32. සීවලී තෙරුන්ගේ කථා පුවත
“යො ඉමං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කුණ්ඩ කෝලිය ඇසුරු කොට කුන්ඩධාන වනයේ වාසය කරද්දී සීවලී තෙරුන් පිළිබඳව දේශනා කළහ.
එක් සමයක කෝලිය දියණියක් වූ සුප්පවාසා සත්වසක් දරුගැබක් දරා දින හතක් මුළු ගර්භණීව තියුණු කටුක දුක් වේදනාවන්ගෙන් පෙළුනේ සම්මා සම්බුදුන් වහන්සේ යමෙකුට මෙබඳු දුක් ප්රභාණය සඳහාම ධර්මය දේශනා කරති. ඒ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සංඝයා සුපටි පන්නය. මෙබඳු දුක් ප්රභාණය සඳහා පිළිපන්නේය. නිවන පරම සුවයකි. මෙබඳු දුකක් නොපවතී මේ තුන් විතර්කවලින් ඒ දුක ඉවසන්නී, ස්වාමියා බුදුන් වෙතට යවා ඇගේ වචනයෙන් බුදුන් වන්දනා කිරීමට ආරාධනා කිරීමෙන් සුප්පවාසා කෝලිය ධීතා සුවපත්වේවා, සුවපත් නිරෝගී දරුවෙක් බිහිකෙරේවා” මෙලෙස බුදුන් පැවසු කෙනෙහි සුවපත්ව නිරෝගි දරුවෙක් බිහිකළාය. අනතුරුව බුද්ධ ප්රමුඛ සංඝයාට ආරාධනා කර දින හතක් මහදන් දුන්නාය. ඇගේ පුතා ද උපන්දින සිටම ජල පෙරණයක් ගෙන පැන් පෙරා දුන්නේය. ඔහු පසුකලෙක ගිහිගෙයින් නික්මී පැවිදි වුයේ අර්හත්වයට පත්වුණි.
මේ අතර දිනක් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාමණ්ඩපයේ කථාවක් ඇතිකළහ. බලන්න ඇවැත්නි මෙබඳු රහතන් වහන්සේ නමකට උපතිස්ස සම්පත් ඇතිව මෙපමණ කලක් මව්කුස දුක් අනුභව කළේය. කොපමණ බහුල වූ දුකක් මොහු විසින් විද්ද. මෙහි දී බුදුන් පැමිණ කළ කථා පිළිබඳව විමසා දැන එසේය මහණෙනි මගේ පුත් සීවලී මෙපමණ දුකක් විඳ ඉන් මිදී පැමිණ අවබෝධ කරගෙන වාසය කරන්නේ යයි මේ ගාථාව පැවසුහ.
කෙලෙස් මඩ නම් මහා දුර්ගෙන්
එතරවී ගිය අමා නිවනට
සැකය ආසා මාන දුරුකළ
කිසිම අයුරින් සසර බැමි නැති
පහන් සිත් ඇති රහත් උතුමා
බමුණු නාමය ලබයි නිතැතින්
එතරවී ගිය අමා නිවනට
සැකය ආසා මාන දුරුකළ
කිසිම අයුරින් සසර බැමි නැති
පහන් සිත් ඇති රහත් උතුමා
බමුණු නාමය ලබයි නිතැතින්
යමෙක් මේ කෙලෙස් මඩ සහිත මගද ක්ලේශ නැමති දුර්ගයද සසරවටද මෝහයද ඉක්මවුයේ ද ඕඝයෙන් එතරවීද නිවන් නැමති පරතෙරට ගියේද ධ්යාන කරන්නේද තෘෂ්ණ රහිත ද සැක සහිත ප්රශ්න නොමැත්තේද කිසිවක් දැඩි ලෙසට නොගෙන කෙලෙස් ප්රහාණයෙන් නිවුණේද ඔහු බ්රාහ්මණයෙකි මම කියමි.
එහි අර්ථය - යො යම් භික්ෂුවක්, මේ රාගාදී පලිපථං කෙලෙස් දුග්ගං ච සංසාර දුරු වූ සංසාර වෘත්තය චතුරාර්ය සත්යය අවබෝධ කර නො ගැනීම මොහං, (ඉක්මගිය) සතර ඕඝයන් තරණය කර පරතෙරට නො ගියාහු දෙවදෑරුම් ධ්යානයන්ගෙන්, ඣායී. තෘෂ්ණාව දුරු කිරීම නිසා අනෙජො - අටතැන්හි සැක නැත්තේ අකථං කථි - උපාදානයන් දුරු කිරීම නිසා අනුපාදයත්වා, කෙලෙස් දුරු කිරිමෙන් නම්බුතො. තමහං බ්රාහමණං ඒ තැනැත්තා බමුණකුයි කියමි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵල ලදහ.
33. සුන්දර සමුද්ද තෙරුන්ගේ කථා පුවත
“යොධ කාමෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩ සිටියදී සුන්දර සමුද්ද තෙරුන් නිමිති කර ගෙන දේශනා කළහ.
සැවැත් නුවරවාසී එක් කුල පුත්රයෙක් සුන්දර සමුද්ද නම් විය. සතළිස් කෙළක් ධන සම්පත් ඇති මහා කුලයක උපන් හේ එක් දිනක් සවස්වරුවේ ගඳමල් ආදිය ගෙන මහජනයා ධර්ම ශ්රවණය සඳහා දෙව්රමට යනු බලා කොහේ යන්නෙදැයි විමසා බුදුන් වෙත ධර්ම ශ්රවණය සඳහා යයි පැවසූ විට මම ද යන්නෙමියි කියා ඔවුන් සමග ගොස් පිරිස් කෙළවර වාඩි වූයේය. බුදුහු ඔහුගේ අදහස් විමසා අනුපිළිවෙළ කථාව දේශනා කළහ. ඔහු ගිහිගෙයි වසමින් පිරිසිදු බ්රහ්මචරියාව හැසිරිමට නොහැකියයි වදාළ බුද්ධ දේශනය අසා පැවිදි වීම සඳහා හටගත් උනන්දුව නිසා පිරිස විසිරි ගිය පසු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. මවුපියන්ගේ අනුමැතියෙන් තොරව පැවිදි නො කරන්නේයයි අසා ගෙදර ගොස් රට්ඨපාලි කුල පුත්රයා සේ මහත් උත්සාහයෙන් දෙමාපිය අනුමැතිය ගෙන බුදුන් වෙත පැවිදි වී උපසම්පදාව ලැබ මෙහි විසීමෙන් කවර ප්රයෝජනයක් දැයි ඉන් නික්මී රජගහ නුවරට ගොස් පිඩුපිණිස හැසිරෙමින් කල්ගත කරමින් සිටියදී