10. අත්තදත්ත තෙරුන්ගේ කථා පුවත
“අත්ථ දත්ථංති” මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටියදී අත්තදත්ථ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ විසින් පිරිණිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි පැවසූවිට උපන් සංවේග ඇතිව භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර ඇවැත්නි අපි කුමක් කරන්නමෝදැයි කතිකා කරමින් හැසිරෙති. අත්තදත්ථ තෙරුන් වනාහි මෙසේ සිතූහ. බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිණිවන් පාන්නාහ. මමද විරාගී වු බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම අර්හත්වය සඳහා උත්සාහ කරන්නෙමි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේන්වෙත නොයයි. එහිදී භික්ෂූන් වහන්සේලා ඇවැත්නි ඇයි ඔබවහන්සේ අප වෙත නොඒමටත් කිසිවක් කථා නොකිරීමටත් හේතුව කුමක්ද? මෙසේ කියා බුදුන්වෙත ගෙන ගොස් මෙසේ පැවසුහ ස්වාමීනි මේ අත්තදස්ථ තෙරුන් මේ ලෙස හැසිරෙයි. යනුවෙන් පැවසුවිට උන්වහන්සේ - බුදුන්ට කරුණු දක්වමින් ස්වාමීනි ඔබ වහන්සේ සිව්මසකින් පිරිණිවන් පානහෙයින් මම ඔබවහන්සේ සිටියදීම අරහත් වීමට උත්සාහ කරන්නෙමි. බුදුහු උන්වහන්සේට සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීමම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා සිඳිම මට පුජා කිරිමක් නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින්ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතුයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
තමනට බොහො ඇතත් - කටයුතු අනුන් සඳහා
අතපසු කෙරුම තම වැඩ - නොකළ යුතුමය උතුමෝ
අත්වැඩ ද පර වැඩ - වෙසෙසින් හැදින ගතයුතු
එහි අර්ථය - ගිහියෙක් වශයෙන් අනුන්ට දහසක් වටිනා ප්‍රයෝජන නිසා තමන්ට වන්නා වූ දෙවියට හමාරක් පමණ වූ ප්‍රයෝජනයද අත් නොහළ යුතුය. තමන්ට වැඩදායක දේ අත් නො හැරීමය. කෑ යුතු පිය යුතු දේ නිපදවීම පරාර්ථය නො වන්නේය. එවැනි දේ වශයෙන් නොව මෙය වදාරා ඇත්තේ කර්මස්ථාන වශයෙනි. එබැවින් භික්ෂුවක් විසින් චෛත්‍ය ප්‍රතිසංස්කරණාදිය උපාධ්‍යාය වත් ආදිය නො පිරිහෙළා, ආභිසමාචාරික වත් ආදිය පුරමින් සතර ආර්ය ඵලයන් ලබා ගැනීම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පිරිය යුතුය. සතර ආර්ය ඵලයන් ලබා ගැනිම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පුරමින් හැසිරෙන්නා විසින් උපාධ්‍යය වත් ආදිය බැහැර කොට හෝ තම කෘත්‍යයම කළ යුතුයි. අත්තදත්ථ මහි ඤ්ඤාය තම ශුභ සිද්ධියම සලකමින්, “සදත්ථපසුතො සියා” ස්වකීය අර්ථය සඳහා කය සිත දෙකින්ම වෙර වෑයම් දැරිය යුතු වන්නේය.
දේශනාව අවසානයේ එම තෙරුන් අත් ඵලයෙහි පිහිටියේය. සහභාගී වූ භික්ෂූන්ටද ධර්ම දේශනාව සාර්ථක වුයේය.
දොළොස්වැනි අත්තවර්ගය නිමියේය.
