9. ඊර්ෂ්යා පරවශ ස්ත්රියගේ කථා පුවත
“අකන්ති” යනාදි මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයේ වැඩසිටියදී එක්තරා ඊර්ෂ්යා පරවශ ස්ත්රියක් නිමිති කරගෙන දේශනා කළහ.
ඇගේ සැමියා එක් ගෘහස්විකාවක් සමග අසද්ධර්මයෙහි යෙදුනේය. ගෘහණිය ඊර්ෂ්යාපරවශවෙමින් එම දාසිය අත් පාවලින් බැඳ ඇගේ කන් නාසා කපා දමා එක් රහස් කාමරයක තබා දොරවසා එම කර්මය තමන් කළ බව සැඟවීම සඳහා ස්වාමීන් සමග විහාරයට ගොස් ධර්මය අසමුයි සැමියාද රැගෙන විහාරයට ගොස් බණ අසන්නට වාඩිවුවාය. අනතුරුව ඇගේ ආගන්තුක ඥාතින් ගෙට අවුත් දොර ඇර එම විප්රකාරය දැක දාසිය මුදාහළහ. ඇය විහාරයට ගොස් සිව්පිරිස මැදදී මේ කරුණ බුදුන්ට දැනුම් දුන්නාය. බුදුහු ඇගේ වචනය අසා දුශ්චරිතය නම් අනෙක් අය නොදත්යයි බිඳක් පමණකුදු කල්පනා නොකළ යුතුය. අය නොදන්නේද එලෙස යහපත් දේම කළ යුතුය. සගවා කරන ලද වුවද දුශ්චරිතය නම් පසුව පසුතැවිල්ල ඇතිකරයි. සුචරිතය නම් සතුට ඇතිකරයි. යනුවෙන් පවසා මේ ගාථාව පැවසුහ -
දුසිරිතෙහි නො ඇලෙනු
එය කොට නැවත නොතැවෙනු
සුසිරිතෙහි නියැලෙනු
එයින් හැමදා සතුට වළඳනු
එය කොට නැවත නොතැවෙනු
සුසිරිතෙහි නියැලෙනු
එයින් හැමදා සතුට වළඳනු
අකුශලය නොකරන ලද්දේම උතුම් මේ දුසිරිත් පසුව සිත තවයි. යමක් කොට නොතැවේද එබඳු කුශලයම කරන ලද්දේ ද ශ්රේෂඨ වේ.
එහි දුක්කතං. - වැරදි සහිතය, අපායෙහි පිළිසිඳිනාවු කම අකතමෙව සෙය්යා නොකිරීම ශ්රෙෂ්ඨවේ. උතුම්ය. පච්ඡා තපතීනි යමක් සිදු කොට එය සිහි පත් වන සෑම විටකම තැවේමයි. සුගතං නිවැරදියෙහිම සුවදායක සුගති ඉපදීමට හේතුවන කර්මයයි කතං සෙය්යං යං කත්වා යමක් කර පසුව සිහිකරන කල සතුටුවේ ද නානුතප්පති නො තැවේද? සොම්නස් ඇති වීටම උතුම්ය යන අර්ථය
දේශනය අවසනයේ උපාසකයාද ඒ ස්ත්රියක සෝවාන් ඵලයෙහි පිහිටියේය. එම දාසිය එහිම දාසබවින් මුදා ධම්ම චාරි කෙනෙක් කළහ.
