15. මහාලෝමහංස චරියා වර්ණනාව
පසළොස්වෙනි (මහාලෝමහංස චරිතයෙහි) “සුසානෙ සෙය්යං කප්පෙමි” (මම අමුසොහොනෙහි සයනය කෙළෙමි) යන මෙහි මේ අනුපිළිවෙළ කථාවයි:-
එකල්හි මහාසත්ත්වයෝ වනාහි මහත් වූ උදාර භෝග ඇති කුලයක ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ඇදුරුතුමන් සමීපයෙහි ගරුවාසයෙහි වසන්නාහු සියලු ශිල්පයන්හි පරතෙරට පැමිණ කුලගෙට අවුත් මවුපියන්ගේ ඇවෑමෙන් නෑයන් විසින් ඇවෑමෙන් නෑයන් විසින් “කුටුම්බ (පවුලක්) සංස්ථාපනය කරනු මැනවැ’යි ඉල්ලනු ලබන්නේද අනිත්‍ය බව මෙනෙහි කිරීම් වශයෙන් සියලු භවයන්හි වැඩෙන සංවේග ඇත්තාහු කයෙහි ද අශුභ සංඥාව ලැබ ගෘහවාසයෙහි වූ පළිබෝධයන්ගෙන් මඩින ලද කෙලෙස් ගහණයට නොවැදම බොහෝ කාලයක් පුරුදු කරන ලද ගිහිගෙයින් නික්මීමේ අදහස වඩන්නාහු මහත් වූ භෝග සමූහය හැරපියා පැවිදිවනු කැමති වී නැවත සිතූහ. “ඉදින් මම පැවිදිවන්නෙම් නම් ගුණසම්භාවනාවෙන් සත්කාර කරන ලද්දෙක් වන්නෙමි’ යනුවෙනි.
හෙතෙම ලාභසත්කාර පිළිකුල් කරන්නේ පැවිද්දට නො එළඹ “මම ලාභ අලාභ ආදියෙහි වෙනසකට පත් නොවීමට හැකි වෙමි”යි තමන් ගැන සලකමින් විශේෂයෙන් අනුන්ගේ පරිභවයන් ඉවසීමේ ප්‍රතිපදාව පුරන්නේ උපේක්ෂා පාරමිතාව මුදුන් පමුණුවමි’යි හැඳිවතින්ම ගෙයින් නික්ම උසස් ලෙස කෙලෙස් කපා දමන පැවැතුම් ඇත්තේ නමුදු විශේෂයෙන්ම මඳ බොලද ඇත්තාවූද විශේෂයෙන්ම මදලැසි ඇත්තාවූද කෙනෙකු මෙන් සිත් නැත්තා වූ රූපයක් මෙන් අනුන් විසින් පීඩාකරන ලද්දේ. නින්දා කරන ලද්දේ වී ගම් නියම්ගම් රාජධානීන්හි එක් රැයක් විසීම් පමණින් හැසිරෙයි. යම් තැනක මහත් වූ නින්දා ලැබේද එහි බොහෝ කලක් වාසය කරයි. හෙතෙම හැඳිවස්ත්රය දිරූකල රෙදි කඩකින්ද, එයද දිරූකල කිසිවකු විසින් දෙන ලද්දක් නොගන්නේ විළිවසන පමණකින්ම හැසිරෙයි. මෙසේ කල්යනකල්හි එක් නියම් ගමකට ගියේය.
එහි වැන්දඹු ස්ත්රීන්ගේ පුත්‍ර වූ ධූර්ත ස්වභාව ඇත්තා වූ ගම් දරුවෝ ද රාජ වල්ලභයන්ගේ සමහර දරු මුණුබුරු දාසාදීහුද උඩඟු වූවාහු. උස්වූ හිස් මානනල ඇත්තාහු චපල වූවාහු රළු වචන ඇත්තාහු විසුරුණු වචන ඇත්තාහු කලින් කල ක්‍රීඩා බහුලව හැසිරෙති. දුප්පත් මහළු පුරුෂයන්ද ස්ත්‍රීන්ද යනු දැක අලු මිටින් ගෙන විටෙහි විසුරුවති. වැටකේ පන් කිසිල්ල අතරෙහි එල්වති. එම විප්රකාරයෙන් ආපසු හැරී බලන කල්හි වරදට අනුරූපව කවටකම් දක්වා සිනාසෙති. මහාපුරුෂයෝ ඒ නියම් ගමෙහි එසේ හැසිරෙන ඒ ධූර්ත දරුවන් දැක “නිසැකයෙන් මා විසින් දැන් උපේක්ෂා පාරමිතාව පිරීමට උපායයෙක් ලබන ලද්දේයයි සිතා එහි විසූහ. [missing trans]
[missing trans] ඒ ධූර්ත දරුවෝ එතුමන් ලුහුබඳිති. එතුමෝ ඔවුන් විසින් ලුහුබඳිනු ලබන්නාහු “මෙහි නවතින්නා වූ කිසිවෙක් නැතැයි සොහොනට ගොස් මිනී ඇටයක් කොට්ටය කොට නිදති. ඒ ධූර්ත දරුවෝද එහි ගොස් කෙළ ගැසීමාදී නොයෙක් ආකාරයේ විප්‍රකාර කොට පිටත්ව යති. මෙසේ ඔවුහු දවසක් දවසක් පාසා කරත්මය. යම්කිසි නුවණැති පුරුෂයෝ ඔවුන් එසේ කරනු දකිත්ද ඔවුහු ඔවුන් වළක්වා “මෙතෙම මහානුභාව ඇති තාපස කෙනෙකි. මහායෝගී කෙනෙකි”යි දැන උදාර සත්කාර සම්මාන කරති. මහාසත්ත්වයෝ වනාහි සියලු දෙයෙහි මධ්‍යස්ථ වූවාහු එකසේම වෙති. එහෙයින් “සුසානෙ සෙය්යංකප්පෙමි” යනාදිය වදාරණ ලදී.
