පදසම්බන්ධවණ්ණනා
දැන් මෙසේ දශ ශික්ෂාපදයන්ගෙන් පිරිසිදු වූ ප්රයෝග ඇති ශීලයෙහි පිහිටි කුලපුත්රයාගේ ආශ්රව පාරිශුද්ධිය සඳහාත් චිත්ත භාවනාව සඳහාත් බුද්ධෝත්පාදයකින් අන්ය වූ තැනක නොවූ විරූ, සියලු තීර්ථකයන්ට අවිෂය වූ ඒ ඒ සූත්රාන්තයන්හි
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ මහත් වූ සංවේගය පිණිස පවත්නේය. මහත් වූ අර්ථය පිණිස පවත්නේය. මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතින්නේය. මහත් වූ ස්මෘතිය හා සම්යක් ප්රඥාව පිණිස පවත්නේය. ඥානදර්ශන ප්රතිලාභය පිණිස පවත්නේය. ඉහාත්ම සුඛවිහරණය පිණිස පවත්නේය. විද්යා විමුක්තිඵල ප්රත්යක්ෂ කිරීම පිණිස පවත්නේය. ඒ කවර එකම ධර්මයක් ද යත්? කායගතා සතියයි. මහණෙනි, යම් කෙනෙක් කාය ගතා සතිය පරිභෝග නොකෙරෙත් ද ඔවුහු අමෘත සඞ්ඛ්යාත නිර්වාණය නොවළඳත්. මහණෙනි, යමෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද ඔවුහු අමෘතය වළදත්. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය නොවළඳන ලදද - වළඳන ලදද - පිරිහුණේද - නොපිරිහුණේද අනධිගමයෙන් වරදනා ලදද - යමෙකු විසින් කායගතාසතිය ආරම්භ කරන ලද්දේ ද ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි” යනුවෙන්
මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ප්රශංසා කොට
[missing trans]
[missing trans]
“මහණෙනි, භික්ෂුතෙම කෙසේ නම් කායගතාසතිය වඩයිද? මහණෙනි, නැවතද අනෙක් කමටහනක් කියමි. භික්ෂු තෙම පතුලෙන් උඩ කෙසඟින් යට සම කෙළවර කොට ඇති නන් අයුරින් අශුචියෙන් පිරී ඇති මේ කය මතු දැක්වෙන අයුරින් නුවනින් සලකා බලයි.
“මේ සිරුරෙහි කෙස්යැ, ලොම්යැ - පෙ- මුත්රයැ යන මේ දෙතිසක් කුණුපයෝ ඇත” යනුවෙනි. මෙසේ ඒ ඒ තැන හිස් මොළය ඇට මිදුළු හා එක්කොට දේශනා කරන ලද කායගතා සති, කොට්ඨාස භාවනා ආදී නම් ඇති ද්වත්තිංසාකාර කර්මස්ථානය ආරම්භ කරන ලදී. මේ එහි අර්ථ වර්ණනාවයි.
එහි ‘අත්ථි’ යනු විද්යාමාන වෙති; ‘ඉමස්මිං’ යනු මේ යම් කයක් යටිපතුලෙන් උඩ කෙසඟින් යට සම කෙළවර කොට ඇති, නොයෙක් ආකාරයෙන් අශුචියෙන් පිරී සිටියේ යයි කියනු ලැබේ ද එහි; ‘කායෙ’ යනු ශරිරයෙහි; ශරීරය වනාහි අශුචි රාශියක් බැවින් ද පිළිකුල් වූ කෙස් ආදියට උත්පත්ති ස්ථාන වන හෙයින් ද කාය යයි කියනු ලැබේ. “කෙසා-පෙ- මත්ථලුඞ්ගං” යනුවෙන් මේ කෙස් ආදිය දෙතිස් ආකාරය. එහි “මේ කයෙහි කෙස් ඇත. ලොම් ඇත” යනුවෙන් මෙසේ සම්බන්ධය දත යුතුය. එයින් කුමක් කියන ලද්දේ වෙයිද? මේ යටි පතුලේ පටන් උඩ ද කෙස් අග පටන් යට ද හම පටන් හාත්පසින් ද යන මෙපමණ වූ බඹයක් පමණ ශරීරයෙහි ආදරයෙන් සොයන්නේ නමුදු කිසිවෙක් කිසි මුතු ඇටයක් හෝ මැණිකක් හෝ වෙරළුමිණක් හෝ අගලක් හෝ සඳුනක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදියක් හෝ ස්වල්ප මාත්ර වූ ද පිරිසිදු බවක් නොදකී. ඉක්බිති ඉතාමත් දුගඳ පිළිකුල් සහගත නිසරු දැක්මක් ඇති නොයෙක් ආකාර වූ කෙස් ලොම් ආදී නානාවිධ අපිරිසිදු දේම දකී යනුවෙනි.
