23. සුමණ සාමණේර කථා පුවත
“යො හවෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටියදී සුමණ සාමණේරයන් නිමිති කරගෙන මෙම දේශනාව කළහ. මේ එහි අනුපිළියෙල කථාවයි.
පුදුමුත්තර බුද්ධ කාලයේදී එක් කුල පුත්රයෙක් ශාස්තෲන් වහන්සේ සිව්පිරිස මැද එක් භික්ෂුවක් දිවැස් ඇත්තවුන් අතර අග්රස්ථානයේ තබනු දැක එම සම්පත්තිය තනතුර ප්රාර්ථනා කරමින් ආරාධනා කර දින හතක් බුද්ධ ප්රමුඛ මහා සංඝයාට මහදන් දී ස්වාමීනි මම ද මතු එක් බුද්ධ ශාසනයක දිවැස් ඇත්තවුන් අතර අග්රවෙමියි ප්රාර්ථනා තැබීය. බුදුහු කල්ප ලක්ෂයක් බලා ඔහුගේ ප්රාර්ථනය සමෘද්ධියට පත්වන අයුරු දැක මෙයින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම බුද්ධ ශාසනයෙහි දිවැස් ඇත්තවුන් අතර අග්ර වූ අනුරුද්ධ නම් තෙරනම වන්නේ යයි විවරණ දුන්හ. ඔහු එම විවරණය අසා හෙට සිදුවන දෙයක් ලෙස එම සම්පත පතන්නේ බුදුන් පිරිනිවන් පෑ පසු දිබ්බචක්ඛු පරිකර්මය විමසා යොදුන් හතක් රන් ථූපය වටකොට නොයෙක් පහන් ගස් දහසක් කරවා පහන් පුජාකොට ඉන් චුතවූයේ දෙලොව ඉපදී දෙව් මිනිසුන් අතර කල්ප ලක්ෂයක් සැරිසරා මේ කල්පයෙහි බරණැස දිළිඳු කුලයක ඉපිද සුමන සිටුවරයා නිසා ඔහුගේ තණ කොළ ගෙනෙනා ලෙසට ජීවිතය ගත කළේය. හේ අන්නහාර තිස්ස නමින් හැදින්වීය. සුමණ සිටුවරයා ද නිතර එම නගරයේ මහදන් දෙයි.
මේ අතර දිනක් උපරිමය නම් පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයේ නිරෝධ සමාපත්තියෙන් නැගිට - කාට නම් අනුග්රහ කරන්නේ දැයි සිතා අද මවිසින් අන්නභාර ට (ආහාර ගෙනෙන්නාට) අනුග්රහ කිරීම වටී යයි දැන් ඔහු කැලයෙන් තණ අරගෙන ගෙට යන්නේ යයි දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් වැඩම කොට අන්නභාරගේ (ආහාර ගෙනෙන්නාගේ) ඉදිරියේ පෙනී සිටියහ. අන්නහාරා ඒ හිස් පාත්රය අතේ තිබෙනු දැක ස්වාමීනි ආහාර ලැබුවේදැයි විමසා ලබන්නේය මහපිණැතිය, පැවසූවිට එසේනම් ස්වාමීනි ටික වේලාවක් වැඩ සිටින්න තණ කොළ ද විසිකර වේගයෙන් ගෙට ගොස් සොඳුරිය මට තබන ලද ආහාර භාගය තිබේදැයි විමසා ස්වාමීනි ඇතැයි පැවසූවිට වේගයෙන් ආපසු ගොස් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්රය ගෙන මට දෙන්න කැමැත්ත ඇතිවිට දියයුතු දෙයක් නො ලබමි. දියයුතු දේත් ඇති විට ප්රතිග්රාහකයෙක් නො ලබමි. අද ප්රතිග්රාහකයෙක් දකින ලදී. දන් දීමටද දෙයක් ඇත. මට ලාභයකි. ගෙට ගොස් බත් පාත්රයට දමා ගෙන අවුත් පස්සේ බුදුරදුන්ගේ අත් තබා
මේ දානයේ අනුහසින් මට දිළිදු බව නොවේවා නැත යන වචනය අසන්නට භවයක් පාසා ඇති නොවේවා
ස්වාමීනි මෙබඳු දුක් ජීවිතයෙන් මිදෙන්නේය නැත යන වචනයද අසන්නට නොලැවේවායි ප්රාර්ථනා තැබීය. පසේ බුදුන් වහන්සේ එසේම වේවායි මහා පිනැතැයි පවසා අනුමෝදනා කර වැඩම කළහ.
සුමන සිටුවරයාගේ ඡත්රයට අධිපති දෙවියාද උපරිට්ඨ පසේ බුදුන්ට අන්නභාර දුන් දානය ඉතා අගී යයි කියා තෙවරක් සාධුකාර දුන්නේය. ඉක්බිති සිටුවරයා ද. කිම මා මෙතෙක් කල් දන් දුන්නත් එය ඔබ නො දැක්කෙක්ද? මම ඔබගේ දානය සඳහා සාධුකාර නොදුන්නෙමි. අන්නභාර වනාහි උපරිමය පසේබුදුන්ට දුන් පිණ්ඩපාතය පිළිබඳව පැහැදී ම විසින් සාධුකාර පැවැත්වුවෙමි. ඔහු ආශ්චර්යකි මෙපමණ කලක් දන් දෙන්නේ දෙවියන්ගේ සාධුකාර ලබන්නට නොලැබුණි. අන්නභාර - වනාහි ජීවත්වන්නේ එකම පිණ්ඩපාත දානයෙන් සාධුකාර ලැබීය. ඔහුගේ පින්ඩපාත දානයෙහි ඔහු නුසුදුස්සෙක් කොට එම පිඬු දානයේ කුශලය මා සන්තක දෙයක් කරන්නෙමියි සිතා ඔහු කැඳවා අද ඔබ කිසිවෙකුට යමක් දුන්නේදැයි විමසුවේය. එසේය ස්වාමීනි මම අද උපරිමය පසේ බුදුරදුන්ට මගේ බත් කොටස දන් දුන්නෙමි. එම්බල නුඹ මගේ කහවණු ගෙන එම පිණ්ඩපාතය මට දෙන්න ස්වාමීනි නොදෙමි. ඔහු ගණන කහවණු දහස දක්වා වර්ධනය කළේ. අන්නභාර කහවණු දහසකට ද නොදුන්නේය. අනතුරුව පින්වත එසේ වේවා මට පිණ්ඩපාතය නොදෙන්නේ නම් දහසක් ගෙන පින මට දෙන්නැයි පැවසුවේය. ඔහු ආර්යන් සමග කථා කරගෙන දැනගන්නෙමියි. කියන්නේ පසේ බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි සුමන සිටුවරයා දහසක් දී ඔබවහන්සේට දෙන ලද දානයේ පින ඉල්ලා සිටී. කුමක් කරන්නදැයි විමසුවේ.