9. එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත
“පවිවෙකරසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
ශාස්තෲන් වහන්සේ මහණෙනි මම මෙයින් මාස හතරකට පසුව පිරිණිවන් පාන්නෙමියි පැවසූවිට බුදුන් ළඟ සත් සියයක් භික්ෂූන් වහන්සේලා සන්ත්‍රාසයට පැමිණියාහු වෙති. රහතන් වහන්සේලාට ද ධර්ම සංවේගය ඇතිවිය. පෘථග්ජන භික්ෂූහු කඳුළු වැගුරූහ. භික්ෂූන් වහන්සේලා වර්ග වෙමින් කුමක් කරන්නෙමු දැයි කථාකරමින් හැසිරෙති. මේ අතර තිස්ස තෙරුන් නම් එක්නමක් බුදුරජාණන් වහන්සේ සිව් මසකින් පිරිණිවන් පාන්නාහ. මම කෙළෙස් සහිතය බුදුරජාණන් වහන්සේ වැඩසිටියදීම මවිසින් අර්හත්වය ගැනීම වටනේයැයි සිතා සිවු ඉරියව්වෙන් එක ඉරියව්වකින් වාසය කළේය. භික්ෂූන් වහන්සේලා සමග ගමන් කිරීමක් හෝ කිසිවෙකු සමග කථා කිරීමක් හෝ නැත. අනතුරුව උන්වහන්සේට භික්ෂූන් වහන්සේලා මෙලෙස පැවසුහ. ඇවැත්නි තිස්ස කුමක් හෙයින් මෙලෙස කරමුදැයි විමසුහ. එම කථා නො ඇසූ නිසා උන්වහන්සේ පිළිබඳව බුදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි තිස්ස තෙරුන් ඔබ වහන්සේට ස්නේහයක් නැත. බුදුහු එම තෙරුන් කැඳවා තිස්ස ඔබ මෙසේ කරන්නේ කුමක් හෙයින්ද? එම තෙරුන් විසින් තමන්ගේ අභිප්‍රාය දැනුම් දුන්විට සාධුකාර දී මා කෙරෙහි ස්නේහය ඇත්තෙක් වේ නම් ඔහු තිස්ස හා සමාන කෙනෙක් වේවා. සුවඳමල් ආදිය පුජා කරන්නා මා පුජා කරන්නේ නොවේ. ධර්මානු ධර්ම පිළිපදින්නෝම මට පුජාකරන්නෝ වෙති. වදාරා මේ ගාථාව වදාළහ.
හුදෙකලා රසය ද - නිවන් රසය ද යන
දෙරස බොන ඇත්තා - දාහ නැති කොට පව් ද නස්නේ.
එහි පවිවේකරසං යනු විවේකයෙන් උපන් රසයයි හුදෙකලා බවට සැපයයි යන අර්ථයි. පීත්ථා - යනු දුක අවබෝධ කරන්නේ අරමුණු වශයෙන් අවබෝධ කර ගනිමින් නිවන සාක්ෂත් කිරීම් නම් වු රසය බී. උපසම්සස්සව යනු ක්ලේශ උපසමනය නම් වු නිවන් රසයම බී නිද්දරොහොති මේ රස දෙකම පානය නිසා ක්‍ෂීණාශ්‍රව භික්ෂුව අභ්‍යන්තරයේ රාගාදි කරදර නැති නිසා කෙළෙස් දාහ නැත්තෙක් ද පව් නැත්තෙක් ද වේ. රසං පිබං නවවිධ ලෝකෝත්තර ධර්ම වශයෙන් උපන් ප්‍රීති රසය පානය කරමින් කරදර නැත්තෙක් ද පව්කම් නැත්තෙක් ද වේ අර්ථය දෙයි.
දේශනය අවසන තිස්ස තෙරුන් අර්හත්වයට පත්වුනි. මහජනයාට ද දේශනය සාර්ථක විය.
