2. සඞ්ඛ චරියා වර්ණනාව
11. “පුනාපරං යදාහොමි බ්රාහ්මණො සඞ්ඛ සව්හයො
මහා සමුද්දං තරිතු කාමො උපගච්ඡාමි පට්ටනං
මහා සමුද්දං තරිතු කාමො උපගච්ඡාමි පට්ටනං
12. තත්ථද්දසාමි පටිපථෙ සයම්භූතං අපරාජිතං
කන්තාරද්ධා න පටිපන්නං තත්තාය කඨින භූමියා
කන්තාරද්ධා න පටිපන්නං තත්තාය කඨින භූමියා
13. තමහං පටිපථෙ දිස්වා ඉම්මත්ථං විචින්තයිං” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක සඞ්ඛ නම් බ්රාහ්මණයෙක් වීම් ද මහා සමුද්රය තරණය කරනු කැමැත්තෙන් පටුන ළඟට යයි.
එහිදී රත්වූ කර්කශ භූමියෙහි කාන්තාර සඞ්ඛ්යාත දීර්ඝමාර්ගයට පැමිණියා වූ, ස්වයම්භූ වූ අපරාජිත වූ පසේ බුදු කෙනෙකු අභිමුඛ මාර්ගයෙහි දුටිමි. මම අභිමුඛ මාර්ගයෙහි උන්වහන්සේ දැක මේ කාරණය සිතුවෙමි.”
දෙවන (සඞ්ඛ) චරියාවෙහි “පුනාපරං” යනු නැවත තවෙකක්. මේ අකිත්ති චරිතය පමණක්ම නොවේ. ඉක්බිති නැවත වෙනත් අන්ය සඞ්ඛ චරිතයක් ද කියන්නෙමි. “අසව” යන අර්ථයයි. මින් පසුව එන තැන්වල ද මෙම ක්රමයම වේ. “සඞ්ඛ ස්වහයො” යනු සඞ්ඛ නම් වූ, “මහා සමුද්දං තරිතු කාමො” යනු ස්වර්ණ භූමියට යාම සඳහා නැවෙන් මහ මුහුද තරණය කරනු කැමැත්තේ, “උපගච්ඡාමි පට්ටනං” යනු තාම්රලිප්ති පටුන අරමුණු කොට යමි. ගුරුවරයකු නැතිව තමාගේම ඥානයෙන් පච්චේක බෝධිය අවබෝධ කරගත් බැවින් තමාම ආර්ය්ය ජාතියෙහි උපන්නේනුයි. “සයම්භූං” ක්ලේශ මාරාදීන් අතුරෙන් කිසිවෙකු විසිනුත් පරාජය කළ නොහැකි වූ බැවින් “අපරාජිතං” ත්රිවිධ මාරයන්ගේ මස්තකය මැඩ ගෙනම සිටී” යන අර්ථයයි. “තත්තාය කඨිනභූමියා” යනු ග්රීස්මතාපයෙන් තැවුණු, ගල්කැට වැලි ගැවසීගත් බැවින් රළු වූ කර්කශ භූමියෙහි,
“තං” යනු ඒ පසේ බුදු රජ “ඉම්මත්ථං” යනු දැන් කියනු ලබන මෙය “ඉදං ඛෙත්තං” මුල් කොට ඇති අර්ථයයි. “විචින්තයිං” යනු එදා සඞ්ඛ බ්රාහ්මණ වී සිතුවෙමි”යි ශාස්තෲන් වහන්සේ දේශනා කරති. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතයෙහි දී බරණැස් නුවර මොලීනී නම් විය. එම මොලීනී නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ සඞ්ඛ බ්රාහ්මණයා වී සමෘද්ධි සම්පන්න මහත් ධන ඇත්තෙක් වූවාහු නගරයේ දොරටු හතරෙහි ද නගරය මැදද තමාගේ නිවස දොරටුවෙහි ද යන ස්ථාන හයෙහි දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්ෂයක් වියදම් කරමින් දුගීමගී ආදීන්ට මහදන් පැවැත්වූහ. හෙතෙම “මම ගෙයි ධනය අවසන් වූ විට දන් දීමට නොහැකි වන්නෙමි. ධනය අවසන් වීමට පෙරාතුවම නැවකින් ස්වර්ණ භූමියට ගොස් ධනය ගෙනැවිත් දන් දෙන්නෙමි”යි සිතීය. ඔහු බඩුවලින් නැවක් පුරවා අඹු දරුවන් අමතා “මම එනතුරු මගේ දානය නොකඩකොට දෙව්” යයි කියා දැසි කම්කරුවන් පිරිවරා ගෙන පාවහන් පයලා කුඩයක් ඉහලමින් පටුනුගම බලා පිටත්ව ගියේය.
