10. බොහෝ ආගන්තුක භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත
“නගරං යථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ ආගන්තුක භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එක භික්ෂු පිරිසක් එක් ප්රත්යන්ත පෙදෙසක වස් සමාදන් වී පළමු මස සුවසේ වාසය කළහ. මධ්යම මාසයේ දී සොරුන් පැමිණ ඔවුන්ගේ ගොදුරු ගමට පහර දී බලහත් කාරයෙන් භාණ්ඩ රැගෙන ගියාහුය. එතැන් පටන් මනුෂ්යයෝ සොරුන් මර්ධනය සඳහා ඒ ප්රත්යන්ත නගරය ප්රතිසංස්කරනය කරන්නේ එම භික්ෂූන්ට සකසා උවටැන් කිරීමට ඉඩකඩ නොලැබුහ. ඔවුහු අපහසුවෙන් වස්කාලය අවසන් කර (පවාරණයෙන් පසු) බුදුන් දැකීමට සැවැත් නුවරට ගොස් බුදුන් වැඳ එකත් පසෙක සිටියාහුය. බුදුහු ඔවුන් සමග කරන ලද පිළිසඳර කථා ඇත්තේ කිම මහණෙනි සුවසේ විසුවෝදයි විමසා සිටිවිට ස්වාමීනි අපි පළමු මාසයේ දී සුවසේ විසිවෙමු. මධ්යම මාසයේදී සොරු ගමට පහර දුන්හ. එතැන් පටන් මිනිස්සු නගරය ආරක්ෂා කරන්නේ සකසා උවටැන් කිරිමට අවකාශ නොලැබුහ. මේ නිසා අපහසුවෙන් වාසය කලෙමුයි කීවිට, වැඩක් නැත මහණෙනි නොසිතමු. ඵාසු විහාරය නම් නිතර දුර්ලභයි. යම් සේ ඒ මිනිස්සු නගරය ආරක්ෂා කළෝද මෙලෙස භික්ෂූන් විසින් ආත්ම භාවය රැකීමට වටීයයි කියා මේ ගාථාව දෙසුහ -
වට කොට නුවර සුවිසල් මහ පවුරු තනා
යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා
නුවරක් වගේ සුරකින, රජු රටම දිනා
රැකගනු ඔබේ සිත කය සහ වදන මනා
යොදවා සෙබළු රැකවරණය යෙදුව ගෙනා
නුවරක් වගේ සුරකින, රජු රටම දිනා
රැකගනු ඔබේ සිත කය සහ වදන මනා
ප්රත්යන්ත නගරයක ඇතුලත හා පිටත ආරක්ෂ කරන ලද්දේ යම්සේ වේද? එසේ තමා රකිව්. යම් හෙයකින් මේ වටිනා මොහොත ඉක්ම ගියාහු. නරකයෙහි ඉපදී ගෝක කෙරෙන්ද එහෙයින් ඒ මොහොත ඒකාන්තයෙන් ඉක්ම නොයේවා.
එහි සන්තර බාහිර - යම් සේ මහණෙනි ඒ මිනිසුන් විසින් ඒ ප්රත්යන්ත පිටිසර නගරය දොරටු පවුරු ආදියෙන් ස්ථිර කරන්නේ දොරටු අට්ටාල දිය අගල් ආදියෙන් ස්ථිර කරන්නේ බාහිරවම ආරක්ෂා කෙරේද? මෙලෙස තොපද සිහිය පිහිටුවා ආධ්යාත්මික සදොර වසා දොරටු රකිනා ලෙසරකීද එසේම බාහිර ෂඩ් ආයතන ආධ්යත්මය නැසීම සඳහා පවතී. එසේ නොගත්තේද ස්ථිර කර ඔවුන්ට ප්රවේශ නොවීම සඳහා වාර වසා ඇතිවිට පහනොකොට මෙසේ තමන් රකින්නේ යන අර්ථයි. “මා උදෙසා” යමෙක් විසින් මෙසේ තමන් ආරක්ෂා නොකරයිද, එම පුද්ගලයා බුද්ධ උත්පාද කාලයේ මජ්ඣිම දේශයේ ඉපිද ඒ මොහොතේ සම්යක් දුෂ්ටිය ලැබ ෂඩ් ආයතන නො අඩුව මේ සියළු ලක්ෂණ ලැබ උදාවු මේ යහපත් පරිපුණ්ණ මොහොත ඉක්මවයි. තෙපි ඒ පරිපුර්ණ මොහොත නොඉක්මවා ඛණාතීතා - යම් කිසිවකු විසින් ඒ උසස් මොහොත ඉක්මවන ලද්දේ නම්, ඔහු නිරයේ ඉපදී සෝකයට පත්වේ යන අර්ථයි.
