6. චූලහංස ජාතකය (502)
එතෙ හංසා පක්කමන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් ආනන්ද තෙරුන්ගේ ජීවිත පරිත්යාගයම අරභයා දේශනා කළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහි තෙරුන්ගේ ගුණ කථාව කියනකල්හි ශාස්තෲන් වහන්සේ වැඩමවා විමසා මහණෙනි, ආනන්ද තෙරුන් විසින් මා සඳහා ජීවිත පරිත්යාග කළේ දැන් පමණක් නොවේ. පෙරද ජීවිත පරිත්යාග කළේම යයි වදාරා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බහුපුත්තක නම් රජු රාජ්යය කරවීය. ඔහුගේ අගමෙහෙසිය ඛේමා නම් වූවාය. එකල්හි මහබෝසත් තෙමේ ස්වර්ණහංස යෝනියෙහි ඉපදී හංසයන් අනූදහසක් පිරිවරන ලද්දේ චිත්රකූට පර්වතයෙහි වාසය කරන ලදි. එකල්හි දේවිය පළමු කී පරිද්දෙන්ම සිහිනයක් දැක රන්වන් හංසයෙකුගේ ධර්ම දේශනාව ඇසීමේ දොළදුක රජුට දැන්වීය. රජුද විමසා රන්වන් හංසයෝ චිත්රකූට පර්වතයෙහි වසත් යයි අසා ඛේම නම් විලක් කරවා නොයෙක් (හංසයන්ගේ) කෑම සඳහා වූ ධාන්ය සිටුවවා සිව්කොන්හි දිනපතා අභය ඝෝෂාව ඝෝෂා කරවීය. එක් වැදි පුත්රයෙක්ද හංසයන් ගැනීම පිණිස යෙදවීය. ඔහු (විල පරීක්ෂා කිරීමට) යෙදවූ ආකාරයද එහි පක්ෂීන් විසින් පරීක්ෂා කළ බවද රන් හංසයන් පැමිණි කල්හි රජුට දන්වා පුඩුව එල්ලූ ක්රමයද මහබෝසතුන් පුඩුවෙහි බැඳුන අයුරුද සුමුඛ හංස සෙන්පතියාගේ පිරිස් තුනෙහිම ඔහු නොදැක පෙරළා පැමිණීමද යන සියල්ල මහා හංස ජාතකයෙහි පෙනෙන්නේය. මෙහිද මහබෝසත් තෙමේ යෂ්ටි පුඩුවෙහි බැඳි මලපුඩුව බැඳි යෂ්ටියෙහි එල්බෙන්නේම බෙල්ල දිගහැර හංසයන් ගිය මග බලන්නේ එන්නා වූ සුමුඛ හංසයා දැක පැමිණි කල්හි ඔහු විමසන්නෙමියි සිතා ඔහු පැමිණි කල්හි ගාථා තුනක් කීවේය.
එතෙ හංසා පක්කමන්ති චක්කංගා භයමෙරිතා,
හරිත්තච හෙමවණ්ණං කාමං සුමුඛ පක්කම
හරිත්තච හෙමවණ්ණං කාමං සුමුඛ පක්කම
1. කොළ පාටැති සමක් ඇති රන්වන් වූ සුමුඛය, බියෙන් කම්පා වූ වක් වූ සොට ඇති මේ හංසයෝ ඉවත්ව යෙති. ඔබද ඒකාන්තයෙන් ඉවත්ව යව.
2. ඤාති සමූහයා පුඩුවට හසු වූ හුදකලා වූ මා අතහැර මා පිළිබඳව අපේක්ෂා නැත්තෝ යත්. හුදකලා වූ ඔබ කුමක් නිසා සමූහයෙන් වෙන් වී නවතිහිද?
3. පක්ෂි රාජය, (මරණය සඳහා) පුඩුවෙහි බැඳුනහු සමග යහළු බවක් නැත. ඉගිලී පැන ගියවුන් සමග පැන යන්න. නිදුක් බව පිණිස උත්සාහය අත් නොහරිව. සුමුඛය, උත්සාහය අත් නොහරින්න.
එහි භය මෙරිතා යනු බියෙන් කම්පා වූ, බියෙන් තැති ගත් බියෙන් සැළුණු. හරිත්තච හෙමවණ්ණ යන වචන දෙකින් ඔහුටම අමතයි. කාමං යනු රන්වන් සම් ඇත්ත. රන්වන් වූ තැනැත්ත. පියකරු මුහුණ ඇත්ත. ඒකාන්තයෙන් ඉවත්ව යා යුතුමය. මෙහි පැමිණීමෙන් ඔබට කවර ප්රයෝජනයක්දැයි කියයි. ඔහාය යනු මා අත්හැර පියඹා ගියෝය. අනපෙක්ඛමානා යනු ඒ මගේ නෑයෝ මා කෙරෙහි අපේක්ෂා රහිතවම යති. පතෙවා යනු පියඹා යයි. මා අනීඝාය යනු මෙයින් ඉවත්ව ගොස් ලද යුතු නිදුක් බව සඳහා උත්සාහය නො හරුව.
ඉක්බිති සුමුඛ තෙමේ මඩ මත හිඳ
4. ධතරට්ඨ නම් හංසය, මම දුකට පත් වූයේ යයි ඔබ අත් නොහරින්නෙමි. මාගේ ජීවත්වීම හෝ මරණය හෝ ඔබ සමගම වන්නේය යන ගාථාව කීවේය.
එහි දුක්ඛ පරිතො යනු මහරජතුමනි, ඔබ මරණ දුකට පත් වූයේය යන මෙපමණකින් මම ඔබ අත් නො හරිමි.