6-7. විපක්ෂ සේවක භික්ෂුවගේ කථා පුවත
“සලාභන්ති” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටිය දී එක්තරා විපක්ෂ සේවක භික්ෂුවක් නිමිති කරගෙන මෙම ගාථාව දේශනා කළහ.
දේවදත්ත පාක්ෂික භික්ෂුවක් සහායක වුයේය. ඔහු එම භික්ෂූන් සමග පිණ්ඩපාතයේ හැසිරි කරන ලද බත්කිස ඇත්තේ එනු දැක කොහි ගියේදැයි විමසුවේය. අසවල් තැන පිණ්ඩපාතයේ හැසිරුණෙමි. ඔබට පිණ්ඩ පාතය ලැබුණේද? එසේය ලැබුණි. මෙහි අපට මහත් ලාභසත්කාර ඇත. දින කීපයක් මෙහිම ඉන්නැයි පැවසුවේය. ඔහු එම භික්ෂුවගේ වචනයෙන් දින කීපයක් එහි වාසය කර තම ස්ථානයටම ගියේය. අනතුරුව භික්ෂූන් ස්වාමීනි මෙම භික්ෂුව දෙව්දත් තෙරුන්ට උපන් ලාභ සත්කාර පරිභෝග කරයි. මොහු දේවදත්ත පාක්ෂිකයෙකියි තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ඔහු කැඳවා භික්ෂුව ඔබ එසේ කළේදැයි? බුදුරදුහු විමසුහ. එසේය ස්වාමීනි මම එහි ලාබාල භික්ෂුනමක් නිසා දින කීපයක් එහි වාසය කළෙමි. එහෙත් දෙව්දත් තෙරුන්ගෙන් ලත් දෙය රුචි නොකරමි. ඉක්බිති බුදුරදුන් ලැබූ කිසිවක් ඔබ රුචි නොකළේද? දුටු දුටු අයගේ දේ ලබනු රිසිව හැසිරෙන්නේ ඔබ දැන් පමණක් නොව මෙබඳුදේ පෙර භවයේ දීද කරන ලදී. දැන් ස්වාමීනි ඔහුගේ ක්රියා දුටුවේ පෙර භවයේදී මෙලෙස අන් අයගේ දේ රුචි කළේ යයි යන්න පැහැදිලි කරන ලෙසට ඉල්ලා සිටිය නිසා අතීත කථාව ගෙන හැර දැක්වුහ -
මහිලා මුඛ නම් ඇතා පළමු සොරුන්ගේ රෞද්ර වචන අසා හමුවූවන් මරමින් සොරුන්ගේ වචනය අනුව හැසිරුනේය. සුසංයත වූ සිද්වතුන් ගේ මෘදු මොලොක් වචන අසා. හස්තියා පළමු තමා තුළ තුබු සියලු යහගුණයන්හි පිහිටියේය.
මේ මහිලාමුඛ ජාතකය විස්තර කර දී මහණෙනි භික්ෂුවක් විසින් නම් ස්වකීය ලාභයෙන්ම සතුටු විය යුතුය. අන් අයගෙන් ලාභය පැතීම නොවටී. ප්රලාභය ප්රාර්ථනා කරන්නාට ධ්යාන විපස්සනා මාර්ග ඵලයන් අතුරෙන් එකම ධර්මයන් හෝ නො උපදී. සියලාභ සන්තුෂ්ටියම ධ්යාන ආදීන් උපදිතියි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
ලාබය සොය සොයා
අනුන් ලාබ ද පතනා
ලාබයෙම ගිජු වු
මහණ අධිගම නොලබයි.
අනුන් ලාබ ද පතනා
ලාබයෙම ගිජු වු
මහණ අධිගම නොලබයි.
සුළු වුව ද ලද දෙය
හෙළා නොදකින අපිස් දිවි ඇති
පිරිසිදු වු මහණහට
දෙවියෝ වඳිති දිව රෑ
හෙළා නොදකින අපිස් දිවි ඇති
පිරිසිදු වු මහණහට
දෙවියෝ වඳිති දිව රෑ
තම ලාභය ඉක්මවා නොයන්නේය. අන් අයගේ ලාභය පතමින් නො හැසිරෙන්නේය. අන් අයගේ ලාභය ප්රියකරන්නා සමාධියට පත් නොවේ.
භික්ෂුව සුළු ලාභ ඇත්තේ ද? තමන් ලද ඒ සුළුලාභය හෙලා නොදකී. පිරිසිදු දිවි පෙවෙතක් ඇති අලස නොවු මහණ හට ඒකාන්තයෙන් දෙවියෝ පසසුත්
එහි සලාහං යනු - තමන් විසින් උපදවන ලාභයයි. ගෙපිළිවෙලින් පිඬු සිඟා යාම පිළිකෙව් කොට වැරදි ආකාරයෙන් ජීවත් වන්නේ තම ලාභය ඉතා මදයයි අවමන් කරයි. පිළිකුල් කරයි. එසේ නොකරන්නන් විසින් නාතිමඤ්ඤය්ය
අඤ්ඤෙසං පිහ අන්යන්ගේ ලාභය ප්රාර්තනා කරන්නේ නොහැසිරේ සමාධිං නාධිගච්ඡන්ති අඤඤෙසං අනුන්ගේ සිවුරු කිරීම - ආදියේ උනන්දුව දක්වන අනුන්ගේ ලාභය සොයායන භික්ෂුව අධ්යාපන සමාධිය හෝ උපචාර සමාධිය හෝ නො ලබයි.
