9. අලීනසත්ත චරියා වර්ණනාව
221. “පඤ්චාල රට්ඨෙ නගරවරෙ කම්පිලායං පුරුත්තමෙ
රාජා ජයද්දි සො නාම සීලගුණ මුපාගතො
රාජා ජයද්දි සො නාම සීලගුණ මුපාගතො
222. “තස්ස රඤ්ඤෙ අහං පුත්තො සුතධම්මො සුසීලවා
අලීන සත්තො ගුණවා අනුරත්ත පරිජනො සදා
අලීන සත්තො ගුණවා අනුරත්ත පරිජනො සදා
223. “පිතාමෙ මිගවං ගනත්වා පොරිසාදං උපාගමි
සො මෙ පිතුමග්ගහෙසි භක්ඛොසි මම මා චලී
සො මෙ පිතුමග්ගහෙසි භක්ඛොසි මම මා චලී
224. “තස්ස තං වචනං සුත්වා භීතො තසිත වෙධිතො
ඌරුක්ඛම්භො අහු තස්ස දිස්වාන පොරිසාදකං” (චරියා පිටක)
ඌරුක්ඛම්භො අහු තස්ස දිස්වාන පොරිසාදකං” (චරියා පිටක)
“පඤ්චාල ජනපදයෙහි උත්තම නගරය වූ කපිලා නම් පුරවරයෙහි ශීලයෙන් හා ගුණයෙන්ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වූයේය.
බහුශ්රැත වූ සුසිල්වත් වූ (උදාර මහාපුරුෂ) ගුණයෙන් යුක්ත වූ හැමකල්හි භක්තිමත් පිරිවර ජනයා ඇති ‘අලීනසත්ත’ නම් වූ මම ඒ රජුගේ පුත්රයා වීමි.
මගේ පියා මුවදඩයමට ගොස් පෝරිසාදයා කරා එළඹියේය. හෙතෙම මට තෝ ගොදුරු වූයෙහිය. නොසෙල්වව’යි (කියා) මගේ පියා අල්ලා ගත්තේය.
ඔහුගේ ඒ කීම අසා බියට පත්වූයේ තැති ගැන්ම හා වෙවුලීම ඇති විය. පෝරිසාදයා දැක ඔහුගේ දෙකලවය ටැම්සේ තද විය.”
නවවෙනි (අලීනසත්ත චරිතයෙහි) “පඤ්චාල රට්ඨෙ” යනු මෙනම් ඇති ජනපදයෙහි “නගරවරෙ කපිලායං” යනු “කපිල” යයි මෙසේ ලැබූ නම් ඇති උතුම් නගරයෙහි. “නගරවරෙ” යයි කියා නැවත “පුරුත්තමෙ” යයි කීම එකල්හි දඹදිව සියලු නගරයන් අතර එම නගරය අගනුවර බව දැක්වීම සඳහාය. “ජයද්දිසො නාම” යනු රජතුමා විසින් තමාගේ සතුරන් ජයගත් කල්හි උපන්, නැතහොත් තමාගේ යක්ෂණී සඞ්ඛ්යාත සතුරා ජයගෙන උපන් හෙයින් “ජයද්දිස” යයි මෙසේ ලැබූ නම් ඇති, “සීලගුණ මුපාගතො” යනු ආචාර ශීලය මෙන්ම උත්සාහ සම්පත්තිය ආදී රාජගුණ ද ළඟට ආයේ, එයින් යුක්ත වූයේ යන අර්ථයයි.
“තස්ස රඤ්ඤෙ” යනු ජයද්දිස රජුට මම පුතා වීමි”යි ඉතිරි වචනයි. “සුත ධම්මො” යනු රාජ පුත්රයෙකු විසින් ඇසිය යුතු ධර්ම යම්පමණ වේද ඒ සියල්ල ඇසූ බැවින් “සුතධම්ම” වේ. බහුශ්රැත යන අර්ථයයි. නැතහොත් “සුතධම්මො” යනු ප්රකට ධර්මයයි. ධර්මචර්ය්යාවෙන් ප්රකාශ වූ, ප්රකට වූ ලෝකයෙහි පැතුරුණු කීර්ති ධර්ම ඇති යන අර්ථයයි. “අලීනසත්තො” යනු මෙනම් ඇති “ගුණවා” යනු උදාරමහාපුරුෂ ගුණයන්ගෙන් යුක්ත වූ, “අනුරත්ත පරිජනොසදා” යනු ශ්රද්ධා ආදී ගුණවිශේෂයෙන් යුක්ත නිසාත් සතර සංග්රහ වස්තූන්ගෙන් මැනවින් සංග්රහ ලැබීම නිසාත් සියලු කාලයෙහි භක්තිමත් පිරිවර ජනයා ඇති,
“පිතාමෙ මිගවං ගනත්වා පොරිසාදං උපාගමි” යනු මගේ පියා වූ ජයද්දිස රජ මුවදඩයම සඳහා හැසිරෙන්නේ වනය මැදට ගොස් පොරිසාද නම් වූ මිනිසුන් කන යක්ෂණී පුත්රයා වෙත එළඹුණි. ඔහු සමඟ එක් විය.
