8. සත්යතාපස චරියා වර්ණනාව
311. “පුනාපරං යදාහොමි තාපසො සච්චස්වහයො
සච්චෙන ලොකං පාලෙසිං සමග්ගං ජනමකාසහන්ති” (චරියා පිටක)
සච්චෙන ලොකං පාලෙසිං සමග්ගං ජනමකාසහන්ති” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි මම “සච්ච” යන නාමයක් ඇති තාපසයෙක් වීම්ද එකල්හි සත්ය වචනය කරණ කොට ගෙන ලෝකයා රක්ෂා කෙළෙමි. මම මහජනයා සමගි කෙළෙමි.
අටවෙනි (සච්ච පණ්ඩිත චරිතයෙහි) “තාපසො සච්චස්වහයො” යනු “සච්ච” ශබ්දයෙන් කැඳවිය යුතු ‘සච්ච’ නම් තාපසයෙක් යම් දිනක, යම් කාලයෙක වීම්ද, එකල්හි “සච්චෙන ලොකං පාලෙසිං” යනු තමාගේ අවිසංවාදාදි ස්වභාවය කරණ කොට ගෙන සත්ත්ව ලෝකය හෙවත් දඹදිව ඒ ඒ සත්ත්ව නිකායයන් පාපයෙන් ද නානාවිධ අනර්ථයෙන් ද රක්ෂා කෙළෙමි. “සමග්ගං ජනමකාසහං” යනු ඒ ඒ තැන කලහ විග්රහ විවාදාදියට පැමිණ මහජනයා කලහයෙහි ආදීනව දක්වා සමගියෙහි ආනිසංස කීමෙන් මම සමගි වූවන් විවාද නොකරන්නන් එකට සතුටු වන්නන් කෙළෙමි.
එකල්හි වනාහි බෝධිසත්ත්වයෝ බරණැස් නුවර එක්තරා බ්රාහ්මණ මහාසාර කුලයක උපන්හ. ඔහුට “සත්ය” යයි නම් කළහ. හෙතෙම වැඩිවියට පත්වූයේ තක්ෂලාවට ගොස් දිසාපාමොක් ඇඳුරුතුමා සමීපයෙහි ශිල්ප ඉගෙන නොබෝකලකින්ම සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූයේ ආචාර්ය්යයන් විසින් අනුදන්නා ලද්දේ බරණැසට ආපසු පැමිණ මවුපියන් වැඳ ඔවුන් විසින් සතුටු කරනු ලබන්නේ ඔවුන්ගේ සිත් රකිනු පිණිස දින කීපයක් ඔවුන් සමීපයෙහි විසීය. ඉක්බිති මවුපියෝ ඔහු සුදුසු කුමරියක් සමග යොදවනු කැමැත්තාහු සියලු සම්පත් කියාදී ගෘහවාසයෙන් ආරාධනා කළහ.
මහාසත්ත්වයෝ ගිහිගෙයින් නික්මීමේ අදහසින් යුක්ත වූවාහු තමාගේ නෛෂ්ක්රම්ය පාරමිතාව වඩනු කැමැත්තෝ ගෘහවාසයෙහි ආදීනව හා පැවිද්දෙහි ආනිසංස නොයෙක් ආකාරයෙන් කියා මවුපියන් කඳුළු පිරුණු මුහුණින් අඬද්දී අප්රමාණ වූ භෝගස්කන්ධයද අනන්ත වූ යශසද, මහත් වූ ඥාති පිරිසද අත්හැර යදමක් සිඳගෙන යන්නා වූ මහ ඇතෙකු මෙන් ගෘහ බන්ධනය සිඳ නික්මී හිමවත් පෙදෙසට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව වනමුල් ඵලාඵලයෙන් යැපෙන්නාහු නොබෝ කලකින්ම අෂ්ට සමාපත්ති හා පඤ්ච අභිඥා උපදවා ධ්යාන ක්රීඩා කරන්නාහු සමාපත්ති විහරණයෙන් වෙසෙති.
