8. ප්රථම ජනකුහන සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි නයිදං යන මෙහි ‘න’ යනු ප්රතික්ෂේප කිරිමෙහි නිපාතය යි. එයට (න කාරයට) ‘වුස්සති’ යන මේ පදයෙන් සම්බන්ධය ඇතිවෙයි. ‘ය’ කාරය පද සන්ධි කරයි. ‘ඉදං’ ශබ්දය ‘එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ’ ‘මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාසය කරමි’ යනාදියෙහි (එකං-ඉදං-අහං) නිපාත මාත්රයකි. ‘ඉදං ඛො තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං’ ‘මහණනි, (තථාගතයන්ගේ ගුණ කියන පෘථග්ජන තෙමේ යමකින් එය කියන්නේ නම්) මේ (ඔහු කියන) ඒ ගුණය මද වූ සුළු වූ සිල් පමණක්ම වූ එකකි’ යනාදියෙහි කියන ලද පරිදි ආසන්න ප්රත්යක්ෂයෙහි ආයේය.
‘ඉදං හි තං ජෙතවනං ඉසිසංඝ නිසෙවිතං
ආවුත්ථං ධම්ම රාජෙන පීති සංජනනං මම’
ආවුත්ථං ධම්ම රාජෙන පීති සංජනනං මම’
‘භික්ෂු සමූහය විසින් නිතර ඇසුරු කරන ලද ධර්මරාජයන් වූ බුදුරජාණන් වහන්සේ විසින් වාසය කරනලද ඒ මේ ජේතවනය මට ප්රීතිය උපදවන්නේමය’
යනාදියෙහි කියන්නා වූ ආසන්න ප්රත්යක්ෂයෙහි ආයේය. මෙහි ද කියන්නා වූ ම ආසන්න ප්රත්යක්ෂයෙහි යයි දතයුතුය.
බ්රහ්මචරිය ශබ්දය :
1. කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං
කිස්ස සුචින්නස්ස අයං විපාකො
ඉද්ධී ජුතීබලවිරියුප්පත්තී
අක්ඛාහි මෙ නාග මහාවිමානං
කිස්ස සුචින්නස්ස අයං විපාකො
ඉද්ධී ජුතීබලවිරියුප්පත්තී
අක්ඛාහි මෙ නාග මහාවිමානං
නාරජතුමනි, පෙර භවයෙහි කවර ව්රතයක් පුරුදු කළේ ද? කිනම් බ්රහ්මචර්යාවක් පුරුදු කළේ ද? මෙය කවර කර්මයක විපාකයක් ද? නාග සෘද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නා ලොව උපතද මේ මහා විමානය ද කෙසේ ලද්දේ ද?
අහඤ්ච භරියා ච මනුස්සලොකෙ
සද්ධා උභො දානපතී අහුම්හ
ඔපානභූතං මෙ ඝරං තදාසි
සන්තප්පිතා සමණ බ්රාහ්මණා ච
සද්ධා උභො දානපතී අහුම්හ
ඔපානභූතං මෙ ඝරං තදාසි
සන්තප්පිතා සමණ බ්රාහ්මණා ච
පඬිතුමනි, පෙර මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද යන්න අපි දෙදෙනා ශ්රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝ ද තෘප්තියට පත්කරන ලද්දෝය.
තම්මෙවතං තං පන බ්රහ්මචරියං
තස්ස සුචින්නස්ස අයං විපාකො
ඉද්ධී ජුතීබල විරියුප්පත්ති
ඉදඤ්ච ධීර මහා විමානං
තස්ස සුචින්නස්ස අයං විපාකො
ඉද්ධී ජුතීබල විරියුප්පත්ති
ඉදඤ්ච ධීර මහා විමානං
පඬිතුමනි, එය මගේ ව්රත සමාදානයයි. එය මගේ බඹසරය. මනාසේ පුහුණු කළ කුශල කර්මයන් නිසා නාග ඍද්ධිය, නාග තේජස, නාග බලය කායික චෛතසික වීරිය නාලොව උපත සහ මාගේ මහා විමානය ද යන මේවා ලදිමි.
මේ පුණ්ණක (විධුර) ජාතකයෙහි දානයෙහි ආයේය.
2. කෙන පානි කාමද්දො - කෙන පානි මධුස්සවො
කෙන තෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
කෙන තෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
කුමන පුණ්ය කර්මය හේතුවෙන් ඔබගේ අත කැමති සම්පත් දෙන්නේ වේද? කුමන හේතුවෙන් ඔබගේ අත කැමති වස්තු වගුරුවන්නේ වේද? ඔබගේ කුමන උතුම් හැසිරිමක හේතුවෙන් ඔබ අතෙහි පින්ඵල පහළ වේද?
