16-17. පටාචාරාවගේ කථා පුවත
“න සන්ති පුත්තාති ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පටාචාරා නිමිති කරගෙන දේශනා කළහ. (කථාවස්තුව සහස්ස වග්ගයේ එයි )
“යොව වස්ස පතං ජීවෙ අප්සසං උදයව්‍යයං” යමෙක් වර්ෂ සියයක් - ඇතිවීම නැතිවීම නො දැක ජීවත් වේද? එයට වඩා හට ගැනීම නැතිවීම දකිමින් එක් දිනක් ජීවත්වීම වටී.
ගාථා වර්ණනය විස්තර කොට කියන ලදී. එකල්හි පටාචාරාව ශෝකය තුනී නියාව දැන, පටාචාරාවෙනි, මිය පරලොව ගියවුන්ට වැදු දෙමාපියෝ වත්, තමන් හැදු දරුවෝ වත්, සෙසු නැදෑයෝ වත්, වෙනත් ස්වාභාවික ආරක්ෂාවක් වත් නොමැත්තේය. සරණ වන්නට නො හැක්මය. එසේ ඇති කල්හි නුවණැත්තෝ සිල් රැක, තමන්ගේ නිවන් මග සාදා ගැනීමම වටී යයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
මරණය හිමිය උපදින හැම කෙනෙකු හට
දු දරු මව්පියෝ නැත පිහිට වීමට
නැදැයින් කිසිත් නැත ඔබ තනිව සිට
අරි අට මග වඩා යායුතුය නිවණට
මරණයෙන් යටපත් වුවහුට පිහිට පිණිස දු පුතුන් නැත. පියවරු නැත. ඥාතින් නැත මාරයා වැටුනවිට ඥාතීන්ගේ පිහිට නැත. සිලයෙත් සංවරවු නුවණැත්තෝ මෙය දැන නිවන් මග වහා ශුද්ධ කරගනී. තත්ථ එහි තාණයා යනු ආරක්ෂව - පිහිටවීම සඳහාය. බන්ධවා යනු පුතුන්ද දුවරුද තබා අනෙක් ඥාති සහෘදයෝ නැත. අන්ත කෙනාධි පන්නස්ස මරණ බියෙන් මැඩගත් පැවැත්ම. පුතුන් ආදීන් කැමබීම ආදීය දීමෙන් මෙන්ම ඇතිවන කාරිය අවසන් කිරීම ද පිහිට වීද මරණ කාලයේ කිසියම් උපායකින් මරණය වළක්වන්නට අසමත් බැවින් පිහිට පිණිස ආරක්ෂාව පිණිස නැත්තේමය. එනිසා කියන ලදී. නත්ථි ඥාතීසු - ඥාතීන්ගේ පිහිටක් නැත. මේ කරුණ නිසා එකිනෙකාට පිහිට විමට අසමර්ත සඞඛ්‍යාත කරුණු දැන නුවණැත්තා චතුපාරිශුද්ධි සීලයෙන් සංවර වී රකින ලද ගෝපනය කරන ලද ඉඳුරන් ඇතිව නිවන් මග වු අෂ්ඨාංගික මාර්ගය වහවහා වැඩිය යුතුයයි යන අර්ථයි.
දේශනය අවසානයේ පටාචාරා සෝවාන් ඵලයෙහි පිහිටි යාය. අනෙක් බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
මග්ග වර්ණණාව නිමි
විසි වැනි වර්ගයයි.
21. ප්‍රකීර්ණක වර්ගය
1. ගංගා රෝහණ කථා පුවත
“මත්තාසුඛ පරිව්වාගා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටියදි තමන්ගේ පෙර කර්මය නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක විසාලාව සමෘධිමත් විය. සම්පූර්ණ වු බොහෝ ජනයාගෙන් පිරි පැවතුනි. එහි වරින් වර රජ කරන ක්‍ෂත්‍රියයෝම හත් දහස් හත්සිය හැත්තෑ (7777) හතක් වු වුහ. ඔවුන්ගේ වාසය සඳහා එමපමණ ප්‍රාසාද හා කුළු ගෙවල් උයන්වල විසීම සඳහා ආරාම පොකුණු දවුහ. මේ මහනුවර පසුකලෙක දුර්භික්ෂයක් විය. ශෂ්‍ය දුබලවිය. එහි සාගත හේතුවෙන් පළමුව දුගී මිනිස්සු කළුරිය කළහ. තැන තැන දමන ලද ඔවුන්ගේ මිණි කුණු වල ගඳින් අමනුෂ්‍යයෝ නගරයට පිවිසුනහ. අමනුෂ්‍ය උපද්‍රවයෙන් බොහෝ දෙනෙක් මියගියහ. ඔවුන්ගේ මළකුණු ගඳ පිළිකුලනිසා සත්ත්වයන්ට අභිවාතක රෝගය උපනි. මේ ලෙසට දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය රෝග බය යන තුන් බිය ඇතිවිය.
නුවර වැස්සෝ රැස්වී රජුට කිවාහුය. මහරජ මේ නුවර තුන්බිය ඇතිවිය. මින්පෙර ධාර්මික රජවරුන්ගේ කාලයේදී මෙබඳු බයක් නම් ඇති නොවීය. රජු සත්ථාගාරයේ සියල්ලන් එක් රැස් කරවා රජවරුන්ට මෙසේ කීවාහුය. ඉදින් අප අතර අධාර්මික බවක් (නොදැහැමි බවක් තිබේ නම් එය සොයා බැලිය යුතුය. විසාලාව වැසි සියළු ප්‍රවේනිත් සොයන්නේ රජුන්ගේ කිසි දොසක් නොදැක මහරජ ඔබගේ දෝෂයක් නැතැයි කියා කෙසේ නම් මේ බිය සංසිඳවනෙමු. දැයි සම්මන්ත්‍රණය කළහ. එහිදී ඇතැම් කෙනෙක් බලි පුද කිරිමෙන් ආයාචනය කරමුයි එය මංගල ක්‍රියාවක්බව පැවසු විට එය පවත්වා වැළැක්වීමට නොහැකි වේ. ඇතැම් කෙනෙක් ෂට් ශාස්තෘවරු මහානුභාව සම්පන්නය. ඔවුහු මෙහි පැමිණි පමණකින් තුන් බිය දුරුවනේන්යයි පැවසුහ. තවත් කෙනෙක් සම්මා සම්බුදුන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේ සියළු සතුන්ගේ යහපත සඳහා ධර්මය දේශනා කරති. මහා ඍද්ධිමය මහත් ආනුභාව සහිතය. උන්වහන්සේ මෙහි වැඩමකළවිට තුන් බිය පහවීමට හේතුවේයයි පැවසූහ. ඔවුන්ගේ වචනය පිළිබඳව සියල්ලෝම සතුටු වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහේ වාසය කරත්දැයි විමසුහ. ඒ දිනවල බුදුහු වස් සමාදන් විමට ආසන්න නිසා බිම්බිසාර රජුට ප්‍රතිඥා දී වේළුවන විහාරයේ වැඩ සිටිති. මේ කාලයේදී බිම්බිසාර හා එක්ව සෝවාන් ඵලයට පත් මහාලි නම් ලිච්ඡවී රජ එම පිරිසේ සිටියේ විය.