21. ඛේමා තෙරණිය පිළිබඳ වූ කථා පුවත
“ගම්භීර පඤ්ඤාං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩසිටිය දී ඛේමා භික්ෂුණිය නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් පළමු යාමය අවසානයේ සක්දෙවිඳු දෙව් පිරිස සමග පැමිණ බුදුන් සමීපයේ සිහිකටයුතු ධර්ම කථා අසමින් වාඩි විය. මේ අවස්ථාවේදී ඛේමා තෙරණිය බුදුන් දකිමියි අහසින් පැමිණ සක් දෙවිඳු දැක අහසේ සිටියදීම බුදුන් වැඳ නැවතුනාය. සක්දෙවිදු ඇය දැක ස්වාමීනි මැය කවුදැයි විමසුවේය. ඇය එමින් සිට අහසේ සිටම වැඳ පැවතුනි. බුදුහු මහරජ මගේ දියණියන් ඛේමාය. ඇය මහා ප්‍රාඥයහ. මග්ගා මග්ග ඤාණයෙහි ඉතා දක්‍ෂ යයි පවසා මෙම ගාථාව පැවසුහ.
විදසුන් නැණ සමග
කඳ පිළිබඳ නුවණ
ගැඹුරින් ඇති රහත් නම
උතුම් බමුණෙක් වේ මැයි.
ප්‍රඥාවන්ත වූ ගැඹුරු නුවණ ඇති. මග නොම දැනුමෙහි සමත් රහත්ඵලයට පත් තැනැත්තා මම බ්‍රාහ්මණ යයි පවසමි.
එහි ගම්භීර පඤ්ඤන්ති - ගැඹුරුවූ ස්ඛන්ධ ආදීන්හි ප්‍රඥාවෙන් යුතුවූ ප්‍රඥාව ඇති ධර්මෝජ ප්‍රඥාවෙන් යුත් මෙධාවිං මෙය දුගතියයි. මෙය සුගතියයි. මෙය නිර්වාණ මාර්ගයයි. මෙය නොමගයි ආදී වශයෙන් මගෙහිද නොමගෙහිද දක්ෂ වූ බැවින්, මග්ගා මස්ස කොවිදං. අරහත්භාවයට උත්තමත්ථං අනුපප්තතං තමහං බ්‍රාහ්මණං පැමිණි ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපන්න ඵල ආදියට පත්වුවාය.
22. පබ්භාරවාසි තිස්ස තෙරුන් පිළිබඳ වූ කථා පුවත
“අසංසට්ඨං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී පබ්භරවාසී තිස්ස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ බුදුන්ගෙන් කර්මස්ථාන ගෙන වනයට පිවිස හොඳ සුදුසු සෙනසුනක් බලන්නේ. එක් කඳු බෑවුමක ගල්ලෙනක් වෙත පැමිණුනි. පැමිණි වේලාවේදීම උන්වහන්සේගේ සිත එකග බවක් ලදහ. උන්වහන්සේ මට මෙහි වාසය කිරීමෙන් පැවිදි කාර්යය සාක්ෂාත් කිරීමට හැකිවන්නේ යයි සිතුවේය. ලෙනෙහි අධිගෘහිත දෙවියා ද සිල්වත් භික්ෂුවක් පැමිණියේය. මුන් වහන්සේ හා එකම තැන වාසය කිරීම දුකකි. මේ තෙමේ මෙහිම එක් රැයක් ඉඳ පිටත්ව යන්නේ යයි සිතා පුතුන් රැගෙන නික්මෙති. තෙරුන් වහන්සේ දෙවන දවසේ අළුයම ගොදුරු ගමට පිඩු පිණිස පිවිසුනි. අනතුරුව එක් උපාසිකාවක් දුටු විගස පුත්‍ර ස්නේහයක් ලැබ ගෙයි වාඩි කරවා වළදවා තමන් නිසා තුන් මාසයක් වාසය කිරීමට ඉල්ලා සිටියාය. ඔහු ද මැය නිසා භවනිස්සර කිරීමට හැකිවේයයි සිතා අරාධනය පිළිගෙන එම ලෙනටම වැඩම කළේය. දෙවිදුව ද තෙරුන් එනු දැක ඒකාන්තයෙන් කිසිවෙක් විසින් ආරාධනා කරන ලද්දේ වෙතැයි හෙට හෝ අනිද්දා හෝ යන්නේයයි සිතුවාය
