දෙවෙනි වර්ගය
1. විතර්ක සූත්ර වර්ණනාව
දෙවන වර්ගයෙහි පළමුවන සූත්රයෙහි තථාගතං භික්ඛවෙ යන මෙහි තථාගත ශබ්දය සත්ත්ව ව්යවහාර, සම්මා සම්බුද්ධ ආදියෙහි දක්නා ලැබේ. එය එසේමය. ‘හොති තථාගතො පරම්මරණා’ යනාදියෙහි සත්ත්ව ව්යවහාරයෙහි යෙදේ.
‘තථාගතං දෙවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු’
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු’
යනාදියෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි යෙදේ.
‘තථාගතං දෙවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු’
ධම්මං නමස්සාම සුවත්ථි හොතු’
යනාදියෙහි ධර්මයෙහි යෙදේ.
‘තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හොතු’
සංඝං නමස්සාම සුවත්ථි හොතු’
යනාදියෙහි සංඝයා කෙරෙහි යෙදේ.
මේ සූත්රයෙහි වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි යෙදේ. එහෙයින් ‘තථාගතං’ යන මෙහි කරුණු අටකින් භාග්යවතුන් වහන්සේ තථාගතයයි කියනු ලැබේ. කවර අටකින්ද?
1. තථා ආගතොති = තථාගතො
2. තථා ගතොති = තථාගතො
3. තථලක්ඛණං ආගතොති = තථාගතො
4. තථ ධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති = තථාගතො
5. තථ දස්සිතාය = තථාගතො
6. තථවාදිතාය = තථාගතො
7. තථා කාරිතාය = තථාගතො
8. අභිභවනට්ඨෙන = තථාගතො
1. තථා ආගතොති = තථාගතො
2. තථා ගතොති = තථාගතො
3. තථලක්ඛණං ආගතොති = තථාගතො
4. තථ ධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති = තථාගතො
5. තථ දස්සිතාය = තථාගතො
6. තථවාදිතාය = තථාගතො
7. තථා කාරිතාය = තථාගතො
8. අභිභවනට්ඨෙන = තථාගතො
1. භාග්යවතුන් වහන්සේ කෙසේ ‘එසේ ආ හෙයින් තථාගත නම් වෙත් ද?’
යම් ප්රාර්ථනාවකින් යම්සේ දාන පාරමිතාව පුරා සීල-නෙක්ඛම්ම-පඤ්ඤා-විරිය-බන්ති-සච්ච-අධිට්ඨාන-මෙත්තා-උපෙක්ඛා පාරමී පුරා මේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී යන සමතිසක් පාරමී පුරා ශරීර අවයව පරිත්යාග, ජීවිත පරිත්යාග, ධන පරිත්යාග, භාර්යාව පරිත්යාග, රාජ්ය පරිත්යාග යන මේ පංචමහා පරිත්යාග සිදු කොට විපස්සී ආදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම්සේ ආවාහු ද එසේ අපගේ භාග්යවතුන් වහන්සේ ද ආ හෙයින් තථාගත නම් වෙති. එය කියන ලද අයුරු මෙසේය.
යථෙව ලොකම්හි විපස්සි ආදයො
සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා
තථා අයං සක්යමුනීපි ආගතො
තථාගතො වුච්චති තෙන චක්ඛුමා
සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා
තථා අයං සක්යමුනීපි ආගතො
තථාගතො වුච්චති තෙන චක්ඛුමා
යම්සේ මේ ලෝකයෙහි විපස්සී ආදී මුනිවරු සර්වඥ බවට පැමිණියාහු ද එසේ මේ ශාක්ය මුනීන්ද්රයන් වහන්සේ ද සර්වඥ බවට පැමිණියාහුය. එහෙයින් නුවණ ඇස ඇති භාග්යවතුන් වහන්සේ තථාගත යයි කියනු ලැබේ.
මෙසේ එසේ ආ හෙයින් තථාගත නම් වෙති.
2. කෙසේ ‘එසේ ගිය හෙයින් තථාගත නම් වෙත් ද?’
යම්සේ උපන් කෙණෙහිම විපස්සී ආදී බුදුවරු සම වූ පාවලින් පොළොවෙහි පිහිටා උතුරු දෙසට මුහුණලා පියවර හතක් ගියාහුද එසේ අපගේ භාග්යවතුන් වහන්සේ ද ගියහෙයින් තථාගත නම් වෙති. එය කියනලද අයුරු මෙසේය.
මුහුත්තජාතොව ගවම්පතී යථා
සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං
සො වික්කමී සත්තපදානි ගොතමො
සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ
සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං
සො වික්කමී සත්තපදානි ගොතමො
සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ
ගෞතමයන් වහන්සේ උපන් කෙණෙහිම ශ්රේෂ්ඨ ගවයකු මෙන් සම වූ පාවලින් පොළව ස්පර්ශ කළාහුද, ඒ ගෞතමයන් වහන්සේ පියවර හතක් ගමන් කළහ. දෙවියෝ සේසත ද දැරූහ.
