7. කපිරාජ චරියා වර්ණනාව
307. “යදා අහං කපි ආසිං නදී කුලෙ දරීසයෙ”
පිළිතො සුංසුමාරෙන ගමනං න ලභාමහං (චරියා පිටක)
පිළිතො සුංසුමාරෙන ගමනං න ලභාමහං (චරියා පිටක)
“යම්කලෙක මම එක් ගං තෙරක් සමීපයෙහි පර්වත විවරයෙක්හි වඳුරෙක් වීම්ද”
සත්වෙනි (කපිරාජ චරිතයෙහි) “යදා අහං කපි ආසිං” යනු යම් කාලයෙක්හි මම වඳුරු ආත්මයෙහි ඉපිද වැඩිවියට පත්ව ඇතෙකුට සමාන බල ඇත්තේ, වීර්ය්යසම්පන්න වූයේ අශ්ව පෝතකයකු පමණ වූ ශරීර ඇති වඳුරෙක් වීම් ද, “නදීකූලෙ දරීසයෙ” යනු එක් ගං තෙරක පර්වත විවරයෙක්හි යම්කලෙක වාසය කරම්ද යන අර්ථයයි.
එකල්හි වනාහි බෝධිසත්ත්වයෝ වඳුරු රැල පරිහරණය නොකොට හුදකලාව විසූහ. ඒ ගඟ මැද අඹකොස් ආදී නොයෙක් ආකාරයේ ගෙඩි සහිත ගලින් හෙබියා වූ දිවයිනක් විය. බෝධිසත්ත්වයෝ වනාහි කාය ශක්තියෙන් හා ජවයෙන් යුක්ත බැවින් ගඟෙහි මෙතරින් පැන දිවයිනට මෙහා ගඟ මැද එක් සමතලා ගලක් ඇත. එහි පතිත වෙති. එතනින් පැන නැගී දිවයිනෙහි පතිත වෙති. හෙතෙම එහි නොයෙක් ආකාරයේ ඵලාඵල අනුභව කොට සවස ඒ ක්රමයෙන්ම ආපසු පැමිණ තමා වසන තැන වාසය කොට ඊළඟ දවසෙහි ද එසේම කරයි. මේ ක්රමයෙන් වාසය කරයි.
එකල්හි එක් කිඹුලෙක් බිරිඳ සමග එම ගඟෙහි වසයි. ඔහුගේ බිරිඳ බෝධිසත්ත්වයන් ඔබිනොබ යනු දැක ඔහුගේ හෘදමාංසයෙහි දොළක් උපදවා “ආර්ය්ය පුත්රය, මට මේ වඳුරාගේ හෘදමාංසයෙහි දොළක් උපන්නේය’යි කිඹුලාට කීවාය. හෙතෙම ‘සොඳුර, යහපති ලබන්නෙහිය”යි කියා ඔහු අද සවස දිවයිනේ සිට එද්දීම අල්ලා ගන්නෙමි”යි ගොස් සමතලා ගල මත හොත්තේය. බෝධිසත්ත්වයෝ දහවල් දවස ගොදුරු පිණිස හැසිර සවස් වේලෙහි දිවයිනෙහි සිටියාහුම ගල දෙස බලා මේ ගල දැන් ඉතා උස්ව පෙනෙන්නේය. කුමන කරුණක් නිසාදැයි සිතූහ. මහාසත්ත්වයන්ට වනාහි ජලයෙහි ප්රමාණයත් ගලෙහි ප්රමාණයත් මනාකොට වැටහී තිබුණේම විය. එබැවින් උන්වහන්සේට අද මේ ගඟෙහි ජලය අඩු නොවන්නේය. එසේ වුවත් මේ ගල විශාල වී පෙනෙන්නේය. කිමෙක්ද මෙහි මා අල්ලාගනු පිණිස කිඹුලෙක් වැද හොත්තේදොහෝයි මෙසේ අදහස් විය.
පළමුකොට එය පරීක්ෂා කරන්නෙමි’යි ඔහු එහිම සිට ගල සමග කථාකරන්නාක් මෙන් “පින්වත් පාසාණය”යි කියා පිළිතුරු නොලබන්නේ තුන්වෙනි වර දක්වා “පාසාණය, පාසාණය”යි. කීය. ගල පිළිවදන් නොදෙයි. නැවත බෝධිසත්ත්වයෝ “පින්වත් පාසාණය, අද කුමක් හෙයින් මට පිළිවදන් නොදෙන්නෙහිදැයි කීහ. කිඹුලා ඒකාන්තයෙන් මේ පාසාණය අන් දිනවලදී වඳුරු රජතුමාට පිළිවදන් දෙන්නේයයි සිතමි. අද වනාහි මා හොත්හෙයින් නොදෙයි. එහෙයින් මම ඔහුට පිළිවදන් දෙන්නෙමි’යි සිතා “වඳුරු රජතුමනි කිමෙක්දැයි කීය. “නුඹ කවරෙක් වෙහිද? “මම කිඹුලෙක් වෙමි”යි “කුමක් සඳහා මෙහි හොත්තෙහිද? නුඹගේ හදවත ප්රාර්ථනා කරමින් යයි කීය. එවිට බෝධිසත්ත්වයෝ “මට යායුතු අන් මගක් නැත. ඒකාන්තයෙන් මගේ ගමන වැළැක්කේය’යි සිතූහ. එහෙයින්,
308. “පීළිතො සුංසුමාරෙන ගමනං න ලභාමහං”
“යම්හොකාසෙ අහං ඨත්වා ඔරා පාරං පතාමහං
තත්ථච්ජි සත්තු වධකො කුම්භීලො ලුද්දදස්ස නො” (චරියා පිටක)
“යම්හොකාසෙ අහං ඨත්වා ඔරා පාරං පතාමහං
තත්ථච්ජි සත්තු වධකො කුම්භීලො ලුද්දදස්ස නො” (චරියා පිටක)
“මම කිඹුලෙකු විසින් පීඩා කරන ලද්දෙම් යාම් ඊම් නොලදිමි. මම යම් අවකාශයෙක්හි සිට මෙතෙරින් පරතෙරට පැන පියෙම්ද එහි සතුරු වූ වධකාරී වූ භයානක දර්ශන ඇති කිඹුලෙක් හුන්නේ යයි වදාරණ ලදී.”