මෙලෙස අඩමසක් කෙළවර මේ භික්ෂුව මෙහිම තෙමසක් වස් ඇතුළත වාසය කරනු ඇත. සිත් අය හා එකට පුතුන් සමග වාසය කිරීම දුෂ්කරය. මොහුට නික්ම යයි කීම ද අපහසුය. මොහු මගේ ශීලයේ කිළිටි තැනක් ඇත්දැයි දිවැසින් බලන්නී, උපසම්පදා මාලකයේ පටන් උන්වහන්සේගේ ශීලයේ කිළුටක් නොදැක මොහුගේ සීලය පිරිසිදුය. කිසියම් අපකීර්තියක් ඇතිකරමියි උන්වහන්සේගේ උපට්ඨායක කුලයේ උපාසිකාවගේ ජ්‍යෙෂ්ඨ පුතුගේ ශරීරයට ආවේශ වී ගෙල ඇඹරුවේය ඔහුගේ ඇස් එළියට නික්මුණි. කටින් කෙල වැගුරුනි. උපාසිකාව මේ දැක මේ කුමක්දැයි මහ හඬින් කෑගැසුවේය. මේ අතර දේවතාවිය නොපෙනෙන ලෙසට මෙසේ කීවාය. මා විසින් මොහු ගන්නා ලදී. බලි කර්මවලින් ද මට වැඩක් නැත. ඔබගේ කුළුපග තෙරුන්ගෙන් වැල් මී ඉල්ලාගෙන එයින් තෙල් සාදාගෙන මොහුට නස්න කර්මයක් දෙන්නැයි එයින්ම මම මොහු මුදවමියි. ඔහු නැසේ මියැදේවා මම ආර්යයන් වහන්සේගෙන් වැල් මී ඉල්ලා ගැනීමට නොහැකිවෙමි. ඉදින් වැල්මී ඉල්ලා ගැනීමට නොහැකිනම් මොහුගේ නැහැයට පෙරුම්කායම් කුඩු දමන්නැයි කියන්න. මෙයද කිරීමට කිව නොහැකිය. එසේ නම් ඔහුගේ පා සෝදන ජලය හිසට දමන්න. උපාසිකාව මෙය කිරීමට හැකිය වෙලාව ආ විට තෙරුන් වාඩි කරවා කැඳ බත් පිරිනමා දන් ගන්නා අතර වාඩි වී සිටි තෙරුන්ගේ පා සෝදා ජලය ගෙන, ස්වාමීනි මේ ජලය දරුවාගේ හිසේ වත් කරමියි විචාරා එසේ ඉසින්නැයි කී කල එසේ කළාය. දෙව්දුව එකෙනෙහි ඔහු මුදා ගොස් ලෙන් දොර සිටියාය.
තෙරුන් ද දන් වළදා අවසානයේ අසුනින් නැගිට නොවිසිරුනු කර්මස්ථානය නිසා දෙතිස් කුණප භාවනාව සජ්ඣායනා කරමින්ම පිටත්ව ගියේය. අනතුරුව ලෙන් දොරට පැමිණි විට එම දෙව්දුව මහා වෛද්‍යවරය මෙයට නො පිවිසේවයි කීවාය. උන්වහන්සේ එහිම සිට නුඹ කවරෙක්දැයි විමසුවේය. මම මෙහි අධිගෘහිත දේවතාවායි මම වෙදකමක් කළ තැනක් තිබේද උපසම්පදා මාලකයේ සිට බලන්නේ ඇටය හෝ හෝ කළු හාල් ඇටයක් පමණටත් කැළලක් නොදැක මම මවිසින් වෛද්‍යකර්මයක් කළ තැනක් නොදකිමි. කුමක් නිසා මෙසේ කියයිද? ඔබ දකින්නේ නැත්ද? එසේය මම නොදකිමි. ඔබට කියන්නද? හොඳය කියන්න. අතීතය තිබේවා අද ද නුඹ වහන්සේගේ පා සේදූ ජලය අමනුෂ්‍ය ආවේශයට පත් උපස්ථාසිකාවගේ පුතුගේ හිසේ වත්කළේ නොවේද? එසේය වත් කළේය. ඇය එය නොදන්නේද ඒ පිළිබඳව ඔබ කුමක් කියයි ද? ඔව් එය සම්බන්ධ කර කියමි. තෙරුන් වහන්සේ සිතූහ. අහෝ පුදුමයි මනාව පිහිටුවන ලද ආත්මය සසුනට අනුරූප ලෙස ඇති මගේ චරිතය දෙවියෝ ද මගේ චතුපාරිශුද්ධ සීලයේ කලංකය හෝ කළු හාල් ඇටයක් තරමවත් කැළලක් නොදැකම, දරුවාගේ හිසේ වත්කරන ලද පා සේදූ ජලය දැමීම පමණක් දුටුවේ යයි උන්වහන්සේගේ සීලය පිළිබඳ බලවත් ප්‍රීතියක් උපන් උන්වහන්සේ එය මැඩ පවත්වා පාදය එසවීමක් හෝ නොකොට එහිම අර්හත්වයට පත්ව මා වැනි පිරිසිදු ශ්‍රමණයෙක් දූෂණය කර මා වසන තැන නොසිට ඔබ වහාම මෙතැනින් නික්මෙවයි නිවේදනය කිරීමට අවවාද කරන්නේ මේ උදානය පැවසුහ.