9. සුජාත ජාතකය (269)
න හි වණ්ණේණ සම්පන්නා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අනේපිඬු සිටුතුමාගේ ලේලිය වූ ධනඤ්ජය සිටුගේ දුව වූ විසාඛාවගේ කණිටු සොහොයුරිය (නංගි) වූ සුජාතාව අරබයා වදාළ සේක. ඈ වනාහි මහත් සම්පත්තියෙන් අනේපිඬු සිටුතුමාගේ නිවස පුරවමින් පිවිසියාය. මම මහා කුලයක දුව යයි මාන්නයෙන් දැඩි වී චණ්ඩ, පරුෂ තැනැත්තියක් වූවාය. සැඩපරුෂ රළු වචන ඇති, නැන්දා, මාමාගේ, ස්වාමියාගේ වතාවත් නොකරන්නීය. ගෙයි ජනයාට තර්ජනය කරමින් පහරදෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනක් බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්ෂූහු පිරිවරාගෙන, අනේපිඩු සිටුතුමාගේ ගෙට වැඩමවා වැඩහුන් සේක. මහ සිටුතුමා බණ අසමින් භාග්යවතුන් වහන්සේ ළඟ හිඳගත්තේය. ඒ අවස්ථාවෙහි සුජාතාව දැසි දසුන්, කම්කරුවන් සමග කෝලහාල කරන්නීය. බුදුරජාණන් වහන්සේ ධර්ම කථාව නවතා ඒ කිනම් ශබ්දයක් දැයි විචාළ සේක. ස්වාමීනි! ඒ ලේලිය කිසි ගෞරවයක් නැත්තීය. ඇය නැන්දාගේ, මාමාගේ හෝ සැමියාගේ හෝ වත් පිළිවෙත් කිරීමක් නැත. දන්දීමක් හෝ සිල් රැකීමක් නැත. සැදැහැ නැත. අප්රසන්නය. දිවා රාත්රී කෝලහාල කරමින් හැසිරෙන්නී යැයි කීවේය. එසේනම් කැඳවන්නැයි කී සේක. ඈ අවුත් වැඳ එකත්පසෙක සිටියාය.
ඉක්බිති ඇයට බුදුරජාණන් වහන්සේ සුජාතාවෙනි, පුරුෂයාට භාර්යාවෝ සත්දෙනෙකි. ඒ භාර්යාවන් අතරින් නුඹ කවර තැනැත්තියක්දැයි විචාළ සේක. ස්වාමීනි, සැකෙවින් කී දෙයෙහි අර්ථය මම නො දනිමි. විස්තර වශයෙන් මට වදාරණ සේක්වායි කීවාය. බුදුරජාණන් වහන්සේ එසේනම් කන් යොමුකොට අසවයි වදාරා මේ ගාථා වදාළ සේක.
පදුට්ඨචිත්තා අහිතානුකම්පීනී, අඤේඤ සූ රත්තා අතිමඤ්ඤතෙ පතිං,
ධනෙන කීතස්ස වධාය උස්සුකා, යා එවරූපා පුරිසස්ස භරියා,
වධකා ච භරියාති ච සා පවුච්චති
ධනෙන කීතස්ස වධාය උස්සුකා, යා එවරූපා පුරිසස්ස භරියා,
වධකා ච භරියාති ච සා පවුච්චති
1. යම් බිරිඳක් දූෂ්ය වූ සිත් ඇත්තී ද හිත අනුකම්පා නැත්තී ද අන් පුරුෂයන් කෙරෙහි ඇලුනීද තම සැමියා පහත්කොට සිතන්නීද ධනය දී තමා ලබාගත් තම සැමියාට හිරිහැර කිරීමට උත්සාහ කරන්නීද පුරුෂයකුට මෙබඳු බිරිඳක් වේ නම් ඈ වධකයකුට සමාන නිසා වධක බිරිඳ යයිද කියනු ලැබේ.
