නිගමනකථා
මෙපමණකින්
1. ධම්මිස්සරෙන ජගතො ධම්මා ලොකවිධායිනා
ධම්මානං බොධනෙය්‍යානං ජානතා දෙසනාවිධිං
ධර්මයට අධිපති වූ, ලෝකයාට ධර්මාලෝකය සම්පාදනය කරන්නා වූ ධර්මය අවබෝධ කරන අයට දේශනා කරන විධිය දන්නා වූ.
2. තං තං නිදානමාගම්ම සබ්බලොකහිතෙසිනා
එකකාදිප්පභෙදෙන දෙසිතානි මහෙසිනා
සියලු ලෝකයාට හිතෛෂී වූ මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ නිදානයට පැමිණ ඒකකාදී වූ ප්‍රභේදයෙන් යුතුව.
3. දසුත්තරසතං ද්වෙ ච සුත්තානි ඉතිවුත්තකං
ඉතිවුත්තප්පභේදෙන සංගායිංසු මහෙසයො
4. ඡළභිඤ්ඤා වසිප්පත්තා පභින්න පටිසම්හිදා
යං තං සාසන ධොරය්හා ධම්මසංගාහකා පුරෙ
සූත්‍ර එකසිය දොළසක් වූ ඉතිවුත්තකය දේශනා කරන ලදී. ෂට් අභිඥාවන්ගේ බලවත් භාවයට පත් වූ ප්‍රතිපදා ප්‍රභේද ඇති ශාසන බර උසුලන්නා වූ ධර්මය සංග්‍රහ කළ මහාර්ෂී මහරහතන් වහන්සේලා පූර්වයේදී ඉතිවුත්තක යන භේදයෙන් සංගායනා කළාහුය.
5. තස්ස අත්‍ථං පකාසෙතුං පොරාණට්ඨ කථා නයං
නිස්සාය යා සමාරද්ධා අත්‍ථ සංවණ්ණනා මයා
පැරණි අට්ඨකථා න්‍යාය ඇසුරුකොට ඒ ඉතිවුත්තකයේ අර්ථය ප්‍රකාශ කරන්නට මා විසින් අර්ථ සංවර්ණනාවක් (අර්ථ පැහැදිලි කිරීමක්) ආරම්භ කරන ලද ද,
6. සා තත්‍ථ පරමත්‍ථානං සුත්තන්තෙසු යථාරහං
පකාසනා පරමත්‍ථදීපනී නාම නාමකො
7. සම්පත්තා පරිනිට්ඨානං අනාකුල විනිච්ඡයා
අට්ඨිංසප්පමාණාය පාළියා භාණවාරතො
සුදුසු පරිදි එහි සූත්‍රවල පරමාර්ථයන්ගේ නිරවුල් විනිශ්චය ඇති පාළියේ භණවර වශයෙන් තිස්අටක් පමණ වූ නමින් පරමත්‍ථදීපනී ඒ ප්‍රකාශනය නිමාවට පැමිණියාය.
8. ඉති තං සංඛරොන්තෙන යන්තං අධිගතං මයා
පුඤ්ඤං තස්සානුභාවෙන ලොකනාථස්ස සාසනං
මෙසේ එය සකස් කිරීමෙන් මා විසින් ලබන ලද යම් ඒ පිනක් වේද එහි ආනුභාවයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනයට
9. ඔගහෙත්‍වා විසුද්ධාය සීලාදිපටිපත්තියා
සබ්බෙපි පාණිනො හොන්තු විමුත්ති රස භාගිනො
විශුද්ධ වූ ශීලාදී ප්‍රතිපත්තියෙන් බැසගෙන සියලු ප්‍රාණීහු විමුක්ති රසයට කොටස්කරුවෝ වෙත්වා.
10. චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්බුද්ධසාසනං
තස්මිං සගාරවා නිච්චං හොන්තු සබ්බෙපි පාණිනො
සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයෙහි බොහෝ කල් පවතීවා. සියලු ප්‍රාණීහු නිතර එහි ගෞරව ඇත්තෝ වෙත්වා.
11. සම්මා වස්සතු කාලෙන දෙවොපි ජගතිප්පති
සද්ධම්ම නිරතො ලොකං ධම්මෙනෙව පසාසතු
සුදුසු කල්හි මනාව වැසි වසීවා. ලෝකයට අධිපති වූ සද්ධර්මයෙහි නිරත වූ දෙවි තෙමේ ද ධර්මයෙන්ම ලෝවැසියාට අනුශාසනා කෙරේවා.
මෙසේ බදරතීර්ථ විහාරවාසී වූ ආචාර්ය ධර්මපාල ස්ථවිරයන් විසින් කරන ලද
ඉතිවුත්තක අට්ඨකථාව නිමියේය.
ත්‍රිපිටකවේදී, අධ්‍යාපනවේදී, ශාස්ත්‍රපති යන උපාධිධර ගම්පහ-ඉඹුල්ගොඩ-පැරකුම්දෙණියේ ශ්‍රී වීරසිංහ පිරිවෙන් විහාරවාසී ඇස්වත්තේ රේවත ස්ථවිර වන ම විසින්
භදන්තාචාර්ය ධර්මපාල මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් විරචිත පාලි ඉතිවුත්තකට්ඨකථාවට කරන ලද සිංහල පරිවර්තනය සමාන්ත යි.