ගනත්වාන සො සත්තපදානි ගොතමො
දිසා විලොකෙසි සමා සමන්තතො
අට්ඨංගුපෙතං පෙතං ගිරමබ්භුදීරයී
සීහො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො
දිසා විලොකෙසි සමා සමන්තතො
අට්ඨංගුපෙතං පෙතං ගිරමබ්භුදීරයී
සීහො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො
ඒ ගෞතමයන් වහන්සේ සත් පියවරක් ගොස් හාත්පස දිශාවන් බැලූහ. පර්වත මුදුනක සිටි සිංහයකු සේ අංග අටකින් යුත් හඬ නැගුහ.
මෙසේ එසේ ගිය හෙයින් තථාගත නම් වෙති.
3.. කෙසේ තථ ලක්ෂණයට පැමිණි හෙයින් (තථ ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙත්ද?
සියලුම රූප අරූප ධර්මයන්ගේ සත්ය වූ නොවෙනස් වූ ඒ ලක්ෂණයට සාමාන්ය ලක්ෂණයට ඤාණ ගතියෙන් පැමිණි හෙයින් නොවැරදීම පැමිණි හෙයින් (ස්ව ලක්ෂණය, සාමාන්ය ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙති. එය කියන ලද අයුරු මෙසේය.
සබ්බෙසං පන ධම්මානං - සක සාමඤ්ඤ ලක්ඛණං
තථමෙවාගතො යස්මා - තස්මා නාථො තථාගතො
තථමෙවාගතො යස්මා - තස්මා නාථො තථාගතො
සියලු ධර්මයන්ගේ සත්ය වූම ස්වකීය හා සාමාන්ය ලක්ෂණයට පැමිණි හෙයින් නාථයන් වහන්සේ තථාගත නම් වෙති.
මෙසේ තථ ලක්ෂණයට පැමිණි හෙයින් (තථ ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙති.
4. කෙසේ තථ ධර්මයන් තත් වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙත් ද?
තථ ධර්ම නම් චතුරාර්ය සත්යයයි. එය මෙසේ වදාළහ. ‘චත්තාරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤථානි, කතමානි චත්තාරි? ඉදං දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං’ යනු විස්තරයයි. ඒවා භාග්යවතුන් වහන්සේ අවබෝධ කළහ. එහෙයින් තථ ධර්මයන් අවබෝධ කළ බැවින් තථාගත නම් වේ. මෙහි ගත ශබ්දය අවබෝධ කළ අර්ථය ඇත්තේය. මෙසේ තථ ධර්මයන් තත් වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
5. කෙසේ තථ දස්සිතාවෙන් තථාගත නම් වෙත් ද?
දෙවියන් සහිත වූ ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත අප්රමාණ වූ ලෝකධාතුවල අප්රමාණ වූ සත්ත්වයන්ගේ ඇස් දොර (චක්ඛුද්වාර) හමුවට එන යම් රූපාරම්මණයක් ඇද්ද, භාග්යවතුන් වහන්සේ එය සියලු ආකාරයෙන් දනිති. දකිති. මෙසේ දන්නා වූ දක්වා වූ උන්වහන්සේ විසින් එය ඉෂ්ටාදී වශයෙන් හෝ දිට්ඨ-සුත-මුත- විඤ්ඤාත අතුරෙන් ලැබෙන ආකාර වශයෙන් හෝ ඒ රූපායතන රූපය කවරේද යත්, යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්රතිඝ වූ නිල්ය කහය ආදී ක්රමයෙන් නොයෙක් නම්වලින් වාර දහතුනකින් හෝ ක්රම පනස් දෙකකින් හෝ බෙදනු ලබන්නේ එසේ වෙයි. වෙනත් අයුරකින් නොවේ. කන්දොර (සෝතද්වාර) ආදිය හමුවට එන ශබ්දාදියෙහිද මේ ක්රමයයි. එය භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
‘යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස -පෙ- සදෙව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි තමහං අබ්භඤ්ඤාසිං තං තථාගතස්ස විදිතං තං තථාගතො න උපට්ඨාසි’ ‘මහණෙනි, දෙවියන් සහිත -පෙ- දෙවිමිනිසුන් සහිත ප්රජාව විසින් යම් රූපායතනයක්, ශබ්දායතනයක්, ගන්ධායතනයක්, රසායතනයක්, පොට්ඨබ්බායතනයක් ධර්මායතනයක් ගන්නා ලද ද සොයාගන්නා ලදද සිතින් ලුහුබඳනා ලද ද ඒ හැම මම දැනගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේ විසින් දන්නා ලදී. ඒ හැම තථාගතයන් වහන්සේ සදොර අරමුණු කරා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැද නොගත්හ.
මෙසේ තථදස්සිතාවෙන් තථාගත නම් වෙති. එහි තථදස්සී අර්ථයෙහි තථාගත යන පදයේ හටගැන්ම දතයුතුය.
6. කෙසේ තථවාදිතාවෙන් තථාගත නම් වෙත් ද?
භාග්යවතුන් වහන්සේ යම් රාත්රියක අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළාහුද යම් රාත්රියක අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක් ද මේ අතර හතළිස් පස් අවුරුද්දක් පමණ කාලයෙහි භාග්යවතුන් වහන්සේ විසින් සුත්ත ගෙය්ය ආදී වශයෙන් යමක් දේශනා කරන ලද ද ඒ සියල්ල පිරිසිදුය, පිරිපුන්ය, රාග මද නැති කිරීමෙන් එක සමානය, සත්යය, අසත්යය නොවේ. එහෙයින් -