2. කිකිළි බිත්තර කෑ තැනැත්තිය පිළිබඳ කථා පුවත
“පර දුක්ඛුපධා නෙන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක් කිකිළි බිජුවට කෑ කුමාරිකාවක අරමුණු කරගෙන දේශනා කළහ.
සැවැත් නුවරට නොදුරෙහි පණ්ඩුපුර නම් එක් ගමක් ඇත. එහි එක් - ධීවරයෙක් වාසය කරයි. ඔහු සැවැත් නුවරට යන්නේ අචිරවතී ගඟ අසල කැබෑවකුගේ බිත්තර දැක ඒවා ගෙන සැවතට ගොස් එක් ගෙයකදී උයවා කමින් ඒ ගෙදර එක් දැරියකටද එක් බිජුවක් දුන්නේය. ඇය එය කා එතැන් සිට වෙනත් කෑයුතු දෙයක් නොකමැතිවෙයි. අනතුරුව ඇගේ මව කිකිළියක් බිජු දැමු තැනකින් එක් බිත්තරයක් ගෙන දුන්නාය. ඇය එය කා රස තෘෂ්ණාවෙන් බැඳුනේ එතැන් පටන් තමන්ම කිකිළියන්ගේ බිජු ලබාගෙන කයි. ඇය දැක ඇගෙන් පීඩාවට පත් කිකිළිය වෛර බැන්දාය ඉන් චුතව යක්‍ෂණියක් වී තිගේ දරුවන් කෑමට සමත් වී උපදිනෙමියි ප්‍රාර්ථනා කර මරණයට පත්ව ඒ ගෙදරම බැළලියක් වී උපනී. අනෙක් තැනැත්තිය ද කළුරිය කොට එහිම කිකිළියක් වි උපන්නාය. කිකිළිය බිජු දැම්මාය බැළලිය පැමිණ ඒවා කා දෙවැනි වරද තෙවැනි වරද කෑවාය. කිකිළිය තුන්වරක් මගේ බිජු කා දැයි මද කෑමට කැමති ය. මෙයින් චුතව පුතුන් සහිත ඇය කෑමට ලැබේවායි ප්‍රාර්ථනා කර එයින් චුතව කොටි දෙනක් වී ඉපදුනි අනෙක් අය (කිකිළි) මුව දෙන්නෙක් වී උපනි. ඇය වදනකළ කොටි දෙන පැමිණ ඇය පුතු සමගම කෑවාය. මෙලෙස කමින් ආත්මභාව පන්සියයක් එකිනෙකාට දුක් උපදවා අවසානයේදී එක් යක්‍ෂණියක්ව උපදිති. අනෙක් තැනැත්තී සැවැත් නුවර එක් කළ දියණියක්ව ඉපදුනි. මෙයින් පසුව නහී වේරාන වේරානි යන ගාථා වර්ණනාව කී පරිද්දෙන් දත යුතුය. මෙහි වනාහි බුදුහු වෛරය අවෛරයෙන් සන්සිදේයයි පවසා වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳී යයි මේ ගාථාව පැවසුහ -
අනුන් හට දුක් දී
සිටියත් තමන් සුව දී
වයිරයෙන් පෙර දී
කවදා නමුත් වර දී
අන් අයට දුක් ඇතිකර තමන් සුවය කැමතිවේද වෛරයෙන් ගැටුනේ ද ඔහු වෛරයෙන් නොමිදේ.
එහි පරදුක්ඛුපදානෙන - යනු අන් අයට දුක් ඇතිකරලීමෙන් යන අර්ථයි. වෙරසංසග්ග සංඝටෙඨා යම් පුද්ගලයෙක් ආක්‍රෝෂකිරීම, ආදී ලෙස එකිනෙකා හා වෛර බැදීමෙන් ගැටුනේ ඔහු වෛරයෙන් නොමිදේ. වෙරා සොන පරිමුච්චති නිත්‍ය වශයෙන් වෛරී ලෙසට දුකටම පැමිණේ, යන අර්ථයි.
දෙසුම අවසානයේ යකින්න සරණෙයෙහි පිහිටා පන්සිල් සමාදන්ව වෛරයෙන් මිදුනි. අනෙක් තැනැත්තියද සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණ පිරිසටද දේශනය සාර්ථක විය.
3-4. හද්දිය භික්ෂුන් පිළිබඳ කථා පුවත
“යංහි කිච්චං” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ භද්දිය නුවර ඇසුරු කොට ජාතියා වනයේ දී භද්දිය භික්ෂුව නිමිතිකර වදාළ සේක.
