8. ධම්මදේවපුත්ත චරියා වර්ණනාව
213. “පුනාපරං යදා හොමි මහෙසක්කො මහිද්ධිකො
ධම්මො නාම මහා යක්ඛො සබ්බ ලොකානුකම්පකොති” (චරියා පිටක)
ධම්මො නාම මහා යක්ඛො සබ්බ ලොකානුකම්පකොති” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම මහේශාක්ය වූ මහත් ඍද්ධියෙන් යුක්ත වූ සකල ලෝකයාට අනුකම්පා කරන්නා වූ ‘ධම්ම’ නම් මහානුභාව ඇති යක්ෂයෙක් (දිව්ය පුත්රයෙක්) වීම් ද”
අටවෙනි (ධම්ම දේවපුත්ත චරිතයෙහි) “මහෙසක්ඛො” යනු මහත් පිරිවර ඇති, “මහිද්ධිකො” යනු මහත් දේව සිද්ධියෙන් යුක්ත වූ “ධම්මො නාම මහායක්ඛො” යනු නමින් ‘ධර්ම’ නම්වූ මහත් ආනුභාව ඇති දිව්ය පුත්රයෙක් “සබ්බ ලොකානුකම්පකො” යනු බෙදීමක් නොකොට මහා කරුණාවෙන් සියලු ලෝ වැස්සන්ට අනුග්රහ කරන්නා වූ.
බෝධිසත්ත්වයන් වහන්සේ එකල්හි කාමාවචර දිව්යලෝකයෙහි ‘ධර්ම’ නම් දිව්ය පුත්රයා වී උපන්හ. හෙතෙම දිව්යාලංකාරයෙන් සැරසී දිව්ය රථයට නැගී අප්සරාවන් විසින් පිරිවරන ලද්දේ පසළොස්වක පොහොය දවසෙහි මිනිසුන් සවස ආහාර අනුභව කොට තමතමන්ගේ නිවෙස්වල මිහිරි තෙපුල් තෙපලමින් හුන්කල්හි ගම්නියම්ගම් රාජධානිවල අහසෙහි සිට ප්රාණඝාත ආදී දශ අකුශල කර්මපථයන්ගෙන් වෙන්ව ත්රිවිධ සුචරිත ධර්ම පුරව්. මවට සලකන්නෝ, පියාට සලකන්නෝ, මහණුන්ට සලකන්නෝ, බමුණන්ට සලකන්නෝ, කුල දෙටුවන් පුදන්නෝ වව්, ස්වර්ගපරායණ වී මහත් වූ යශස් අනුභව කරව් යයි මිනිසුන් දශකුශල කර්මපථ ධර්මයෙහි සමාදන් කරවමින් දඹදිව ප්රදක්ෂිණා කරයි. එහෙයින්,
214. “දසකුසලකම්ම පථෙ සමාදපෙන්තො මහාජනං
චරාමි ගාම නිගමං සමිත්තො සපරිජ්ජනොති (චරියා පිටක)
චරාමි ගාම නිගමං සමිත්තො සපරිජ්ජනොති (චරියා පිටක)
“මහජනයා දශකුශල කර්මපථයෙහි යොදවමින් මිත්රයන් සමග පිරිවර ජනයා සමග ගම්නියම්ගම්හි හැසිරෙමි’යි වදාරණ ලදි.
එහි “සමිත්තො” යනු ධාර්මික, ධර්මවාදී මිත්රයන් සමග, සහාය ඇති හෙතෙම.
එසමයෙහි “අධර්ම” නම් එක් දේවපුත්රයෙක් කාමාවචර දෙව්ලොව උපන්නේය. හෙතෙම ප්රාණඝාත කරව්, නුදුන් දේ ගනිව්, ආදී ක්රමයට සත්ත්වයන් දශ අකුශල කර්මපථයෙහි සමාදන් කරවන්නේ මහත් පිරිවර සහිතව දඹදිව ප්රදක්ෂිණා කරයි. එහෙයින්,
215. “පාපො කදරියො යක්ඛො දීපෙන්තො දස පාපකෙ
සො පෙත්ථ මහියා චරති සමින්තො සපරිජ්ජනොති (චරියා පිටක)
සො පෙත්ථ මහියා චරති සමින්තො සපරිජ්ජනොති (චරියා පිටක)
“පවිටු වූ තද මසුරු වූ යක්ෂයෙක් (දිව්ය පුත්රයෙක්) දශ අකුශල ධර්මයන් (කටයුතු යයි) ප්රකාශ කරමින් හෙතෙමේද මිත්රයන් සමග පිරිවර ජනයා සමග මිනිස් ලොව හැසිරෙයි යනුවෙන් වදාරණ ලදී.
