5-10. සූකර පෝතිකාවගේ කතා පුවත
“යථාපිමුලෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී එක් අපවිත්ර ඌරු පැටියෙකු නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් බුදුහු රජගහ නුවරට පිඩුපිණිස වැඩමවන විට එක් ඊරි පැටවෙක් දැක සිනා පහළ කළහ. උන්වහන්සේ සිනා පහළකරන විට ඇරුණ මුවින් නික්මුන දන්ත රශ්මිය දැක ආනන්ද තෙරුණුවෝ ස්වාමීනි සිනාවන්නේ කුමක් නිසාදැයි විමසුහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ ඊරි පැටවා දෙස බලන්න. ආනන්ද මේ ඊරි පැටවා කකුසඳ බුද්ධකාලයේදී එක් ආසන ශාලාවක කිකිළියක වුවාය. ඇය එක් යෝගාවචර විපස්සනා කර්මස්ථාන සජ්ඣායනා කරන භික්ෂුවකගේ ඒ ධර්ම ඝෝෂාව අසා ඉන් චුතවුවා රජ කුලයක ඉපිද උබ්බරි නම් රාජ දුවණියක් වුවාය. ඇය පසු කලෙක වැසිකිළියක පණු රැළක් දැක එහි පණුවන් පිළිබඳ සංඥා උපදවා ප්රථම ධ්යාන ලැබුවාය. ඇය එහි දිවි ඇතිතාක් සිට එයින් චුතව බඹලොව ඉපදුනි. ඉන් චුතවී භවගති වශයෙන්, කම්පාකරමින් දැන් ඌරුයෝනියේ ඉපදුන මේ කරුණු දැක මම සිනා පහළකලෙමි. එය අසා ආනන්ද තෙරුන් ප්රමුඛ භික්ෂූන් මහත් සංවේගයට පත්වූවාහුය. බුදුහු ඔවුගේ සංවේගය උපදවා භවතෘෂ්ණාවේ ආදීනව ප්රකාශ කරමින් අතුරු වීථියේ සිටියදීම මේ ගාථාව ප්රකාශ කළහ.
හොඳහැටි වැඩී ඇත්නම් යම් ගසෙක මුල
කැපුවත් යමෙක් යළි දළු ලා නැගෙති පල
නැසුවේ නොමැතිනම් තන්හා ගසේ මුල
යළි යළි ඉපිද දුක් ගෙන දෙයි සසර තුල
කැපුවත් යමෙක් යළි දළු ලා නැගෙති පල
නැසුවේ නොමැතිනම් තන්හා ගසේ මුල
යළි යළි ඉපිද දුක් ගෙන දෙයි සසර තුල
1. ගසක මුදුනින් හා අතුවලින් සිඳ දැම්මත් මුල නිරුපද්රිතව තිබේනම් යළි වැඩෙන්නා සේ තෘණ අනුසය නොනැසු කල යළි වැඩේ.
2. ශ්රෝතස් සතියක් ඇති මන වඩන රූපාදියෙහි හටගන්නා වූ තෘෂ්ණාව බලවත් වේද, නුවණ නැති ඔහුගේ රාග නිඃශ්රිත සංකල්පයෝ, විතර්කයෝ බලවත්ව අපායට පමුණුවයි.
3. තෘණ නමැති සැඩ වතුර හැම තැනම ගලයි. තෘණ නමැති ලතාව සදොරින් මතු වී සිටී. එසේ හටගන්නා වූ තෘණ ලතාව දැක එහි මුල සිඳිය යුතුයි.
4. රූපාදී අරමුණුවල ගලාගිය ආශාවෙන් තෙත් වු, සොම්නස් වේදනා වෙත්. ඔහු සැප සොයන්නෝ වෙති. එබඳු සත්වයෝ ජාතියට හා ජරාවට පැමිණෙන්නෝ වෙති.
5. තණ්හාවෙන් පිරිවරන ලද සත්ත්වයෝ බඳිනා ලද සාවෙකු මෙන් බිය වෙති. රාගාදී සත් සංයෝගයන්ගෙන් ද, දස සංයෝජනයන්ගෙන්ද බැඳුනු සත්ත්වයෝ නැවත නැවත දුකට පත්වෙති.
6. එහෙයින් නිවන කැමති වන භික්ෂුව තණ්හාව දුරු කළ යුතුය.
එහි මුලෙ යම්කිසි ගසක සතර දිසාවෙහි සතරක්ද. ඍජුව යටට ගිය මුලක් දැයි පවත්නා පස්වර්ගයේ මුල් කැපීම කෙටීම, ගිනි තැබීම, උදුරා දැමීම, ආදී යම්කිසි උපද්රවයකින්, අනුපද්දවෙ, උවදුරක් නොවූ විට, “දළෙහ සොරුකෙබා” - ඒ රුක නැවත දැඩිවශයෙන්, අතු ඉති රිකිලි වශයෙන් පුනදෙව රූහති නැවත වැඩේ. මෙසේ සදොරෙහි උපදින්නා වු තෘෂ්ණාව අනුසයෙ - අර්හත් මාර්ග ඤාණයෙන් අනුහතෙ - මුලින් උදුරා නො දැමුවිට ඒ ඒ භවයන්හි උත්පත්ති ආදියට ගොදුරුවේ. ඉදං දුක්ඛං පුනප්පනං නිබ්බන්ති - මේ ජරා මරණාදී දුක් නැවත නැවත උපදී යන අර්ථයි.
