නිදාන වර්ණනාව
‘වුත්තං හෙතං භගවතා’ යනාදිය නිදානය යි. ‘එකධම්මං භික්‍ඛවෙ පජහථ’ යනාදිය සූත්‍රය යි. එහි වුත්තං භගවතා යනාදිය නාමපදය. ඉති යනු නිපාත පදය යි. පජහථ යන මෙහි ‘ප’ යනු උපසර්ග පදය යි. ‘ජහථ’ යනු ආඛ්‍යාත පදයයි, මේ ක්‍රමයෙන් සැමතැන පද විභාගය දතයුතුය.
අර්ථ වශයෙන් පළමු කොට වුත්ත ශබ්දය උපසර්ග ඇතිව ද උපසර්ග නැතිව ද බීජ වැපිරීමෙහි, වැපිරූ බිම සම කිරීමෙහි, කෙස් කැපීමෙහි, ජීවිත පැවැත්මෙහි, බන්ධනයෙන් මිදීමෙහි, බුද්ධ වචන වශයෙන් පැවැත්මෙහි, ඉල්ලා සිටීමෙහි (අජ්ඣෙනෙ) කීමෙහි යන මේ ආදියෙහි දක්නට ලැබේ. එය එසේම යි.
ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති
වුත්තානං ඵලමස්නාති යො මිත්තානං න දූභතී’ති
මිත්‍රයන්ට එරෙහි නොවන තැනැත්තාගේ ගවයෝ බොහෝ වෙති. කෙතෙහි වැපිරූ දෙය වැඩෙයි. ඒ ධාන්‍යඵල (අස්වන්න) අනුභව කරයි.
ආදියෙහි වැපිරීමෙහි ආයේය. ‘නො ච ඛො පටිවුත්තං’ ආදියෙහි අට්ඨදන්තක ආදී උපකරණවලින් වැපිරූ බිම සම කිරීමෙහි ආයේය. ‘කාපඨිකො මානවො දහරො වුත්තසිරො’ ආදියෙහි කෙස් කැපීමෙහි ආයේය. ‘පණ්ණලොමො පරදවුත්තො මිගභූතෙන චෙතසා විහරති’ ආදියෙහි ජීවිත පැවැත්මෙහි ආයේය. ‘සෙය්‍යථාපි නාම පණ්ඩුපලාසො බන්‍ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය’ ආදියෙහි බන්‍ධනයෙන් මිදීමෙහි ආයේය. ‘යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං’ ආදියෙහි බුද්ධවචන වශයෙන් පැවැත්මෙහි ආයේය. ලෝකයෙහි වනාහි (ලෝක ව්‍යවහාරයෙහි) ‘වුත්තො ගණො වුත්තො පාරායනො’ ආදියෙහි ඉල්ලා සිටීමෙහි ආයේය. ‘වුත්තං ඛො පනෙතං භගවතා ධම්මදායාදා මෙ භික්‍ඛවෙ භවථ මා ආමිසදායාදා’ ආදියෙහි කීමෙහි ආයේය. මෙහි ද ‘කීමෙහි’ දතයුතුය. එහෙයින් (වුත්තං, කථිතං, භාසිතං =) කියන ලද යන අර්ථයි.
දෙවන ‘වුත්ත’ ශබ්දය වචනයෙහි ද පුරුදුකරන ලද බවෙහි ද දතයුතුය. හි යනු ඒකාන්තයෙන් ව්‍යක්ත (දක්ෂ) යන මේ අර්ථයෙහි නිපාතයකි. ඒ ‘හි’ නිපාතය දැන් කියනු ලබන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂ (අර්ථවත්) ලෙස කියන ලද බව ප්‍රකට කරයි. වචනවලින් කියන ශබ්දය (අර්ථය) තීරණය කිරීමෙහි යෙදුණු නිපාත, ඒවායින් කිවයුතු අර්ථය ප්‍රකට කරයි. එතං යනු මේ එත ශබ්දය
යො ච බුද්ධං ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො
චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති
යමෙක් බුදුරජාණන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ ගියේ වේ නම් සතර ආර්ය සත්‍ය මනාව විදසුන් නුවණැසින් දකින්නේ නම්
දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්චට්ඨංගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං
දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක් සන්සිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ග සත්‍යයත් මනාව විදසුන් නුවණැසින් දකින්නේ නම්,
එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති
මේ සරණය නිර්භයය. මේ සරණය උතුම්ය. මේ සරණයට පැමිණ සියලු දුකින් මිදෙන්නේය
යන ආදියෙහි කියන ලද ආකාර ඇති ආසන්න ප්‍රතිපක්‍ෂයෙහි ආයේය.
‘අප්පමත්තකං ඛො පනෙතං භික්‍ඛවෙ ඔරමත්තකං සීලමත්තකං යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය’ ‘මහණෙනි, තථාගතයන් වහන්සේගේ ගුණ කියන පෘථග්ජන (පුහුදුන්) පුද්ගලයා යම් ගුණයක් කරණකොට කියන්නේ නම් ඒ ගුණය අල්පමාත්‍ර එකකි. ස්වල්පමාත්‍ර එකකි. ආචාරශීලමාත්‍ර එකකි’ යනාදියෙහි කියනු ලබන ආසන්න ප්‍රත්‍යක්‍ෂයෙහි යෙදේ. මෙහි ද කියනු ලබන ආසන්න ප්‍රත්‍යක්‍ෂයෙහිය යි දතයුතුය. සංගායනා වශයෙන් කියන්නා වූ සූත්‍රය ධර්මභාණ්ඩාගාරික (ආනන්ද) ස්ථවිරයන් වහන්සේ විසින් බුද්ධියෙහි තබා එකල්හි එතං යනුවෙන් කියන ලදී.
