9. මහා ප්‍රජාපතී ගෞතමිය පිළිබඳ වූ කථා පුවත
“යස්ස කායෙ නාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මහා ප්‍රජාපතී ගෞතමිය නිමිති කරගෙන දේශනා කළහ.
බුදුවරුන් විසින් නම් හේතුවක් නොමැතිව පනවන ලද වස්තුවක් නැත. මෙසේ තිබීය දී පනවන ලද අට්ඨ ගරු ධර්ම නොයෙක් විධියෙන් අලංකාර වූ මිනිසෙක් දිව්‍ය මල්දමක් සිරසිත් දරාගන්නා ලෙසට පිළිගෙන පිරිවර සහිත මහාප්‍රජාපතී ගෞතමිය උපසම්පදාව ලැබුවාය. අනෙක් උපාධ්‍යාය කෙනෙක් හෝ ආචාර්ය කෙනෙක් ඇයට නැත. මෙසේ ලබන ලද උපසම්පදාව ඇති තෙරණියන් පිළිබඳව පසු කාලයේ දී කථාවක් ඇති කළහ. මහාප්‍රජාපතී ගෞතමියට ආචාර්ය උපාධ්‍යාය කෙනෙක් නැත. සියතින් කසාවත් හැඳ ගත්තාය. මෙසේ ද කියා භික්ෂුණීන් කුකුස් ඇති කරගෙන ඇය සමග උපෝසථ නොකළහ. පවාරණය නොකළහ. ඒ භික්‍ෂූන් ගොස් තථාගතයන් වහන්සේටද මේ කරුණ ප්‍රකාශ කළහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා මවිසින් විසින් මහාප්‍රජාපතී ගෞතමියට අෂ්ට ගරු ධර්ම දෙන ලදී ඇගේ ගුරුවරයාත් උපාධ්‍යාවරයාත් මමයි කාය දුශ්චරිත ආදියෙන් වෙන්වූ රහතුන්ට සැක නොකළ යුතුය.
කය වදන මනසින්
දුරාචාරය නැති අය
සකස් වුනු තුන් දොර
අයම බමුණෝ වෙතී නි තැනින්
යමෙකු ගේ කයින් වචනයෙන් මනසින් දුෂ්කෘතයක් අකුසලයක් නැත්ද සිත කය වචනය යන තිදොරින් සංවර වේද ඔහු බ්‍රාහ්මණ යනුවෙන් හැදින්වේ.
තත්ථ දුක්කතන්ති එහි වරද සහිත දුක් ඇතිකරන අපායගාමීකම තීහිඨානෙහි කාය ආදී තිදොරින් කරන කාය දුශ්චරිතාදිය වැළැක්වීම පිණිස තිදොර වසන ලද, තැනැත්තා තංබ්‍රොභමණං ඔහු බ්‍රාහ්මණයෙකැයි කියමි. යන අර්ථයි
දේශනය අවසානයේ දී බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.
10. සාරිපුත්ත තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“යමහා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැරියුත් තෙරුන් වනාහි අස්සජි තෙරුන් ළඟ ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ කාලයේ සිට යම් දිසාවක තෙරුන් වාසය කරයිද එම දිසාවට ඇඳිලි බැඳ ඒ සිටින දිසාවට වැඳ නිදා ගනිති. භික්ෂූන් සැරියුත් තෙරුන් මිථ්‍යාදෘෂ්ටිකය. අදත් දිසා නමස්කාර කරමින් සිටිති. මේ කරුණ බුදුන්ට දක්වා සිටියහ. බුදුරදුන් සැරියුත් තෙරුන් කැඳවා සාරිපුත්ත ඔබ දිසා නමදිමින් සිටින්නේ යයි යන කරුණ සැබෑදැයි විමසුහ. සැරියුත් තෙරණුවෝ ස්වාමීනි මම දිසා නමස්කාර කිරීම හෝ නොකිරිම ඔබ වහන්සේම දන්නේය. මෙය පැවසූ විට බුදුරදුන් මහණෙනි සාරිපුත්ත දිසා නමස්කාරය කරයි. අස්සජි තෙරුන්ගේ බණ අසා සෝවාන් වීම සිදුවූ තැන් සිට එම ආචාර්වරයාට නමස්කාර කරයි. යමෙක් ආචාර්යන් නිසා ධර්මය උගනේද එනිසා බ්‍රාහ්මණයෙක් ගිණි පුජා කරන ලෙසට ආචාර්යවරයා සකසා වැදිය යුතුය. පවසා මේ ගාථාව දේශනා කළහ.
බුදුන් දෙසු දම් පද
යමෙක් මැනවින් දන්නෙද
නැමදිය යුතුය ඔහු
හෝම අන්නිය පුදන්නකු සේ.
යම් කෙනෙකුගෙන් බුද්ධ දේශිත ධර්මය දැනගත්තේද? ගිහි පුදන බ්‍රාහ්මණයෙක් ලෙසට ඒ ආචාර්යවරයාට සකසා වදින්න.
