12-14. පන්සියයක් උපාසකයන්ගේ කථා පුවත
“යො පාණ මතිපාතෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පන්සියයක් උපාසකවරු නිමිති කරගෙන දේශනා කළහ.
ඔවුන් අතුරින් එක් අයෙක් ප්රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය පමණක් ආරක්ෂා කළ කෙනෙකි. (අනෙක් අය අනෙක් ශික්ෂාපද රකින) ඔහු අනෙක් අය රකින ශික්ෂා පදවලට වඩා තමන් රකින ශික්ෂාපදය වැඩියැයි උසයැයි සිතුවේය. එක් දිනක් මම ඉතා දුෂ්කරවු දෙයක් කරමියි. දුෂ්කර දෙයක් ආරක්ෂා කරමියි විවාදකර බුදුන් වෙත ගොස් වැඳ මේ කරුණ පැවසුහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා එක් ශීලයක් කණිෂ්ඨය, එකක් ජ්යෙෂ්ඨය නොකියා පන්සිල්ම රැකිය යුතුය එය දුෂ්කරයයි කියා මේ ගාථාව වදාළහ.
සතුන් පණ නැසුම ද අනුන් දේ සොරසිතින් ගැනුමද
පර අඹුවන් සෙවුම - අනුන් නැසුමට බොරු දෙසීමද?
පර අඹුවන් සෙවුම - අනුන් නැසුමට බොරු දෙසීමද?
මත් පැන් පානය ද - පස් පව් එක සමානයි.
මේ පව් කරන්නා - මෙලොව දනයෙන් පිරිහී
මේ පව් කරන්නා - මෙලොව දනයෙන් පිරිහී
පරලොව ගියත් ඔහු - පැසෙයි කප් සිය ගණන් නිරයේ
“සොපාණමතිපාතෙ” යනු මුසාවාදඤ්ච භාසති යමෙක් ප්රාණඝාතය කරයි ද - බොරුබස් කියයි ද නොදුන්දේ ගනු ද පරඹුවන් සේවය කරයි ද රහමෙර පානය කිරිමේ යෙදේද මෙලොව දී මෙන්ම පරලොවදී ද තම මුල් සිඳගනි. පුරුෂය මෙය දැනගන්න. අසඤ්ඤතවු පාප ධර්මය දනීද මේ ලෝභය හා අධර්මය බොහෝ කලක් දුක් රඳවන්නේය.
එහි පාණ අතිපාතෙ - යනු යම් කෙනෙක් සියතින් මැරීම ආදි ප්රයෝග හයෙන් අන් අයගේ ජිවිතින්ද්රිය සිඳියි ද මුසාවාදං යනු අන් අයගේ ආත්මය සිඳින බොරුබස් කියයි ද ලොකෙඅදින්නතං ආදියති මේ සත්ව ලෝකයේ උමං කැණීමාදියෙනී, හොරමිනුම් වලින් කිරීම් - ආදී එක් අවහාරයෙන් අන්අය සතුදේ ගනීද? පරදාරං ව ගච්ඡති අන් අයවිසින් රක්ෂිත පෝෂිත කාන්තාවන් කෙරෙහි වැරදි ලෙස හැසිරේද? සුරාමෙරයපානං යමෙකු සුරාවෙන්ම මල් ආදියෙන් පෙරන සුරාව පානය කිරිමේ යෙදේ ද සේවනය කෙරේ ද බහුලව කරයි ද එම පුද්ගලයා මෙලොවදීම යම් කෙත් වතුපිටි දියුණුව සඳහා වෙන්කළ මුදලක් වෙයිද එම මුදල් ද නොතබා සුරා පානය කරයි ද ඔහු මුල් සිඳ අනාථවු - කෘපණ වු සිඟන බවට පත්ව හැසිරේ එවමහා මෙලෙස පවුකරන පුද්ගලයාට අමතයි. පාපධම්මාති - ළාමක ධර්ම අසඤ්ඤතා කායික සංවරය නැති අචෙතසා චෙතනාගා නැතිවද නොසිතන්නෝ නම් වෙති. ලොභො අධම්මො ලොභ දොස යන දෙකම අකුශල මුල්ය චිරං දුක්ඛා රන්ධයං බොහෝ කාලයක් අපාය ආදී දුක් ගෙන දීමට රැඳේ හේතුවේ යන අර්ථයි.
