8. පඤ්චවග්ග දායක බ්රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත
“සබ්බසොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ.
මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම “බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල “බලග්ග” දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී “කුම්භග්ග” දානය දෙයි. තලිය වඩන කාලයේ දී පාතග්ග නම් දානය දෙයි. මේ පඤ්චවග්ග දානයම දෙයි. ගෙදරට පැමිණි කෙනෙකුට ආහාර නොදී නො වළඳ යි. මේ නිසාම ඔහුට පඤ්ච දායක යන නම ඇතිවුණි. බුදුරදුන් ඔහුගේ ද බැමිණියගේ ද තුන් මාර්ග ඵලයක් ලබාගැනීමට හේතු සම්පත් දැක බ්රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ ගොස් දොර අසල වැඩ සිටියහ. බමුණාද දොර ළඟ ගෙය තුළට මුහුණලා වාඩිවී ආහාර අනුභව කරයි. දොර අසල වැඩසිටි බුදුරදුන් නො දකී. බැමිනිය ඔහුට බෙදමින් සිටියදී බුදුන් දැක මෙසේ සිතුවාය. මේ බ්රාහ්මණයා පස්වතාවක් අග්රදානය දී අනුභව කරයි. දැනුදු භවත් ගෞතමයන් පැමිණ දොර ළග වැඩි සිටියේය. ඉදින් බ්රාහ්මණයා ඔහු තම බත බැහැර කර දෙන්නේනම් මට නැවත ඉවීමට නොහැකිවෙමි. ඇය ගෞතමයන් වහන්සේ මුවාවන ලෙසට බුදුන් දෙසට පිට හරවා බමුණාගේ පිටුපසින් ඔහුව මුවාකරමින්. පුන්සඳ අත්ලෙන් වසාලන්නා සේ සිටියේය. එසේ සිට බුදුන් ආපසු ගියේද නැත්දැයි බුදුන් නොපෙනෙන ලෙසට බැලුවාය. බුදුහු එලෙසම සිටගෙන සිටියහ. බ්රාහ්මණයාට ඇගේය යන බියෙන් ඉක්ම යන්නැයි ද නොකියයි පසුබිමින් ඉක්මනින් ඉවත්වන්නැයි පැවසුවාය. බුදුහු නොයමියි හිස සෙලවුහ. (හිස සලමින් නොයනබව ඇගවුහ) ලෝක ගුරුවු බුදුන් නොයමියි හිස සැලීම නිසා ඇයට එය දරා ගැනීමට නොහැකිව මහ හඩින් සිනාසුනාහ. එම අවස්ථාවේ බුදුහු ගෙය දෙසට ආලෝක ප්රජාවක් පිටකළහ. පිටුපස බැමිණිය දෙන සිනා හඩ ඇසු බමුණා ෂවර්ණ රශ්මියේ ප්රභාව ද බලා බුදුන් සිටින තැන් දුටුවේය. බුදුවරයින් නම් ගමට හෝ ආරණ්යයට හෝ හේතු සම්පත් ඇති අයට තමන් නොදන්වා නොයති. බ්රාහ්මණයා බුදුන් දැක එම්බල තී නැසුනෙමි රාජ පුත්රයෙක් පැමිණ දොර ළග සිටින විට මට නොදන්වා බැරැරුම් දෙයක් කරන ලදී. පවසා අඩක් අනුභව කරන ලද ආහාර බඳුන ගෙන තථාගතයන් වෙත ගොස් - පින්වත් ගෞතමයාණනි මම අවස්ථා පහක් - මුල් කොටස දන්දීම අනුභව කරන කෙනෙක්මි. මෙය මැදින් බෙදා එකම කොට කොටසක් අනුභව කළෙමි. එක් කොටසක් ඉතිරි විය. මේ මගේ බත් දානය පිළිගනු මැනව. නැත මට ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියා බ්රාහ්මණය මට අග්ර වූ දෙයම, මුල් කොටසම මට සුදුසුය. බ්රාහ්මණය අපි පරදත්තූපජීවිහු ජීවිහු වෙමු. අන්අය දෙන දෙයින් යැපෙන ප්රේතයන් වැන්නැයි කියා මෙම ගාථාව පැවසුහ.
මුලින් හෝ මැදින් හෝ අවශේෂ වශයෙන් අන් අයගෙන් යැපෙන්නට පිණ්ඩපාතය ලැබෙන්නේද ලැබුනේය හෝ නොලැබුනේයයි ධීර මුණිවරයෝ වෙනස්කම් නොදන්වති.
