7. ලටුකික ජාතකය (357)
‘චන්දාමි තං කුඤ්ජර සට්ඨිහාය නං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙව්දතුන් අරබයා වදාළ සේක. එක් දවසක දම්සභාවට රැස් වූ භික්ෂූහු ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙව්දතුන් අරබයා වදාළ සේක. එක් දවසක දම්සභාවට රැස් වූ භික්ෂූහු දෙව්දත් තෙරුන්ගේ කර්කශ බව, නපුරුකම, සාහසිකත්වය ගැන හා සතුන් කෙරෙහි කරුණා මාත්රයක්වත් ඔහු තුළ නැති එක ගැන කථා කරමින් හුන්හ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන්ගේ කථාව සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දෙව්දත් අකරුණාවන්තයෙක් වූයේ දැන් මතු නොවේ. පෙරද ඔහු කරුණාව නැත්තෙක් වූයේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ඇත් කුලයක ඉපිද තරුණ වියට පැමිණි කල්හි, ප්රසාදය එළවන රූපශ්රීයෙන් යුතු ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වූවෙක් විය. ඇතුන් අසූදහසක් පිරිවරකොට ඇති මේ හස්ති රාජයා උන් සියලුදෙනාගේ නායකයා වී, හිමාල වනපෙතෙහි වාසය කෙළේය. මෙකල එක් කැට කිරිල්ලක් ඇතුන් ගමන් කරන මාර්ගය සමීපයෙහි බිම, කූඩුවක් සකසා එහි බිත්තර කිහිපයක් දැම්මාය. ටික දවසකින් මේරූ බිත්තර බිඳගෙන කුරුලු පැටව් නික්මුණහ. පියාපත් නොවැඩුණු උන්ට පියඹා යන්නට නොහැකිය. පැටවුන් සිටි පෙදෙසින් ගමන් කරමින් සිටියේය. සිය පිරිවර සමග ඇත්රාජයා ඒ පෙදෙසට ළංවනු දුටු කැටකිරිල්ල, ‘මේ ඇත් රජා මාගේ දරුවන් තළා මරා දමන්නට බැරි නැත. එබැවින් මම මගේ දරුවන් රැකගැනීම සඳහා, දැහැමි රැකවරණයක් ඇත් රජුගෙන් ඉල්ලා සිටිමි’යි තීරණය කොටගෙන, සිය පියාපත් දෙක එක්කොට ඇත් රජුට නමස්කාර කොට, ඔහු ඉදිරියේ සිට මෙසේ කීවාය.
වන්දාමි තං කුඤ්ජර සට්ඨිභාය නං, ආරඤ්ඤකං යූථපතිං යසස්සිං,
පක්ඛෙභි තං පඤ්ජලිකං කරොමි, මා මෙ වධී පුත්තකෙ දුබ්බලායා ති
පක්ඛෙභි තං පඤ්ජලිකං කරොමි, මා මෙ වධී පුත්තකෙ දුබ්බලායා ති
ඇත් රජුනි, මම ඔබට වඳිමි. කැලයෙහි උපන්, දැනුම් තේරුම් ඇති, ඇත්රැළට නායක වූ, යශස් ඇත්තා වූ ඔබට, පියාපත්වලින් නමස්කාර කරමි. දුර්වල තැනැත්තියක වූ මාගේ දරුවන්ට හිංසා නොකරනු මැනවි.
මෙහි ‘සට්ඨිහායනං’ යනු වසර සැටකින් ගෙවන බලයක් ඇති, යන අර්ථයි. ‘යසස්සිං’ යනු ‘පිරිවර සහිත’, යන අර්ථයි. ‘පක්ඛෙහි තං පඤ්ජලිකං’ යනු ‘මම පියාපත්වලින් ඔබට නමස්කාර කරමි’ යන අර්ථයි.
