මිත්‍ර පුණ්ණමුඛ, ස්ථාන කරුණු සතළිහකින් ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ඉක්මවා යයි. ඇඟ කිළිපොළයි. හකුළුවයි. බබළයි. ලජ්ජා නැති කරයි. නියෙන් නිය ගටයි. පාදයෙන් පාදය ඇක්මවයි. ලීකැබැල්ලෙන් පොළොව කුරුටු ගායි. දරුවා උල්ලංඝනය කරයි. එල්ලා තබයි. සෙල්ලම් කරයි. සෙල්ලම් කරවයි. සිඹියි. සිම්බවයි. අනුභව කරයි. අනුභව කරවයි. දෙයි. ඉල්ලයි. කරන දේ නැවත කරයි. උස්හඬින් කථාකරයි. පහත් ලෙස කථා කරයි. අපරික්‍ෂාකාරීව කථා කරයි. සැක සිතෙන දේ කථා කරයි. නැටීමෙන්, ගීතයෙන් වාදනයෙන් ඇඬීමෙන්, සිනහවෙන්, අලංකාරයෙන්, සිනාසෙයි, බලයි, ඉඟටිය සොළවයි. සැඟවුණු භාණ්ඩ සොලවයි. කලවා විවර කරයි. කලවා වසයි. පියයුරු පෙන්වයි. ඉන පෙන්වයි. නැබ පෙන්වයි. ඇස් කසයි. බැම ඔසවයි. තොල් ලෙවකයි. දිව දික්කරයි. දිව ලෙවකයි. වස්ත්‍රය මුදාහරියි. වස්ත්‍රය ගැටගසයි. සිරස හොලවයි. සිරස බඳියි. මිත්‍ර පුණ්ණමුඛ මේ ස්ථාන හතළිහෙන් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා යයි.
මිත්‍ර පුණ්ණමුඛ ස්ථාන, කාරණා විසිපහකින් ස්ත්‍රිය දූෂණය වන බව දතයුතුය. යුවතිය ස්වාමියාගේ වෙන්වීම වර්ණනා කරයි. කියන ලද දෙය සිහි නොකරයි. ආකල්හි නොසතුටු වෙයි. ඔහුගේ අවර්ණය ගැන කථාකරයි. ඔහුගේ හැඩය වර්ණනා නොකරයි. ඔහුට වැඩක් නැති දේ කරයි. ඔහුගේ වැඩ ඇති දේ නොසළකයි. ඔහුට නොකළ යුත්ත කරයි. ඔහුට කලයුතු දේ නොකරයි. පොරවාගෙන දිනයි. මුහුණ වසාගෙන හොවයි. විරුද්ධපද කියන්නේ වෙයි. කොකුම්ජාති දීර්ඝ ලෙස ආස්වාදනය කරයි. දුක දන්වයි. අශූචි මලමුත්‍ර නිතර පිටකරයි. විරුද්ධ වූ තැන සැරිසරයි. පරපුරුෂ ශබ්ද අසා කණ ශබ්දය විවරකොට අදහයි. සතුටුවෙයි. සම්පත් අපතේ යවයි. වීථිවල සැරිසරයි. ප්‍රතිවාදීන් සමග පිළිසඳර කථාකරයි. පිටතට ගිය පා ඇත්තී වෙයි. ඉක්මවා කටයුතු කරන්නී වෙයි. ස්වාමියා කෙරෙහි අගෞරවයෙන් නරක සිතින් සංකල්පවලින් පිරී නිතර දොරටුව ළඟ බලාසිටියි. කටිය අඟ පසඟ, පියයුරු පෙන්වයි. දිශාවෙන් දිශාවට ගොස් පරීක්‍ෂා කරයි. මිත්‍ර පුණ්ණමුඛ මේ පස්විසි කරුණු ස්ථානවලින් යුක්ත ස්ත්‍රිය ඉතා නපුරුයයි දතයුත්තේ වෙයි. තවත් අතිරේක වාක්‍යද මෙහිලා ඇත –
ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වණයි. බැහැර ගියහු (සැමියා) අනුව ශෝක නොකරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුටුවීම නොකරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නොකියයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
සංයම නැත්තී ඔහුගේ අනර්ථය පිණිස හැසිරෙයි. නො කළයුතු දෑ කරන්නී අර්ථය ද නසයි. දැඩි කොට හැඳ විමුඛ ව නිදයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
ඔබ මොබ පෙරළී කලබල කරන්නී වෙයි. දීර්ඝ ලෙස ආශ්වාස කරන්නී දුක් වේදනා ඇත්තී යැයි කියයි. නිතර මලමූකිස පිණිස යයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කථා කරන පරපුරුෂයන්ගේ ශබ්දය අසයි. නසන ලද භෝග ඇත්තී ක්ලේශ සන්ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ ය.