උන්වහන්සේ එක් දිනක් දිවැසින් ලෝකය බලන්නාහු “සියලු දඹදිව මිනිසුන් බොහෝසෙයින් ප්රාණඝාත ආදී දශ අකුශල කර්ම පථයන්හි යෙදුනාහු කාමය හේතුකොට ගෙන, කාමය කරණකොට ඔවුනොවුන් විවාදයට බැස සිටිනු දුටහ. දැක “මෙසේ පවෙහි යෙදුන, විවාදාපන්න මේ සත්ත්වයන් දැක මධ්යස්ථ වීම යන මේ කාරණය මට සුදුසු නොවේ යයි මෙසේද සිතූහ. “මම වනාහි මේ සත්ත්වයන් සංසාර නැමති මඩෙන් ගොඩගෙන නිර්වාණ නැමති ගොඩබිම පිහිටුවන්නෙමි’යි සිතා මහාසම්බෝධි යානයට පිළිපන්නෙමි. එබැවින් එම ප්රතිඥාව කඩනොකරන්නාහු ඉදින් මම මනුෂ්ය පථයට ගොස් ඒ ඒ සත්ත්වයන් පාපයෙන් එතෙරට පමුණුවන්නෙම් ඔවුන්ගේ විවාදයන්ද සංසිඳුවන්නෙම් නම් යෙහෙකැයි යනුවෙනි.
මෙසේ සිතා මහාසත්ත්වයෝ කරුණාවෙන් නගා සිටුවන ලද සිත් ඇත්තාහු ශාන්ත වූ සමාපත්ති සැපය අත්හැර සෘද්ධියෙන් ඒ ඒ තැනට ගොස් ඔවුන්ගේ සිතට අනුකුල වූ ධර්මය දේශනා කරන්නාහු කලහ, විග්රහ, විවාදයන්ට බැසගත් සත්ත්වයන්ට විරුද්ධ වීමෙහි මෙලොවින්ද පරලොවින්ද වන්නා වූ ආදීනව දක්වා ඔවුනොවුන් සමගි කළහ. නොයෙක් ආකාරයෙන් විස්තර වූ පාපයෙහි ආදීනව පැහැදිලි කර දෙන්නාහු එයින් සත්ත්වයන් මුදවා ඇතැම් කෙනෙක් දශකුශල කර්මපථ ධර්මයන්හි පිහිටවූහ. සමහරෙක් පැවිදි කොට ශීල සංවරයෙහි ද, ඉන්ද්රිය සංවරයෙහිද, සතිසම්පජඤ්ඤයෙහිද, විවේකවාසයෙහිද, ධ්යාන අභිඥාවන්හි ද සුදුසු පරිදි පිහිට වූහ. එහෙයින්,
“පුනාපරං යදාහොමි තාපසො සච්චස්වහයො
සච්චෙන ලොකං පලෙසිං සමග්ගං ජනමකාසහං”යි වදාරණ ලදී.
සච්චෙන ලොකං පලෙසිං සමග්ගං ජනමකාසහං”යි වදාරණ ලදී.
මෙහිද මහා පුරුෂයන්ගේ යට කියන ලද අයුරින්ම සෙසු පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. එසේම ගුණානුභාවයෝද පැහැදිලි කළ යුත්තාහ.
අටවෙනි සච්ච තාපස චරිතයයි.
