සම්මා දිට්ඨිය (මාර්ග ඥානයට) මුල් අවස්ථාවෙහි නානාක්ෂණිකව (නොයෙක් නොයෙක් අවස්ථාවල) වෙන වෙනම දුක් ආදිය අරමුණු වී මාර්ගය උපදින කාලයෙහි ඒක ක්ෂණිකව නිවනම අරමුණු කොට කෘත්‍ය වශයෙන් ‘දුක්ඛෙ ඤාණං = දුක පිළිබඳ ඤාණය’ ආදී වූ නම් සතර ලබයි. සම්මා සංකප්ප ආදිය ද මුල් අවස්ථාවෙහි නානා ක්ෂණිකය, නානා අරමුණු ඇත්තේය. මාර්ගය උපදින කාලයෙහි ඒකක්ෂණිකය. ඒකාරම්මණය. (එක් මොහොතක එක් අරමුණක පවතී.) ඒවා අතරින් සම්මා සංකප්පය කටයුතු වශයෙන් නෙක්ඛම්ම ආදී නම් තුනක් ලබයි. සම්මා වාචා ආදී (මාර්ගාංග) තුන මුල් අවස්ථාවෙහි බොරු කීමෙන් වැළකීම් ආදී බෙදීම්, විරති බවට ද චේතනා බවට ද පත්ව මාර්ග ක්ෂණයෙහි විරති බවටම පත්වේ. සම්මා වායාමය හා සම්මා සතිය කටයුතු වශයෙන් සම්මප්පධාන හා සතිපට්ඨාන වශයෙන් නම් හතරක් (සතර බැගින්) ලබයි. සම්මා සමාධිය වනාහි මාර්ගක්ෂණයෙහි ද ප්‍රථමධ්‍යානාදී වශයෙන් නොයෙක් ආකාර වෙයි. මෙසේ මුල් අවස්ථාවෙහි හා පසු අවස්ථාවෙහි පැවති බෙදීම් (විභාග) වශයෙන් ද
‘ඉධ භික්ඛු සම්මා දිට්ඨිං භාවෙති විවෙක නිස්සිතං’ මේ සසුනෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ සම්මා දිට්ඨිය වඩයි’ යනාදී වශයෙන් භාවනා විශේෂ (දැක්වීම්) වශයෙන් ද කියන ලද ආකාර ඇති සතිපට්ඨාන සම්මප්පධාන පැහැදිලි කරන ඤාණ ආදී අනන්ත අපරිමාණ භේද ඇති අන්‍යයන්ට පොදු නොවූ ප්‍රඥා විශේෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති. මෙසේ තථානි ආගතොති = තථාගතො, ඒ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
[missing trans]
[missing trans]
[missing trans]
[missing trans]
4. එසේ අවබෝධ කළහ යන අරුතින් කෙසේ තථාගත වෙත්ද?
භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ අභිජාතියක් - අභිසම්බෝධියක් - ධර්මවිනය පැනවීමක් - අනුපාදිසේස නිර්වාණ ධාතුවක් ඇද්ද ඒවා එසේය. කුමක් කියන ලද ද? ලෝකනාථයන් වහන්සේ විසින් ඒ පතන ලද පවත්වන ලද යම් අර්ථයක් (ප්‍රයෝජනයක්) ඇද්ද ඒ අර්ථය ඒකාන්තයෙන් සිදුවීමෙන් විරුද්ධ නොවීම් වශයෙන් නොවෙනස්ව එසේ පැවැත්මෙන් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. එය එසේමය. මේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්වයකු ලෙස සමතිසක් පාරමී පිරීම් ආදී කියන ලද ආකාර ඇති බුදුබවට අයත් සියලු හේතු සකස්කර තුසිත පුරයෙහි සිටිසේක් බුද්ධ කෝලාහලය අසා දසදහසක් සක්වල දෙවියන් එකට රැස්වී පැමිණ,