26. පිළින්දිච්ඡ තෙරුන් පිළිබඳ කථාව.
“අක්කකසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී පිළින්දිච්ඡ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ එම වසලී - යම් වසලී - මේ ආදිය කියමින් ගිහියන්ට ද පැවිදි අයට ද වසල වාදයෙන් කථාකරමින් හැසිරෙයි. එක් දිනක් බොහෝ භික්ෂූන් වහන්සේලා මේ බව බුදුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිළිදින්ච්ඡ තෙරුන් අමතා මෙය සැබෑදැයි විමසුහ. ස්වාමීනි එසේ යයි පැවසුවිට මෙම තෙරුන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකර මහණෙනි පිළඳින්ච්ඡ තෙරුන්ට දොස් නොකියව. චෝදනා නො කරව මෙය පිළන්දිච්ඡ තෙරුන්ගේ දෝශයක් නොවේ. පිළන්දිච්ඡ තෙරුන් එක දිගට ජාති පන්සියයක්, කුල බ්රාහ්මණව උපන්හ. උන්වහන්සේ දිගුකලක් වසල වාදයෙන් හැසුරුනේය. රහතන් වහන්සේලා කර්කශ පරුෂ වචන. මම ගැටුම ඇති වචන නැත. වැඩි කාලයක් පුරුදු කළ හෙයින් මගේ පුතු මෙසේ කියයි. යනුවෙන් පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
සබ වසම කියනා
හිත වැඩ පිණිස රඳනා
කුපිත නො කරන දනා
ඔහුම වේ මැයි නියම බමුණ
හිත වැඩ පිණිස රඳනා
කුපිත නො කරන දනා
ඔහුම වේ මැයි නියම බමුණ
යම් වචනයකින් කිසිවෙකු කුපිත නොකෙරේද රුදුරු බවට නො පැමිණෙන්නේද? යහපත සලසන සැබෑ තෙපුල් යමෙක් කියන්නේද. ඒ තැනැත්තා බ්රාහ්මණ යයි මම කියමි.
එහි අකක්කසං පරුෂ නොවු, විඤ්ඤාපනිං අර්ථ දැක්වීම, හැඳින්වීම, සච්චං සිදුවු දෙය, සත්යය, නාභිසජෙති යාය. වචනයෙන් අනුන් කුපිත කිරීම වසයෙන් නොඇලේද. ක්ෂීණාශ්රවයන් වහන්සේලා මෙබඳුය. තමහං බ්රාහමණං වදාමි මම ඔහු බ්රාහ්මණ යයි කියමි.
දේශනය අවසානයේ බොහෝදෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.
27. එක්තරා තෙරණමක් පිළිබඳ වූ කථා පුවත
“යොධ දීඝං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා තෙර නමක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් මිථ්යාදෘෂ්ටික බ්රාහ්මණයෙක් සිරුරේ දුගඳ පැතිරෙන හෙයින් උතුරු සළුව බැහැර කොට එකත් පසෙක තබා ගෙයි දොරටුව අභිමුඛයේ වාඩි වී සිටියේය. මේ අතර රහතන් වහන්සේ නමක් දන් වැළදීමෙන් අනතුරුව විහාරය දෙසට වැඩමකරද්දී එම සළුව දැක ඔබ මොබ බලා කිසිවෙක් නොදන්නේ මෙයට ස්වාමියෙක් නැතැයි පංශකූල ප්රඥාවෙන් ගන්නා ලදී. අනතුරුව එය බමුණා දැක ආක්රෝෂ කරමින්ම අවුත් මුඩු මහණ මගේ සළුව ගන්නේද? පැවසීය. බ්රාහ්මණය මෙය ඔබගේද එසේය අයිතිකරු කිසිවෙක් මට නොපෙනුණ නිසා පාංශුකූල සංඥාවෙන් ගතිමි. දැන් මෙය ඔබේ නම් ගන්නැයි ඔහුට දී විහාරයට ගොස් මෙම කරුණ භික්ෂූන්ට දන්වා සිටියහ. මොහුගේ වචනය අසා භික්ෂූන් උන්වහන්සේ සමග කවටකම් කරමින් කිම ඇවැත්නි සාටකය දිගද - කොටද මෘදුද ආදිය විමසන්නේ මට එබඳු සංඥාවක් නැත. මට එබඳු හැගීමක් නැත. දිග - පළල - රළු - සුමුදු ආදී ලෙසට මට ඒ පිළිබඳව ඇලීමක් නැත. මම පාංශුකූල සඥාවෙන් ගතිමි මෙය අසා භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට අභූතය කියා අනෙකක් කියතියි දැනුම් දුන්හ.
අනුන් සතු දේපල
තමනට නුදුන්නා කල
සොරෙන් ගත් නැති අය
බමුණකු වේ නිකසල
තමනට නුදුන්නා කල
සොරෙන් ගත් නැති අය
බමුණකු වේ නිකසල
මේ ලෝකයේ යම් දෙයක් දික් වූ, කොට වු. කුඩා වූ, හෝ මහත් වූ, යහපත් වූ හෝ නපුරු වූ, නුදුන් දෙයක් නො ගනීද, ඒ තැනැත්තා බ්රාහ්මණ යැයි මම කියමි.
එහි අර්ථය සළුපිළි ආභරණ ආදිය දීඝංවා රස්සංවා දිගයි. කෙටියි කියා හෝ මුතු මැණික් ආදිය අණු වා ථූලං වා කියා හෝ මහාර්ඝ අල්ප අර්ඝයයි කියාහෝ සුභං වා අසුභං වා යහපත්ය අයහපත්ය කියා හෝ අන් අයගේ දෙයක් නොගනීද ඔහු බ්රාහ්මණ යයි කියමි.
දෙසුම අවසන බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.
28. සැරියුත් තෙරුන් පිළිබඳ වූ කතා පුවත
“ආසා යස්සා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කර ගෙන දේශනා කළහ.