34. ජටිල සිටුවරයා පිළිබඳ කථා පුවත
“යොධ තණහං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී ජෝතිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
මේ එහි පිළිවෙළ කථාවයි. පෙර බරණැස් නුවර සහෝදරවරු දෙදෙනෙක් මහත් උක් කුඹුරක් කළාහුය. අනතුරුව බාල සහෝදරයා උක් කුඹුරට ගොස් එකක් වැඩිමල් සහෝදරයාට දෙන්නෙමි. එකක් මටයයි සිතා උක්ගස් දෙකක් ගෙන රසය බැහැර නොයනු සඳහා කැපු තැන් බැඳ ගත්තේය. ඒ කාලයේදී උක්ගස් යන්ත්‍රයෙන් මැඩීමක් නැත. අග හෝ මුල සිඳීමෙන් පෙරහනෙන් දිය වැගිරෙන ලෙසට පැණි වැගිරේ.
මොහු කුඹුරෙන් උක් ගස් ගෙන ආපසු එන අවස්ථාවේ දී - ගන්ධමාදන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිට අද කාටනම් අනුග්‍රහ කරමිදැයි විමසා බලන්නේ මේ සොහොයුරු තම ඤාණ ජාලයට හසුවිය. සංග්‍රහ කිරීමට සමර්ථ භාවය දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් පැමිණ ඔහු ඉදිරියේ සිටියහ. බාල සොහොයුරු බුදුරජාණන් වහන්සේ දැක පැහැදුන සිත් ඇතිව උතුරු සළුව උස් වූ බිම් පෙදෙසක අතුරා ස්වාමීනි මෙහි වාඩි වන්නැයි පසේ බුදුන් වාඩි කරවා පාත්‍රය එළවන්නැයි ඉල්ලා උක් ගසේ බැමිලිහීය උග් ගසින් පැණි වැගිරි පාත්‍රයට වැටුනි. පසේ බුදුන් උල්පැණි පානය කළහ. ස්වාමීනි ඔබවහන්සේ උක්රස පානය කිරීම යහපති ඉදින් මගේ වැඩිමල් සොහොයුරා ද උග්ගස දුන්විට ඔහුද දන් දෙනු ඇතැයි සිතා ස්වාමීනි පාත්‍රය මේ දෙසට යොමුකරණු මැනව දෙවනුව ද උග්ගසේ බැඳ තුබු තැන ලිහා රසය පාත්‍රයට පෙරෙන්නට හැරියේය. පළමු උග්ගසේ පැණි වැළදු නිසා දෙවැනි උග්ගසේ පැණි පාත්‍රයේ පුරවා අනෙක් අය හා බෙදා ගැනීමට වාඩිවී සිටියහ. ඔහු බුදුන්ගේ ආකාරය දැනගෙන පසඟ පිහිටුවා වැද ස්වාමීනි මම දෙන ලද අග්ග රසය නිසා නිසැකවම මේ විපාකයෙන් දෙමිනිස් සම්පත් අනුභව කොට කෙළවර ඔබ විසින් පැතූ සම්පත් පැමිණෙන්නේ යයි ප්‍රාර්ථනා තැබුහ පසේ බුදුන්ද එසේ වේවායි පවසා ඉවජිතං පත්ථිතං ආදී දෙගාථාවෙන් අනුමෝදනා කර ඔහු ප්‍රාර්ථනා කරන ලෙසට අදිටන් කර අහසින් ගන්ධමාදන පර්වතයට වැඩම කරවා පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලාට එම රසය දුන්හ.
ඔහු මේ ප්‍රතිභාර්යය දැක සහෝදරයා ළඟට ගිය කල්හි කොහි ගියේ දැයි විමසු විට උක් කුඹුර බලන්ට යයි පැවසූ විට ඔබ වැනි කෙනෙකුන් කුඹුර බැලීමට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද එකක් හෝ දෙකක් ගෙන ආයුතු නො වන්නේද? සහෝදරයා පැවසු විට එය සොහොයුර මවිසින් උක්ගස් දෙකක් ගෙන ආමි. එකක් පසේ බුදුන් දැක රස දන් දුනිමි. කිම මුලින් ද අගින් ද රස දුන්නේ පසේ බුදුරදුන් කුමක් කළාහුද මගේ උක්ගසේ රසය පානය කර ඔබ සඳහා වූ උක්ගසේ රස පාත්‍රයට ගෙන ගන්ධමාදන පර්වතයට වැඩමවා පන්සියයක් පසේ බුදුවරුන්ට දන් දුන්හ. මේ සියළු කථා විස්තර අසමින් සිටින අතර මහත් ප්‍රීතියට පත්ව සතුට පැතිරි උන්වහන්සේට පිදීමෙන් මෙලොවදීම සම්පත් ලැබේයයි ප්‍රාර්ථනා තැබීය. බාලයා ත්‍රිවිධ සම්පත් පැතීය දෙවැන්නා රහත්බවකින්ම පැතීය. පත්විය.