ඔවුහු පාපළඳනා - සෙරෙප්පු - සැරසීමේ යෙදුන අය වුහ. එකල්හි භද්දිය භික්ෂුව නොයෙක් ආකාර පාවහන් සැරසීමේ යෙදුනේ වෙති. තෘණ පාවහන් කිරීමද කරවීම ද කරති. මුඤ්ජ පාවහන් - බබුෂ්තණ සෙරෙප්පු - කිතුල් සෙරෙප්පු නෙළුම් සෙරෙප්පු කම්බල සෙරෙප්පු යන මේවා කිරීමද කරවීමද හිස් දෙයෙකැයි උද්දේස විමසා අධි - සීල -අධි චිත්ත - අධි පඤ්ඤා භික්ෂූන් ඔවුන් පිළිබඳව කථා කරන බව දැන ඝෝෂා කර බුදුන්ට දැනුම් දුන්හ. බුදුහු එම භික්ෂුවට ගර්හා කොට මහණෙනි තොප අන් කායකට පැමිණ අනෙක් කටයුත්තක යෙදුනේ යයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
කළ යුතු දේ නොකොට සිව් සිල් රැකු මාදී
බාහිර දේ කළොත් දෙස් පාලන ආදී
වැඩෙමින් කෙලෙස් තන්හා - රා - මානාදී
අරිමග නිවන් මග ඉන් යනු ඇත සේදී
කළයුතු භාවනා - කරමින් මනා සිල් රැක
එළඹ සිටි සිහි ඇති - මග නැණින් පිරිපුන්වූ
මහණෙකුගේ සිතින් නම් - නැසේ කාමාදි ආසාව
සිල් රැකීම් ආදී තමන් විසින් කටයුතු යම් දෑ මහණෙකු විසින් හැර දමා පිරිකර ඔප මට්ටම් කිරීම් ආදී නො කළ යුතු දෑ කරයිද, උඩඟවූ පමා වූ ඔහුගේ ආශ්‍රවයෝ වැඩෙත්.
යම් කෙනෙකුන් විසින් කායගතාසති භාවනාව නිතොර මොනවට වඩන ලද ද කටයුත්තෙහි නිත්‍ය ක්‍රියා ඇති නොකොට යුතු දෑ නො සෙවිත් මනා සිහි නුවණ ඇති ඔවුන්ගේ ආශ්‍රමයේ විනාශ වෙත්.
එහි යංහි කිච්චං - යනු භික්ෂූන් විසින් පැවිදිවු තැන්සිට අපමණ සීලක්ඛන්ධ ආරක්ෂා කිරීමයි. ආරණ්‍යයෙහි විසීම ධුතාංග දැරීම භාවනාවේ යෙදීම මේ ආදී කාර්යයන් මෙහි යම් තමන්ගේ කටයුතු තං අපවිද්ධං විසිකළ අකිච්චන්ති - භික්ෂුගේ - කුඩ සැරසීම - පාවහන් පාත්‍රය, පටිය, ඉනේ බඳින පටිය, මේවායේ සැරසීම නොකළ යුතු දේත්වෙයි. යම් කෙනෙක් මේවා කරයිද ඔවුන්ගේ මානය වැඩී හැසිරෙන නිසා උන්නලානං - සිහිය බැහැරයයි. පමත්තානං සතර කෙලෙස් වැඩේ යන අර්ථයි. සුසමාරද්ධ මනා පරීක්ෂාවෙන් කායගතා සතිනි - යනු කායානු පස්සනා භාවනාවයි. අකිච්චංති - ඔවුහු කුඩ සැරසීම් ආදිය නොකළ යුතුයි. න සෙවනෙති සේවනය නොකරති. යන අර්ථයි කිච්චෙ නම් පැවිදි වූ තැන්සිට කළයුතු අපරිමාණ ලෙස සිල් රැකීම ගෝපනාදිය කරයි. සාතච්චකාරිනො - නිතර කරන අට්ඨිතකාරී. ඔවුන්ගේ සිහියෙන් නොවිසීමෙන් සතානං සාත්ථක සම්පජඤ්ඤ - සප්පාය සම්පජඤ්ඤ ගෝවර සපජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ - යන සම්පජඤ්ඤ මේ සතර සම්පජඤ්ඤයෙන් දන්නාවු සමජ්ජානානං සතර කෙලෙස් දුරුවේ. ආසවා අත්ථං ගච්ඡන්ති පරික්ෂිණ අභාවයට යති. යන අර්ථයි.