10. මත්ස්යරාජ චරියා වර්ණනාව
323. “පුනාපරං යදා හොමි මච්ඡරාජා මහාසරෙ
උණ්හෙ සුරිය සන්තාපෙ සරෙ උදකං ඛීයෙථ
උණ්හෙ සුරිය සන්තාපෙ සරෙ උදකං ඛීයෙථ
324. “තතො කාකාච ගිජ්ඣා බකාකුළලසෙනකා
භක්ඛයන්ති දිවාරත්තිං මච්ඡෙ උපනිසීදියාති (චරියා පිටක)
භක්ඛයන්ති දිවාරත්තිං මච්ඡෙ උපනිසීදියාති (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක (මම) මහවිලෙක්හි මත්ස්ය රාජයෙක් වීම්ද (එවිට) ග්රීෂ්ම කාලයෙහි සූර්ය්ය රශ්මියෙන් විලෙහි ජලය සිඳුනේය.
ඉක්බිති කවුඩෝ ද ගිජුලිහිණියෝ ද, කොක්කු ද, දියකාවෝ ද, උකුස්සෝ ද හිඳ දිවා රෑ දෙක්හිම මසුන් කාදමත්”
දසවෙනි (මච්ඡරාජ චරිතයෙහි) “යදාහොමි මච්ඡ රාජා මහාසරෙ” යනු අතීතයෙහි මත්ස්ය යෝනියෙහි ඉපිද කොසොල් රට සැවැත් නුවර ජේතවන පොකුණු ස්ථානයෙහි වැල් සමූහයෙන් වට වූ එක් මහ විලක මත්ස්යයන් සතර සංග්රහ වස්තූන්ගෙන් සතුටු කිරීමෙන් යම්කලෙක මම රජ වීම්ද මත්ස්ය සමූහයා විසින් පිරිවරන ලද්දේ එහි වසමි. එකල්හි “උණ්හෙ” යනු උෂ්ණ කාලයෙහි, ග්රීෂ්ම සමයෙහි, “සුරිය සන්තාපෙ” යනු සූර්ය්ය රශ්මිය කරණ කොටගෙන “සරෙ උදකං ඛීයථ” යනු එම විලෙහි ජලය ක්ෂය විය. සිඳී ගියේය. එම රටෙහි වනාහි එකල වැස්ස නොවැස්සේය. ධාන්ය මැලවුණි. වැව් ආදියෙහි ජලය ක්ෂය වීමට, විනාශ වීමට ගියේය. මස් කැස්බෝ මඩ ඇතුළට වන්නාහුය. ඒ විලෙහි ද මත්ස්යයෝ මඩයට පිවිස ඒ ඒ තැන්වල සැඟවුනහ.
“තතො” යනු ඒ ජලය සිඳීයාමෙන් මෑත කාලයෙහි “කුළලසෙනකා” යනු දියකාවෝ මෙන්ම උකුස්සෝ ද “භක්ඛයන්ති දිවාරත්තිං මච්ඡෙ උපනිසීදිය” යනු ඒ ඒ තැන මඩමත හිඳ මඩයට පිවිස සිටි මසුන් කවුඩෝ හෝ අනෙකුත් සත්තු දවල් මෙන්ම රාත්රියේද හී අග වැනි හොටින් කොට කොටා බැහැරට ගෙන දඟලද්දී කති.
ඉක්බිති මහාසත්ත්වයෝ මත්ස්යයන්ගේ ඒ විපත දැක මහා කරුණාවෙන් මෙහෙයවන ලද සිත් ඇත්තාහු “මා හැර මේ මගේ ඥාතීන් මේ දුකින් මිදවීමට සමර්ථ වෙනකෙක් නම් නැත. කවර නම් උපායකින් මම ඔවුන් මේ දුකින් මුදවන්නෙම්දැයි සිතන්නාහු ඉදින් මම පෙර මහර්ෂීන් විසින් පුරුදු කරන ලද මැනවින් පුරුදු කරන ලද, මා කෙරෙහිද විද්යමාන වන, සත්ය ධර්මය ඇසුරු කොට සත්ය ක්රියා කොට වැස්ස වස්සවා මගේ ඥාති සමූහයාට ජීවිත දානය දෙන්නෙම් නම් මැනවි. එයින් ආහාරයෙන් ජීවත්වන සියලු සත්ත්ව ලෝකයාට මවිසින් මහත් උපකාරයක් සම්පාදනය කළේ වන්නේය’යි නිශ්චය කොට වැසි වැස්සවීමට සත්යක්රියා කළහ. එහෙයින් “එවං චින්තෙසහං” ආදිය වදාරණ ලදී.
325. “එවං චින්තෙසහං තත්ථ සහ ඤාතීහි පීළිතො
කෙන නුඛො උපායෙන ඤාතී දුක්ඛා පමොචයෙ?
කෙන නුඛො උපායෙන ඤාතී දුක්ඛා පමොචයෙ?
