17. සුඛ සාමණේර කථා පුවත
“උදකං භි නයන්ති” - යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වැඩ සිටියදී “සුඛ” සාමණේරයන් වහන්සේ නිමිතිකරගෙන දේශනාකළහ.
අතීතයේ බරණැස සිටු වරයාට ගන්ධ කුමාර නම් පුතෙක් සිටියේය. රජතුමා ඔහුගේ පියා අභාවප්රාප්තවූ විට ඔහු කැඳවා සනසා මහත් සත්කාරයෙන් ඔහුටම සිටුතනතුර දුන්නේය. ඔහු එතැන්සිට ගන්ධ සිටුතුමායි ප්රසිද්ධ විය. අනතුරුව භාණ්ඩාගාරික තැන භාණ්ඩාගාරයේ දොරවල් විවෘත කොට පෙන්වීය. ස්වාමීනි ඔබගේ පියාසන්තක ධනය මෙපමණ ඇත - මුතුන් මිත්තන්ගේ ධනය මෙපමණයිද වෙනකොට දැක්වීය. ඔහු එම ධන රැස දැක කීම මෙපමණ ධනය ඔවුන් හැර නොගියහයි පැවසීය.
ස්වාමීනි ධනය නම් රැගෙන යන්නෝ නම් නැත. තම තමන් කළ කුශල කර්මයන්ම සත්ත්වයෝ රැගෙන යන්නෝය. ඔහු මෙසේ සිතුවේය. මම නම් මේ ධනය අරගෙනම යන්නෙමි. මෙලෙස සිතා දාන හෝ දෙමි පින් කම් හෝ කරමියි නො සිතා මේ සියල්ල පරිභෝග කරමි යන්නම සිතුවේය. ඔහු ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාන කොටුවක් කළේය. ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාහන ඵලකයක් - ලක්ෂයක් දී වාඩිවන ආසනයක් කරවීය, ලක්ෂයක් දී ආහාර ගන්නා භාජනයක්ද පැන් ගන්නා භාජන තබන තැනක්ද කරවීය. ලක්ෂයක් වියදම් කර මැදුරේ සීමැදුරු කවුළුවක් ද සැදවීය. තමන්ගේ උදේ ආහාරය සඳහා දහසක් දුන්නේය. රාත්රී ආහාරයටද දහසක්ම දුන්නේය. පසළොස්වක් දිනට නම් ආහාර සඳහා ලක්ෂයක් දුන්නේය. ඒ බත වළදන දින ලක්ෂයක් වියදම් කර නගරය අලංකාර කොට අණ බෙර ගැස්සවීය. ගන්ධ සිටුවරයා ආහාරය ගන්නා ආකාරය බලන්න කියා අණ බෙර ලෑමෙන්
මහජනයා ඇඳක් පිට ඇඳක් තබා බැඳ රැස්වුහ. සිටුපුත්රයාද ලක්ෂ ගණනක් වටිනා දියකොටුවේ ලක්ෂ ගණනක් වටිනා පළගේ වාඩිවී සුවඳකළ පැන් කළ දහසකින් හා ඒ සීහපඤ්ජරය - (සිව්මැදුරු කවුළුව) ඇර එම පළගෙහි වාඩිවිය ඉක්බිති එහි තබන ලද කුහරයේ භාජනය තබා ආහාර බෙදුහ. ඔහු නළුවන් පිරිවරා මෙබදු සම්පතින් ඒ භෝජනය අනුභාවකරයි. ඊට පසු එක් දිනෙක එක් ගම්වැසි මිනිසෙක් තමාගේ වියදම උපයාගනු සඳහා දර ආදිය රථයක තබාගෙන නුවරට ගොස් මිතුරෙකුගේ නිවසක නැවතුනි. එදින පසළොස්වක දිනයකි. ගන්ධ සිටුවරයා ආහර ගැනීමේ ලීලාව බලන්නයි නගරයේ අණබෙර ලැවුහ.
අනතුරුව ඒ මිත්රයා මෙසේ පැවසීය. ගන්ධ සිටුවරයාගේ ආහාර ගැනීම දැක තිබේද? යහළුව දැක නැත. එසේනම් එන්න බලමුයි ඔහු නගරයේ බෙර හසුරුවයි. මහ සම්පත් බලමුයි නුවර වැස්සෝ ජනපදවාසීන් ද රැගෙන ගියහ. මහජනයා ඇඳන්පිට ඇඳන් බැඳ නැගී බලති. ගම්වැසි ජනයා බත් සුවඳ ආඝ්රාණය කොට නුවර වැස්සන්ට කීහ. මට මේ තලියෙන් බත් පිඬක් කන්නට ආශාවක් ඇතිවිය. යහළුව මෙසේ ප්රාර්ථනා නොකරන්න එය ලබාගන්නට නොහැකිය. යහළුව ඉදින් නොලබන්නේනම් ජීවිතය නොරැකෙන්නේ ය. ඔහුට ඒ පුද්ගලයා වළකාලන්නට නොහැකි විය. පිරිස කෙළවර සිටි ඔහු ස්වාමීනි මම ඔබට වඳිමියි තෙවරක් මහා හඬින් කීය. මේ කවුදැයි විමසූවිට ස්වාමීනි මම ඇයි මේ යයි විමසුවිට - මේ එක් ගම් වැසියෙකි. ඔබගේ භාජනයෙන් බත් පිඬක් ලැබීමේ ආශා ඇතිකරගත් අයෙකි. එක් බත් පිඬක් දෙනු මැනව. ලබන්නට නොහැකියයි පැවසුවිට කිම යහළුව ඇසුවේද? ලැබුනොත් ජීවත්වෙමි. නොලැබුනොත් මාගේ මරණය සිදුවන්නේය. හේ නැවත ද විලාප නැගීය.
ස්වාමීනි මොහු මැරෙන්නේය ඔහුට ජීවත්වීමට ඉඩ දෙන්න. එම්බල ! බත් පිඩක් සියයක් වටී. දෙසියක් වටී. යම් යම් කෙනෙක් ඉල්ලයිද ඒ ඒ අයට දීමෙන් අප කුමක් අනුභව කරමුද? ස්වාමීනි මෙය නොලැබෙන්නේ මැරෙන්නේ ය. ඔහුට ජීවිතය දෙන්න. නැවත නොලබන්නේනම් ජීවත් නොවේ. වසර තුනක් මගේ ගෙයි බැලමෙහෙ කරනු. එවිට ඔහුට බත් පත දෙන්නෙමි. ගම්වැසියෝ එය අසා එසේ වේවායි යාළුවාට කියා අඹු දරුවන් අත්හැර - බත් පතක් වෙනුවෙන් අවුරුදු තුනක් සේවාකම් කරන්නෙමියි සිටුවරයාගේ ගෙට පිවිසියේය. හේ බැලමෙහෙ කරමින් සියලු කටයුතු හොඳින් කළේය. නිවසේ හෝ වනයේ හෝ දවල් හෝ රාත්රී හෝ කළ යුතු සියළු කටයුතු කළා සේ පෙනුණි. බත් බැලයා යයි මුළු නුවරම ප්රකට විය. ඉක්බිති දිනය පිරුණ විට සේවකයා කීවේය. සේවකයාගේ නියමිත දිනය පිරුනි. ඔහු විසින් දුෂ්කරවූ දෙයක් කරන ලදී. වසර තුනක් බැලමෙහෙ කරන්නා එක ක්රියාවකදු නොපිරි හෙලා කරන ලදී.