එහි “පාපො” යනු පාපී ධර්මයන්ගෙන් යුක්ත වූ, “කදරියො” යනු තද මසුරු “යක්ඛො” යනු දේව පුත්රයෙක්. “දීපෙන්තො දස පාපකෙ” යනු සියලු ලෝකයෙහි ගොදුරු (වස්තුව) නම් සත්ත්වයන්ගේ උපභෝග පරිභෝග සඳහා හටගත්තේය. එහෙයින් සතුන් මරා හෝ යම් කිසිවක් කොට හෝ තමා සතුටු කළ යුතුය. ඉන්ද්රියයන් සන්තර්පණය කළ යුතුය. ආදී වශයෙන් ප්රාණඝාත ආදී දශ ලාමක ධර්මයන් කළයුතු කොට ප්රකාශ කරන්නේ “සො චෙත්ථ” යනු ඒ “අධර්ම” දේවපුත්රයා ද මේ දඹදිව. “මහියා” යනු පොළොවට ආසන්නයේ මිනිසුන්ගේ දර්ශන ශ්රවණ සීමාවේ යන අර්ථයයි.
එහි යම් සත්ත්ව කෙනෙක් යහපත් දේ කරන්නෝ ද ධර්මයට ගරුකරන්නෝ ද වෙත්නම් ඔවුහු එසේ එන ධර්ම දේවපුත්රයා දැකම හුනස්නෙන් නැගිට සුවඳමල්මාලා ආදියෙන් පූජා පවත්වමින් ඇස් හමුව ඉක්මවන තෙක් ස්තූති කෙරෙත්. ඇඳිලි බැඳ වඳිමින් සිටිත්. ඔහුගේ වචනය අසා අප්රමාදීව සකසා පින් කරත්. යම් සත්ත්ව කෙනෙක් වනාහි පාපසමාචර ඇත්තාහු ද කුරිරුකම් කරන්නාහු ද ඔවුහු අධර්මගේ වචනය අසා අනුමෝදන් වෙති. බොහෝ සෙයින් පාපයෙහි හැසිරෙති. මෙසේ ඔවුහු එකල්හි ඔවුනොවුන්ට ඉඳුරාම විරුද්ධ වාද මෙන්ම ඉඳුරාම විරුද්ධ ක්රියා ඇත්තාහු වී ලෝකයෙහි හැසිරෙත්. එහෙයින් භාග්යවතුන් වහන්සේ,
216. “ධම්මවාදී අධම්මො ච උභො පච්ච නිකාමයං
ධුර ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො’ති”
ධුර ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො’ති”
“ධර්මවාදී වූද අධර්මවාදී වූද අපි දෙදෙන ඔවුනොවුන්ට ප්රතිවිරුද්ධ වූ ක්රියා ඇත්තම්හ. රිය හිසෙහි රිය හිස ගටමින් පෙර මග අපි දෙදෙනා එක්වීමු’යි වදාළහ.