භගවතා යන මෙහි ‘භගවා’ යනු ගරු වචනයකි. ‘ගරු’ යන පදය ලෝකයෙහි ‘භගවා’ යයි කියති. තථාගතයන් වහන්සේ සියලු ගුණවලින් විශිෂ්ට (උතුම්) හෙයින් සත්ත්වයන්ගේ ගරුකළයුත්තා වෙති. එහෙයින් භගවා යයි දතයුතුය. පැරැන්නන් විසින් ද මෙසේ කියන ලදී.
භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං
ගරුගාරවයුත්තො සො භගවා තෙන වුච්චති
භගවා යන වචනය ශ්‍රේෂ්ඨය. භගවා යන වචනය උතුම්ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ගරුය, ගෞරවයෙන් යුක්තය. එහෙයින් භගවා යයි කියනු ලැබේ.
ශ්‍රේෂ්ඨවාචක (උතුම් බව කියන්නා වූ) වචනය ශ්‍රේෂ්ඨ ගුණ සමග හැසිරෙන බැවින් ශ්‍රේෂ්ඨ යයි කියන ලදී. නැතහොත් ‘කියනු ලැබේ’ යන අරුතින් වචනය නම් වේ. එනම් අර්ථය යි. එහෙයින් ‘භගවා’ යන වචනය ශ්‍රේෂ්ඨයි. භගවා යන මේ වචනයෙන් කිවයුතු යම් අර්ථයක් වේද, එය ශ්‍රේෂ්ඨ යන අර්ථය යි. ‘භගවාති වචනමුත්තමං’ යන මෙහිද මේ ක්‍රමයමයි. ‘ගාරව යුත්තො’ යනු ගරු කළයුතු බවෙන් යුක්ත වූ, ගරුකළයුතු ගුණයෙන් යෙදුණු හෙයින් ගරුකිරීමට හෝ අතිශයින් ගරු කිරීමට සුදුසුය යන අරුතින් ගාරවයුත්ත නම් වේ. ගෞරවයට සුදුසුය යන අර්ථයයි. මෙසේ ගුණයෙන් විශිෂ්ට, සත්ත්වයන්ට උතුම්, ගරු, ගෞරව කළයුතු යන මේ වචන ‘භගවා’ යන්නට යෙදෙන වචනය. තවද,
භගී භජී විභත්තවා ඉති
අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා
බහූහි ඤායෙහි සුභාවිතත්තනො
භවන්තගො සො භගවාති වුච්චති
යනුවෙන් සො ගරු 1. භගී ඉති 2. භජී ඉති 3. භාගී ඉති 4. විභත්තවා ඉති 5. භග්ගං අකාසි ඉති 6. භාග්‍යවා ඉති 7. බහූහි ඤායෙහි සුභාවිතත්තනො ඉති 8. භවන්තගො ඉති ‘භගවා’ ඉති වුච්චති
ඒ තුන්ලොවට ගුරු වූ බුදුරජාණන් වහන්සේ
1. සම්පත් ආදී භේද ඇති භග ධර්ම ඇත්තේය යන අරුතින්ද
2. දුර සෙනසුන් ආදිය ඇසුරු කළේය යන අරුතින් ද
3. අර්ථ, ධර්ම, විමුක්ති, රස භාග ඇත්තේය යන අරුතින් ද
4. ලෞකික ලෝකෝත්තර ධර්ම විභාග කළේය යන අරුතින් ද
5. රාගාදිය බිඳදැමීම කළේය යන අරුතින් ද
6. භාග්‍ය ඇත්තේය යන අරුතින් ද
7. නොයෙක් භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇත්තේය යන අරුතින් ද
8. භවයෙහි අන්තයට ගියේය යන අරුතින්ද භගවා යයි කියනු ලැබේ.
යනුවෙන් නිරදේශයෙහි (නිද්දෙස අටුවාවෙහි) ආවා වූ ක්‍රමයෙන් ද
භාග්‍යවා - භග්ගවා යුත්තො භගෙහි ච විභත්ත වා
භත්තවා - වන්තගමනො භවෙසු භගවා තතො
1. භාග්‍ය ඇත්තේය යන අරුතින් ද
2. කෙලෙස් බින්දේය යන අරුතින් ද
3. සම්පත් ඇත්තේය යන අරුතින් ද
4. සියලු ධර්මයන් බෙදුවේය යන අරුතින් ද
5. දිව්‍ය-බ්‍රහ්ම-ආර්ය යන විහරණ ඇසුරු කළේය යන අරුතින් ද
6. භවත්‍රයෙහි වමනය කළ තෘෂ්ණා ගමන් ඇත්තේය යන අරුතින්ද
භගවා නම් වේ.
මෙසේ මේ ගාථාවෙහි එන කරුණු වශයෙන් ද භගවා යන පදයට අරුත් කිවයුතුය. ඒ මේ අර්ථය වනාහි සියලු ආකාරයෙන් විසුද්ධි මග්ගයෙහි බුද්ධානුස්සති නිද්දේසයෙහි කියන ලද්දේය. එහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.