9. චූලකාල උපාසක පුවත
“අත්තනාව කතන්ති” යන ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩසිටියදී චූලකාල උපාසක නිමිති කරගෙන දේශනා කරන ලද්දකි.
එක් දිනක් මහාකාල කථාවේ කියන ලද පරිදි උමං සොරු ධන හිමියන් විසින් ලුහුබඳින ලද්දේ රාත්‍රියෙහි ධර්මකථා අසා අළුයම නික්ම පැවතට යන්නා වූ උපාසකතුමා ඉදිරියේ භාණ්ඩ විසිකර පළාගියහ. මිනිස්සු එය දැක මේ තැනැත්තේ රාත්‍රි කාලයේ සොරකම් කර ධර්මයේ හැසිරෙන ලෙසට අඟවයි. මොහු ගන්නැයි කියා තලා දැමුහ. දියගෙන යන දාසීන් මේ දැක ඔහුගේ ජීවිතය බේරා ගත්හ. බුදුන්ට මේ කරුණු දැක්වුවිට ඔහුගේ මේ කථා පුවත අසා මහණෙනි චූලකාල උපාසක කළගෙන යන දාසියන් නිසාත් - තමන් නොකළ අකුශලය නිසාත් ජීවිතය ලබන ලදී. මේ අයුරින් සත්ත්වයෝ තමන්විසින් අකුශලකම් කොට නිරය ආදීහි තමන්ම කිළිටිවට පත් කුසල් කොට සුගතීන්හි ඉපිද නිවන් ලැබීමද වදාරා මේ ගාථාව වදාළහ.
පව්කම් නිසා ඉඳහිටවත් තමන් කළ
අවසානයට පත්වේමැයි කලින් කළ
සිල්වත් දනා දස අකුසල් සිතින් හළ
සම්මානයට පත්වේ උපනුපන් කල
මේ ලෙස වැඩ අවැඩ දෙකරුණු තමන් සතුමය
කෙනෙකු හට තවෙකෙක් පිරිසිදු කරනු බැරිවෙයි.
එහි අර්ථය අන්තයා - යම් කිසිවෙකු විසින් අකුසල කර්මය කරන්නේ වේද? හෙතෙම සතර අපායන්හි දුක් අනුභව කරන්නේ වේ. අත්තභාව සඞකිලිස්සති. - යම් කෙනෙකු වනාහි අත්තනා අකතං පාපං - තමන් විසින් අකුසල ධර්මයන් නො කරන්නේ වේද? හෙතෙම සුගතියට මෙන්ම නිවණටද පැමිනෙන්නේ අත්තනාව විසුජ්ඣති, කුසල ධර්ම සංඛ්‍යාත පිරිසිදු බව, ද අකුසල කර්ම සංඛ්‍යාත අපිරිසිදු බව ද තමන් පිළිබඳවම පවතී. අනෙක් පුද්ගලයෙක් සතු නොවේ. න විසොධය - පිරිසිදු නොකිරීමය. අනිකෙකු විසින් පිරිසිදු බවට නොපැමිණ වීමයි. නො කෙලෙසීමය යයි කියන ලදී.
දේශනාවසානයෙහි චුලකාල තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. සහභාගී වු පිරිසට ධර්ම දේශනාව සාර්ථක විය.
10. අත්තදත්ත තෙරුන්ගේ කථා පුවත
“අත්ථ දත්ථංති” මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටියදී අත්තදත්ථ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ විසින් පිරිණිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි පැවසූවිට උපන් සංවේග ඇතිව භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර ඇවැත්නි අපි කුමක් කරන්නමෝදැයි කතිකා කරමින් හැසිරෙති. අත්තදත්ථ තෙරුන් වනාහි මෙසේ සිතූහ. බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිණිවන් පාන්නාහ. මමද විරාගී වු බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම අර්හත්වය සඳහා උත්සාහ කරන්නෙමි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේන්වෙත නොයයි. එහිදී භික්ෂූන් වහන්සේලා ඇවැත්නි ඇයි ඔබවහන්සේ අප වෙත නොඒමටත් කිසිවක් කථා නොකිරීමටත් හේතුව කුමක්ද? මෙසේ කියා බුදුන්වෙත ගෙන ගොස් මෙසේ පැවසුහ ස්වාමීනි මේ අත්තදස්ථ තෙරුන් මේ ලෙස හැසිරෙයි. යනුවෙන් පැවසුවිට උන්වහන්සේ - බුදුන්ට කරුණු දක්වමින් ස්වාමීනි ඔබ වහන්සේ සිව්මසකින් පිරිණිවන් පානහෙයින් මම ඔබවහන්සේ සිටියදීම අරහත් වීමට උත්සාහ කරන්නෙමි. බුදුහු උන්වහන්සේට සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීමම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා සිඳිම මට පුජා කිරිමක් නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින්ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතුයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
තමනට බොහො ඇතත් - කටයුතු අනුන් සඳහා
අතපසු කෙරුම තම වැඩ - නොකළ යුතුමය උතුමෝ
අත්වැඩ ද පර වැඩ - වෙසෙසින් හැදින ගතයුතු
එහි අර්ථය - ගිහියෙක් වශයෙන් අනුන්ට දහසක් වටිනා ප්‍රයෝජන නිසා තමන්ට වන්නා වූ දෙවියට හමාරක් පමණ වූ ප්‍රයෝජනයද අත් නොහළ යුතුය. තමන්ට වැඩදායක දේ අත් නො හැරීමය. කෑ යුතු පිය යුතු දේ නිපදවීම පරාර්ථය නො වන්නේය. එවැනි දේ වශයෙන් නොව මෙය වදාරා ඇත්තේ කර්මස්ථාන වශයෙනි. එබැවින් භික්ෂුවක් විසින් චෛත්‍ය ප්‍රතිසංස්කරණාදිය උපාධ්‍යාය වත් ආදිය නො පිරිහෙළා, ආභිසමාචාරික වත් ආදිය පුරමින් සතර ආර්ය ඵලයන් ලබා ගැනීම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පිරිය යුතුය. සතර ආර්ය ඵලයන් ලබා ගැනිම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පුරමින් හැසිරෙන්නා විසින් උපාධ්‍යය වත් ආදිය බැහැර කොට හෝ තම කෘත්‍යයම කළ යුතුයි. අත්තදත්ථ මහි ඤ්ඤාය තම ශුභ සිද්ධියම සලකමින්, “සදත්ථපසුතො සියා” ස්වකීය අර්ථය සඳහා කය සිත දෙකින්ම වෙර වෑයම් දැරිය යුතු වන්නේය.