11. ජටිල බ්රාහ්මණයාගේ කථා පුවත
නජටා භීති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක් ජටිල බ්රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ ජටිල බ්රාහ්මණයා මව් පාර්ශ්වයෙන් ද පිය පාර්ශ්වයෙන් ද සුජාත වූ බ්රාහ්මණ කුලයක උපන් කෙනෙකි. ඉදින් භවත් ගෞතමයන් තම ශ්රාවකයින්ට බ්රාහ්මණ යනුවෙන් අමතයි. මම ද එලෙස ඇමතීමට සුදුසුයයි සිතා බුදුන් වෙත ගොස් මේ කරුණ පිළිබඳව විමසුවේය. අනතුරුව තථාගතයන් වහන්සේ බ්රාහ්මණය මම ජටා දැරූ පමණින් හෝ ජාතියෙන් හෝ ගෝත්රයෙන් බ්රාහ්මණයෙක් වේයි නොකියමි. අවබෝධ කරගත් සත්ය ධර්මය ඇති නිසා බ්රාහ්මණ යයි කියමි.
හිස බැඳි ජටා වෙන්
දෑ කුල ගොත් නිසාවෙන්
බමුණෙක් නොවන්නේ
ඇත්ත හා බුදු දහම නැත්නම්
දෑ කුල ගොත් නිසාවෙන්
බමුණෙක් නොවන්නේ
ඇත්ත හා බුදු දහම නැත්නම්
ජටාවෙන් ගෝත්රයෙන් ජාතියෙන් බ්රාහ්මණයෙක් නොවේ. යමෙක් කෙරෙහි සත්යය ද ධර්මය ද අවබෝධ කරගෙන තිබේනම් ඔහු පිරිසිදුය ඔහු බ්රාහ්මණයෙකි.
එහි සචචං - යම් පුද්ගලයකු කෙරෙහි චතුරාර්ය සත්යය සොළොස් ආකාරයකින් අවබෝධ කරගෙන ඇත්තේද සත්ය ඤාණය මෙන්ම නව විධ ලෝකෝත්තර ධර්මය ද අවබෝධ කරගෙන තිබේ නම් ඔහු පිරිසිදුය. ඔහු බ්රාහ්මණයෙකි.
දේශනය අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.
12. එකොළොස් වැනි වූ කුහක බ්රාහ්මණයා පිළිබඳ කථා පුවත
“කින්තෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ සිටිය දී එක් වවුල් වත පිරූ කුහක බමුණෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මේ බමුණා විශාලාවේ නගර දොරටුවේ එක් කුඹුක් ගසකට නැග දෙපාවලින් අතුවල එල්ලී ගස යටට එබෙන ශරිර ඇතිවැ හිස පහළට තබා ගෙන එල්ලෙමින් කිඹුල්වත් පුර ගම් සියයක් දෙන්න. කහවණු දෙන්න. පිරිවර දෙන්න නොදෙන්නේනම් මෙයින් වැටී මැරි නුවර පාළු කරමියි කියයි. බුදුරදුන් ද භික්ෂු සංඝයා පිරිවරා නුවරට ඇතුළුවන විට භික්ෂූන් එම බමුණා දැක නික්මී යන විටද එසේම එල්ලී සිටිනු දක්නට ලැබුනි. නාගරිකයෝද මොහු අද අළුයම සිට මෙසේ එල්ලී සිටිමින් මේවා නොදෙන්නේ නම් වැටී මැරෙමි කියයි. නුවර විනාශ කරමියි කියයි. එසේ මළ හොත් නගරය විනාශ වේ යයි නගරය බියෙන් ඔහු ඉල්ලන සියළු දේ දෙමුයි සාකච්ඡා කොට දුන්හ. ඔහු ගසෙන් බැස ඒ සියල්ල ගෙන පිටත්ව ගියේය. භික්ෂූන් වහන්සේලා විහාරය අසල ඔහු දෙනක් ලෙසට හැසිරී යනු දැක හඳුනා ගෙන බ්රාහ්මණය ඔබ කැමති දේ ලැබුනේදැයි විමසා - එසේය ලැබුනේ යයි පැවසුවේය. මෙය අසා විහාරය තුළට ගොස් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. මහණෙනි මොහු දැන් පමණක් නොව පෙරද කුහකයෙකි. සොරෙකියි පවසා දැන් අනුවන ජනයන් රවටයි. එදා නුවනැත්තන් වංචා කිරීමට නො හැකි වීයයි පවසා භික්ෂූන් විසින් විමසන ලදුව අතීත කථාව ගෙන හැර දැක්වුහ.