13. ලොක වර්ගය
1. නමින් ප්‍රසිද්ධ නැති ළාබාල භික්ෂුවගේ කථා පුවත
“හීනං ධම්මන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නමක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ළාබාල භික්ෂුවක් සමග අළුයම විශාඛාවගේ ගෙට වැඩම කළේය. විශාඛාවගේ නිවසේ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට කැඳ නිතර සකස් කර තිබේ. තෙරුන් වහන්සේ කැඳ පානය කර ළාබාල භික්ෂුව එහි වාඩිකරවා වෙනත් නිවසකට වැඩම කළේය. මේ කාලයේදී විශාඛාවගේ පුතෙකුගේ දුවණියක් ආර්යාවගේ තනතුරේ සිටිමින් භික්ෂූන් වහන්සේලාට වතාවත් කරයි. ඇය ඒ කුඩා භික්ෂුවට ජල භාජනයක් පිරිනමන්නට සුදානම් වෙද්දී දිය සැළියේ තම මුහුණ පිළිඹිබුව දැක සිනාසුණාය. දහර භික්ෂුවද එය දැක සිනාසුණේය. ඇය එම කුඩා භික්ෂුව සිනාසෙනු දැක මේ හිස මුඩු කළ තැනැත්තා මට සිනාසෙන්නේ යයි කීවාය.
මෙහිදී සාමණේර භික්ෂුව ඔබත් ඔබගේ දෙමාපියන්ද හිස මුඩුකළ තට්ටයෝ යයි අපහාස ලෙස කීවේය. එවිට ඇය හඬද්දී මිත්තණිය වෙත ගොස් ඇය කරුණු විමසන විට සිදුවුදේ දැනුම් දුන්නාය. විශාඛාව ඒ සාමණේරයන් වෙත ගොස් ස්වාමීනි නොකිපෙන්න. කෙස් - රැවුල් - නිය සිඳ කපන ලද සිවුරු පෙරවන තෙරවරුන් මැද සිඳින ලද පාත්‍රයක් ගෙන පිඬුසිගා යන ආර්යයන් වහන්සේලාට අගෞරව කළා නොවේ. යයි පැවසුවාය. එසේය මහා උපාසිකාව ඔබ - මගේ කෙස් - රැවුල් - නිය කපා ඇතිබව දනී නමුත් මැය විසින් මගේ මුඩුහිස ගැන කියා මට අපහාස කිරීමට වටින්නේද? විශාඛාවන්ට සාමණේරයන්ද - දැරියද දැනුවත් කිරිමට නොහැකි විය. මෙම මෙහොතේ ගුරුහිමියන් පැමිණ ඇයි උපාසිකාවනි විමසා සිදුවු දෙය දැනගෙන සාමණේරයන්ට අවවාද කරමින් මෙසේ පැවසුහ. ඇවැත්නි පිටවී යන්න. හිස මුඩුකර පාත්‍රයන් ගෙන කඩකළ රෙදිවලින් මැසු සිවුරක් ඇඳ පිඩු සිඟා යන්නාට ආක්‍රෝශයක් නොවේ. නිහඩවන්න ස්වාමීනි - ඔබවහන්සේ ඇයි ඔබගේ උපස්ථායිකාවට තර්ජනය නොකර මට තර්ජනය කරන්නෙ, මට මේ ලෙසින් හිස මුඩු කළ තැනැත්තාය යි අපහාස කිරීම වටින්නේද? මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැමිණ විශාඛාවගෙන් විමසා සියල්ල මුල පටන් දැනගෙන සාමණේරයන්ගේ සෝවාන් ඵලයට හේතු සම්පත් ඇති බව දැන සාමණේර භික්ෂුවගේ පැත්ත ගෙන විශාඛාවට මෙලෙස පැවසුහ. ඇයි විශාඛාවනි ! ඔබේ දැරියට හිසමුඩුකළ මගේ ශ්‍රාවකයින්ට අපහාස කිරීම වටින්නේද? දහර වූ සාමණේර භික්ෂුව නැගිට ඇඳිලිබැඳ ස්වාමීනි මේ ගැටලුව ඔබවහන්සේ හොඳින් දන්නේ ය. මගේ උපාධ්‍යායන් වහන්සේද මහා උපාසිකාවද හොඳින් නො දන්නාහයි. පැවසීය බුදුරජාණන් වහන්සේ දහර සාමණේරයන් තමන්ට අනුකූලබව දැන කාමගුණයන් පිළිබඳ සිනාසීමනම් පහත්ය මේ සිනාසීම් ආදී පහත් ක්‍රියා ඇසුරු කළ යුතු නොවේ. ප්‍රමාදයෙන් කල් ගත කිරීමද සුදුසු නොවේ යයි පවසමින් මේ ගාථාව දේශනා කළහ.