10-12. සක්දෙව්රජ පිළිබඳ කථා පුවත
“සාහු දස්සන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බේලුව ගමේ වැඩ සිටියදී සක්‍ර දේවේන්ද්‍රයා නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීමෙන් පසු ලේ පාචනය ඇතිවු බව දැනගෙන සක් දෙරජ ම විසින් බුදුන්වෙත ගොස් ගිලානෝපස්ථානය කිරීම වටීයයි සිතා තුන් ගවු පමණ වූ ආත්මභාවය අත්හැර දමා බුදුන් වෙත එළඹ අත් පා පිරිමැදීය. අනතුරුව බුදුහු මේ කවරෙක් දැයි විමසුහ. ස්වමීනි මම ශක්‍රදෙවියායි. කුමක් නිසා පැමිණියේද? ඔබවහන්සේ ගිලන්වූ නිසා උවටැන් කිරීමට පැමිණියෙමි. ශක්‍රය දෙවියන්ට මිනිස් ගඳ යොදුන් සියයක් දක්වා (හමයි) ගෙලබැඳි කුණපයක් ලෙසට මිනිස් ගඳ වෙයි. ඔබ යන්න මට උවටැන් කිරීමට භික්ෂූන් ඇත. ස්වාමීනි මම යොදුන් අසූහතර දහසක් දුර සිටිය දී ඔබවහන්සේගේ සිල් සුවඳ ආස්වාදනය කර ආවේමි. මම ම උවටැන් කරනෙමි. බුදුරජාණන් වහන්සේ ශරීර මළ පහකරන භාජනය අන් අයට අතින් අල්ලන්නටවත් නොදී හිසේ ම තබාගෙන බැහැර කරන්නේ මුහුණ ඇකිලීම් පමණවත් නොකළේ ය. සුවඳ බඳුනක් ගන්නාක් මෙන් විය. සිරුර මළ භාජනය හිසෙන් ගෙන ගොස් බැහැර කළේය. උවටැන් කළේය.
බුදුහු ඔහුගේ කථාව අසා මහණෙනි කුමක් කියවු ද මෙය ආශ්චර්යක් නොවේ. ශක්‍රදේවේන්ද්‍ර තෙමේ මා කෙරෙහි නො කරයි ද මේ සක් දෙවිඳු මා නිසා මහළු ශක්‍ර භාවය දුරු කර සෝවාන් වී තරුණ ශක්‍ර බවට පත්විය. මම ඔහුට මරණ භය තර්ජන ඇතිවුවිට පංචසිඛ ගාන්ධර්ව විද්‍යාපුත්‍රයා පෙරටු කොට පැමිණිවිට ඉන්ද්‍රසාල ගුහාවේදි දෙව් පිරිස් මැද සිටියදී.
“ශක්‍රය ඔබ කැමති යම් ප්‍රශ්නයක් වේ නම් පිළිතුරු මගෙන් විමසන්න ඒ ඒ ප්‍රශ්නවලට මම විසඳුම් දෙන්නෙමි”
මෙලෙස පවසා ඔහුගේ දුක දුරුකරන්නේ ධර්මය දේශනා කළෙමි. දේශනය අවසානයේ දාහතර කෝටියක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. ශක්‍රයා ද වාඩිවී සිටියදීම සෝවාන් ඵලයට පත් වී තරුණ ශක්‍රයෙක් විය. මෙලෙස මම ඔහුට බොහෝ උපකාර කළෙමි. එනිසා මා කෙරෙහිය කිරීම අරුමයක් නොවේ. මහණෙනි. ආර්යයාගේ දර්ශනය ද සුවයෙකි. ඔවුන් හා එක් තැනක වාසය කිරීම ද සුවයකි. බාලයන් හා ඇසුර නම් හැමකින්ම දුකකැයි පවසා මේ ගාථා වදාළහ.
දැක අරී සඟ ගණ
උහු හා එක්ව විසුමෙන
බාලයන් දුර ලන
කෙනා සැපයම ලබයි නිතියෙන.
සාහුදස්සන මරියානං ආර්යන්ගේ දර්ශනය හා ඔවුන් සමග විසීම හැම කල්හි සුවයකි. බාලයන් නොදැමෙන් ඇසුරු නොකිරීමෙන් සැප ඇත්තෙක් වන්නේය.