එකෙණෙහිම ගන්ධමාදන පර්වතයෙහි එක් පසේ බුදුන් වහන්සේ නමක් සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැද නිරෝධ සමාපත්තියෙන් නැගී සිට ලෝකය දෙස බලන්නාහු ධනය ගෙන ඒමට යන ඔහු දැක “මහාපුරුෂතෙම ධනය ගෙන ඒමට යයි. මොහුට මහා සමුද්රයෙහි අනතුරක් වන්නේ ද නොවන්නේදැයි සිහිකොට අනතුරක් වන බව දැන මෙතෙම මා දැක කුඩයක් පාවහනක් මට පූජාකොට පාවහන් දානයේ ආනිශංසයෙන් සමුද්රයෙහි නැව කැඩුණුවිට පිහිටක් ලබන්නේය. එහෙයින් මොහුට අනුග්රහයක් කරන්නෙමි”යි අහසින් වැඩම කොට ඔහුට නුදුරෙහි බැස මධ්යහ්න වේලෙහි චණ්ඩ වූ වාතය හා හිරුරැස් නිසා (ගිනි) අඟුරු ඇතුරුවාක් බඳු උණුවැලි මඩිමින් ඔහු ඉදිරියට වඩින සේක. හෙතෙම උන්වහන්සේ දැකම තුටු පහටුව “මා වෙත පින්කෙතක් පැමිණියේය. අද මවිසින් මෙහි බීජයක් රෝපණය කිරීම වටීය”යි සිතීය. “තමහං පටිපථෙ දිස්වා ඉමමත්ථං විචින්තයිං” යනාදිය එහෙයින් කියන ලදී.
13. “තමහං පටිපථෙ දිස්වා ඉම්මත්ථං විචින්තයිං
ඉදං ඛෙත්තං අනුප්පත්තං පුඤ්ඤකාමස්ස ජන්තුනො
ඉදං ඛෙත්තං අනුප්පත්තං පුඤ්ඤකාමස්ස ජන්තුනො
14. යථාපි කස්සකො පුරිසො ඛෙත්තං දිස්වා මහාගමං
තත්ථ බීජං නරොපෙති න සො ධඤ්ඤෙ න අත්ථිකො
තත්ථ බීජං නරොපෙති න සො ධඤ්ඤෙ න අත්ථිකො
15. එව මෙවාහං පුඤ්ඤකාමො දිස්වා ඛෙත්ත වරුත්තමං
යදි තත්ථකාරං නකරොමි නාහං පුඤ්ඤ න අත්ථිකො
යදි තත්ථකාරං නකරොමි නාහං පුඤ්ඤ න අත්ථිකො
16. යථා අමච්චො මුද්දිකාමො රඤ්ඤො අන්තෙපුරෙ ජනෙ
න දෙති තෙසං ධන ධඤ්ඤං මුද්දිතො පරිහායති.
න දෙති තෙසං ධන ධඤ්ඤං මුද්දිතො පරිහායති.
17. එවමෙවාහං පුඤ්ඤකාමො විපුලං දිස්වාන දක්ඛිණං
යදි තස්ස දානං න දදාමි පරිහායිස්සාමි පුඤ්ඤතොති (චරිය පිටක)
යදි තස්ස දානං න දදාමි පරිහායිස්සාමි පුඤ්ඤතොති (චරිය පිටක)
“මම අභිමුඛ (ඉදිරිපස) මාර්ගයෙහි උන්වහන්සේ දැක මේ කාරණය සිතුවෙමි. “පින් කැමති සත්ත්වයා හට මේ පින් කෙත පැමිණියේය.”
යම්සේ ගොවිකම් කරන්නා වූ පුරුෂයෙක් මහත් සම්පත්දායක වූ කෙතක් දැක එහි බිජුවට නොවපුරානම් හෙතෙම ධන්යයෙන් ප්රයෝජන නැත්තෙක් වේද, එපරිද්දෙන්ම පින් කැමැත්තා වූ මම උතුම් පින් කෙතක් දැක උන්වහන්සේ කෙරෙහි සත්කාර නෙකරන්නෙම් නම් මම පිනෙන් ප්රයෝජන ඇත්තෙක් නොවන්නෙමි.
යම්සේ රාජමුද්රිකා ධූරය කැමති අමාත්යයෙක් රජුගේ අන්තඃපුර ජනයා කෙරෙහි නිසිපරිදි නොපිළිපදී ද ඔවුන්ට ධනධන්ය නොදේද හෙතෙම මද්රිකා ධූරයෙන් පිරිහෙයි ද එපරිද්දෙන් මම පින් කැමැත්තෙම් විපුල වූ දක්ෂිණාර්හයකු ලැබ ඉදින් ඔහුට දන් නොදෙම් ද එබඳු වූ මම පිනෙන් පිරිහෙන්නෙමි”යි කියාය.
එහි “ඉදං බෙත්තං” යනාදිය සිතූ ආකාරය දැක්වීමයි. “ඛෙත්තං” යනු රෝපණය කළ බීජය මහත් ඵලබව ඇති කිරීමෙන් රකිනුයි “ඛෙත්ත” වේ. පුබ්බන්න (වී ආදීය) අපරන්න (මුං මෑ ආදිය) ධන්ය වපුරන භූමියයි. මෙහි වනාහි කෙතක් බඳු වූයේනුයි කෙත නම්වේ. අග්රදක්ෂිණාර්හ වූ පසේ බුදුරජාණන් වහන්සේයි. එහෙයින් “පුඤ්ඤකාමස්ස ජන්තුනො”යි කියන ලදි.
“මහාගමං” යනු මහත් වූ ඵල ලැබෙන, ධන්ය සම්පත්තිය දෙන යන අර්ථයි. “බීජං න රොපෙති” යනු බීජයක් නො වපුරයි,