අතීතයේ දී කාසී රට එක් ගමක් ඇසුරුකොට එක් කුහක තාපසයෙක් විසුවේය. ඔහු එක් කුල ගෙයකට යයි. එයින් ඔහු පෝෂණය කරයි. දිවා කාලයේ දී පිළියෙළ කරන කෑ යුතු පිය යුතු ද තමන්ගේ පුතුන්ට මෙන්ම ඔහුට ද කොටසක් වෙන්කර දෙයි. හැන්දෑවේ පිළියෙල කරන කොටස් තබා පසුදින දෙයි. මේ අතර දිනක් සවස ආහාරයට තලගොයි මස් ලැබ වහාම උයා තබා දෙවැනි දවසේදි ඔහුට දුන්නේය. ඔහු මස් සුවඳ නිසා රස තෘෂ්ණාවෙන් බැදී මේ මස් මොනවාදැයි විමසා (ගෝධ) තලගොයි මස් යයි අසා භික්ෂාවේ හැසිරි දුරු මිරිස් ආදී කටුක භාණ්ඩ පිඩුසිඟා ගෙන පන්සලට ගොස් ආරක්ෂිතව තැබීය. පන්සලට නො දුරේ එක් තුඹසක දැවැන්ත තලගොයෙක් වාසය කරයි. ඔහු කලින් කල තාපසයා වැඳීමට එයි. මේ දිනයේ ඌ මරන්නෙමියි දණ්ඩක් ගෙන එම තුඹසට නුදුරේ නිදාගත්තෙක් ලෙසට වැතිරී සිටියේය. තලගොයා තුඹසින් නික්ම ඔහු ළඟට එන්නේ ඔහුගේ ස්වරූපය සලකා මට මේ ආචාර්යවරයාගේ ස්වරූපය රුචි නොවේ යයි එහිම නැවතුණි තවුසා ඌ නැවතුන බව දැන ඌ මැරිම සඳහා දණ්ඩෙන් දමා ගැසීය. එම දණ්ඩ ලිස්සා ගියේය තලගොයි රජු ද තුඹසට පිවිස හිස උඩට තබා ඔහු එන මඟ බලමින් සිටි තාපසයාට මෙසේ කීවේය.
සිත ඇතුළ කෙලෙසුන් - පිරී ඇත්නම් දහසින්
අඳුන් දිවි සම් හැද - ජටා බැන්දත් හිස් මත
පිට පොත්ත දිලුනත් - ඇතුළත හරය නැත්තේ.
අඳුන් දිවි සම් හැද - ජටා බැන්දත් හිස් මත
පිට පොත්ත දිලුනත් - ඇතුළත හරය නැත්තේ.
1. ඔබ යෙහෙකැයි සිතා ඔබ සංයත අයෙකැයි සිතා මම ඔබ වෙත ආවෙමි. ඒ ඔබ අසංයත කෙනෙක් ලෙස අයෙක් ලෙසට මට පහර දුන්නේය.
2. අඥානය ඔබේ ජටාවෙන් කවර ප්රයෝජනයක්ද අඳුන් දිවි සමින් කවර ප්රයෝජනයක්ද ඔබේ අභ්යන්තරය කෙලෙස්වලින් ගහනය පිටතින් සංවරකම පමණක් පවතී.
අනතුරුව තාපසයා නැවතත් තමන් වෙත පහදවා ගැනීමට පොළඹවා ගැනීමට මෙසේ කීවේය.
තලගොයානණි ! එන්න ඇල්හාල් මෝදක අනුභව කරන්න. තෙල් ලුණු - බොහෝ ඇත තිප්පිලිඳ ඇත.
එය අසා ගෝධ රජු ඔහුට මෙසේ කීය. “ඔබ යම් ලෙසට කියයිද? එසේ වුවත් මට මෙහි බියක්ම පෙනේ. එහෙයින්ම මට පළායාමට සිත් ය”යි කියා මෙම ගාථාව පැවසුවේය.
ඔබ කෙසේ පැවසුවත් මට බියක්ම දැනේ. ඔබගේ හාල් තෙල් ලුණු ආදියෙන් මට ප්රයෝජන නැත. තිප්පිලි මට අගුණය.
මෙසේ කියා මෙතුවක් කල් ඔබ කෙරෙහි මා තුළ ඔබ යෙහෙකැයි යන හැගීම විය. දැන් ඔබ මට පහර දෙනු කැමැත්තෙන් දණ්ඩෙන් දමා ගැසීය. එය දමා ගැසු තැන් සිට ඔබ අශ්රමණ අයෙක් වූයේය. ඔබ සමාණ දුෂ්ප්රාඥ පුද්ගලයකුගේ ජටාවෙන් කවර අර්ථයක් ද? අඳුන් දිවි සමෙන් කවර ගුණයක්ද, අභ්යන්තරයෙහි ඔබේ පවත්නා දුර්ගුණ හුදෙක් බාහිර ක්රියාකාරකම්වලින් හෙළිදරව් වේ යයි කීවේ. ශාස්තෲන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දක්වා - එකල්හි ඒ කුහක තාපසයා අද මේ කුහක බමුණා විය. ගෝධ රජු නම් මම ම වෙමි යි වදාරා ජාතකය පුරවාපර සන්ධි ගළපා ගෝධ පණ්ඩිතයා විසින් ඔහුට නිග්රහ කිරීම දක්වන්නේ කරුණු දක්වමින්