එහි “පිළීතො සුංසුමාරෙන” යනු අට්ඨකථාවෙහි කියන ලද අර්ථයම ‘යම්හොකාසෙ’ යන ගාථාවෙන් ප්රකට කරයි. එහි “යම්හොකාසෙ” යනු යම් ගංගාවක මැද පිහිටි සමතලා ගල සඞ්ඛ්යාත ප්රදේශයෙහි සිට “ඔරා” යනු දිවයින සඞ්ඛ්යාත මෙතෙරින් “පාරං” යනු එකල්හි මා වසන තැන වූ ගඟෙහි පරතෙර “පතාමහං” යනු උඩින් පැන වැටෙමි මම “තත්ථච්ජි” යනු ඒ සමතලා ගල පෙදෙසෙහි සතුරු වූ වධකාරී වූ ඒකාන්තයෙන් ඝාතක වූ සතුරෙක් “ලුද්දදස්සනො” දරුණු ස්වරූප ඇති භයානක දර්ශන ඇතිව හුන්නේය.
ඉක්බිති මහාසත්ත්වතෙම “මට වෙනත් යා හැකි මගක් නැත. අද මවිසින් කිඹුලා වඤ්චා කළ යුතුය. එසේ ඇති කල්හි මවිසින් මොහු මහත් පාප කර්මයකින් වළකන ලද්දේ වන්නේය. මගේ ද ජීවිතය ලබන ලද්දේ යයි සිතීය. හෙතෙම කිඹුලාට “යහළු කිඹුල මම නුඹ මත්තෙහි වැටෙන්නෙමි’යි කීවේය. කිඹුලා වඳුරු. රජුනි! පමානොකොට මෙහි එව’යි කීය. මහාසත්ත්වයෝ මම එමි. නුඹ වනාහි තමාගේ කටහැරපියා මා නුඹ සමීපයට පැමිණි කල්හි ගණුව’යි කීහ. කිඹුලන්ගේ වනාහි කට ඇරිකල්හි ඇස් පියවේ. හෙතෙම ඒ කාරණය නො සලකා කට ඇරියේය. ඉක්බිති ඔහුගේ ඇස් පියවිය. ඔහු කට ඇර සම්පූර්ණයෙන් වැසුනු ඇස් ඇත්තෙක්ව වැදහොත්තේය. මහාසත්ත්වයෝ ඔහුගේ ඒ ස්වභාවය දැන දිවයිනෙන් උඩට පැන ගොස් කිඹුලාගේ මස්තකය මැඩ එතනින් උඩ පැන්නාහු විදුලියක් මෙන් දිලිසෙමින් පරතෙර සිටියහ. එහෙයින්,
309. “සො මං අසංසි එහීති අහමෙමීති තං වදිං
තස්ස මත්ථකමක්කම්ම පරකූලෙ පතිට්ඨහින්ති” (චරියා පිටක)
තස්ස මත්ථකමක්කම්ම පරකූලෙ පතිට්ඨහින්ති” (චරියා පිටක)
“හෙතෙම මා එවයි කැඳවීය. මමද ‘එන්නෙමි’යි ඔහුට කීවෙමි. ඔහුගේ හිස මැඩගෙන පරතෙර පිහිටියෙමි’යි වදාරණ ලදී.
එහි “අසංසි” යනු කීවේය. “අහමෙමි” යනු මමද “එන්නෙමි”යි ඔහුට කීවෙමි.
එයින් යම්හෙයකින් වනාහි එම දිවයින අඹ, ජම්බු, කොස් ආදී ගෙඩි සහිත ගස් සමූහයෙන් අලංකාර වූ, රමණීය, වාසයට සුදුසු වූවක් වූයේද ‘එමි’යි ප්රතිඥාවක් දුන්හෙයින් සත්යය රකින්නාහු මහාසත්ත්වයෝ ද “එන්නෙමි” යයි කියා එසේ කළහ. එහෙයින් වදාරණ ලදී:-
“න තස්ස අලිකං භණිතං යථාවාචං අකාසහන්ති” (චරියා පිටක)
“ඔහුට මුසාවක් නො කියන ලදී. මම කී පරිදිම කෙළෙමි”
යම්හෙයකින් සත්යය රැකීමට තම ජීවිතය පරිත්යාග කොට මෙය කරන ලද්දේ ද එහෙයින්,
“සච්චෙන මෙ සමො නත්ථි එසාමෙ සච්චපාරමීති (චරියා පිටක)
“සත්ය වචනයෙන් මා හා සමවූවෙක් නැත්තේය. මේ මාගේ සත්ය පාරමිතාව’යි
කිඹුලා වනාහි ඒ ආශ්චර්ය්ය දැක මේ වඳුරු රජ විසින් ඉතා ආශ්චර්ය්යයක් කරන ලදැයි සිතා “පින්වත් වඳුරු රජුනි! මේ ලෝකයෙහි ධර්ම හතරකින් යුක්ත වූ පුද්ගලයා සතුරන් මැඩ පවත්වයි. ඒ සියල්ලම ඔබ තුළ ඇතැයි සිතමි’යි කීය.