තත්ථ අග්ගිහුත්තං වාති - යනු යම් සේ බ්‍රාහ්මණයෙක් ගිනි පූජාව මැනවින් පිරිවරා කරයි ද බිලි කර්ම කරයි ද එලෙස යම යම් ආචාර්යවරයකුගෙන් සම්බුද්ධ දේශිත ධර්මය දැන ගත්තේද ඒ ධර්මය උගැන් වූ ගුරුවරයාට නමස්කාර කරන්න - යන අර්ථය
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියෙහි පිහිටියාහුය.
11. ජටිල බ්‍රාහ්මණයාගේ කථා පුවත
නජටා භීති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක් ජටිල බ්‍රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ ජටිල බ්‍රාහ්මණයා මව් පාර්ශ්වයෙන් ද පිය පාර්ශ්වයෙන් ද සුජාත වූ බ්‍රාහ්මණ කුලයක උපන් කෙනෙකි. ඉදින් භවත් ගෞතමයන් තම ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ යනුවෙන් අමතයි. මම ද එලෙස ඇමතීමට සුදුසුයයි සිතා බුදුන් වෙත ගොස් මේ කරුණ පිළිබඳව විමසුවේය. අනතුරුව තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය මම ජටා දැරූ පමණින් හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙක් වේයි නොකියමි. අවබෝධ කරගත් සත්‍ය ධර්මය ඇති නිසා බ්‍රාහ්මණ යයි කියමි.
හිස බැඳි ජටා වෙන්
දෑ කුල ගොත් නිසාවෙන්
බමුණෙක් නොවන්නේ
ඇත්ත හා බුදු දහම නැත්නම්
ජටාවෙන් ගෝත්‍රයෙන් ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. යමෙක් කෙරෙහි සත්‍යය ද ධර්මය ද අවබෝධ කරගෙන තිබේනම් ඔහු පිරිසිදුය ඔහු බ්‍රාහ්මණයෙකි.
එහි සචචං - යම් පුද්ගලයකු කෙරෙහි චතුරාර්ය සත්‍යය සොළොස් ආකාරයකින් අවබෝධ කරගෙන ඇත්තේද සත්‍ය ඤාණය මෙන්ම නව විධ ලෝකෝත්තර ධර්මය ද අවබෝධ කරගෙන තිබේ නම් ඔහු පිරිසිදුය. ඔහු බ්‍රාහ්මණයෙකි.
දේශනය අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.
12. එකොළොස් වැනි වූ කුහක බ්‍රාහ්මණයා පිළිබඳ කථා පුවත
“කින්තෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ සිටිය දී එක් වවුල් වත පිරූ කුහක බමුණෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මේ බමුණා විශාලාවේ නගර දොරටුවේ එක් කුඹුක් ගසකට නැග දෙපාවලින් අතුවල එල්ලී ගස යටට එබෙන ශරිර ඇතිවැ හිස පහළට තබා ගෙන එල්ලෙමින් කිඹුල්වත් පුර ගම් සියයක් දෙන්න. කහවණු දෙන්න. පිරිවර දෙන්න නොදෙන්නේනම් මෙයින් වැටී මැරි නුවර පාළු කරමියි කියයි. බුදුරදුන් ද භික්ෂු සංඝයා පිරිවරා නුවරට ඇතුළුවන විට භික්ෂූන් එම බමුණා දැක නික්මී යන විටද එසේම එල්ලී සිටිනු දක්නට ලැබුනි. නාගරිකයෝද මොහු අද අළුයම සිට මෙසේ එල්ලී සිටිමින් මේවා නොදෙන්නේ නම් වැටී මැරෙමි කියයි. නුවර විනාශ කරමියි කියයි. එසේ මළ හොත් නගරය විනාශ වේ යයි නගරය බියෙන් ඔහු ඉල්ලන සියළු දේ දෙමුයි සාකච්ඡා කොට දුන්හ. ඔහු ගසෙන් බැස ඒ සියල්ල ගෙන පිටත්ව ගියේය. භික්ෂූන් වහන්සේලා විහාරය අසල ඔහු දෙනක් ලෙසට හැසිරී යනු දැක හඳුනා ගෙන බ්‍රාහ්මණය ඔබ කැමති දේ ලැබුනේදැයි විමසා - එසේය ලැබුනේ යයි පැවසුවේය. මෙය අසා විහාරය තුළට ගොස් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. මහණෙනි මොහු දැන් පමණක් නොව පෙරද කුහකයෙකි. සොරෙකියි පවසා දැන් අනුවන ජනයන් රවටයි. එදා නුවනැත්තන් වංචා කිරීමට නො හැකි වීයයි පවසා භික්ෂූන් විසින් විමසන ලදුව අතීත කථාව ගෙන හැර දැක්වුහ.