10-12. සක්දෙව්රජ පිළිබඳ කථා පුවත
“සාහු දස්සන” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බේලුව ගමේ වැඩ සිටියදී සක්‍ර දේවේන්ද්‍රයා නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීමෙන් පසු ලේ පාචනය ඇතිවු බව දැනගෙන සක් දෙරජ ම විසින් බුදුන්වෙත ගොස් ගිලානෝපස්ථානය කිරීම වටීයයි සිතා තුන් ගවු පමණ වූ ආත්මභාවය අත්හැර දමා බුදුන් වෙත එළඹ අත් පා පිරිමැදීය. අනතුරුව බුදුහු මේ කවරෙක් දැයි විමසුහ. ස්වමීනි මම ශක්රදෙවියායි. කුමක් නිසා පැමිණියේද? ඔබවහන්සේ ගිලන්වූ නිසා උවටැන් කිරීමට පැමිණියෙමි. ශක්‍රය දෙවියන්ට මිනිස් ගඳ යොදුන් සියයක් දක්වා (හමයි) ගෙලබැඳි කුණපයක් ලෙසට මිනිස් ගඳ වෙයි. ඔබ යන්න මට උවටැන් කිරීමට භික්ෂූන් ඇත. ස්වාමීනි මම යොදුන් අසූහතර දහසක් දුර සිටිය දී ඔබවහන්සේගේ සිල් සුවඳ ආස්වාදනය කර ආවේමි. මම ම උවටැන් කරනෙමි. බුදුරජාණන් වහන්සේ ශරීර මළ පහකරන භාජනය අන් අයට අතින් අල්ලන්නටවත් නොදී හිසේ ම තබාගෙන බැහැර කරන්නේ මුහුණ ඇකිලීම් පමණවත් නොකළේ ය. සුවඳ බඳුනක් ගන්නාක් මෙන් විය. සිරුර මළ භාජනය හිසෙන් ගෙන ගොස් බැහැර කළේය. උවටැන් කළේය.
බුදුහු ඔහුගේ කථාව අසා මහණෙනි කුමක් කියවු ද මෙය ආශ්චර්යක් නොවේ. ශක්රදේවේන්ද්ර තෙමේ මා කෙරෙහි නො කරයි ද මේ සක් දෙවිඳු මා නිසා මහළු ශක්‍ර භාවය දුරු කර සෝවාන් වී තරුණ ශක්‍ර බවට පත්විය. මම ඔහුට මරණ භය තර්ජන ඇතිවුවිට පංචසිඛ ගාන්ධර්ව විද්යාපුත්රයා පෙරටු කොට පැමිණිවිට ඉන්ද්‍රසාල ගුහාවේදි දෙව් පිරිස් මැද සිටියදී.
“ශක්‍රය ඔබ කැමති යම් ප්‍රශ්නයක් වේ නම් පිළිතුරු මගෙන් විමසන්න ඒ ඒ ප්‍රශ්නවලට මම විසඳුම් දෙන්නෙමි”
මෙලෙස පවසා ඔහුගේ දුක දුරුකරන්නේ ධර්මය දේශනා කළෙමි. දේශනය අවසානයේ දාහතර කෝටියක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. ශක්‍රයා ද වාඩිවී සිටියදීම සෝවාන් ඵලයට පත් වී තරුණ ශක්‍රයෙක් විය. මෙලෙස මම ඔහුට බොහෝ උපකාර කළෙමි. එනිසා මා කෙරෙහිය කිරීම අරුමයක් නොවේ. මහණෙනි. ආර්යයාගේ දර්ශනය ද සුවයෙකි. ඔවුන් හා එක් තැනක වාසය කිරීම ද සුවයකි. බාලයන් හා ඇසුර නම් හැමකින්ම දුකකැයි පවසා මේ ගාථා වදාළහ.
දැක අරී සඟ ගණ
උහු හා එක්ව විසුමෙන
බාලයන් දුර ලන
කෙනා සැපයම ලබයි නිතියෙන.
උහු හා එක්ව විසුමෙන
බාලයන් දුර ලන
කෙනා සැපයම ලබයි නිතියෙන.
සාහුදස්සන මරියානං ආර්යන්ගේ දර්ශනය හා ඔවුන් සමග විසීම හැම කල්හි සුවයකි. බාලයන් නොදැමෙන් ඇසුරු නොකිරීමෙන් සැප ඇත්තෙක් වන්නේය.