5. මහිසරාජ චරියා වර්ණනාව
184. “පුනාපරං යදාහොමි මහිසො පවන චාරිකො
පවඩ්ඪිකායො බලවා මහන්තො භීමදස්ස නො”
පවඩ්ඪිකායො බලවා මහන්තො භීමදස්ස නො”
185. “පබ්භාරෙ ගිරිදුග්ගෙ ච රුක්ඛ මූලෙ දකාසයෙ
හොතෙත්ථ ඨානං මහිසානං කොචි කොචි තහිං තහිං”
හොතෙත්ථ ඨානං මහිසානං කොචි කොචි තහිං තහිං”
186. “විචරන්තො බ්රහාරඤ්ඤෙ ඨානං අද්ද ස භද්ද කං
තං ඨානං උපගනත්වාන තිට්ඨාමිච සයාමිච (චරියා පිටක)
තං ඨානං උපගනත්වාන තිට්ඨාමිච සයාමිච (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහා වනයෙහි හැසිරෙන්නා වූ, මහත් සේ වැඩුණු අඟපසඟ ඇති, මහා බල ඇති, මහා ශරීර ඇති, භයජනක දැකුම් ඇති මීමෙක් වීම්ද, එහි පර්වත ප්රපාතයෙහි ද ගිරි දුර්ගයෙහි ද, වෘක්ෂ මූලයෙහි ද, ජලස්ථාන සමීපයෙහි ද යම් යම් ප්රදේශයක් වන මීමුන්ගේ වාසස්ථාන වේද? ඒ ඒ තන්හි හැසිරෙන්නෙමි. ඒ මහා වනයෙහි යහපත් වූ ස්ථානයක් දුටුවෙමි. ඒ ස්ථානයට ගොස් සිටීම ද කෙළෙමි. සයනය ද කෙළෙමි.
පස්වෙනි (මහිසරාජ චරිතයෙහි) “මහිසො පවනචාරිකො” යනු මහ වනයෙහි හැසිරෙන වන මීමෙක් යම් දිනක වීම්දැයි පදපිළිවෙළයි. “පවඩ්ඪකායො” යනු යොවුන් වියට පත්වීමෙන් අඟපසඟින් ද තර බවෙන් ද අතිශයින් වැඩුණු කය ඇත්තේ “බලවා” යනු මහත් බල ඇත්තේ වීර්ය්යයෙන් යුක්තවූයේ. “මහන්තො” යනු මහත් ශරීර ඇත්තේ, එකල්හි බෝධිසත්ත්වයන්ගේ ශරීරය ඇත් කඳක් පමණ වෙයි. “භීමදස්සනො” යනු මහත් ශරීර ඇති බැවින් ද වනමහිසජාති ඇති බැවින්ද ස්වභාවය නොදන්නවුන්ට භය ඉපිද වීමෙන් භයානක දර්ශන ඇති
“පබ්භාරෙ” යනු ප්රපාතයෙහි වූ ගල් ගුහාවක “දකාසයෙ” යනු ජලස්ථානය සමීපයේ “හොතෙත්ථඨානං” යනු මෙහි මහ වනයෙහි යම්කිසි ප්රදේශයක් වනමීමුන්ට සිටින තැන්වෙයිද, “තහිං තහිං” යනු ඒ ඒ තැන්වල,
“චිවරන්තො” යනු විසීමට පහසුතැනක් සෙවීමට හැසිරෙන්නේ, “ඨානං අද්දස භද්දකං” යනු මෙසේ හැසිරෙන්නේ ඒ මහ වනයෙහි යහපත් වූ මට පහසු වූ රුක්මුල් තැනක් දුටුවෙමි. දැක “තං ඨානං උපගනත්වාන තිට්ඨාමි ච සයාමිච” ගොදුරු ගෙන දහවල් ඒ රුක්මුල් තැනට ගොස් සිටීමි. නිදා ගැනීමෙන් කල් යවමි’යි දක්වයි.
එකල්හි වනාහි බෝධිසත්ත්වයෝ හිමාලය ප්රදේශයෙහි මහිස යෝනියෙහි ඉපිද වියපත්ව වීර්ය්යයෙන් යුක්ත වූවාහු ඇත් කඳක් පමණ වූ මහා ශරීර ඇත්තාහු. පර්වතපාද, පර්වත කුහර, ගිරිදුර්ග, වන ලැහැබ් ආදියෙහි හැසිරෙමින් එක් පහසු මහරුක් මුලක් දැක ගොදුරු ගෙන දහවල් එහි වසති. ඉක්බිති එක් ලොල් වඳුරෙක් ගසෙන් බැස මහා සත්ත්වයන්ගේ පිටට නැග මල මුත්රා කොට අංවලින් අල්ලා එල්ලෙමින් නගුටින් ගෙන පැද්දෙමින් ක්රීඩා කළේය. බෝධිසත්ත්වයෝ ක්ෂාන්ති මෛත්රී කරුණා සමුප්රදාය නිසා ඔහුගේ ඒ අනාචාරය මෙනෙහි නො කළහ. වඳුරා නැවත නැවත එසේම කරයි. එහෙයින් “අථෙත්ථ කපිමාගනත්වා” යනාදිය වදාරණ ලදී.
