8. ආරාමදූසක ජාතකය (268)
යො වෙ සබ්බමෙතාතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දකුණුගිරි ජනපදයෙහි එක්තරා උයන් පාලනය කරන පුත්‍රයකු අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ වනාහි වස් අන්තයෙහි ජේතවනාරාමයෙන් නික්මී දකුණුගිරි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරුණු සේක. ඉක්බිති එක් උපාසකයෙක් බුදුරදුන් ප්‍රධාන සංඝයාට ආරාධනාකොට උයනෙහි වඩා හිඳුවා කැද, කැවිලි ආදියෙන් වළදවා උයනෙහි හැසිරෙනු කැමති ආර්යයන් වහන්සේලා මේ උයන්පල්ලා සමග හැසිරෙනු මැනවයි කියා ආර්යයන් වහන්සේලාට පලාපල ආදිය දෙන්නැයි කියා උයන්පල්ලාට අණ කළේය. භික්‍ෂූහු හැසිරෙමින් හිස් වූ තැනක් දැක මෙම ස්ථානය හිස් වී ඇත. ගස් අඩුය. කරුණු කිමැයි විචාළාහ. ඉක්බිති උන්වහන්සේලාට උයන්පල්ලා එක්තරා උයන්පල්ලෙක් පැලගස්වලට දිය ඉසිමින් මුල් ගණනට දිය ඉසින්නෙමියි සිතා පැල උගුල්ලා බලා මුල් ගණනට ජලය ඉසියි. ඒ නිසා ඒ ස්ථානය හිස්තැනක් වීයයි කීවේය. භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ වෙත අවුත් ඒ කාරණාව සැලකළාහුය. බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් පමණක් නොව පෙරත් ඒ උයන්පාලකයා ආරාම දූෂණය කරන්නෙක් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර විස්සසේන නම් රජු රජ කරද්දී උත්සව අවස්ථාව ප්‍රචාරය කළ කල්හි උයන්පල්ලා සැණකෙළි කෙළින්නෙමියි උයනෙහි වසන වඳුරන්ට කීවේය. මේ උයන තොපට බොහෝ උපකාර කර ඇත. මම සතියක් සැණකෙළි කෙළින්නෙමි. තෙපි මේ දින හතෙහි පැලවලට දිය ඉසිව් යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්තාහුය. හෙතෙම ඔවුන්ට සම්වලින් කළ කළය දී ගියේය. වඳුරෝ දිය ඉස පැලවලට පැන් ඉස්සාහුය. ඉක්බිති ඔවුන්ට වඳුරු නායකයා ටිකක් නවතින්න. ජලය හැමකල්හි ලැබීම අපහසුය. එය රැකිය යුතුයි. සිටවූ පැල උදුරා මුල් ප්‍රමාණය දැන දිග මුල් ඇති පැලවලට වැඩියෙනුත් කෙටි මුල් ඇති පැලවලට අඩුවෙනුත් පැන් ඉසීම සුදුසු යයි කීවේය. කෙනුත් පැන් ඉසීම සුදුසු යයි කීවේෙුමක් යහපතැයි කියා කීපදෙනෙක් සිටවූ පැල ගලවමින් යත්, කීපදෙනෙක් ඒවා සිටුවා ජලය ඉසිත්. මෙකල බෝස් ඒවා සිටුවා ජලය ඉසිත්.
මෙකල බෝතාණන් වහන්සේ බරණැස් නුවර එක් කුලයක පුත්‍රයෙක් විය. ඔහු කිසියම් කටයුත්තක් සදහා උයනට ගොස් එසේ කරන එ් වඳුරන් දැක නුඹලාට මෙසේ කරන්නට කීවේ කවරෙක්දැයි විචාරා වඳුරු නායකයා යයි කී කල්හි තොපගේ නායකයාගේ නුවණ මෙබඳු නම් නුඹලා ගැන කියනුම කවරේදැයි ඒ කරුණ ප්‍රකාශ කරමින්,
යො චෙ සබ්බසමෙතානං අහුවා සෙට්ඨසම්මතො,
තස්සායං එදිසී පඤ්ඤා කිමෙව ඉතරා පජා
යන පළමු ගාථාව කීය.
රැස් වූ හැමදෙනා අතුරෙහි යමෙක් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධ වූයේද ඔහුගේ ප්‍රඥාවද මෙබඳු විය. අන්‍යයන් ගැන කවර කතාද?