මේ පළමුකොට මෙහි පද සම්බන්ධ වශයෙන් වර්ණනාවයි.
අසුභභාවනා
අශුභ භාවනා වශයෙන් වනාහී මෙහි වර්ණනාව මෙසේ දත යුතුය. මෙසේ මේ ප්රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ආදී ප්රභේද ඇති ශීලයෙහි පිහිටීමෙන් ප්රයෝග ශුද්ධියෙන් ආශය ශුද්ධිය ලැබීම සඳහා ද්වත්තිංසාකාර කර්මස්ථාන භාවනාවෙහි යෙදෙනු කැමති ආදිකම්මික කුලපුත්රයා විසින් - පළමුව ඔහු ආවාස, කුල, ලාභ, ගණ (සමූහයා), කම්ම (නව කර්මාන්ත) අද්ධාන (දිගු ගමන්), ඥාති, ආබාධ, ගන්ථ (පොත්), ඉද්ධි යන පළිබෝධයන්ගෙන් (බාධකයන්ගෙන්) හෝ නැතහොත් (ඉද්ධි පළිබෝධය වෙනුවට) කීර්ති පළිබෝධය සමග පළිබෝධයෝ දහයක් වෙත්ද ඉක්බිති මේ ආවාස, කුල, ලාභ, ගණ, ඥාති, කීර්ති යන පළිබෝධයන්හි නොයෙදීමෙන් ද රෝගයට පිළියම් කිරීමෙන් ද මෙසේ දශ පළිබෝධ සිඳ දැමිය යුතුය. ඉක්බිති සිඳින ලද පළිබෝධ ඇති නොසිඳින ලද නෛෂ්ක්රම්ය අභිලාෂය ඇති මොහු විසින් කෙළවරට පත් සැහැල්ලු පැවැත්ම හාත්පසින් ගෙන කුඩා වූ ද අනුකුඩා වූ ද විනයාචාරයක් අත් නොහරිමින් ආගම අධිගමයෙන් යුක්ත වූ හෝ එයින් එක්තරා අඞ්ගයගෙන් යුක්ත වූ හෝ කමටහන් දෙන ඇඳුරුතුමෙකු වෙත විනයානුකූල ක්රමයට එළඹිය යුතුය. වත් පිහිටුවීමෙන් සතුටු කරන ලද සිත් ඇති එතුමන්ට තම අදහස දැන්විය යුතුය. ඒ ඇඳුරුතුමා විසින් ඔහුගේ නිමිත්ත, අධ්යාශය, චරියා, අධිමුත්ති ආදිය දැන ඉදින් මේ කමටහන සුදුසු වේද ඉක්බිති යම් විහාරයක තමා වසයි ද ඉදින් ඔහු ද එහිම වසනු කැමැත්තේ නම් එහිදී කෙටියෙන් කමටහන දිය යුතුය. වෙනත් තැනක වසනු කැමැත්තේ නම් එහිදී දුරුකළ යුතු දේ හා ගත යුතු දේ කීම් වශයෙන් අභිමුඛ කිරීම් සහිතව ද රාග චරිතාදී වශයෙන් (ඒ ඒ චරිතයට අනුකූලව) කීම් වශයෙන් ප්රභේද සහිතව ද විස්තර සහිතව කිව යුතුය. ඔහු විසින් ඒ පුරෂ්කාර සහිත ප්රභේද සහිත කමටහන ඉගෙන ආචාර්ය්යයන් වහන්සේ විමසා යම් ඒ :