සලාතං නාතිමඤඤෙති උසස් පහත් නැති බැරි කුලයන්හි ගෙපිළිවෙලින් හැසිරෙන භික්ෂුව ස්වකීය ලාභයක් නොලබන්නේ වෙයි. තංවෙ යනු මෙබඳු වූ භික්ෂුව සාර ජීවිතය සඳහා සුද්ධාජිවිං තම දෙපාවල ශක්තියෙන් ජීවිතයේ දී කුසීත බවින් තොර වේ. අතන්දිතං දෙවා පසංසන්ති - එබඳු භික්ෂුව දෙවියන්ගේ ප්රශංසාවට ලක් වේ.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
8. පඤ්චවග්ග දායක බ්රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත
“සබ්බසොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ.
මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම “බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල “බලග්ග” දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී “කුම්භග්ග” දානය දෙයි. තලිය වඩන කාලයේ දී පාතග්ග නම් දානය දෙයි. මේ පඤ්චවග්ග දානයම දෙයි. ගෙදරට පැමිණි කෙනෙකුට ආහාර නොදී නො වළඳ යි. මේ නිසාම ඔහුට පඤ්ච දායක යන නම ඇතිවුණි. බුදුරදුන් ඔහුගේ ද බැමිණියගේ ද තුන් මාර්ග ඵලයක් ලබාගැනීමට හේතු සම්පත් දැක බ්රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ ගොස් දොර අසල වැඩ සිටියහ. බමුණාද දොර ළඟ ගෙය තුළට මුහුණලා වාඩිවී ආහාර අනුභව කරයි. දොර අසල වැඩසිටි බුදුරදුන් නො දකී. බැමිනිය ඔහුට බෙදමින් සිටියදී බුදුන් දැක මෙසේ සිතුවාය. මේ බ්රාහ්මණයා පස්වතාවක් අග්රදානය දී අනුභව කරයි. දැනුදු භවත් ගෞතමයන් පැමිණ දොර ළග වැඩි සිටියේය. ඉදින් බ්රාහ්මණයා ඔහු තම බත බැහැර කර දෙන්නේනම් මට නැවත ඉවීමට නොහැකිවෙමි. ඇය ගෞතමයන් වහන්සේ මුවාවන ලෙසට බුදුන් දෙසට පිට හරවා බමුණාගේ පිටුපසින් ඔහුව මුවාකරමින්. පුන්සඳ අත්ලෙන් වසාලන්නා සේ සිටියේය. එසේ සිට බුදුන් ආපසු ගියේද නැත්දැයි බුදුන් නොපෙනෙන ලෙසට බැලුවාය. බුදුහු එලෙසම සිටගෙන සිටියහ. බ්රාහ්මණයාට ඇගේය යන බියෙන් ඉක්ම යන්නැයි ද නොකියයි පසුබිමින් ඉක්මනින් ඉවත්වන්නැයි පැවසුවාය. බුදුහු නොයමියි හිස සෙලවුහ. (හිස සලමින් නොයනබව ඇගවුහ) ලෝක ගුරුවු බුදුන් නොයමියි හිස සැලීම නිසා ඇයට එය දරා ගැනීමට නොහැකිව මහ හඩින් සිනාසුනාහ. එම අවස්ථාවේ බුදුහු ගෙය දෙසට ආලෝක ප්රජාවක් පිටකළහ. පිටුපස බැමිණිය දෙන සිනා හඩ ඇසු බමුණා ෂවර්ණ රශ්මියේ ප්රභාව ද බලා බුදුන් සිටින තැන් දුටුවේය. බුදුවරයින් නම් ගමට හෝ ආරණ්යයට හෝ හේතු සම්පත් ඇති අයට තමන් නොදන්වා නොයති. බ්රාහ්මණයා බුදුන් දැක එම්බල තී නැසුනෙමි රාජ පුත්රයෙක් පැමිණ දොර ළග සිටින විට මට නොදන්වා බැරැරුම් දෙයක් කරන ලදී. පවසා අඩක් අනුභව කරන ලද ආහාර බඳුන ගෙන තථාගතයන් වෙත ගොස් - පින්වත් ගෞතමයාණනි මම අවස්ථා පහක් - මුල් කොටස දන්දීම අනුභව කරන කෙනෙක්මි. මෙය මැදින් බෙදා එකම කොට කොටසක් අනුභව කළෙමි. එක් කොටසක් ඉතිරි විය. මේ මගේ බත් දානය පිළිගනු මැනව. නැත මට ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියා බ්රාහ්මණය මට අග්ර වූ දෙයම, මුල් කොටසම මට සුදුසුය. බ්රාහ්මණය අපි පරදත්තූපජීවිහු ජීවිහු වෙමු. අන්අය දෙන දෙයින් යැපෙන ප්රේතයන් වැන්නැයි කියා මෙම ගාථාව පැවසුහ.