“යස්සා” යම් පුද්ගලයකුගේ අධ්යාත්මයෙහි උපදින්නා වූ අටළොස් තෘෂ්ණ සිතිවිලිවලින් ද සතියක් වූ තණ්හා හැසිරවීම්වලින් සමන්විත වේ. සිත් ඇදගන්නා වූ රූපාදීයෙහි පවතීයි. ගලා බසියි මනාපස්සවණා යනුවේ. තණ්හාව භුසා බලවත් වේ. ඒ පුද්ගලයාගේ විපරීත වු ඤාණය දුද්දිටඨං යනුවේ. නැවත නැවත ඉපදීම් වසයෙන් මහත්බැවින්, වහා ධ්යාන හෝ විදර්ශනා හෝ ඇසුරු නොකරමින් රාගනිසසිතා සඞකප්පා වහනතී. රාග නිශ්රිත වූ සංකල්පයන් උසුලමින් ජීවත් වේ යන අර්ථයි.
සවන්ති සබ්බධී සොතානි. මේ තණ්හා නමැති දිය පහර චක්ද්වාරය ආදී වසයෙන් සියලු රූපාදී ආරම්මණයන්හි යෙදී රූප තණ්හා - පෙ - භවතණ්හා ආදියෙන් සියලු භවයන්හි දුක්විඳින්නේය. ලතා - යනු වෙළෙන අර්ථයෙන්ද එකට එකතු කිරිමේ අර්ථයෙන් ද ලතා (මාළුවා) වැල මෙනි. උහිජ්ජ තිටඨතීති - සදොරින් උපන් රූපාදී අරමුණු කෙරෙහි පවතී. තච දිස්වා - යනු ඒ තෘෂ්ණ නමැති ලතාව “එත්ථසා තණහා උප්පජ්ජමානා උප්පජ්ජතී” ආදී වසයෙන් උපත් ස්ථාන වසයෙන් දැන. පඤ්ඤායා කැලයෙහි උපන්නා වූ වැලක් ආයුධයකින් සිදදමන්නාක් මෙන් මාර්ග ප්රඥාවෙන් තෘෂ්ණා මුල ජින්දථ - සිඳිය යුතුය යන අර්ථයි.
සරිතානි යනු විසුරුවා යවන ලද සිනෙහිතානි. සිවුරු පිරිකර ආදිය පිළිබඳව පවත්නා ස්නේහය, තෘෂ්ණා ඉවත දැමිය යුතුය යන අර්ථයි. සොමනස්සානි - තෘෂ්ණාවෙන් දුරුවු සත්ත්වයන්ට මෙවැනි වූ සොම්නසක් ඇති වේ. තෙ සාතසිතානි - ඒ තෘෂ්ණා වශී වූ පුද්ගලයෝ සැප කැමති වී සුව සොයන්නෝ වෙති. තෙවෙ යනු යම් මෙබඳු වූ මිනිස්සු ජාති ජරා ව්යාධි මරණ ආදියට පැමිණෙත්. ජාති ජරූපගා නම් වේ. පජා යනු මේ සත්ත්වයෝ ඌර්ණ සංඛ්යාවට ගියාහු තෘෂ්ණාවෙන්, පුරක්ඛතො, අභිමුඛ පිරිවර වී,
බාධිතො යනු වැද්දෙකු විසින් වනයේ බඳින ලද සසො විය සාවෙකු මෙන්, පරිසප්පනති - බිය වෙත සංයෝජන සඟසත්තා යනු දසවිධ සංයෝජනයන් ගෙන්ද, සප්තවිධ රාගාදී බැඳුම් වලින් ද, සත්ත්වයන් බැඳී එහි ලැගුම් ගෙන, චිරායාති දීර්ඝ කාලයක් නැවත නැවත ජාති ආදී දුක්ඛයන්ට පැමිණෙත් යන අර්ථයි. තමා එහෙයින් තෘෂ්ණාව පෙරදැරි කරගෙන එයින් පෙළෙන සත්ත්වයෝ අත්තනො විරාගං රාගාදියෙන් විතැන් වූ නිවන ප්රාර්ථනා කරන්නා වූ නිවන කැමැත්ත වූ භික්ඛු භික්ෂුහු අරහත්මගින් එහි පැමිණීමට කසිණං විනොදයෙ - තෘෂ්ණාව බැහැර කළ යුතුය. ඉවත දැමිය යුතුය - යන අර්ථයි.