එහි, සබ්බසමෙතානං යනු මෙහි රැස් වූ මේ සියලු දෙනාටම අහුවා යනු විය. කිමෙව ඉතරා පජා යනු මොවුන් අතරින් ඉතිරි වූ යටපත් වූ යම් ප්‍රජාවක් වේද, ඒ ප්‍රජාවගේ ප්‍රඥාව කෙබඳුද?
ඔවුන්ගේ කථාව අසා වඳුරෝ,
එවමෙව තුවං බ්‍රහේම අනඤ්ඤාය විනින්‍දසි,
කථං මුලං අදිස්වා රුක්ඛං ජඤ්ඤා පතිට්ඨිතං
යන දෙවන ගාථාව කීහ.
බමුණ, තෙපි හේතු නොදැන මෙසේ නින්දා කරව. පොළොවට ඇද තිබෙන මුල නොදැක කෙසේ ගස අඳුනන්නෙහුද?
එහි, බ්‍රහේම යනු බ්‍රහ්ම යනු ආලපන මාත්‍රයකි. මේ වනාහි මෙහි කෙටි අරුතයි. එම්බා පුරුෂය! නුඹ කරුණු නොදැන මෙසේ අපට නින්දා කරන්නෙහි. ගස වනාහි ගැඹුරට පිහිටියේද එසේ නැද්දයි මුලින් නොඋදුරා කෙසේ දැනගන්නට හැකිද? ඒ නිසා අපි උගුල්ලා මුල් ඇති ප්‍රමාණය බලා ජලය ඉසින්නෙමු.
ඒ නිසා බෝසතාණන් වහන්සේ,
නාහං තුමේහ විනින්‍දාමි යෙ චඤ්ඤෙ වානරා වනෙ,
විස්සසෙනොව ගාරය්හො යසයත්‍ථා රුක්ඛරොපකා
යන තුන්වන ගාථාව කීහ.
මම තොපටත් වනයෙහි වෙසෙන අනෙක් වඳුරන්ටත් නින්දා අපහාස නොකරමි. තොප වැනි අය ආරාමරෝපන ධූරයට පත් කළ විශ්වසේන රජතුමාම නින්දා ලැබිය යුතු වෙයි.
එහි, විස්සසෙනොව ගාරය්හො යනු බරණැස් රජ වූ විශ්වසේනම මෙහි ගර්හා කටයුතුයි. යස්සත්‍ථා රුක්ඛරොපකා යනු යමක් සඳහා තොප වැනි ගස් වවන්නෝ උපන්නාහුද? (එහෙයිනි)
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එකල වඳුරු නායකයා ආරාම දූෂක කුමාරයා විය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
9. සුජාත ජාතකය (269)
න හි වණ්ණේණ සම්පන්නා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අනේපිඬු සිටුතුමාගේ ලේලිය වූ ධනඤ්ජය සිටුගේ දුව වූ විසාඛාවගේ කණිටු සොහොයුරිය (නංගි) වූ සුජාතාව අරබයා වදාළ සේක. ඈ වනාහි මහත් සම්පත්තියෙන් අනේපිඬු සිටුතුමාගේ නිවස පුරවමින් පිවිසියාය. මම මහා කුලයක දුව යයි මාන්නයෙන් දැඩි වී චණ්ඩ, පරුෂ තැනැත්තියක් වූවාය. සැඩපරුෂ රළු වචන ඇති, නැන්දා, මාමාගේ, ස්වාමියාගේ වතාවත් නොකරන්නීය. ගෙයි ජනයාට තර්ජනය කරමින් පහරදෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනක් බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්‍ෂූහු පිරිවරාගෙන, අනේපිඩු සිටුතුමාගේ ගෙට වැඩමවා වැඩහුන් සේක. මහ සිටුතුමා බණ අසමින් භාග්‍යවතුන් වහන්සේ ළඟ හිඳගත්තේය. ඒ අවස්ථාවෙහි සුජාතාව දැසි දසුන්, කම්කරුවන් සමග කෝලහාල කරන්නීය. බුදුරජාණන් වහන්සේ ධර්ම කථාව නවතා ඒ කිනම් ශබ්දයක් දැයි විචාළ සේක. ස්වාමීනි! ඒ ලේලිය කිසි ගෞරවයක් නැත්තීය. ඇය නැන්දාගේ, මාමාගේ හෝ සැමියාගේ හෝ වත් පිළිවෙත් කිරීමක් නැත. දන්දීමක් හෝ සිල් රැකීමක් නැත. සැදැහැ නැත. අප්‍රසන්නය. දිවා රාත්‍රී කෝලහාල කරමින් හැසිරෙන්නී යැයි කීවේය. එසේනම් කැඳවන්නැයි කී සේක. ඈ අවුත් වැඳ එකත්පසෙක සිටියාය.