7. ලාලුදායි තෙරුන්ගේ කථා පුවත
“අප්පස්සුතා යං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන අතරතුරදී ලාළුදායී තෙරුන් නිමිති කරගෙන දේශනා කළ සේක.
මෙම තෙරණුවෝ මංගල කටයුතු කරන නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු තිට්ඨින්තී ආදී මියගියවුන් පිළිබඳ අවමංගල කථා කියති. අවමඟුල් පවතින නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු ආදිය කියයුතු තැන්වල ”දානංච ධම්මචරියා” ආදී මංගල කථා රතන සූත්‍රය වැනි කරුණු ද පවසති. ඒ ඒ තැන්වලට ගොස් කිය යුතු දෙයට වඩා වෙනත් දෙයක් කියති. මෙබඳු නොගැළපෙන දෑ කියන නිසා භික්ෂූන් වහන්සේලා මේ තෙරුන්ගේ කථා අසා බුදුන්වහන්සේට දැනුම් දුන්හ. ස්වාමීනි මේ ලාළුදායි තෙරුන් සමග මංගල අවමගුල් ඇති ස්ථානවලට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද? කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක්ම කියයි, මෙයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ, මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙරද එකක් කිවයුතු තැන අනෙකක්ම කීවේයි කියා, අතීතය ගෙනහැර දැක්වුහ.
අතීතයේදී බරණැස “අග්ගිදත්ත” නම් බ්‍රාහ්මණයාගේ පුතා “සෝමදත්ත” කුමරු රජුට උපට්ඨාන කළේය. ඔහු රජුට ප්‍රිය මනාප වීය. පිය බමුණා කෘෂිකර්මයෙන් ජීවත් වෙයි. මේ බමුණාට ගොනුන් දෙදෙනෙක් වුහ. ඔවුන් දෙදෙනාගෙන් එකෙක් මිය ගියේය. බ්‍රාහ්මණයා තම පුතාට මෙසේ කීවේය. “දරුව සෝමදත්ත රජුන්ගෙන් ඉල්ලාගෙන මට ගොනෙක් අරගෙන එන්න” කියා. සෝමදත්ත ඉදින් මම රජුගෙන් ගොනෙක් ඉල්ලන්නේ නම් මගේ ලඝුබව මතුවන්නේ යයි සිතා පියාණනි ඔබම රජුගෙන් ඉල්ලා ගන්නැයි කීවේය. මෙලෙස කියා සිටියදී එසේනම් දරුව මා ගෙන ගොස් රජු වෙත පමුණුවන්නැයි කීවේය. මෙසේ කීවිට පුතා මේ බ්‍රාහ්මණයා (පියා) අනුවණයෙකි. ඉදිරියට යන්න පස්සට යන්න ආදී වචනයක්වත් දන්නේ නැත. කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක් කියනු ඇත. ඔහුට පුහුණුවක් දී රජු ඉදිරියට ගෙන යන මැයි සිතා බමුණා බීරණත්ථමභක නම් සොහොනට ගෙන ගොස් තණබිම් බැඳ තබා මේ රජුය. මේ යුවරජුය, මේ හමුදාපතිය යනුවෙන් නම්කර පිළිවෙළින් පියාට පෙන්වා දී ඔබ රාජසභාවට ගොස් මෙලෙස ඇතුළුවිය යුතුය. මෙසේ පිටවිය යුතුය, මේ ලෙසට රජුට කථාකළ යුතුය. මේ ලෙස යුවරජුට කථාකළ යුතුය. රජුවෙත එළඹ “ජයතු භවං මහරජ ඔබ දිනේවා” යනු වෙන් සුබපතා මෙසේ සිට මේ ගාථාව කියා ගොනෙක් ඉල්ලා ගන්නැයි ඉගැන්වීය.
“දෙව මෙගොණා මහාරාජ” - මහරජ මගේ ගොනුන් දෙදෙනෙක් කුඹුරේ සී සෑහ එකෙක් මියගියේය. එනිසා මට ගොනෙක් ලබා දෙන්න.
ඒ බමුණා අවුරුද්දක් පමණ එම ගාථාව ප්‍රගුණ කොට එහි ප්‍රගුණ බව පුතාට පෙන්වා (පාඩම්දී) එසේ නම් දරුව මට කිසියම් පඬුරක් අරගෙන එන්න. මම පළමුව ගොස් රජුගේ සමීපයේ සිටින්නෙමියි කී විට හොඳයි පියාණනි පඬුරක් ගෙනත් දුන්විට එය රැගෙන සෝමදත්ත රජු සමීපයේ සිටි විට උත්සාහයෙන් රජ කුලයට ගොස් රජු විසින් සතුටු සිතින් පිළිසඳර කථා කොට දරුව පැමිණ බොහෝ කල් මෙනි, මේ අසුනේ වාඩීවී කියන්න කුමක් නිසා පැමිණියේදැයි පවසන්න. මේ ගාථාව කිවේය.