9. වට්ටපෝතක චරියා වර්ණනාව
312. “පුනාපරං යදාහොමි මගධෙ වට්ටපොතකො
අජාත පක්ඛො තරුනො මංසපෙසි කුලාවකෙ
අජාත පක්ඛො තරුනො මංසපෙසි කුලාවකෙ
313. “මුඛතුණ්ඩෙනාහරත්වා මාතා පොසයති මමං
තස්සා ඵස්සෙන ජීවාමි නත්ථි මෙ කායිකං බලං
තස්සා ඵස්සෙන ජීවාමි නත්ථි මෙ කායිකං බලං
314. “සංවච්ඡරෙ ගිම්හ සමයෙ දවඩාහො පදිප්පති
උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
315. “ධම ධම ඉති එවං සදායන්තො මහාසිඛී
අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි
අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි
316. “අග්ගිවෙගභයා භීතා තසිතා මාතා පිතා මම
කුලාවකෙ මං ඡඩ්ඪෙත්වා අත්තානං පරිමොච්යුං
කුලාවකෙ මං ඡඩ්ඪෙත්වා අත්තානං පරිමොච්යුං
317. “පාදෙ පක්චෙ පජහාමි නත්ථි මෙ කායිකං බලං
සොහං අගතිකො තත්ථ එවං චින්තෙසහංතදා
සොහං අගතිකො තත්ථ එවං චින්තෙසහංතදා
318. “යෙසාහං උපධාවෙය්යං භීතො තසිතවෙධිතො
තෙ මං ඔහාය පක්කන්තා කථං මෙ අජ්ජ කාතවෙ? (චරියා පිටක)
තෙ මං ඔහාය පක්කන්තා කථං මෙ අජ්ජ කාතවෙ? (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි (මම) මගධ රට වටුපැටවෙක් වීම් ද ළඳරු වූ, මස් වැදැල්ලක් වැනි වූ නොහටගත් පියාපත් ඇත්තා වූ (මම) කැදැල්ලෙහි (විසීමි)
(මගේ මව) මුව තුඩින් (ගොදුරු) ගෙනවිත් මා පෝෂණය කරයි. ඇගේ (ශරීර) ස්පර්ශයෙන් මම ජීවත් වෙමි. මට කාය ශක්තියක් නැත.
අවුරුදු පතා ග්රීෂ්ම කාලයෙහි ලැව්ගින්නක් ඇවිලෙයි. පාවක නම් වූ කණ්හ වත්තනී නම්වූ (ඒ ගින්න) අප සමීපයට පැමිණියේය.
මෙසේ ‘ධම’ ‘ධම’ යන අනුකරණ ශබ්ද කරමින් මහත් ගිනිසිළු ඇති ඒ ගින්න (වනය) දවමින් ක්රමයෙන් මා වෙත පැමිණියේය.
වේගයෙන් එන්නා වූ ගින්නට භයින් භයපත් වූ තැතිගත්තා වූ මාගේ මවුපියෝ කැදැල්ලෙහි මා හැර දමා ස්වකීය ආත්මභාවය මුදාගත්හ.
මාගේ පා දෙක ද පියාපත් ද දිගුකෙළෙමි. (නමුත්) මට ශාරීරික බලයක් නැත්තේය. යාගත නොහැකි ඒ මම එහිම (හිඳ) එකල්හි මෙසේ සිතුවෙමි.
භයපත් වූ තැතිගැන්මෙන් හා වෙවුලීමෙන් යුක්ත වූ මම යම්කෙනෙකුන් සමීපයට දුවන්නෙම් ද ඔවුහු මා හැරදමා පලාගියෝය. මා විසින් අද කෙසේ පිළිපැදිය යුතු ද?
නවවෙනි (වට්ටපෝතක චරිතයෙහි) “මගධෙ වට්ටපොතකො” යනාදියෙහි මේ කෙටි අර්ථයයි. මගධරට එක්තරා වන පෙදෙසක වටු යෝනියෙහි ඉපිද බිජුවට බිඳගෙන නික්ම නොබෝකල් වූ බැවින් ළදරු වූයෙම් මස් වැදැල්ලක් වූයෙම් එහෙයින්ම හටනොගත් පියාපත් ඇත්නෙම් වටු පැටවෙක්ව යම් කලෙක මම කැදැල්ලෙහිම වීම්ද