මෙසේ කල් යත්යත් එක් දිනක් ඔවුන්ගේ රථයෝ අහසෙහි මුන ගැසුණහ. ඉක්බිති ඔවුන් දෙදෙනාගේ පිරිස ඔවුනොවුන් “තෙපි කාගේ පිරිසදැයි තෙපි කාගේ පිරිසදැයි විචාරා අපි ධර්ම දිව්ය පුත්රයාගේය, අපි අධර්ම දිව්ය පුත්රයාගේය’යි කියා මගින් ඉවත්ව දෙකට බෙදී ගියහ. ධර්මගේත් අධර්මගේත් රථයෝ අභිමුඛව හිසෙන් හිස හැපී සිටියාහුය. තාගේ රිය මගෙන් ඉවත්කොට පියා මට මග දෙව’යි කියා ඔවුනොවුන් මං අරණු පිණිස විවාද කළහ. ඔවුනොවුන්ගේ පිරිසද අවි ගෙන සටනට සැරසුනහ. යමෙක් සඳහා වදාරණ ලද්දේ ද
“ධුරෙ ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො
217. “කලහො වත්තති භෙස්මා කල්යාණ පාපකස්සච
මග්ගා ඔක්කමනත්ථාය මහායුද්ධො උපට්ඨිතොති” (චරියා පිටක)
217. “කලහො වත්තති භෙස්මා කල්යාණ පාපකස්සච
මග්ගා ඔක්කමනත්ථාය මහායුද්ධො උපට්ඨිතොති” (චරියා පිටක)
රියහිසෙහි රිය හිස ගටමින් පෙරමග අපි දෙදෙනා එක්වීමු. ධර්මවාදියාගේද අධර්මවාදියාගේ ද මාර්ගයෙන් ඉවත්වීම සඳහා භයජනක වූ කලහයක් පැවැත්තේය. මහා සංග්රාමයක් එළඹ සිටියේය’යි
එහි “ධුරෙ ධුරං” යනු එකෙකුගේ රියහිස අනෙකාගේ රිය හිසෙහි ගටමින්. “සමිම්හා” යනු එක්වීමු. මුණ ගැසුණෙමු. නැවත “උභො” යන වචනය අපි දෙදෙනාම ඔවුනොවුනට ප්රතිවිරුද්ධ වූවෝ ලෝකයෙහි හැසිරෙන්නාහු එක් දවසක් මුහුණට මුහුණලා එන්නාහු දෙපිරිස දෙපැත්තෙහි මගින් ඉවත් වූ කල්හි රථය සමග අපි දෙදෙනාම එක්වීමු’යි දැක්වීමට කියන ලදී. “භෙස්මා” යනු භයජනක “කල්යාණපාපකස්සච” යනු ධර්මවාදියාගේ ද අධර්මවාදියාගේ ද “මහායුද්ධො උපට්ඨිතො” යනු මහා සංග්රාමයක් එළඹියේ විය.
ඔවුනොවුන්ට ද පිරිසට ද යුද කරනු කැමැත්ත ඇති විය. එහිදී ධර්මවාදියා අධර්මවාදියාට “යහළුව නුඹ අධර්ම වූවෙහි මම ධර්ම වූ වෙමි. මට මග සුදුසුය. නුඹගේ රථය ඉවත් කොට මට මග දෙවයි කීය. අනෙකා “මම දැඩියානාවට නැග්ගේ වෙමි. බලවත් වෙමි. තැතිගැනීම් නැත්තෙක්මි. එබැවින් මග නොදෙමි. යුද්ධය වනාහි කරන්නෙමි. යමෙක් යුද්ධයෙන් ජයගන්නේ ද ඔහුට මග වේවායි කීය. එහෙයින් කීහ.
යසොකරො පුඤ්ඤකරො හමස්මි
සදත්ථුතො සමණබ්රාහ්මණානං
මග්ගාරහො දෙවමනුස්ස පූජිතො
ධම්මො අහං දෙහි අධම්ම! මග්ගං
සදත්ථුතො සමණබ්රාහ්මණානං
මග්ගාරහො දෙවමනුස්ස පූජිතො
ධම්මො අහං දෙහි අධම්ම! මග්ගං
අධම්ම යානං දළ්හ මාරුහිත්වා
අසන්තසන්තො බලවා හමස්මි
ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං
මග්ගං අහං ධම්ම! අදින්න පුබ්බං
අසන්තසන්තො බලවා හමස්මි
ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං
මග්ගං අහං ධම්ම! අදින්න පුබ්බං
ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ
පච්ඡා අධම්මො උදපාදි ලොකෙ
ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනොච
උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ! මග්ගා
පච්ඡා අධම්මො උදපාදි ලොකෙ
ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනොච
උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ! මග්ගා
න යාචනාය නපි පාටිරූපා
න අරහති තෙහං දදෙය්ය මග්ගං
යුද්ධඤ්ච නො හොතු උභින්න මජ්ජ
යුධස්මිං යො ජෙස්සති තස්ස මග්ගො
න අරහති තෙහං දදෙය්ය මග්ගං
යුද්ධඤ්ච නො හොතු උභින්න මජ්ජ
යුධස්මිං යො ජෙස්සති තස්ස මග්ගො
සබ්බා දිසා අනුවිසටො හමස්මි
මහබ්බලො අමිතයසො අතුල්යො
ගුණෙහි සබ්බෙහි උපෙත රූපො
ධම්මො අධම්ම! ත්වං කථං විජෙස්ස සි.
මහබ්බලො අමිතයසො අතුල්යො
ගුණෙහි සබ්බෙහි උපෙත රූපො
ධම්මො අධම්ම! ත්වං කථං විජෙස්ස සි.