දුකසේ ලද, දුකසේ ගෙනෙන ලද ධනය ද, දුකසේ රැස් කරන ලද වස්තුව ද විනාශ කරයි. අසල්වැසියන් සමග ක්ලේශ සන්ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
(සොර සැමියන් සෙවීම පිණිස) බැහැර කරන ලද පා ඇත්තී ය. වීථි සංචාරය කරන්නී ය. නිතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ්‍ය වූ සිත් ඇත්තී (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගෞරව නැත්තී වෙයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දොර ළඟ සිටී. භ්‍රාන්ත වූ සිත් ඇත්තී දිශානුදිශාවන් බලයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රහස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පව් කරන්නාහ.
ඉදින් මන්ත්‍රණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබඳු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ද අන් පුරුෂයකු නො ලද කල්හි පිළකු සමග හෝ පාපකර්මය (අනාචාරය) කෙරෙත් මැනු.
මිනිසුන්ගේ සිත් ඇලුම් කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සිත් ඇත්තා වූ නිග්‍රහයෙන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මුළු හිතින් තුටු කරවනු ලබන්නාහු නමුත් වෛශ්‍යාවෝ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්ථ සම වෙත්.
එහි ගොණං ධෙනුං යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. ඤාතිකුලෙ පදූස්සති යනු එහි ඇය නිර්භය වී යොවුන් කාලයේ පටන් විශ්වාසවන්ත දාස ආදීන් සමග ඤාතීන් දැනගෙනද අනාචාරයේ හැසිරෙයි. නිග්‍රහ නොකරත්. තමන්ගේ අපකීර්තිය ප්‍රචාරය වන්නේ නමුත් නොදන්නියක මෙන් සිටියි. අනත්‍ථචාරිණී ආනිශංස නැත්තේ යන අර්ථයි. අකටයුත්ත කරන්නී යන අර්ථයි. අගුණං යනු දුනුදිය රහිත. පාප සහායකො යනු දුර්මිත්‍ර.
දළිද්දතා යනු දිළිඳුකමයි. සෙසු ප්‍රදේශවලද මේ අර්ථයම වේ. එහි දිළින්දා අලංකාර දේ නැති බැවින් කෙලෙස්වලින් සංග්‍රහ කිරීමට නොහැකි වේ යන එය නොදනියි. ගිලන් වුව ද වස්තුකාම කලේශකාම ආදියෙන් සංග්‍රහ කිරීමට නොහැකි වෙයි. ජරාජීර්ණ වූයේ කායික මානසික වාචසික රති බහුලතාවය දක්‍ෂ නොවේ. සුරාවට ලොල් වූයේ ඇගේ අත් පළඳනාදිය ද සුරාගෙදරට ම ගෙන යයි. මෝඩ වූයේ, අඳබාල වුයේ රති ක්‍රීඩාවේ දක්‍ෂ නොවේ. ප්‍රමාද වූයේ දාසියට ලොල්වූයේ වී, ගෙදර දාසියන් සමග සංවාසයේ යෙදෙයි. බිරිඳට අක්‍රෝෂ පරිභව කරයි. ඔහු විසින් ඇයට අවමන් කරයි. සියළු ක්‍රියාවල අනුව යෙදෙන්නා වූ මෙතෙම තේජස් රහිතව, මා අනුවම පවතියි යන ඔහුට අක්‍රෝෂ පරිභව කරයි යනුවෙන් සියළු ධනය නූපදවයි ද, දරුපවුල ප්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ බිරිඳ සියළු ධන සාරය අතට ගෙන ඔහුට දාසියකු මෙන් අවමන් කරයි. කැමැතිවන්නා වූ කවරෙක් ඔබ විසින් ඇත්දැයි ගෙදරින් පවා හේ ඉවතට ඇද දමන්නේය. මුද්ධපත්තං යනු මෝඩබවට පැමිණි. රත්තං යනු ප්‍රමාදයයි.