326. “චින්තයිත්වා ධම්මත්ථං සච්චං අද්දස පස්සයං
සච්චෙ ඨත්වා පමොචෙසිං ඤාතීනං තං අතික්ඛයං
සච්චෙ ඨත්වා පමොචෙසිං ඤාතීනං තං අතික්ඛයං
327. “අනුස්සරිත්වා සද්ධම්මං පරමත්ථං විචින්තයං
අකාසිං සච්චකිරියං යං ලොකෙ ධුවසස්සතං (චරියා පිටක)
අකාසිං සච්චකිරියං යං ලොකෙ ධුවසස්සතං (චරියා පිටක)
“එහි නෑයන් හා සමග පීඩිත වූ මම “කවරනම් උපායකින් නෑයන් මේ දුකින් මුදන්නෙම්දැ’යි මෙසේ සිතුවෙමි.
“මෙසේ සිතා ධර්මාර්ථයයි කියන ලද පිහිටක් වන සත්යය දිටිමි. සත්යයෙහි සිට නෑයන්ගේ ඒ මහා විනාශය මිදුයෙමි.
සද්ධර්මය සිහිකොට, පරමාර්ථ සත්යය සිතමින්, යමක් ලෝකයෙහි ස්ථිරද නිත්යද (ඒ පිළිබඳව) සත්යක්රියා කෙළෙමි.
එහි “සහ ඤාතීහි පීළිතො” යනු මගේ නෑයන් සමග එම ජලය සිඳීයාමෙන් පීඩිත වූ. නැතහොත් ‘සහ’ යනු නිපාත මාත්රයකි. මහාකාරුණික හෙයින් එම විපතින් දුකට පත් ඥාතීන් කරණකොටගෙන පීඩිත වූ. ඥාතිසමූහයාගේ දුකින් දුකට පත්වූයෙම් යන අර්ථයයි.
“ධම්මත්ථං” යනු ධර්මමය වූ අර්ථය. නැතහොත් ධර්මයෙන් පහනොවූ අර්ථයයි. එය කිමෙක්ද? සත්යයයි. “අද්දස පස්සයං” යනු මගේ ඥාතීන්ට පිහිටක් දුටුවෙමි. “අතික්ඛියං” යනු මහා විනාශය.
“සද්ධම්මං” යනු බුද්ධාදී වූ සත්පුරුෂ මහෝත්තමයන්ගේ එකදු ප්රාණියෙකුට හෝ හිංසා නොකීරිම් සඞ්ඛ්යාත ධර්මය “අනුස්සරිත්වා පරමත්ථ විචින්තයං” යනු ඒ පරමාර්ථ සත්යය වනාහි වෙනස් නොවීම ස්වභාවකොට සිතන්නේ “යං ලොකෙ ධුවසස්සකං” යනු බුදු, පසේබුදු, සව්වන්ගේ එකදු ප්රාණියෙකුට හෝ හිංසා නොකීරීම වූ යමක් වේද එය සියලු කල්හි එසේවීම් වශයෙන් ස්ථීරයයි නිත්යයයි සිතමින් සත්ය ක්රියා කෙළෙමි”යි සම්බන්ධය වේ.
දැන් තමා කෙරෙහි විද්යාමාන ඒ ධර්මය ගෙන සත්යවචන ප්රයෝග කරනු කැමැත්තෝ කාලවර්ණ මඩ දෙබෑ කොට කළුවර ගසක අරටුවෙහි ගැටයක පාට හා සමාන මහා ශරීර ඇත්තෝ මනාලෙස පිරිසිදු කළ පියුම්රාමිණි සමාන ඇස් හැරපියා අහස බලන්නාහු “යතො සරාමි අන්තානං” යන ගාථාව කීහ.
328. “යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං
නාභිජානාමි සඤ්චිච්ච එකපාණං විහිංසිතං
එතෙන සච්චවජ්ජෙන පජ්ජුන්නො අභිවස්සතුති (චරියා පිටක)
නාභිජානාමි සඤ්චිච්ච එකපාණං විහිංසිතං
එතෙන සච්චවජ්ජෙන පජ්ජුන්නො අභිවස්සතුති (චරියා පිටක)
“යම්කලෙක පටන් මාගේ ආත්මභාවය සිහිකෙරෙම්ද, යම්කලෙක පටන් (මම) නුවණැති බවට පැමිණියෙම්ද (එදා සිට මේ දක්වා) දැන දැන එකම සතෙකුදු පීඩාකරන ලද බවක් නො දනිමි. මේ සත්ය වචනය හේතුකොට ගෙන වැස්ස වසීවා”යි.
එහි “යතො සරාමි අත්තානං” යනු යම්කලෙක පටන් මම ආත්මභාව සඞ්ඛ්යාත තමා සිහි කෙරෙම්ද “යතො පත්තොස්මි විඤ්ඤුතං” යනු යම් තැනක පටන් ඒ ඒ කළයුතු කාර්ය්යයන්හි පණ්ඩිත බවට, දැනුවත් බවට පැමිණියෙම්ද උඩට නැගීම් වශයෙන් මෙතැන් පටන් යම්තාක් මාගේ කායවචී කර්මයන් සිහිකිරීමට හැකි නුවණැති බවට පැමිණියෙම්ද මේ අතරතුරෙහි සමාන ජාති ඇත්තවුන් අනුභව කරන තැනෙක්හි උපන්නෙම් නමුදු හාල් ඇටයක් පමණකුදු මත්ස්යයෙකු විසින් අනුභව නොකළ විරූය. හිංසා කළ යුතු අන්කිසි ප්රාණියෙකුට දැන දැන බාධා කළ බවක්ද නො දනිමි. දිවිතොර කළ එකකු ගැන කියනුම කවරේද?