තෙන පානි කාමද්දො - තෙන පානි මධුස්සවො
තෙන මෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
තෙන මෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
ඒ පුණ්ය කර්මය හේතුවෙන් මගේ අත කැමති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුවෙන් මගේ අත කැමති වස්තු වගුරුවන්නේ වෙයි. මාගේ ඒ උතුම් හැසිරීම හේතුවෙන් මා අතෙහි පින්ඵල පහළ වෙයි.
මේ අංකුර ප්රේත වස්තුවෙහි වතාවත් කිරීමෙහි ආයේය.
3. ඉදං ඛො තං භික්ඛවෙ තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසි ‘මහණෙනි, ඒ මේ තිත්තිරිය නම් වූ බ්රහ්මචර්යාවක් විය’ යනුවෙන් මේ තිත්තිර ජාතකයෙහි පන්සිල්හි ආයේය.
4. තං ඛො පන පඤ්චසිඛ බ්රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගය - පෙ- යාවදෙව බ්රහ්මලොකූප්පත්තියා පංචසිඛ ඒ බ්රහ්මචර්යාව කළකිරීම පිණිස නොවේම ය, නො ඇලීම පිණිස නොවේම ය. බඹලොව ඉපදීම පිණිස ම පවතී යනුවෙන් මේ මහා ගෝවින්ද සූත්රයෙහි බ්රහ්ම විහාරයෙහි ආයේය.
5. පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති මයමෙත්ථ බ්රහ්මචාරිනො භවිස්සාම’ අන්යයෝ බඹසර නොහැසිරෙන්නෝ වන්නාහුය. අපි මෙහි බඹසර හැසිරෙන්නෝ වන්නෙමු’ යනුවෙන් සල්ලේඛ සූත්රයෙහි මෛථුනයෙන් වැළකීමෙහි ආයේය.
6. මයඤ්ච භරියා නාතික්කමාම
අම්හෙ ච භරියා නාතික්කමන්ති
අඤ්ඤත්ර තාහි ච බ්රහ්මචරියං චරාම
තස්මා හි අම්හං දහරා න මීයරෙ
අම්හෙ ච භරියා නාතික්කමන්ති
අඤ්ඤත්ර තාහි ච බ්රහ්මචරියං චරාම
තස්මා හි අම්හං දහරා න මීයරෙ
අපි ද භාර්යාවන් ඉක්මවා නොයම්හ. භාර්යාවෝ ද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අනෙක් ස්ත්රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නොමැරෙති.
යනුවෙන් මහා ධම්මපාල ජාතකයෙහි තම බිරිඳගෙන් සතුටු වීමෙහි (සදාර සන්තොසයෙහි) ආයේය.
7. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත චතුරංගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා තපස්සී සුදං හොමි ‘ශාරිපුත්රය, මම අංග සතරකින් යුක්ත වූ බඹසර හැසිරුනෙමි යි දනිමි. තපස් ඇත්තෙම් වෙමි.’ යනුවෙන් ලෝමහංස (මහාසීහනාද) සූත්රයෙහි වීර්යයෙහි ආයේය.
8. හීනෙන බ්රහ්මචරියෙන බත්තියෙ උපපජ්ජති
මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
‘හීන වූ බ්රහ්මචර්යාවෙන් ක්ෂත්රියයන් කෙරෙහි උපදී. මධ්යම වූ බ්රහ්මචර්යාවෙන් දේවත්වයට එළඹේ. උතුම් බ්රහ්මචරියාවෙන් විශුද්ධියට පැමිණේ’
යනුවෙන් නිමි ජාතකයෙහි ආත්මදමන වශයෙන් කළ අංග අටකින් යුත් උපෝසථයෙහි ආයේය.
9. ඉදං ඛො පන පඤ්චසිඛ බ්රහ්මචරියං එකන්ත නිබ්බිදාය -පෙ- අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො ‘පංචසිඛ, මේ බඹසර වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස - පෙ- මේ අරිඅටඟ මගමය.’ යනුවෙන් මහාගෝවින්ද සූත්රයෙහි ආර්ය මාර්ගයෙහි ආයේය.
10. තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙ ව ඵිතඤ්ච විත්ථාරිකං බහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං ‘ඒ මේ බඹසර සමෘද්ධ ද, වෘද්ධියට පැමිණියේ ද, පැතිර ගියේ ද බොහෝදෙනා විසින් දන්නා ලද්දේ ද, පළල් වූයේ ද, නුවණැති සියලු දෙවි මිනිසුන් අතර මැනවින් ප්රකට වූයේ ද යනුවෙන් පාසාදික සූත්රයෙහි ශික්ෂා තුන ඇතුළත් වූ සියලු ශාසනයෙහි ආයේය. මෙහි ද ආර්ය මාර්ගයෙහි ද ශාසනයෙහි ද යන අර්ථවල පවතී.