ජයද්දිස රජ වනාහි එක් දිනක් මුවදඩයම් සඳහා යන්නෙමි’යි එයට සුදුසු මහත් පිරිවර සමග කපිල නුවරින් නික්මුණි. ඔහු නික්මෙන ඇසිල්ලෙහිම තක්ෂලාවාසී නන්ද නම් බ්රාහ්මණයෙක් සතාරහ (සියයක් වටින) නම් වූ ගාථා හතරක් කීමට ගෙනවිත් තමා පැමිණි කාරණය රජුට දැන්වීය. රජු “ආපසු පැමිණ අසන්නෙමි’යි එතුමන්ට විසීමට ගෙයක් වියදම් වැටුප් ද දෙවා වනයට පිවිසියේ “යමෙකු සිටි තැනින් මුවා පලායයි ද ඔහුටම දඩ යයි කියා මුවන් සොයමින් හැසිරෙයි. ඉක්බිති එක් පසදමුවෙක් ජනයාගේ පා හඬින් වාසස්ථානයෙන් නික්ම රජුට අභිමුඛව ගොස් පලාගියේය. ඇමතියෝ පරිහාස කළහ. රජ මුවා ලුහුබැඳ ගොස් තුන් යොදුනකින් මත්තෙහි ගෙවීගිය ජව ඇතිව සිටි මුවා විද බිම හෙලීය. වැටුණු මුවා කඩුවෙන් දෙකඩ කොට මාංශයෙන් ප්රයෝජන නැත්තේ වුවද “මුවා අල්ලා ගැනීමට නොහැකි වූයේය” යන වචනයෙන් මිදෙනු පිණිස කඳ බැදගෙන එන්නේ එක් නුග ගසක් මුල කුසතණ මත හිඳ මඳක් විඩා හැර යන්නට ආරම්භ කළේය.
එසමයෙහි ඒ රජුගේ වැඩිමහල් සහෝදරයා උපන් දිනයෙහිම එක් යක්ෂණියක විසින් කෑමට අල්ලා ගන්නා ලද්දේ රැකවලට සිටි මිනිසුන් විසින් ලුහුබඳින ලද ඇය දිය බසින මගකින් යන්නී ඇයගේ ළයෙහි හුන් දරුවා “මෑණියෝය” යන හැඟීමෙන් ඇගේ පියයුර මුවින් ගත් කල දරු සෙනෙහස උපදවා වර්ධනය කරන්නේ ආහාර අවශ්යතාවය සඳහා මිනීමස් කන්නේ ක්රමයෙන් වැඩිවිය පැමිණ තමාට අතුරුදහන් වීම සඳහා යක්ෂණිය විසින් දෙන ලද ඖෂධ මුලෙහි ආනුභාවයෙන් අතුරුදහන්ව මිනී මස් කා ජීවත්වන්නේ ඒ යක්ෂණිය මියගිය පසු ඒ බෙහෙත්මුල තමාගේ ප්රමාදයෙන් නැතිකොට පෙනෙන රූපයෙන්ම මිනීමස් කන්නේ නිරුවත් තැතිගත් විරූප දර්ශන ඇත්තේ රාජපුරුෂයන් දැක ලුහුබඳින ලද්දේ පලාගොස් වනයට පිවිස එම නුගගස මුල වාසය කරන්නේ රජු දැක “මට ගොදුරු වූවෙහිය’යි අතින් අල්ලා ගත්තේය. එහෙයින් “සො මෙ පිතුමග්ගහෙසි භක්ඛොසි මම මා චලී” ආදිය කියන ලදි.