යං ඉත්ථියා වින්දති සාමිකො ධනං, සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං,
අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති, යා එවරූපා පුරිසස්ස භරියා,
චොරී ච භරියාති ච සා පවුච්චති
අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති, යා එවරූපා පුරිසස්ස භරියා,
චොරී ච භරියාති ච සා පවුච්චති
2. බිරිදගේ සැමියා, කඩු දුනු ආදී ශිල්පයක්, වෙළදාමක්, ගොවිතැනක් කරමින් යම් ධනයක් ලබයි ද ස්ත්රිය ඒ ධනයෙන් ස්වල්පයක් හෝ පැහැරගනු කැමතිවේද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ සොරෙකුට සමාන යයිද චෝර භාර්යා යයිද කියනු ලැබේ.
අකම්මකාමා අලසා මහග්ඝසා, එරුසා චණ්ඩී ච දුරුත්තවාදිනී,
උට්ඨායකානං අභිභුය්ය වත්තතී , යා එවරූපාය පුරිසස්ස භරියා,
අය්යාච භරියාති ච සා පවුච්චති
උට්ඨායකානං අභිභුය්ය වත්තතී , යා එවරූපාය පුරිසස්ස භරියා,
අය්යාච භරියාති ච සා පවුච්චති
3. වැඩකටයුතු කිරීමට අකමැති, අලස, බොහෝ අනුභව කරන, සැරපරුෂ වූ, චණ්ඩ වූ නරක වචන කියන. සැමියාගේ උත්සාහය යටකරගෙන සිටින බිරිඳක් යම් පුරුෂයෙකුට වේනම් ඒ බිරිඳ සැමියාට (අරිය) සමාන යයිද සැතිරි බිරිඳ යයිද කියනු ලැබේ.
යා සබ්බදා හොති හිතානුකම්පිනී, මාතා ච පුත්තං අනුරක්ඛතෙ පතිං,
තතො ධනං සම්භතමස්ස රක්ඛති, යා එවරූපා පුරිසස්ස භරියා,
මාතා ච භරියානි ච සා පවුච්චති
තතො ධනං සම්භතමස්ස රක්ඛති, යා එවරූපා පුරිසස්ස භරියා,
මාතා ච භරියානි ච සා පවුච්චති
4. යම් බිරිඳක් හැමකල්හිම හිතානුකම්පීව මවක් පුතෙකු රකින්නාක් මෙන් සැමියා රකින්නීද, ඒ වාගේම ඔහු විසින් රැස්කළ ධනය රකින්නීද, පුරුෂයෙකුට මෙබඳු වූ බිරිඳක් වේනම් ඒ බිරිඳ මවට සමාන යයිද මාතෘ භරියා යයිද කියනු ලැබේ.
යථාපි ජෙට්ඨා භගිණී කණිට්ඨා, සගාරවා හොති සකම්හි සාමිකෙ,
හිරීමනා භත්තුවසානුවත්තිනි, යා එවරූපා පුරිසස්ස භරියා,
භගිණී ච භරියාති ච සා පවුච්චති
හිරීමනා භත්තුවසානුවත්තිනි, යා එවරූපා පුරිසස්ස භරියා,
භගිණී ච භරියාති ච සා පවුච්චති
5. අයියා කෙරෙහි නංගී පිළිපදින අයුරින් තම සැමියා කෙරෙහි ගෞරව සහිත වේද, ලජ්ජා සිත් ඇත්තීද සැමියාගේ අදහස් අනුව පවතීද පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ නංගීට සමානයයිද භගිණි භාර්යා යයිද කියනු ලැබේ.
යාචීධ දිස්වාන පතිං පමොදිතා, සඛී සඛාරංච චිරස්සමාගතං,
කොලෙය්යකා සීලවතී පතිබ්බතා, යා එවරූපා පුරිසස්ස භරියා,
සඛී ච භරියාතිච සා පවුච්චති
කොලෙය්යකා සීලවතී පතිබ්බතා, යා එවරූපා පුරිසස්ස භරියා,
සඛී ච භරියාතිච සා පවුච්චති
6. මෙලොව යම් බිරිඳක් බොහෝ කලකින් පැමිණි මිතුරෙකු දැක සතුටුවන මිතුරියක මෙන් සිය සැමියා දැක වඩාත් සතුටට පත්වන්නීද, කුල සිරිත් අනුගමනය කරන්නීද සිල්වත්ද, පතිවත රකීද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ සිල්වත් මිතුරියකට සමාන යයිද සඛී භාර්යා යයිද කියනු ලැබේ.