දේශනාවසානයේ එම භික්ෂුහු උපන් සංවේග ඇතිව රහත් භාවයේ පිහිටියාහුය.
11-12. නිගන්ඨයින් පිළිබඳ කථා පුවතයි.
“අලජ්ජිතායෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී නිගණ්ඨයන් අරමුණු කරගෙන දේශනා කළහ.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා නිගණ්ඨයන් දැක ඒ පිළිබඳ කථාවක් ඇතිකළහ. ඇවැත්ති හැම අතින්ම නොවැසු අචේලකයන් අතර මේ නිගණ්ඨයෝ වඩාත් උතුම් වේ. අනෙක් අයට වඩා උතුම් වන්නේ ඔවුන් ඉදිරිපස වසාගන්නා හෙයිනි. එනිසාම ඔවුහු ලජ්ජා සහිතවෙති සිතමි. මෙය අසා නිගන්ඨයෝ අපි එම කාරණය නිසා නොවසමු. අපි එලෙසට වසන්නේ පස් දුවිලි ආදිය පුද්ගලයන් ජීවිත ඉන්ද්රිය ප්රතිබද්ධවේ. අපගේ භීක්ෂා භාජනයට දුවිලි හා පස් නොවැටේවායි වසාගෙන සිටිමුයි කියා ඔවුන් වාද ප්රතිවාද වශයෙන් බොහෝ කථා භික්ෂූන් වහන්සේලා බුදුන් වෙත එළඹ සිටියදී මේ ප්රවෘත්තිය දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ! ලජ්ජා නොවිය යුතු තැන ලජ්ජා වී ලජ්ජාවිය යුතු තැන ලජ්ජා නොවීම නම් දුගති ගමනට හේතුවේයි පවසා ධර්මදේශනා කරමින් මේ ගාථා පැවසුහ.
ලජජා නොවිය යුතු තැන ලජ්ජා වන ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවන මිත්යදෘෂ්ටි ගත් අය දුගතියට යති.
බිය නොවිය යුතු තැන බිය දකින බිය විය යුතු තැන බිය නොදක්වන මිථ්යා දෘෂ්ටි ගත් පුද්ගලයෝ දුගතියට යති.
ලජ්ජා වන්න නිසි තැන කදිම පව්කමට
බිය විය යුතු තැනදි බිය නොවුවොත් පවට
මිසදිටු ගති ගතොත් ඔබෙ සන්සුන් සිතට
යනවා නියතමයි අටමහ දුගතියට
බිය විය යුතු තැනදි බිය නොවුවොත් පවට
මිසදිටු ගති ගතොත් ඔබෙ සන්සුන් සිතට
යනවා නියතමයි අටමහ දුගතියට
එහි අලජ්ජිතායෙති - ලජ්ජාවියයුතු බැවින් භික්ෂ භාජනය ලජ්ජා නොවිය යුතු දෙයකි. ඔවුන් එය වසාගෙන හැසිරෙන්නේ ඉන් ලජ්ජා නම් වෙති. ලජ්ජිතායෙති. නොවැසු ලජ්ජා සහිත අග පසඟයෙන් ලජ්ජා විය යුතුය. එබඳු ස්ථාන නොවසා ගෙන යති. එහි ඔවුන්ට ලජ්ජාවක් නැත. මේ නිසා ඔවුන්ට එය ලජ්ජා නොවිය යුතු තැන ලජ්ජා නම් වේ. ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවීම හිස් දේ ගැනීමක් මෙන්ම අනෙකක් ගන්නා බැවින් මිථ්යා දෘෂ්ටි නම් වේ. එබඳු දෙය සමාදන් වී හැසි වීම මිච්ඡා දිට්ඨි සමාදාන පුද්ගලයා නිරය ආදී - දුගතිවලට යති. යන අදහසයි. අභයෙති - භික්ෂා භාජනය නිසා රාග දොස මෝහ යන දෘෂටි ක්ලේශ දුසිරිත් භය ඇතිනොවන හෙයින් භික්ෂූ භාජනය අභය නම් බියෙන් එය වැසීම නම් අභය භයදස්සී නම් වේ. ලජ්ජා ඇතිවන අග නිසා රාගාදිය උපදින නිසා එය බිය නම් එම අංග නොවැසීම නිසා භයෙව අභය දස්සිනෝ - ඒ අයථා ලෙස සමාදන් වීම නිසා මිථ්යා දෘෂ්ටි සහිත පුද්ගලයෝ දුගතියට යතියන අර්ථයි.
නිගණ්ඨයෝ දේශනය අවසානයේදි බොහෝ දෙනෙක් කළකිරුණ සිත් ඇත්තෝව පැවිදිවුහ. එතැනට පැමිණි අයටද දේශනය සාර්ථක විය.