බෝසත් ඇතා ‘කැට කිරිල්ල, බිය නොවනු මැනවි. මම ඔබේ දරුවන් රකින්නෙමි’යි කියා කුරුලු කූඩුව කෙළින් සිටගෙන, එය කකුල් සතරට මැදිකොට ගෙන, ඇත් රැලේ සෙසු සතුන් දෑලෙන් දෙපසින් පිටත්කොට යැවීය. අනතුරුව කැටකිරිල්ල අමතා ‘අපගේ ඇත් රැළට පිටුපසින් එක් තනි අලියෙක් පැමිණේ. ඌ අපේ වචනය අනුගමනය නොකරයි. ඌ මෙතැනට පැමිණි කල්හි, ඌට ද යාඥාකොට, දරුවන් ආරක්ෂා කර ගන්නැ’යි උපදෙස් දුන් ඇත්රාජයා, සිය පිරිවරත් සමග එතැනින් පිටව ගියේය. ටික වේලාවකට පසු සිය කුරුලු කූඩුව දෙසට තනි අලියා එනු දුටු කැට කිරිල්ල, උගේ ඉදිරියට පෙරගමන් කොට පියාපත් දෙක එක්කොට, ඌට නමස්කාරකොට මෙසේ කීවාය.
2. ඇතාණෙනි, මම ඔබට වඳිමි. කැලයෙහි උපන්, තනිව හැසිරෙන. පර්වත සානුවෙහි ගොදුරු ගන්නා ඔබට, පියාපත්වලින් නමස්කාර කරමි. දුබල තැනැත්තියක වූ මාගේ දරුවන්ට හිංසා නොකරනු මැනව.
මෙහි ‘පබ්බතසානුගොචරං’ යනු ‘ගල් පර්වතවල ද, පස් පර්වතවලද ගොදුරු ගන්නා වූ’, යන අර්ථයි.
කැට කිරිල්ලගේ ආයාචනය අසා, තනි අලියා මෙසේ ඇයට උත්තර දුන්නේය.
3. කැට කිරිල්ල, තිගේ දරුවන් මම විනාශ කොට දමන්නෙමි. තී දුබල ය. එසේ වූ තී මට කුමක් කරන්නෙහි? තී වැනි ලක්ෂයක් වුවත් මම මගේ වම් පයින් පොඩිකොට දමන්නෙමි.
මෙහි ‘වයිස්සාමි තෙ’ යනු ‘තී කුමක් නිසා මගේ ගමන්මගෙහි තිගේ දරුවන් තැබුවෙහිද? එබැවින් තිගේ දරුවන් විනාශ කරන්නෙමි’යි කීය’, යන අර්ථයි. ‘කිං මෙ තුවං කාහසි’ යනු ‘මහත් බලැති මට දුබල තී කුමක් කරන්නෙහිද? යන අර්ථයි. ‘පපොථයෙය්යං’ යනු ‘මම වනාහි තී වැනි කැට කිරිල්ලන් ලක්ෂයක් වුවත්, වම් පයින් කුඩුකොට දමන්නෙමි. දකුණු පය ගැන කවර කථාද?’ යන අර්ථයි.
මේ අතර එතැනින් වහා ඉවතට පැන ගත් කැට කිරිල්ල, ගසෙක අත්තක හිඳ, ‘තනි අලියෝ, දැන් නුඹ ගර්ජනා කරමින් යව, නමුත් කිහිප දවසකින් නුඹට මාගේ තරම බලාගත හැකිය. කාය බලයට වඩා ඤාණ බලය මහත් බව තට පෙන්වන්නෙමි’යි අලියාට තර්ජනය කරමින් මෙසේ කීවාය.
නහෙව සබ්බත්ථ බලෙන කිච්චං, බලං හි බාලස්ස වධාය හොති,
කරිස්සාමි තෙ නාගරාජා අනත්ථං, යො මෙවධී පුත්තකෙ දුබ්බලායා
කරිස්සාමි තෙ නාගරාජා අනත්ථං, යො මෙවධී පුත්තකෙ දුබ්බලායා
සෑම තැනක දී ම ශරීර ශක්තියෙන් ප්රයෝජනයක් නැත. කුඩා සතකුගේ වුවත් බලය නපුරක් කිරීමට ප්රමාණවත්ය. ඇත්රජුනි, දුබල වූ මාගේ දරුවන්ට, යමෙක් හිංසා කෙළෙහිද? ඒ නුඹට මම අනර්ථයක් කරන්නෙමි.
මෙහි ‘බලෙන’ යනු ‘කාය බලයෙන්’, යන අර්ථයි. ‘අනත්ථං’ යනු ‘හානියක්’ යන අර්ථයි. ‘යො මෙ’ යනු ‘යම්බඳු වූ තෝ, දුබල වූ මගේ දරුවන්ට හිංසා කෙළෙහිද? මැරුවෙහිද? යන අර්ථයි.