9. මිත්තවින්දක ජාතකය (369)
‘ක්යාහං දෙවානමකරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර දී, එක් අකීකරු භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘මහා මිත්ත වින්දක’ ජාතකයෙහි දැක්වේ. මේ මිත්ත වින්දකයා වනාහි, මුහුදේ පතිතව අධික ආශාවෙන් යුක්ත වූ බැවින් පෙරටුව ගොස්, නිරයට අයත් සත්ත්වයන් පැසෙන තැනක් වන ‘ඔසුපත්’ නිරය දැක, ‘එය එක් නගරයකැ’යි සිතා, ඒ හැඟීමෙන් එහි පිවිස ‘ඛුර චක්රය’ක් ස්පර්ශ කෙළේය. (මෙහි ඛුර චක්රය යනු ඉතා තියුණු ලෙස මුවහත් වූ දැළිපිහි වැනි වූ පාරා වළල්ලක ස්වරූපය ඇති ආයුධයකි.) මේ අතර දිව්යපුත්ර භාවයක් ලබා සිටි බෝසත් තෙමේ, එදින ඔසුපත් නිරයෙහි චාරිකාවක යෙදුනේය. ඔහු දුටු මිත්ත වින්දකයා මෙසේ කීය.
ක්යාහං දෙවාන මකරං කීංපාපං පකතං මයා,
යං මෙ සිරස්මිං ඕහච්ච චක්කං භමති මත්ථකෙ
යං මෙ සිරස්මිං ඕහච්ච චක්කං භමති මත්ථකෙ
යම් හේතුවකින් මාගේ හිස මත පිහිටා, චක්රයක් කැරකේ ද? මම දෙවියන්ට කළ වරද කුමක්ද? මවිසින් කිනම් පාපයක් කරන ලදද?
මෙහි ‘ක්යාහං දෙවමකරං’ යනු ‘ස්වාමි දේවපුත්රය, මම දෙවියන්ට කුමක් නම් කෙළෙම්ද? දෙවිවරු කුමක් නිසා මා පෙළත් ද?’ යන අර්ථයි. ‘කිං පාපං පකතං මයා’ යනු ‘මහත් වූ දුක නිසා වේදනාවෙන් යුක්තව තමා විසින් කළ පාපය නො දන්නා නිසා මෙසේ කීය’ යන අර්ථයි. ‘යං මෙ’ යනු ‘යම් පාපයක් නිසා මගේ හිස මත වේදනා දෙමින් මේ පාරා වළල්ලක් වැනි වූ ආයුධය මගේ හිස මත කරකැවේද?’ යන අර්ථයි. මෙය කුමක්ද? යන අදහසයි.
ඒ අසා බෝසත් දෙවියා මෙසේ කීය.
2. පළිඟු පහය - රිදී පහය - මැණික් පහය - රන් පහය යන මේවා ඉක්මවා කුමන කරුණක් නිසා මෙහි පැමිණියේද?
මෙහි ‘රමණකං’ යනු ‘පළිඟු පහය යි’. ‘දූභකං’ යනු ‘මැණික් පහය’යි. ‘සදා මන්තං’ යනු ‘රිදී පහය’යි. ‘බ්රහ්මතරඤ්ච පාසාදං’ යනු රන් පහයයි. ‘කෙනට්ඨෙන’ යනු ‘ඔබ පළිඟු පහය ආදී වූ සිවු ගුණයකින්, අට ගුණයකින්, සොළොස් ගුණයකින්, දෙතිස් ගුණයකින් යුතු වූ දෙවඟනන් ඇති, දෙව්ලෝ අතහැර, ඒ ප්රාසාදයන් ඉක්මවා කුමන කරුණක් නිසා, මෙහි පැමිණියේද?’ යන අර්ථයි.
ඉක්බිති මිත්තවින්දකයා පිළිතුරු දෙමින් මෙසේ කීය.
3. මෙහි ලා සම්පත් මීට වඩා බොහෝ වන්නේ යැයි, සිතුවෙමි. මෙසේ මේ හැඟීම නිසා, විපතට පත් මා දෙස බලන්න.
මෙහි ‘ඉතො බහුතරා’ යනු ‘මේ සිවු පහයන්හි සම්පත්වලට වඩා වැඩි සම්පත් ඇත්තේය’ යන අර්ථයි.
ඉක්බිති බෝසත් තෙමේ ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ කීය.
4. සතරක් ඇති තැනින්, අටක් ඇති තැනට ගියේය. එතැනින් දහසයක් ඇති තැනටත්, ඉනුත් තිස්දෙකක් ඇති තැනටත් ගියේය. අධික වූ ආශාව නිසා ම චක්රය වෙත පැමිණියේය. තෘෂ්ණාවෙන් පීඩිත වූ මිනිසාගේ හිස මත චක්රායුධය කැරකේ.
5. යම් කෙනෙක් මතු මතු පිරවීමෙන් නිමාවක් දැකිය නොහැකි වූ විශාල වෙහෙසකට පමුණුවන්නා වූ, ආශාවට ගිජුකම් දක්වත් ද? ඔවුහු හිස මත චක්රායුධ දරන්නෝ වෙති.
මෙහි ‘උපරි විසාලා’ යනු ‘මිත්තවින්දකය’ මේ තෘෂ්ණාව ඇසුරු කිරීමෙන්, මතු මතු පැතිරීමෙන් විශාලත්වයට පත්වේ. මහසයුර මෙන්, එය පිරවිය නොහැක. රූපාදීන්හි, ඒ ඒ අරමුණු කැමති වන බැවින්, කැමති දෑ පතන බැවින් වෙහෙසට පත් වේ. එබැවින් යම් මනුෂ්ය කෙනෙක් මෙබඳු වූ, ඒ තෘෂ්ණාවට අනුව ගිජුකම් දක්වත් ද? නැවත නැවත ගිජුකම නිසා එය ග්රහණය කර ගනිත් ද?’ යන අර්ථයි. ‘තෙ හොන්ති චක්කධාරිනො’ යනු ‘ඔවුහු මේ චක්රායුධ දරත් යැ’යි දක්වයි.
මිත්තවින්දකයා මෙසේ කථා කරමින් සිටිය දී ඔහු පීඩාවට පත් කරමින් හිස මත කැරකෙන චක්රය පහතට කිඳා බැස්සේය. එයින්ම මිත්තවින්දකයාට කථා කරගත නොහැකි විය. ඉන්පසු දේව පුත්රයා තම දෙව්ලොව බලා පෙරළා ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා මිත්තවින්දකයා නම්, මේ අකීකරු භික්ෂුව යි. දේවපුත්රයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.