නිගමනකථා
මෙපමණකින් :
“වැඳුම් ලැබිය යුත්තන් අතර උත්තම වූ රත්නත්රය වැඳ ඛුද්දක ධර්ම අතුරින් කිසිවකට අර්ථ වර්ණනාවක් කරන්නෙමි” යි
යමක් කියන ලද්දේ ද එහි, සරණ, සික්ඛාපද, ද්වත්තිංසාකාර, කුමාරපඤ්හ, මඞ්ගල සුත්ත, රතන සුත්ත, තිරොකුඩ්ඪ, නිධිකණ්ඩ මෙත්ත සුත්ත වශයෙන් ප්රභේද නවයකින් යුත්, ඛුද්දක පාඨයට මෙපමණකින් අර්ථ වර්ණනාව කළේ වෙයි. එහෙයින් මෙය කියනු ලැබේ.
“සද්ධර්මයේ පැවැත්ම කැමති වන්නා වූ මා විසින් ඛුද්දක පාඨයට මේ අර්ථ වර්ණනාව කිරීම කරණ කොට ගෙන යම් කුශලයක් රැස් කර ගන්නා ලද්දේ ද
එහි ආනුභාවයෙන් මේ ජනයා ආර්ය්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්මයෙහි අභිවෘද්ධියට, දියුණුවට, විපුලභාවයට වහා පැමිණෙන්වා” යනුයි.
පරම පිරිසිදු ශ්රද්ධා බුද්ධි වීර්ය්ය ගුණයෙන් යුක්ත වූ ශීලාධාර සෘජු මෘදු ආදී ගුණ සමූහයෙන් ප්රමුදිත වූ ස්වකීය සමය සමයාන්තරයන් ඉගෙනීමේ හා අවබෝධ කිරීමෙහි සමත් වූ ප්රඥා කුශලතාවෙන් යුක්ත වූ ත්රිපිටක පර්ය්යාප්ති ප්රභේද ඇති අට්ඨකථා සහිත ශාස්තෲ ශාසනයෙහි නොපැකිළෙන ඥාන ප්රභාවෙන් යුක්ත වූ මහා ව්යාකරණඥ වූ කරණ සම්පත්තියෙන් හටගත් සුවසේ නික්මුණු මධුරොදාර වචන ලාවන්යයෙන් යුක්ත වූ සුදුසු වදන් ඇත්තා වූ වාදීවර වූ මහා කවි වූ ෂඩභිඥාපටිසම්භිදා ආදී ප්රභේද ඇති ගුණයන්ගෙන් ප්රතිමණ්ඩිත වූ උත්තර මනුෂ්ය ධර්මයෙහි මනාව පිහිටි බුද්ධිය ඇති ස්ථවිර වංශයට ප්රදීපයක් බඳු වූ මහාවිහාර වාසීන්ගේ වංශයට අලංකාරයක් වූ විපුල විසුද්ධ බුද්ධියෙන් “බුද්ධඝෝෂ” යයි ගුරුන් විසින් තබන ලද නම් ඇති තෙරුන් වහන්සේ විසින් කරන ලද මේ පරමත්ථ ජෝතිකා නම් ඛුද්දක පාඨ අට්ඨ කථාව
“පිරිසිදු සිත් ඇති තාදි ගුණයෙන් යුත් ලෝකයට ජ්යෙෂ්ඨ වූ මහේසී බුදුරජාණන් වහන්සේගේ “බුද්ධ” යන නාමය පවා යම්තාක් ලෝකයෙහි පවතී ද ඒතාක් ලෝකයෙන් එතෙර වීම සොයන්නා වූ කුල පුත්රයන්ට ශීල විසුද්ධිය පිණිස මග දක්වමින් පවතීවා.
ඛුද්දක පාඨ වර්ණනාව නිමියේය.