187. “අථෙත්ථ කපිමාගනත්වා පාපො අනරියො ලහු
ඛන්ධෙ නලාටෙ භමුකෙ මුත්තෙති ඔහනෙති තං”
ඛන්ධෙ නලාටෙ භමුකෙ මුත්තෙති ඔහනෙති තං”
188. “සකිම්පි දිවසං දුතියං තතියං චතුත්ථම්පිච
දූසෙති මං සබ්බකාලං තෙන හොමි උපද්දුතො”
දූසෙති මං සබ්බකාලං තෙන හොමි උපද්දුතො”
189. “මමං උපද්දුතං දිස්වා යක්ඛො මං ඉදමබ්රැවී
නාසෙහෙතං ඡවං පාපං සිඞ්ගෙහිච ඛුරෙහිච”
නාසෙහෙතං ඡවං පාපං සිඞ්ගෙහිච ඛුරෙහිච”
190. “එවං වුත්තෙ තදා යක්ඛෙ අහන්තං ඉදමබ්රැවිං
කිංන්වං මක්ඛෙසි කුණපෙන පාපෙන අනරියෙන මං”
කිංන්වං මක්ඛෙසි කුණපෙන පාපෙන අනරියෙන මං”
191. “යදිහං තස්ස පකුප්පෙය්යං තතො හීනතරො භවෙ
සීලඤ්ච මෙ පභිජ්ජෙය්ය විඤ්ඤුච ගරහෙය්යු මං”
සීලඤ්ච මෙ පභිජ්ජෙය්ය විඤ්ඤුච ගරහෙය්යු මං”
192. “හීළිතා ජීවිතාචාපි පරිසුද්ධෙ න මතං වරං
ක්යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනන්ති”
ක්යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනන්ති”
“ඉක්බිති ඒ ස්ථානයට ලාමක වූ පහත් වූ හැසිරිම් ඇති ලොල් ගති ඇති වඳුරෙක් අවුත් මාගේ පිටෙහි ද නළලෙහි ද බැමෙහි ද මුත්රා කෙරෙයි. මල පහ කෙරෙයි.
හෙතෙම එක් දිනක් ද දෙදිනක් ද තුන් දිනක් ද සිවු දිනක් ද හැමකල්හිම මා දුෂ්ය කෙරෙයි. ඔහු විසින් පීඩා කරන ලද්දේ වෙමි.
(ඒ ගසෙහි අධිගෘහිත) දෙවියා, පෙළන ලද මා දැක “හීනවූ ලාමක වූ මේ වඳුරා අඟින් ද කුරවලින් ද නසා දමව’යි මට මෙසේ කීවේය. එකල්හි ඒ දෙවියා මෙසේ කීකල්හි මම ඔහුට මෙසේ කීවෙමි. කිමෙක්ද අතිශයින් පිළිකුල් කටයුතු වූ අනාර්ය්ය වූ පාපයෙන් තෝ මා තවරන්නෙහිද? ඉදින් මම ඔහු කෙරෙහි කිපෙන්නෙම් නම් ඔහුටත් වඩා ලාමකයෙක් වන්නෙමි. මාගේ ශීලයද බිඳෙන්නේය. පණ්ඩිත වූවෝ මට ගර්හා කරන්නාහ. ගර්හා කරන ලද ජීවිතයට වඩා පිරිසිදු ශීලයෙන් යුක්තව මියයාමම උතුම් වේ. මම මගේ ජීවිතය හේතු කොටගෙනද අනුන් පෙළීම කුමට කරන්නෙම් ද?
එහි “කපිමාගනත්වා” යනු වඳුරෙක් පැමිණ. “ම” කාරය පදසන්ධි කරයි. “පාපො” යනු ලාමක, “අනරියො” යනු විපතෙහි පැවතීමෙන් ද අභිවෘද්ධියෙහි නොපැවතීමෙන් ද අනරිය වේ. පහත් පැවතුම් ඇත්තේ යන අර්ථයයි. “ලහු” යනු ලොල් වූ “ඛන්ධෙ” යනු කඳ පෙදෙසෙහි. “මුත්තෙති” යනු මුත්රා කරයි. “ඔහනෙති” යනු මලපහ කරයි. ‘තං’ යනු ඒ මා එදා මීමා වූ මා.
“සකිම්පි දිවසං” යනු මා එක් දවසක් ද දුෂ්ය කෙරෙයි. සියලු කල්හිද. එහෙයින් “දුසෙති මං සබ්බකාලං”යි කීය. හුදෙක් දෙවන, තුන්වන, හතරවන දවස් පමණක් නොවේ. ඉක්බිති සියලු කල්හිම මා මුත්රා කිරීම් ආදියෙන් දුෂ්ය කෙරෙයි. යම් යම් විටෙක මුත්රාදිය කරනු කැමැත්තේ ද ඒ ඒ අවස්ථාවල මගේම මත්තෙහි කරන්නේය’යි දක්වයි. “උපද්දුතො” යනු පීඩා කරන ලද්දේ ඔහු විසින් අං වල එල්ලීම් ආදියෙන් ද මුත්රාදී අසූචීන් ගෑමෙන් ද, ඒවා ඉවත් කිරීම සඳහා නොයෙක් වාරයක් අං කෙළවරින් හා වලිගය අගින් ද නොයෙක් වාරයක් මඩ පස් මිශ්ර ජලය ඉස සේදීමෙන් ද පෙළන ලද්දේ වෙමි” යන අර්ථයයි.
“යක්ඛො” යනු ඒ ගසෙහි අධිගෘහිත දෙවියාය. “මං ඉදමබ්රැවී” යනු රුක් කඳෙහි සිට “මහිස රාජය, කුමක් හෙයින් මේ දුෂ්ට වඳුරාගේ අවමන් ඉවසන්නෙහිදැයි මේ කාරණය පවසන්නේ “නාසෙහෙතං ඡවං පාපං සිඞ්ගෙහිච ඛුරෙහිච” (මේ හීන වූ ලාමක වූ වඳුරා අං වලින් හා කුර වලින් පහරදී නසව) යන මේ වචන මට කීවේ.