්නේ පුබ්බෙනිවාස ආදී ත්රිවිද්යාවන්හි “එහි විමුක්තිය කවරේද? සිතෙහි මිදීමයි. “නිවන” ද යනුවෙන් මෙසේ සඳහන් වන අෂ්ට සමාපත්තියෙහි හා නිර්වාණ සංඛ්යාත විමුක්තියෙහි ද එසේ එසේ දක්ෂ ලෙස වශීභාවයට පත්වීමයි. මෙය ද සතර වෙනුවට ප්රමාණ වශයෙන් මේ පුණ්ය නිධානයෙන් ලැබේ” යනුයි.
පන්නරසමගාථාවණ්ණනා
මෙසේ මේ ගාථාවෙන් පෙර කියන ලද විජ්ජාවිමුත්තිවසීභාව හා සම්බන්ධ වූ පුණ්යානුභාවයෙන් ලැබිය යුතු ත්රිවිද්යා උභතොභාග විමුක්ත වශයෙන් ද පැමිණිය යුතු නිර්වාණ සම්පත්තිය දක්වා දැන් යම් හෙයකින් විද්යා විමුක්ති වශීභාවයට පත් වූවෝ ද ත්රිවිද්යා උභතොභාග විමුක්ත වූවෝ ද යන සියල්ලෝ පටිසම්භිදා ආදී ගුණ සම්පත්ති ලබත්ද, මේ පුණ්ය සම්පත්තියෙන් ද ඒ සම්පත්තියට පදස්ථාන වශයෙන් එසේ එසේ ඒ සම්පත්තිය ද ලබයි. එහෙයින් එයද දක්වන්නාහු “පටිසම්භිදා විමොක්ඛාච” යන මේ ගාථාව වදාළහ.
යම් හෙයකින් මනාකොට කළ ධර්ම, අර්ථ, නිරුක්ති, ප්රතිභානයන්හි ප්රභේදගත ප්රඥාව “පටිසම්භිදා” යයි කියනු ලැබේ ද යම් මේ “රූපී වූයේ රූප දකී” යනාදී ක්රමයට අෂ්ට විමෝක්ෂයෝ වෙත් ද යම් මේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයන් විසින් පැමිණිය යුතු ශ්රාවක සම්පත්තිය ඇති කරන ශ්රාවක පාරමී වෙත් ද ස්වයම්භූභාවය ඇති කරන යම් ප්රත්යෙක බෝධියක් වේ ද සියලු සත්ත්වයන්ට උත්තමභාවය ඇති කරන යම් බුද්ධ භූමියක් වේ ද මේ සියල්ල ද පස් වෙනුව ප්රමාණ වශයෙන් මේ පුණ්ය නිධානයෙන් ලැබේ යයි දත යුතුය.