15. උග්ගසේන සිටුපුත්‍රයාගේ කථා පුවත
“මුඤ්ච පුරෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටියදී උග්ගසේන නිමිතිකරගෙන දේශනා කළහ.
පන්සියයක් නළුවෝ - සංවත්සරයේ දී හෝ සමසකින් හෝ පැමිණිවිට රජගහ නුවරට ගොස් රජු ඉදිරියේ දින හතක් උත්සව කොට බොහෝ රන් මසුරන් ලබත් මේ අතර පිනුම් ගසන්නන්ගේ ද කෙළවරක් නැත. මහජනයා මැසි පිට මැසි බැඳ ඒ මත සිට සැණකෙළිය බලත්. මේ අතර එක් නළුවෙකුගේ දුවක් උණ ගසකට නැග එහි උඩ පෙරළි එහි කෙළවර අහසේ සක්මන් කරමින් නටයි. ගයයි මේ අවස්ථාවේ උග්ගසේන නම් සිටු පුත් සිය මිතුරා සමග උඩ බැඳි ඇදක සිට ඒ නැටුම බලා ඇගේ අත්පා විසුරැවාලීම් කෙරෙහි උපන් නො ඇත්තේ ගෙට ගොස් ඇය ලැබුනොත් ජීවත් වෙමි. නොලැබෙන්නේ නම් මෙහිම මැරෙමි. ආහාර වර්ජනය කර ඇදේ වැතුරුනි. මවු පියන් විසින් දරුව ඔබට කුමක් රුචි වේදැයි විමසා ඒ නිළි යුවතියම ලබන්නේ නම් ජීවිතය ඇත. නො ලබන්නේ නම් මෙහිම මැරෙමි කීය. දරුව එසේ නොකරන්න. අපගේ කුලයට ද භෝගයන්ට ද සුදුසු වු කුමරියක ගෙන එන්නෙමුයි පැවසුවද එලෙසම කියා නිදාගත්තේය. අනතුරුව ඔහුගේ පියා බෙහෙවින් ආයාචනා කළද ඔහු දැනුවත් කිරිමට නොහැකිව. ඔහු ගේ මිතුරා කැඳවා කහවණු දහසක් දී මේ කහවණු ගෙන තම දියණිය මගේ පුතුට දෙන්නැයි නළුවන්ට පණිවිඩය යැව්වේය. ඔහු (නළුවා) කහවණු ගෙන නො දෙමි. ඉදින් ඔහුට මැය ලබානොගෙන ජීවත් වීමට නොහැකිනම් ඒ නිසා ඔහු අප සමගම හැසිරේවායි ද එවිට දුව දෙන්නේ යයි ද පැවසුවේය. දෙමව්පියෝ මේ කරුණ පුතුට දැන්වුහ. ඔහු මම ඔවුන් සමග හැසිරෙන්නෙමියි කියා දෙමාපියෝ ඇවිටිලි කරද්දිම ඔවුන්ගේ කථා නොපිළිගෙන ගෙයින් නික්මී නළුවාගේ ළඟට ගියේය. ඔහු ඔහුගේ දුව දී ඔහු සමගම ගම් නියම්ගම් රාජධානිවල ශිල්ප දක්වමින් හැසිරුනේය.
ඇයද ඔහු සමග එකතු වී නොබෝ දිනකින් පුතෙකු ලැබ ඔහුට විහිළු කරමින් කරත්ත රකින්නාගේ පුතා භාණ්ඩ අදින්නාගේ පුතා කිසිවක් නොදන්නාගේ පුතා යනුවෙන් අපහාස දේ කියයි. ඔහු ද ඔවුන්ගේ කරත්ත ගාල්කර නතර කර සිටියතැන් වලදී ගොනුන්ට තණ කොළ වෙත එයි. ශිල්ප දක්වන ස්ථානයන්ට දෙන ලද භාණ්ඩ ඔසවාගෙන යයි. එහිදීද එය ගළපා එම ස්ත්‍රිය පුතුට ඇනුම්පද කියමින් එසේ කියයි. ඔහු තමන් නිමිති කරගෙන ඈ ගායනා කරන බව දැන මා නිමිති කරගෙන කියන්නේදැයි ඇසුවේය. එසේය ඔබ නිසා කියමි. එසේ නම් මම පළායමි. ඇය ඔබ ගියත් නොගියත් මට කමක් නැතයි නැවත නැවත එලෙසම (ඇනුම්පද සහිත) ගීතය ගයයි. ඇය නම් තමන්ගේ රූසපුවත් ධන ලාභයත් නිසා කිසිවෙක් නොතකයි. ඔහු මැගේ කවර කරුණක් නිසා මේ මානය තිබේදැයි සිතන්නේ ශිල්පය නිසායයි දැන හොදයි ශිල්පය උගනිමියි මාමා ලඟට පැමිණ ඔහු දන්නා ශිල්පය ඉගෙන ගම් නියම්ගම් ආදියේ ශිල්ප දක්වන්නේ පිළිවෙළින් රජගහ නුවරට පැමිණ මෙයින් පස්වන දින උග්ගසේන සිටුපුත් නගර වැසියන්ට ශිල්ප දක්වන්නේයයි ප්‍රචාරය කරවීය.
නාගරිකයෝ මැසි පිට මැසි බැඳ සත්වැනි දින එක්රැස් වුහ. ඔහුද සැටරියන් උණගසකට නැග එහි මුදුනේ සිටියේය. එදවස බුදුහු උදැසන ලොව බලන්නේ ඔහු තමන්ගේ ඤාණ ජාලයේ ඇතුළට වැදුන බව දැන (දැලට හසුවුනා දැක) කුමක් වත්දැයි ආවර්ජනා කර බලන්නේ හෙට සිටුපුත් ශිල්ප දක්වන්නෙමියි උණගස මුදුනට නැග සිටින්නේ ය. ඔහු බැලීමට මහජනයා එක් රැස්වන්නේ ය. එහි දී මම සතර පද ගාථාවක් දෙන්නෙමි එය අසා අසුහාරදහසක් මිනිසුන්ට ධර්මාවබෝධය වන්නේය. උග්ගසේන ද රහත් බවට පත්වන්නේ යයි දැනගත්හ. බුදුහු දෙවන දින කාලය සලකා භික්ෂු සංඝයා පිරිවර කොටගෙන රජගහ නුවර පිඩුපිණිස හැසුරුනහ. උග්ගසේන ද බුදුහු පිවිසීට පෙරම ඝෝෂා කිරීමට මහජනයාට ඇගිලි ශබ්ද (අහුරු ශබ්දය නගා) උණ ගස මත්තට නැගී සිටියේය. මේ අවස්ථාවේදී බුදුන් නගරයට පිවිසෙන්නේ යම්සේ ඔහු පිරිසට නොපෙනෙන සේ තනි කර තමන් පමණක් පෙනෙන ලෙසට දැක්වූහ. උග්ගසේන පිරිස දෙස බලා පිරිස මා දෙස නොබලති කියා දෙසට පත් වුයේ මෙය මට අවුරුද්දකින් කළයුතු ශිල්පය බුදුන් ද නගරයට පිවිසෙනවිට පිරිස මදෙස නොබලා බුදුන් ම බලයි. මගේ මේ ශිල්ප දැක්වීම හිස් දෙයකැයි සිතුවේය.