9-17. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත
“මෙත්තා විහාරි” යන මේ ධර්මදේශනය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩසිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් අවන්ති ජනපදයේ “කුරර ඝර” ඇසුරු කොට ගෙන පවතින පර්වත විහාරයේ වාසය කරන්නේ, සෝණ නම් කුටිකණ්ණ උපාසකයා තෙරුන්ගේ ධර්ම කථාවට පැහැදී තෙරුන් වෙත පැවිදි වීමට කැමැත්තේය. තෙරුන් විසින් සෝණට සෝණ මෙය දුෂ්කරය. එක බතින්, එක ඉරියව්වෙන්, බ්‍රහ්මචරියාම රැකිමට සිදුවේ. මෙලෙස පවසා දෙවරක් ප්‍රතික්ෂේප කරන ලදී. පැවිද්ද සඳහා දැඩිලෙස පැවිදිවීමට අතිශයින් ඇති කැමැත්ත නිසා තෙවැනි වර තෙරුන් කැමතිකර පැවිදි වී භික්ෂූන් අඩු නිසා දක්‍ෂිණපථයේ වස් තුනකට පසුව ලබන ලද උපසම්පදාව ඇත්තේ බුදුන් දකිනු කැමතිව උපාධ්‍යාන්ගෙන් විමසා උන්වහන්සේ විසින් දෙන ලද අණ ගෙන අනුපිළිවෙළින් දෙව්රමට වැඩමකර බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ බුදුන් හා එකම ගඳකිළියේ අනුමත කරන ලද සෙනසුනේ බොහෝ රාත්‍රි ඉඩ ඇති තැන කල් යවා රාත්‍රි භාගයේදී කල් යවා අළුයම බුදුන් විසින් ආරාධනා කරන ලද්දේ සුත්‍ර නිපාතයේ සොළොස් අට්ඨයක වර්ගයන් සියල්ලම මිහිරි සරින් සජ්‍ඣායනා කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ සජ්‍ඣායනය අවසානයේ අනුමෝදනා කරමින් සාධු සාධු යයි සාධුකාර දුන්හ. බුදුන් විසින් දෙන ලද සාධු නාදය අසා බුමාටු දෙවියෝ නාග සුපර්ණයෝ ද මෙසේ බඹලොව දක්වා එකම සාධුකාරයක් වීය.
මේ අවස්ථාවේදී දෙව්රමින් යොදුන් එකසිය විස්සක් දුර කුරර ඝර නගරයේ තෙරුන්ගේ මව වූ උවැසියගේ නිවසේ අධිගෘහිත දෙවියා ද මහත් හඩින් සාධුකාර දුන්නේය. අනතුරුව උපාසිකාව කවුද මේ සාධුකාර දෙන්නේ - යනුවෙන් විමසුවාය. සහෝදරිය මමයි ඔබ කවුරුන්ද ඔබේ භවනයේ වසන දේවතාවා වෙමි. ඔබ මෙයට පෙර සාධුකාර නොදී අද දෙන්නේ කුමක් නිසාදැයි විමසුහ. මම ඔබට සාධුකාර නොදුන්නෙමි. එනම් ඔබ කාට සාධුකාර දුන්නේද? ඔබගේ පුත් සෝණ කුටිකණ්ණ තෙරුන්ට සාධුකාර දුනිමි. ඇයි මගේ පුතු කුමක් කළේද? ඔබේ පුතු අද තථාගතයන් සමඟ එක ගඳකිළියේ වසමින් බුදුන්ට ධර්ම දේශනා කළේය. බුදුහු ඔබ පුතුගේ ශබ්දය අසා පැහැදී සාධුකාර දුන්හ. එනිසා මවිසින්ද සාධුකරය දෙන ලද්දේය. සම්මා සම්බුදුන් ගේ සාධුකාරය කියා භූම්‍යසථ දෙවියෝද අනතුරුව බඹලොව දක්වාම සාධු නාදයට පැවතුනි. දෙවියනි! කිම. මගේ පුතා බුදුන්ට ධර්මය දේශනා කළේද නැතහොත් බුදුහු මගේ පුතුට ධර්මය දේශනා කළේද? ඔබේ පුතු විසින් බුදුන්ට ධර්මය දේශනා කරන ලදී. මෙලෙස දෙවියන් සමග කථා කරද්දී උපාසිකාව පස්වණක් ප්‍රීතියෙන් පිනා ගොස් මුළු සිරුර පුරා ප්‍රීතිය පැතිරුනි.
අනතුරුව ඇයට මෙබඳු අදහසක් ඇතිවුනි. ඉදින් මගේ පුතුට බුදුන් හා එක ගඳකිළියක සිට ධර්මය දේශනා කරන්නට හැකිනම් මටද දේශනා කළහැකිය පුතු පැමිණි දිනයක මමද ධර්මය අසන්නෙමියි සිතුවාය. සෝණ තෙරුන්ද බුදුන් විසින් සාධුකාර මා ලැබුවේ මේ මගේ උපධ්‍යයන් වහන්සේ කියා එවා වදාළ මෙහෙවර දැනුම් දීමට කාලය යයි බුදුන් විසින් ප්‍රත්‍යන්ත ජනපදවල පස්නමක් ආදී කොට උපසම්පදාව ලබා දීම ආදී වර පහක් බුදුන්ගෙන් ලබා ගෙන කීප දවසක් ශාස්තෲන් වහන්සේ වෙත වැස උපාධ්‍යායන් බලන්නෙමියි බුදුන් විමසා දෙමින් නික්මී පිළිවෙලින් උපාධ්‍යායන් වහන්සේ වෙතට පැමිණියේය.
තෙරුන් වහන්සේ දෙවැනි දිනයේදී ඔහු රැගෙන පිඬුසිඟා යන්නේ මෑණියන් වූ උපාසිකාවගේ ගෙදරට ගොස් සිටියහ. ඇය පුතු දැක සතුටුව වැඳ හොඳින් වළදවා මෙසේ ඇසුවේය. ඔබ බුදුන් හා එක ගඳකිළියේ සිට බුදුන්ට ධර්ම කථා කීවේද? උපාසිකා මාතාවනි ඔබට මෙය කවුරුන් කීවේද, දරුව, මේ ගෙයි අධිගෘහිත දෙවියා මහ හඩින් සාධුකාර දී ම විසින් විමසන ලදුව මේ තොරතුරු ඔහු විසින් කියන ලදී. එය අසා මම ද මෙසේ සිතුවෙමි. මගේ පුතු බුදුන්ට ධර්මය දේශනා කළේ නම් මට ද දේශනා කරනු ඇත කියා අසවල් දින දේශනය පිළියෙළ කරමි. ඔබ වහන්සේ දේශනා කරන්න. උන් වහන්සේ පිළිගන්න. උවැසිය භික්ෂු සංඝයාට දන් දී පුජාකර පුතුගේ ධර්මය අසමියි එකම දාසිය ගෙය ආරක්ෂා කිරීමට තබා සියළු පරිවාර ජනයා රැගෙන නගරය තුළ ධර්ම දේශනය සඳහා පිළියෙළ කළ සරසන ලද මණ්ඩපයට නැගී ධර්මය දේශනා කරන පුතුගේ ධර්මය ඇසීම සඳහා පිටත්ව ගියාය.