359. “සුසානෙ සෙය්යං කප්පෙමි ඡවට්ඨිං උපධායහං
ගොමණ්ඩ ලා උපාගනත්වා රූපං දස්සෙන්ති නප්පකං”
ගොමණ්ඩ ලා උපාගනත්වා රූපං දස්සෙන්ති නප්පකං”
360. “අපරෙ ගන්ධඤ්ච මාලඤ්ච භොජනං විවිධං බහුං
උපායනාන්යුපනෙන්ති හට්ඨා සංවිග්ග මානසා”
උපායනාන්යුපනෙන්ති හට්ඨා සංවිග්ග මානසා”
361. “යෙ මෙ දුක්ඛං න උපදහන්ති යෙ චදෙන්ති සුඛං මම
සබ්බෙසං සමකො හොමි දයා කොපො නවිජ්ජති”.
සබ්බෙසං සමකො හොමි දයා කොපො නවිජ්ජති”.
362. “සුඛදුක්ඛ තුලා භූතො යසෙසු අයසෙසුච
සබ්බත්ථ සමකො හොමි එසො මෙ උපෙක්ඛා පාරමීති” (චරියා පිටක)
සබ්බත්ථ සමකො හොමි එසො මෙ උපෙක්ඛා පාරමීති” (චරියා පිටක)
“මිනී ඇටයක් කොට්ටය කොට සොහොනෙහි සයනය කෙළෙම් ද ගම් දරුවෝ මා කරා එළඹ නානාප්‍රකාර විකාර දක්වත්.
ඇතැමෙක් සතුටු වූවාහු (ගම්දරුවන් කෙරෙහි) සංවේගයට හෝ සිත් ඇත්තාහු නානප්‍රකාර වූ බොහෝ වූ සුවඳ ද්‍රව්‍යද මල්ද කෑම් බීම්ද සතුටු පඬුරුද එළවත්.
යම් කෙනෙක් මට දුක් එළවත්ද යම් කෙනෙක් මට සැප දෙත්ද, ඒ සියල්ලන්ට සමසිත් ඇත්තෙක් වීමි. දයාව ද කෝපය ද නොවීය.
සැපදුක් දෙක්හි ද කීර්තියෙහි ද නින්දායෙහි ද තරාදියක් මෙන් වීමි. සියලු ද තැන්හි සමානයෙක් වීමි. මේ මාගේ උපේක්ෂා පාරමිතාවයි.
එහි “සුසානෙ සෙය්යං කප්පෙමි ජවට්ඨිං උපධාය” යනු අමුසොහොනෙහි මිනී ඇට සහිත ශරීරයන්ගෙන් සුනඛ සිවල් ආදීන් විසින් ඒ ඒ තැන විසුරුවා හරින ලද ඇට කැබලි අතරින් එක් මිනී ඇටයක් හිසට කොට්ටයක් කොට පිරිසිදු දෙයෙහිත් අපිරිසිදු දෙයෙහිත් සමසිත් ඇති බැවින් එම සොහොනෙහි සයනය කරමි, නිදමි යන අර්ථයයි. “ගොමණ්ඩලා” යනු ගම් දරුවෝ. “රූපං දස්සෙන්ති නප්පකං” යනු වැරදි ක්‍රීඩාවන්හි යෙදුනු බැවින් කෙළ ගැසීම, විහිලු කිරිම, මුත්‍රා කිරීම් ආදියෙන් ද කන් සිදුරෙහි ඉරටු දැමීම් ආදියෙන් ද ඉතාමත් කර්කශ වූ අප්‍රමාණ වූ නොයෙක් ආකාර වූ විප්‍රකාර කරති.