10. බොහෝ ආගන්තුක භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත
“නගරං යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ ආගන්තුක භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එක භික්ෂු පිරිසක් එක් ප්රත්යන්ත පෙදෙසක වස් සමාදන් වී පළමු මස සුවසේ වාසය කළහ. මධ්යම මාසයේ දී සොරුන් පැමිණ ඔවුන්ගේ ගොදුරු ගමට පහර දී බලහත් කාරයෙන් භාණ්ඩ රැගෙන ගියාහුය. එතැන් පටන් මනුෂ්යයෝ සොරුන් මර්ධනය සඳහා ඒ ප්රත්යන්ත නගරය ප්රතිසංස්කරනය කරන්නේ එම භික්ෂූන්ට සකසා උවටැන් කිරීමට ඉඩකඩ නොලැබුහ. ඔවුහු අපහසුවෙන් වස්කාලය අවසන් කර (පවාරණයෙන් පසු) බුදුන් දැකීමට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ එකත් පසෙක සිටියාහුය. බුදුහු ඔවුන් සමග කරන ලද පිළිසඳර කථා ඇත්තේ කිම මහණෙනි සුවසේ විසුවෝදයි විමසා සිටිවිට ස්වාමීනි අපි පළමු මාසයේ දී සුවසේ විසිවෙමු. මධ්යම මාසයේදී සොරු ගමට පහර දුන්හ. එතැන් පටන් මිනිස්සු නගරය ආරක්ෂා කරන්නේ සකසා උවටැන් කිරිමට අවකාශ නොලැබුහ. මේ නිසා අපහසුවෙන් වාසය කලෙමුයි කීවිට, වැඩක් නැත මහණෙනි නොසිතමු. ඵාසු විහාරය නම් නිතර දුර්ලභයි. යම් සේ ඒ මිනිස්සු නගරය ආරක්ෂා කළෝද මෙලෙස භික්ෂූන් විසින් ආත්ම භාවය රැකීමට වටීයයි කියා මේ ගාථාව දෙසුහ -
වට කොට නුවර සුවිසල් මහ පවුරු තනා
යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා
නුවරක් වගේ සුරකින, රජු රටම දිනා
රැකගනු ඔබේ සිත කය සහ වදන මනා
යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා
නුවරක් වගේ සුරකින, රජු රටම දිනා
රැකගනු ඔබේ සිත කය සහ වදන මනා
ප්රත්යන්ත නගරයක ඇතුලත හා පිටත ආරක්ෂ කරන ලද්දේ යම්සේ වේද? එසේ තමා රකිව්. යම් හෙයකින් මේ වටිනා මොහොත ඉක්ම ගියාහු. නරකයෙහි ඉපදී ගෝක කෙරෙන්ද එහෙයින් ඒ මොහොත ඒකාන්තයෙන් ඉක්ම නොයේවා.
එහි සන්තර බාහිර - යම් සේ මහණෙනි ඒ මිනිසුන් විසින් ඒ ප්රත්යන්ත පිටිසර නගරය දොරටු පවුරු ආදියෙන් ස්ථිර කරන්නේ දොරටු අට්ටාල දිය අගල් ආදියෙන් ස්ථිර කරන්නේ බාහිරවම ආරක්ෂා කෙරේද? මෙලෙස තොපද සිහිය පිහිටුවා ආධ්යාත්මික සදොර වසා දොරටු රකිනා ලෙසරකීද එසේම බාහිර ෂඩ් ආයතන ආධ්යත්මය නැසීම සඳහා පවතී. එසේ නොගත්තේද ස්ථිර කර ඔවුන්ට ප්රවේශ නොවීම සඳහා වාර වසා ඇතිවිට පහනොකොට මෙසේ තමන් රකින්නේ යන අර්ථයි. “මා උදෙසා” යමෙක් විසින් මෙසේ තමන් ආරක්ෂා නොකරයිද, එම පුද්ගලයා බුද්ධ උත්පාද කාලයේ මජ්ඣිම දේශයේ ඉපිද ඒ මොහොතේ සම්යක් දුෂ්ටිය ලැබ ෂඩ් ආයතන නො අඩුව මේ සියළු ලක්ෂණ ලැබ උදාවු මේ යහපත් පරිපුණ්ණ මොහොත ඉක්මවයි. තෙපි ඒ පරිපුර්ණ මොහොත නොඉක්මවා ඛණාතීතා - යම් කිසිවකු විසින් ඒ උසස් මොහොත ඉක්මවන ලද්දේ නම්, ඔහු නිරයේ ඉපදී සෝකයට පත්වේ යන අර්ථයි.