දේශනය අවසන පන්සියයක් උපාසකවරු සෝවාන් ඵලයේ පිහිටියහ. පැමිණි අයට දේශනාව සාර්ථක විය.
15-16. අටවැනිවූ තිස්ස දහර භික්ෂුව පිළිබඳ කථා පුවත
“දදාති චෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී තිස්ස නම් ළදරු භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ තිස්ස භික්ෂුව අනේපිඬු සිටුවරයා හා විශාඛාවන් පන්සියයක් ආර්ය ශ්රාවකාදීන් වෙත දෙන දානයන් ප්රතික්ෂේප කරමින් හැසිරෙයි. අසදෘස මහා දානය ද අවමානයට ලක්කරයි. ඒ ඒ දාන ශාලාවල සීතල ලැබ සීතල යයි නින්දා කරයි. උණුසුම ලැබුනවිට උෂ්ණ යයි නින්දා කරයි. ස්වල්පයක් ලැබුන විට ස්වල්පය කුමක්දැයි නින්දා කරයි. බොහෝ දේ ලත්විට මොවුන්ගේ ගෙවල තබන තැන් නැතැයි සිතයි. භික්ෂූන්ට දියයුතු පමණට දියයුතුයි නේද? භික්ෂූන්ගේ යැපීම් ප්රමාණයට වඩා කැද බත් නිර්ථක ලෙසට අපතේ දමයි. කියා නින්දා කරයි. තමන් ගේ ඥාතීන් නිමිති කරගෙන අහෝ අපේ ඥාතීන්ගේ නිවෙස්වලට සිව්දිගින් එන යන භික්ෂූන්ට වෙළඳසැලක් වැන්න. උත්සව මණ්ඩපයක් වැන්න. යනුවෙන් ප්රශංසාත්මක කථා කරයි. එහෙත් ඔහු දොරටුපාලකයෙකුගේ පුතෙකි. ජනපදයේ හැසිරෙන්නේ වඩුවෙක් සමග හැසිරෙමින් සැවැත් නුවරට පැමිණ පැවිදි විය. අනතුරුව භික්ෂූන් වහන්සේලා මිනිසුන්ගේ මේ දන්දීම පිළිබඳව නින්දා කරනු අසා එය විමසා බලමුයි සිතා ඇවැත්නි ඔබගේ ඥාතීන් කොහේ සිටිත්දැයි විමසා අසවල් ගමේ යයි පැවසුවිට තරුණ භික්ෂූන් කිපදෙනෙක් යැවුහ. ඔවුන් ඒ ගමට ගොස් ගම්වැසියන් විසින් ආසන ශාලාවක වාඩිකරවා සත්කාර කරන ලද්දේ මෙසේ විමසුහ. මේ ගමින් පිටත්ව පැවිදිවු තිස්ස නම් තරුණ භික්ෂුවක් සිටි. ඔහුගේ ඥාතීන් කවුරුන්ද යනුවෙනි. මේ ගමේ කුලගෙවල් වලින් නික්මී පැවිදි වුවෙක් නැත. කවරෙක් ගැන මේ අය කියත්දැයි සිතා ස්වාමීනි එක් දොරටුපාල පුත්රයෙක් වඩුවෙක් සමග හැසිරි පැවිදි වුයේ යයි අපි ඇසුවෙමු. ඔහු පිළිබඳව විමසන්නේ යයි සිතමි. තරුණ භික්ෂූන් තිස්ස භික්ෂුවට ධනවත් ඥාතීන් නැතැයි දැන සැවතට ගොස් ස්වාමීනි තිස්ස නිකරුන්නේ දොඩවතියි ඒ පුවත භික්ෂූන්ට දැනුම් දුන්හ. භික්ෂූන්ද තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ.
තථාගතයන් වහන්සේ මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙර භවයේදීද පුරසාරම් දෙඩුවේයි පවසා පිළිබඳව ඉල්ලා සිටිවිට අතීතය ගෙන හැර දැක්වුහ.
“බහුම්පි සො විකථෙය්ය අඤඤං ජනපදං ගතො” ඒ පුද්ගලයා වෙනත් ජනපදයකට ගියවිට බෙහෙවින් පුරසාරම් දොඩයි. ආපසු පැමිණ (තමාගේ ස්වාමියා) දුෂ්යකරයි කටාහකය ආනාචාර ගති හැර පියා සම්පත් අනුභව කරව!