“අපරෙ” යනු එම ගම් දරුවන් අතුරෙන් සමහරෙක් “උපායනානි උපනෙන්ති” යනු මෙතෙම මොවුන් පරිභව වශයෙන් මෙබඳු විප්‍රකාර කරන කල්හි කිසිම වෙනසක් නො දක්වයි. සම්මාන කිරීමේදී මොහුගේ ස්වභාවය කෙබඳුදැයි පරීක්ෂා කරන්නාහු විවිධ වූ බොහෝ සුවඳ මල්මාලා ද බොජුන් ද වෙනත් තෑගි හා තුටු පඬුරුද එළවති. නැතහොත් ඒ අනාචාර ගම් දරුවන්ගෙන් අන්‍ය වූ නුවණැති මිනිස්සු “මෙතෙම මෙසේ විවිධ වූ විප්‍රකාර කරන මොවුන්ට නො කිපෙයි. එකාන්තයෙන් ක්ෂාන්ති මෛත්‍රී කරුණාවම ඔවුන් කෙරෙහි එළවයි. අහෝ! අසිරිමත් පුරුෂයෙකි’යි සතුටුව මෙතුමන් කෙරෙහි වැරදි ලෙස පිළිපන් මොවුන් විසින් ඒකාන්තයෙන් බොහෝ පව් රැස් කරගන්නා ලද්දේ යයි සංවේගයට පත් සිත් ඇත්තා වූ බොහෝ සුවඳ මල්මාලාද විවිධ භෝජනද අන්‍ය වූ තුටු පඬුරුද එළවත් සමීපයට ගෙනෙත්.
“යෙ මෙ දුක්ඛං උපහරන්ති” යනු ගම් දරුවෝ යම්කෙනෙක් මට ශරීර දුක් එළවත්ද, ළඟට ගෙනෙත් ද, “උපදහන්ති” යයිද පාඨයකි. “උපදවත්” යන අර්ථයයි. “යෙ ච දෙන්ති සුඛං මම” යනු යම් නුවණැති මනුෂ්‍ය කෙනෙක් මට සැප දෙත්ද, මල්මාලා, සුවඳ, භොජන ආදී සැපවත් දෙයින් මට සැප එළවත්ද, “සබ්බෙසං සමකො හොමි” යනු කිසිවෙකු කෙරෙහි වෙනසකට නොපැමිණ සමාන සිත් ඇති බැවින් විවිධ වූ ඒ ජනයන්ට සමවූවෙක් එකසේම වූවෙක් වෙමි. “දයා කොපො න විජ්ජති” යනු යම්හෙයකින් මට උපකාර වූවන් කෙරෙහි මෛත්‍රී චිත්ත සඞ්ඛ්‍යාත දයාවත් අපකාර කළවුන් කෙරෙහි මනෝපදොස සඞ්ඛ්‍යාත කෝපයත් නොපවතීද එහෙයින් සියල්ලන් කෙරෙහි සමවූවෙක් වෙමි’යි දක්වයි.
දැන් භාග්‍යවතුන් වහන්සේ එකල්හි උපකාර කළාවූද අපකාර කළාවූද සත්ත්වයන් කෙරෙහි රැස් කරන ලද ඥානසම්භාර ඇති තමාගේ සම සිත් ඇති බවෙහි වෙනසක් නොවීමද, ලෝක ධර්මයන්හි යම් නොඇලීමක් වීද එය දැක්වීමට අවසාන ගාථාව
එහි “සුඛ දුක්ඛෙ” යනු සැපයෙහි ද දුකෙහිද “තුලාභූතො” යනු සමකොට ගන්නා ලද තරාදියක් මෙන් පහත් වීම් උස්වීම් ඉවත් වීම්වලින් තොරව මධ්‍යස්ථ වූයේ. සැපදුක් ගැනීමෙන්ම මෙහිදී එයට නිමිති වීම් හේතුවෙන් ලාභ අලාභ ද ගන්නා ලද්දාහුයයි දත යුතුය. “යසෙසු” යනු කීර්තීන්හි “අයසෙසු” යනු නින්දාවන්හි. “සබ්බත්ථ” යනු සියලු සැප ආදී ලෝක ධර්මයන්හි මෙසේ භාග්‍යවතුන් වහන්සේ එකල්හි සියලු සත්ත්වයන් කෙරෙහිද සියලු ලෝක ධර්මයන් කෙරෙහි ද අන්‍යයන්ට සාධාරණ නොවූ තම මධ්‍යස්ථභාවය දේශනා කොට ඒ කරණ කොට ගෙන ඒ ආත්මභාවයෙහි තමාගේ උපේක්ෂා පාරමිතාවෙහි මස්තකප්රාප්ත බව දක්වන්නාහු “එසා මෙ උපෙක්ඛා පාරමි” (මේ මාගේ උපේක්ෂා පාරමිතාවයි) යි දේශනාව නිමවා වදාළ සේක.