එහි “සො මෙ පිතුමග්ගහෙසි” යනු ඒ පෝරිසාදයා තමා හුන් ගස සමීපයට පැමිණි මගේ පියා වූ ජයද්දිස රජුට “මගේ ගොදුර වූ නුඹ ආවෙහිය, අත් වෙවුලීම් ආදී වශයෙන් නොසෙල්වව, සෙලවෙන්නේ නමුදු නුඹ මම කන්නෙමි’යි අතින් අල්ලා ගත්තේය.
“තස්ස” යනු ඒ යක්ෂණී පුත්රයාගේ, “තසිතවෙධිතො” යනු සිතෙහි තැති ගැනීම් වශයෙන් තසිතද ශරීරය වෙවුලීම් වශයෙන් වෙධිතද වූ, “ඌරුක්ඛම්හො” යනු යමකින් ඔහුට එතැනින් පලායාමට නොහැකිවීද ඒ කලවා දෙකේ තද බව,
“මිගමං ගහෙත්වා මුඤ්චස්සු” යන මෙහි ‘මිගවං’ යනු මුවාගෙන් ලැබුණු බැවින් ඒ මුවමස් ‘මිගවං’ යයි කීය. මේ මුවමස් ගෙන මා මුදාහරුව යන අර්ථයයි. ඒ රජතුමා වනාහි ඒ යක්ෂණී පුත්රයා දැක බියට පත්ව කලවා තද වී කණුවක් මෙන් සිටියේය. ඔහු වේගයෙන් ගොස් ඔහුගේ අතින් ගෙන මාගේ ගොදුර වෙහි. නුඹ ආවෙහි’යි කීය. ඉක්බිති රජ සිහි එළවා ඔහුට ඉදින් ආහාරයෙන් ප්රයෝජන ඇත්තෙහි නම් නුඹට මේ මස් දෙමි. එය අනුභව කරන, මා මුදවව’යි කීය. එය අසා පෝරිසාදයා “මේ කිමෙක්ද මටම අයිති දෙය දී මා සමග වෙළඳාම් කරන්නෙහිද? මේ මස් ද නුඹ ද මගේ අතට ආ කාලයේ පටන් මටම අයිති නොවේද? එහෙයින් පළමුව නුඹ අනුභව කොට පසුව මස් කන්නෙමි”යි කීය.
ඉක්බිති රජතුමා මස් විකිණීමෙන් මොහු මා නොමුදයි, මුව දඩයමට එන්නා වූ මා විසින් ඒ බ්රහ්මණයාට “ආපසු පැමිණ නුඹට ධනය දෙන්නෙමි”යි ප්රතිඥාවක් කරන ලදී. ඉදින් මේ යක්ෂයා අවසර දෙන්නේ නම් සත්යය ආරක්ෂා කරන්නේ නිවසට ගොස් ඒ ප්රතිඥාව මුදා නැවත මේ යක්ෂයාට ආහාර පිණිස එන්නෙමි’යි සිතා ඔහුට ඒ බව දැන්වීය. එය අසා පෝරිසාදයා ඉදින් නුඹ සත්යය රකිමින් යනු කැමැත්තෙහි නම් ගොස් ඒ බ්රාහ්මණයාට දියයුතු ධනය දී සත්යය රකිමින් වහා නැවත එන්නෙහි’යි කියා රජු මුදා හැරියේය. රජතුමා ඔහු විසින් මුදාහරින ලද්දේ නුඹ නො සිතව, මම උදෑසනම එන්නෙමි’යි කියා මග නිමිති සලකමින් තමාගේ සේනාව වෙත එළඹ ඔවුන් විසින් පිරිවරන ලද්දේ නගරයට පිවිස ඒ නන්ද බ්රාහ්මණයා කැඳවා මාහැඟි අසුනක වඩා හිඳුවා ගාථාවන් අසා හාරදහසක් දී යානයක නංවා “මොහු තක්ෂිලාවටම ඇරලව”යි මිනිසුන්ට බාර දී බ්රාහ්මණයා පිටත් කර යවා දෙවන දවස්හි පෝරිසාදයා සමීපයට යනු කැමැත්තේ පුතා රාජ්යයෙහි පිහිටුවීමට අනුශාසනාද දෙමින් ඒ බව දැන්වීය. එහෙයින්,