5-6. ලකුණ්ඨක භද්දිය තෙරුන් පිළිබඳ කථා පුවත
“මාතරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී ලකුණ්ටක භද්දිය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් බොහෝ ආගන්තුක භික්ෂුහු බුදුන් දිවාකල සිටින තැනට එළඹ වැඳ එකත් පසෙක සිටියාහුය. මේ අවස්ථාවේදී ලකුණ්ටක භද්දිය තෙරුන් බුදුන් නොදුරෙන් වැඩම කළහ. බුදුහු එම භික්ෂූන් වහන්සේලාගේ සිත්තුළ ඇති වුණු අදහස් දැනගෙන බලන්න මහණෙනි. මේ භික්ෂුව දෙමාපියන් නිසා දිදුක්ලෙස යන්නේයයි පැවසීය. එම භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේ කුමක් කියන්නේදැයි එකිනෙකාගේ මුහුණ බලා සැක සහිතව මේ කුමක් කියන්නේදැයි විමසූ විට ඔවුන්ට ධර්මය දේශනා කරමින් මේ ගාථාව වදාළහ.
තණ්හාව මව මෙනි
මමය මාගේ හැගුම පිතුමෙනි,
මිසදිටු රජුන් වැනි
නැසුම වේවා රහත් නුවණිනි,
තණ්හාව නැමති මවද - මානය නැමති පියාද - ශාස්වත උච්ඡේද නැමති ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනාද නසා නන්දරාග නැමති අයකැමියා සහිතව දොළොස් ආයතන නැමති රට නසා - රහතන් - නැමති බමුණ නිදුකින් නිවසයි.
එහි සානුචරන්ති - යනු ආදායම් ඇතිකරන - අයකැමියා සහිත - මෙහි තණ්හාජනෙති පුරිසං - යන වචනයෙන් තුන් භවයේ සත්ත්වයන්ට ජන්මය ලබා දෙන හෙයින් තෘෂ්ණාව මාතා නමි මම අසවල් රජුට හෝ රාජ මහා මාත්‍යයන්ට හෝ පුතු නිසා පිතරං පියා නිසා අස්මිමානය උපදින හෙයින් අස්මිමානය මානය පිතා පියා නමි. ලෝකය මෙන් වු රජුන්ට යම්හෙයකින් සියළු දෘෂ්ඨි ගත - ශාස්වත උච්ඡේද ආදී දෘෂ්ටි භාජනය කරන්නේ මේ දෘෂ්ටි දෙක බත්තිය රාජානො ක්‍ෂත්‍රිය රජවරු දෙදෙනායි. ද්වාදස ආයතන නිතර පැතිර පවත්නා හෙයින්. අයකැමියා ආයුත්තත පුරුෂයා මෙන් ද නන්දිරාග සහගත ඇල්ම ඇතිවන නිසා නුවර නම් වේ. රට සමාන හෙයින් රට්ඨං රටනම් අනුචරො අනුවර නම් අනීඝ - යනු නිදුක් යන්නයි බ්‍රාහමණා බ්‍රාහ්මණ නම් ක්ෂීණාශ්‍රව. අරහත් මාර්ග ඤාණයෙන් තෘෂ්ණාව නැසු හෙයින් ක්ෂිණාශ්‍රව තෙමේ නිදුදුක්ඛො නිදුකින් යාති සිටී යන අර්ථයි.
මේ දෙසුම අවසන භික්ෂූන් අරහත්වයට පත්වූහ.
දෙවනි ගාථාවද එම අදහසින්ම - ලකුණ්ටක භද්දිය තෙරුන් උදෙසාම දේශනා කළහ.
එහි දෙව්ච සොත්ථියෙ යනු බ්‍රාහ්මණයින් දෙදෙනා මේ ගාථාවේ අර්ථය බුදුහු තමන්ගේ ධර්මයේ ආධිපත්‍යය නිසා විවිධ දේශනා කුශලතාව නිසාද ශාස්වත උච්ඡේද දෘෂ්ටි බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය දෙදෙනා උපමාකොට දේශනා කළහ. වෙය්‍යග්ඝ පඤ්චමං ව්‍යාඝ්‍රයන් හැසිරෙන හෙයින් උවදුරු සහිත වු නිසා ගමන්කළ නොහැකි මග වෙය්‍යග්ඝ නම් වේ. ඊට සමාන බැවින් විචිකිච්ඡා නීවරණයද වෙය්‍යග්ඝ නම් එය පස්වනු කොට ඇති බැවින් නීවරණ පඤ්චකය වෙය්‍යග්ඝ පඤ්චකය නම් වේ. මේ වෙය්‍යග්ඝ පඤ්චමං අරිහත් ඤාණය මගින් ඇතිකිරීම අහෝසි කිරීම නිසා බ්‍රාහ්මණ නම් වෙයි. යන අර්තයි. ඉතිරි පෙරමෙනි.