අක්කුට්ඨසන්තා වධදණ්ඩතජ්ජිතා, අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති,
අක්කොධනා භත්තුවසානුවත්තිනී, යා එවරූපා පුරිසස්ස භරියා,
දාසීච භරියානි ච සා පවුච්චති
අක්කොධනා භත්තුවසානුවත්තිනී, යා එවරූපා පුරිසස්ස භරියා,
දාසීච භරියානි ච සා පවුච්චති
7. (සැමියා විසින්) දඬුමුගුරු ගෙන මරණීය තර්ජන කළත් නොකිපෙන දුෂ්ට සිත් නැති සැමියාට සමාව දෙන, නොකිපෙන සැමියාගේ අදහස් අනුව පවතින මෙබඳු බිරිඳක් පුරුෂයෙකුට වේනම් ඒ බිරිඳ දාසියකට සමාන යයිද දාසි භාර්යා යයිද කියනු ලැබේ.
සුජාතාවෙනි. පුරුෂයාගේ මේ භාර්යාවන් හත්දෙනායි. ඒ හත්දෙනාගෙන් වධක සම භාර්යාවත්, චෝර සම භාර්යාවත් සැමියාට සම (අය්යසම) භාර්යාවත් යන තිදෙනා නිරයේ උපදිත්. ඉතිරි සතරදෙනා නිම්මාන රතී දෙව්ලොව උපදිත්.
යාචීධ භරියා වධකාති වුච්චති, චොරීති අයිරාති ච යා පවුච්චති,
දුස්සීලරූපා එරුසා අනාදරා, කායස්ස භෙදා නිරයං වජන්ති තා
දුස්සීලරූපා එරුසා අනාදරා, කායස්ස භෙදා නිරයං වජන්ති තා
8. මෙලොව යම් භාර්යාවක් වධක යයිද, චෝරී යයිද අය්ය යයිද කියනු ලැබීද දුසිල්වත් පරුෂ වචන කියන ආදර නැති ඔවුහු මරණින් මතු නිරයට යති.
යාචීධ මාතා භගිණී සඛී ච, දාසීති භරියාති ච යා පවුච්චති,
සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා, කායස්ස භෙදා සුගතිං වජන්ති තා
සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා, කායස්ස භෙදා සුගතිං වජන්ති තා
9. මෙලොව යම් භාර්යාවක් මාතු භරියා, භගිණි භරියා, සඛි (යෙහෙලි) භරියා, දාසි භරියා යයි කියනු ලැබේද සීලයෙහි පිහිටා සිටි බැවින් බොහෝ කලක් සංවර වූ ඒ ස්ත්රීහු මරණින් මතු සුගතියට ගමන් කරත්.
මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් මේ භාර්යාවරු සත්දෙනා දක්වනු ලබද්දීම සුජාතාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. එනිසා ඒ හත්දෙනා අතුරින් නුඹ කිනම් භාර්යාවක්දැයි වදාළ කල්හි ස්වාමීනි! මම දාස භාර්යාවට සමානයයි කියා බුදුරජාණන් වහන්සේට වැඳ සමාව ගත්තාය. මෙසේ බුදුරජාණන් වහන්සේ නිවසෙහි වූ ලේලිය වූ සුජාතාව එකම අවවාදයෙන් දමනය කොට, කරන ලද බත් කිස ඇත්තේ (දන් වළදා) දෙව්රමට වැඩ භික්ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගඳකිලියට වැඩම කළ සේක. දම්සභාවෙහිදී භික්ෂූහු, ඇවැත්නි! බුදුරජාණන් වහන්සේ එකම අවවාදයෙන් සුජාතා ලේලිය දමනයකොට සෝවාන් ඵලයෙහි පිහිටවූ සේකැයි බුදුරජාණන් වහන්සේගේ ගුණකථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මවිසින් සුජාතාව එකම අවවාදයෙන් දමනය කෙළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.