බමුණ මෙය අසා ප්රසන්න සිත් ඇතිව අහෝ ආශ්චර්යකි දීපසාමී වූ රාජ පුත්රයා ඔබේ ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියයි. දොර ළඟම සිට බුදුන්ගෙන් ප්රශ්නයක් ඇසුවේය. පින්වත් ගෞතමයන් වහන්ස ! ඔබ වහන්සේගේ ශ්රාවකයින්ට භික්ඛු යනුවෙන් පවසති කොපමණකින් නම් භික්ෂුවක් වේද ප්රශ්න කළේය. බුදුහු මොවුන්ට කවර ස්වරූප ධර්මයක් දෙසන්නේ දැයි බලන්නේ මේ දෙදෙනා කාෂ්යප බුද්ධ කාලයේදී නාමරූප කියමින් කතාකළහ. ඒ නාමරූප දක්වමින්ම මොවුන්ට ධර්ම දේශනා කිරිම වටී යයි සිතා බමුණ නාමයෙහි ද රූපයෙහි ද නොඇලී නොගැටී ශෝක නොකරමින් සිටින්නා භික්ෂුව නමින් හැදින්වේ යයි මේ ගාථාව පැවසුහ.
නාම රූප දෙක පිළිබඳ නැති ඇල්ම
මම මය මගේය යන බැමි බිඳදැම්ම
පුද්ගලයා පැවිද්දට රුචිකර බැල්ම
“බික්සුම” නම ලබයි පුරනා සිව් සිල්ම
මම මය මගේය යන බැමි බිඳදැම්ම
පුද්ගලයා පැවිද්දට රුචිකර බැල්ම
“බික්සුම” නම ලබයි පුරනා සිව් සිල්ම
යමෙකුට නාම රූප දෙකෙහි හැම ලෙසින්ම මමය මගේය යන හැඟීමක්, නැත්ද නාම රූප දෙක නැසුණු කල්හිත් සෝක නොකරයිද ඒ තැනැත්තා ඒකාන්තයෙන් භික්ෂුව වේ.
එහි සබ්බසො යනු සියළු වේදනා ආදි සතර රූපස්ඛන්ධ වශයෙන් ද, පඤ්චස්ඛන්ධ වශයෙන් ද පවත්නා නාම රූපෙ මමායිතං = නාම රූපයන්හි මමය මාගේය යන හැගීමක් නැති සේ මමත්වයක් නොමැතිද අසතාවන සෝචතී යනු එම නාම රූප දෙකේ ක්ෂය වීමට වැයවීමට පත්වූයේ මගේ රූපය ක්ෂය විය මගේ විඤ්ඤාණය ක්ෂයවිය. යනුවෙන් ශෝක නොකරයිද දුකට පත් නොවේ ද බයවය ධර්මය ක්ෂයවී යයි බලයි. ද සචේති ඔහු මෙබඳු ස්වරූප පවතිද්දී නාම රූප දෙකේ මමායනය නැතිද එනිසා ශෝක නොකරන්නේ භික්ඛුනි වුච්චති භික්ෂුව යයි යන අර්ථයි.
දේශනාව අවසානයේ අඹුසැමි දෙපලම අනාගාමී ඵලයේ පිහිටියාහුය. පැමිණි පිරිසටද දෙසුම සාර්ථක වුයේය.
9-17. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත
“මෙත්තා විහාරි” යන මේ ධර්මදේශනය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩසිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් අවන්ති ජනපදයේ “කුරර ඝර” ඇසුරු කොට ගෙන පවතින පර්වත විහාරයේ වාසය කරන්නේ, සෝණ නම් කුටිකණ්ණ උපාසකයා තෙරුන්ගේ ධර්ම කථාවට පැහැදී තෙරුන් වෙත පැවිදි වීමට කැමැත්තේය. තෙරුන් විසින් සෝණට සෝණ මෙය දුෂ්කරය. එක බතින්, එක ඉරියව්වෙන්, බ්රහ්මචරියාම රැකිමට සිදුවේ. මෙලෙස පවසා දෙවරක් ප්රතික්ෂේප කරන ලදී. පැවිද්ද සඳහා දැඩිලෙස පැවිදිවීමට අතිශයින් ඇති කැමැත්ත නිසා තෙවැනි වර තෙරුන් කැමතිකර පැවිදි වී භික්ෂූන් අඩු නිසා දක්ෂිණපථයේ වස් තුනකට පසුව ලබන ලද උපසම්පදාව ඇත්තේ බුදුන් දකිනු කැමතිව උපාධ්යාන්ගෙන් විමසා උන්වහන්සේ විසින් දෙන ලද අණ ගෙන අනුපිළිවෙළින් දෙව්රමට වැඩමකර බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ බුදුන් හා එකම ගඳකිළියේ අනුමත කරන ලද සෙනසුනේ බොහෝ රාත්රි ඉඩ ඇති තැන කල් යවා රාත්රි භාගයේදී කල් යවා අළුයම බුදුන් විසින් ආරාධනා කරන ලද්දේ සුත්ර නිපාතයේ සොළොස් අට්ඨයක වර්ගයන් සියල්ලම මිහිරි සරින් සජ්ඣායනා කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ සජ්ඣායනය අවසානයේ අනුමෝදනා කරමින් සාධු සාධු යයි සාධුකාර දුන්හ. බුදුන් විසින් දෙන ලද සාධු නාදය අසා බුමාටු දෙවියෝ නාග සුපර්ණයෝ ද මෙසේ බඹලොව දක්වා එකම සාධුකාරයක් වීය.