7-12. දාරුසාටික-දරකත්තකරුගේ පුතු පිළිබඳ කථා පුවත
“සුප්පබුද්ධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී දාරු සාකටිකගේ පුතු නිමිති කරගෙන දේශනා කළහ.
රජගහනුවර සම්මාදිට්ඨික පුතාද මිථ්‍යා දෘෂ්ටික පුතා ද යනුවෙන් දරුවෝ දෙදෙනෙක් නිතර පන්දු ක්‍රීඩාවේ යෙදෙති. මොවුන් දෙදෙනා අතරින් සම්මා දෘෂ්ටික පුත්‍රයා බෝලය දැමීමේදී බුද්ධානුස්සතිය සිහි කොට “නමෝබුද්ධස්සාති” යනුවෙන් පවසා පන්දුව දමයි. අනෙකා තීර්ථකයන්ගේ ගුණය උදෙසා “නමො අරහන්තානං” රහතුන්ට නමස්කාර වේවායි කියා පන්දුව දමයි. ඔවුන් දෙදෙනා අතර සම්මා දිට්ඨිකගේ පුතා දිනයි - අනෙකා පැරදෙයි ඔහු ඔහුගේ ක්‍රියාව දැක මේ තැනැත්තා මෙය සිහිකොට මෙලෙස කියා පන්දු.... දමන්නේ මා පරදවයි. මම ද එසේ කරමියි බුද්ධා නුස්සතිය පුරුදු කළේය. ඉක්බිති එක් දිනක් ඔහුගේ පියා කරත්තය යොදා දර සඳහා යන්නේ මේ දරුවා ද කැඳවාගෙන ගොස් කැලයේ දර කරත්තය පුරවා ආපසු එන්නේ නගරයෙන් බැහැර සොහොනක් ළග. ජලය පහසුතැනක ගොනුන් මුදවා ආහාර ගැනීම කළේය. ඉක්බිති එම ගොනු සවස් කාලයේ පුරුදු පරිදි අනෙක් ගව සමුහයාද සමග නගරයට පිවිසියාහුය. රියකරුද ගොනුන් ලුහුබැඳ ගොස් නගරයට පිවිසියේ සවස ගොනුන් දැක, ඔවුන් ගෙන නික්මෙන්නේ වාසල දොර වැසීය.
එකල්හි රියකරුට නගරයෙන් පිටත යා නොහැකි වුයෙන් ඔහුගේ පුතා තනිවම රාත්‍රිකාලයේ කරත්තය යටට වී නිදාගත්තේත්ය. රජගහ නුවර ප්‍රකෘතියෙන්ම අමනුෂ්‍යයන් බහුලය. මොහු සොහොන අසල නිදාගත්තේ අමනුෂ්‍යයෝ දෙදෙන්නෙක් ඔහු දුටුවෝය. එකෙක් මිථ්‍යා දෘෂ්ටික හෙයින් සසුනට විරුද්ධය. එකෙක් සම්‍යදිෂ්ටි නිසා සසුනට පක්ෂය ඔවුන්ගෙන් මිථ්‍යා, දෘෂ්ටිකයා මෙසේ කීවේය. අපි මොකුත් නොකෑවෙමු මොහු කමු යනුවෙනි. අනෙකා වැඩක් නැත මට රුචි නොවේ වැලැක්වීය. ඔහු අනෙකා විසින් වළක්වන ලද්දේද ඔහුගේ වචනය නොතකා දරුවා පයින් ගෙන ඇද්දේය. ඔහු බුද්ධානුස්සතිය පුහුණු හෙයින් එකෙනෙහි නමො බුද්ධස්සති - පැවසුවේ. අමනුෂ්‍යයා මහත් බියට පත්ව පසෙකටවී සිටියේය. අනතුරුව අනෙකා අප විසින් නොකට යුත්තක් කළෙමු. දඩුවමක් කරමුයි කියා ඔහු රකිමින් සිටියහ. මිථ්‍යා දෘෂ්ටිකයා නගරයට පිවිස රජුන්ගේ භෝජන භාජනයෙන් ආහාර භාජනය පුරවාගෙන ගෙන ආවේය. ඉක්බිති දෙදෙනාම ඔහුගේ දෙමාපියන් ලෙසට උවටැන් කර කෑම කවා මේ අක්ෂර රජු දකීවා, වෙන අයකු නොදකීවා. යි එම පුවත ප්‍රකාශ කරමින් යක්‍ෂයාගේ ආනුභාවයෙන් ආහාර බඳුන්නේ අකුරු කොටා පාත්‍රය දර කරත්තයේම තබා මුළු රාත්‍රිය ආරක්ෂා කොට ගියාහුය.